ඇත්තටම ඩයිනසෝරයන් ආහාරයට ගන්න ඇත්තේ මොනවාද?

ඩයිනසෝරයන් යනු උරග වර්ගයේ විශාල උප කණ්ඩායමක උරගයන්ය. මෙයට වසර මිලියන 65ක් වන තුරුම, ඔවුහු අපේ ග්‍රහලෝකයේ භෞමික පරිසරයන් වසර මිලියන 160ක් තිස්සේ සිය ආධිපත්‍යයට නතු කරගෙන සිටියහ. ඔවුන් සියලූ දෙනාම අයත් වූයේ ඩයිනසෝරයන් නම් උපරි ගෝත්‍රයටය(superorder). මෙම උපරි ගෝත්‍රයට සුවිශේෂී උරග ගෝත්‍ර දෙකක් අයත්ය.
මෙම සත්ව විශේෂ සියල්ල නැතහොත් බහුතරය ජීවත් වූයේ, ව්‍යාප්ත වූයේ මහාද්වීප ලෙස සැකසුණු භූ ස්කන්ධ මතයි. අද භූගෝලීය පිහිටීම සලකතොත් ඒවා මහාද්වීප ලෙස පහසුවෙන් හඳුනාගැනීම අප අතරේ බොහෝ දෙනෙකුට නොහැකිය. මේ ඩයිනසෝරය විශේෂ අහසේ රජකළ ප්ටෙරසෝරයන්(pterosaurs) සහ සාගරයෙහි අණසක පතුරාගෙන සිටි ප්ලියෝසෝර(pliosaurs) වැනි අනෙකුත් බොහෝ උරග විශේෂ සමග මේ මිහිතලය බෙදා හදා ගත්හ. ප්ලියෝසෝරයන් තම ඥාති සොයුරුසොයුරියන් වන ප්ලෙසියෝසෝරයන්(plesiosaur) ස්ථිරවම වාගේ යටපත් කරගෙන සිටි අතර එම යුගයේ සිටි අති දැවැන්ත මෝරුන් සහ කිඹුල්ලූ පවා ඔවුන්ට නතු වූහ. එහෙත් මේ අනෙකුත් උරගයෝ, උරග වර්ගය(Reptilia class) යන උසස් නාමිකරණයේ කොටසක් ලෙසින් සිටියද ඩයනසෝරයෝ නොවෙති.
බොහෝ දෙනෙකු ඩයිනසෝරයන් විශාල සතුන් කොටසක් ලෙස සැලකුවත්, ඇත්ත වශයෙන්ම ඒ ආකාර දැවැන්තයන් වූයේ ඔවුන්ගෙන් සුළු ප්රතිශතයකි. ඩයිනසෝරයන් වැඩිදෙනා සාපේක්ෂව අද සිටින වඩා විශාල ක්ෂිරපායින්ට සමානව මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තයි. බොහොමයක් ඩයිනසෝරයන් නුතන ගොවිපල කිකිළියන් පමණ තරම් කුඩාවුන්ය. වර්ගීකරණ විද්‍යාත්මකව බැලූවොත් ඩයිනසෝර ගෝත්‍ර දෙකකි: වඩා විශාල විශේෂවල බොහෝදෙනා ‘අහම්බෙන් සර්ව භක්ෂිකයන් වුවන්’ ලෙස වර්ගිකරණය කළ හැකි වුවත් ඔර්නිතිස්චියානු ගෝත්‍රය ශාක භක්ෂකයන් හෙවත් ශාක බුදින්නන්ය. අද ලෝකයේ ජීවත් වන මිලියන බොහෝ ගණනක කෘමීන් මෙන් ඩයනසෝරයන් ජීවත් වූ කාලයේද ඒ ඒ කෘමි විශේෂ ටි්රලියන මිලියන ගණනක් ජීවත් වූ හෙයින් වඩා විශාල ශාක භක්ෂක ඩයිනසෝරයන් සිය ශාකමය ආහාරවේල සමග එහි වසන කෘමීන් විශාල සංඛ්‍යාවක් ආහාරයට ගැනීම නොවැළැක්විය හැකි විය(අහම්බෙන් සර්ව භක්ෂිකයන් වුයේ එලෙසය).
එදා ශාක භක්ෂක හා සර්ව භක්ෂක ඩයිනසෝරයන් ආහාරයට ගත් ගහකොළ ආදිය අද ශාක භක්ෂකයන් අනුභව කරන ඒවා නොවේ. ඒවා බොහෝ සේ වෙනස්ය. අද ජීවත් වන ශාක භක්ෂකයන් වර්ගීකරණය කෙරෙන්නේ උලා කන්නන් හෝ ලෑටි ගාන්නන් ලෙසටය. මොවුහු එක්කෝ පදුරු හෝ ගස්වල කොළ හෝ නැතිනම් තණ කොළ හෝ ආහාරයට ගනිති. පඳුරු හා ගස් 235,000ක් පමණ වන මෙකී විශේෂ බොහොමයක් සපුෂ්ප ශාකය. (අන්ගියෝස්පෙර්මිය angiosperms), ඒත් ඉතින්, සපුෂ්ප ශාක මෙන්ම තෘණ ද පරිණාමය වූයේ ඩයනසෝරයන්ගේ නෂ්ටප්රාප්තියෙන් පසුවය.
