විදු නැන නුවණ – Science Literacy for All

මානවයන් සහ ගෝරිල්ලන් අතර වෙනස්කම් සමහරක්

මානවයන් (homo sapiens) සහ ගෝරිල්ලන් යන දෙගොල්ලන්ම පි‍්‍රමාටේස් විශේෂයන් බව අප දන්නේ කලක සිටය. එහෙත් මෑතක සිදු කෙරුණු ජෙනෝම අධ්‍යයනයක් පෙන්නුම් කරන්නේ අප කලින් සිතා සිටියාටත් වඩා ගෝරිල්ලන් හා මිනිසුන් සමීප බවයි.  මානවයා- ගෝරිල්ලා- චිම්පන්සියා  වංශාවලිය බෙදී යන්නට ඇත්තේ වසර මිලියන 10 කට පමණ පෙර බවය, දැන් සැලකෙන්නේ. එමෙන්ම,  ගෝරිල්ලා සහ මානව ජෙනෝම අතර වෙනස බොහෝ කැපී පෙනෙන සුලූ වුවද  එකම DNAහි 98%ක්ම, මානවයන්ට සහ ගෝරිල්ලන්ට පොදු යයි ද දැන් සැලකේ.

නිදසුනක් ගතහොත්, ගෝරිල්ලන්ගෙන් ලබා ගත් කෙරටීන් ජානයක කි‍්‍රයාකාරිත්වය, ඔවුන්ගේ නිය සහ පාඟිලි පුරුක් කොට්ට ශක්තිමත් වී ඇත්තේ මන්ද මෙන්ම ඔවුන්ගේ මුෂ්ටි(fists) උපයෝගී කර ගනිමින් පහසුවෙන් ගමන් කළ හැක්කේ මන්ද යන්න පැහැදිලි කිරීමට සමත් වනු ඇතැයි මෑතකදී පර්යේෂකයෝ සොයා ගත්හ. මීට ප‍්‍රතිලෝම වශයෙන් මානවයන්ට ගමන් කල හැක්කේ පසු පස ගාත‍්‍රාවලින් පමණකි. තවද අනෙකුත් වානරයන්ට නොමැති ඩිමෙන්ෂියාව (ස්මෘති හානිය) සහ හෘදාබාධ වැනි ලෙඩ රෝගවලට ගොදුරුවීමේ ජානමය නැඹුරුවක් නැතිනම් අවදානමක් තිබෙන බවද පර්යේෂණ පෙන්නුම් කරයි.

තවත් සමහරක් සමානංග සහ වෙනස්කම්

  • හඳුනාගෙන ඇති ගෝරිල්ලන් විශේෂ දෙකක් ඇත: ඒ නැගෙනහිර සහ බටහිර යනුවෙනි. එහෙත්, අනෙක් අතට  මානවයන් සැලකෙන්නේ එක විශේෂයකට අයත් යනුවෙනි. වාර්ගික වශයෙන්  කොකේසියානු මානව වර්ගය (Caucasoid or Caucasian), නිග්රොයිඩ (Negroid =කළුජාතික මානව වර්ගය) සහ මොන්ගොලොයිඩ (Mongoloid  or Asian).  වශයෙනි( මේ වර්ගීකරණය ගැන වෙනස් මත ඇති බව සලකන්න – පරිවර්තක).
  • ගෝරිල්ලන් ජීවත් වන පරිසරය තනිකරම නිවර්තන හෝ උපනිවර්තන වනාන්තරවලට සීමාවෙයි. එහෙත් මානවයන්ට නම් තම අභිරුචිය අනුව මිසක ලෝකයේ  ඕනෑම තැනකට වාගේ අසීමිත වාස භූමි ඇත.
  • සාමාන්‍යය ගතහොත් දෙකොට්ඨාශයම මීටර් 5 සිට 1.8 ක් උසය.
  • ගෝරිල්ලන් තනිකරම පාහේ ශාක භක්ෂකයන් වන අතර ප‍්‍රධාන වශයෙන් ජීවත් වන්නේ පළතුරු හා ගහ කොල ආහාරයට ගනිමිනි. මෙයට ප‍්‍රතිලෝම වශයෙන් මානවයෝ තම අභිරුචිය පරිදි ඕනෑම දෙයක් ආහාරයට ගනිති.
  • ගෝරිල්ලන් සාමාන්‍යයෙන් 25-30කින් පමණ සමන්විත කණ්ඩායම් හැටියට එක්ව ජීවත්වන අතර තම වාසස්ථාන තනා ගන්නේ ගස් මතය. ප‍්‍රතිලෝම වශයෙන් මානවයෝ එහෙ මෙහෙ ගමන් කරන අන්දම ප‍්‍රගුණ කර ඇති අතර අලූතෙන් මුනහැගෙන මිනිසුන් සමග අන්තර් කි‍්‍රයා කරති.  එමෙන්ම සාමාන්‍යයෙන් අනෙකුත