කුඩා ශාක භක්ෂක ඩයිනසෝරයන්, පෙඳ පාසි, ලයිකන මීමන ආහාරයට ගන්ට ඇති අතර ඊට වඩා විශාල එවුන්, පඳුරු හා ගස් ප්‍රමාණයේ මීමන විශේෂ ද එමෙන්ම අද තිබෙන සිකාඩ හා දේවදාරවලට සමාන පුෂ්ප නොදරන පඳුරු සහ ගස් ද (විවෘත බීජක gymnosperms) කන්නට ඇත. ඵල(fruits) හට ගන්නේ අන්ගියෝස්පෙර්මිය ශාකවල පුෂ්ප සංසේචනයෙනි; ඩයනසෝරයන් සිටි යුගයේ ශාකවල ඵල නොතිබුණු හෙයින් ඵල අනුභව කරන ඩයිනසෝරයෝ නොවූහ.
සෞරිස්චියානු ඩයිනසෝරයන් බොහොමයක් ද ශාක භක්ෂිකයෝ වූහ. විශේෂ කුඩා සංඛ්‍යාවක් ඕනෑ කමින්ම සර්ව භක්ෂිකයන් වූ අතර විශාල ප්‍රතිශතයක් ස්ථිරවම මංශ භක්ෂිකයන්ය. අද සිටින බොහෝ සර්ව භක්ෂකයන් මෙන්ම සාපේක්ෂව කුඩා සර්ව භක්ෂක ඩයිනසෝර සංඛ්‍යාව කැපී පෙනෙන ආකාරයේ කසල සෝධකයන් බව බොහෝ දුරට ස්ථිරය. ඔවුන් ගොදුරට ගන්නට ඇත්තේ රෝගී හෝ තුවාල වූ සජීවී සතුන්ය. මාංශ භක්ෂක විශේෂ බොහොමයක්ද ඔවුන්ගේ මාංශ ආහාරවේල්වලින් බහුතරය කශල සෝධනයෙන් ලබා ගන්නට ඇති වුණත් විශේෂ කිහිපයක් මූලිකව මාංශ භක්ෂකයෝ වන්නට ඇත. එහෙයින් ඔවුන්ට අලූත මැරූ සතුන්ගේ මස් අවශ්‍ය වූ නිසා ගොදුරු සොයා ගැනීමට, ගොදුරු මරා ආහාරයට ගන්නට ඇත.
ටිරැනසෝ රෙක්ස්(Tyrannosaurus rex) වැනි විශාල ප්‍රමාණයේ ඩයිනසෝරයන් විලෝපීයයන්ය. එමෙන්ම, එක්ව දඩයමේ යෙදෙන(pack hunters) වෙලොසිරැප්ටරයන් (velociraptors) වැන්නන් ප්‍රධාන කොටම විශාල ශාක භක්ෂකයන් මරා අහාරයට ගන්නට ඇත. කුඩා ඩයිනසෝර විලෝපීයයන් කෘමි භක්ෂකයන් වන්නට ඇත. ඩයිනසෝරයන් රජ කළ ලෝකයේ විශාල කෘමි විශේෂ රාශියක්ම ඉන්නට ඇත. එම කෘමි විශේෂ හා සංසන්දනයේ දී, අද සිටින අග්නිදිග ආසියාවේ විශාල සමනලූන් බොහොමයක් සහ කුරුමිණියන් බොහොමයක්ද නවසීලන්තයේ යෝධ වෙකාද සාමාන්‍ය මට්ටමේ හෝ කුඩා මට්ටමේ බව පෙනී යා හැකිය. රංචු පිටින් දඩයම් කරන්නන් හැර, මධ්‍යම ප්‍රමාණයේ ඩයිනසෝරයෝ වඩා කුඩා ශාක භක්ෂකයන් ද, වඩාත් විශාල සමහරක් කෘමීන් ද එමෙන්ම ලොමින් වැසුණු, අර ‘කරදරකාරී’ ගුල්හාරන සතුන් ආහාරයට ගන්නට ඇත. මෙකී ගුල්හාරන සතුන් හෙවේ කියන්නේ මුල පැසිපොව්වන් (මාසුපියලියන් = proto-marsupials) තමයි අවසානයේදී අද සිටින ක්ෂිරපායීන්ගේ ලෙසට පරිණාමය වූයේ.
Act For Libraries හි පළවූ What Dinosaurs Ate යන ලිපිය ඇසුරෙනි
One Response to “ඇත්තටම ඩයිනසෝරයන් ආහාරයට ගන්න ඇත්තේ මොනවාද?”
Good article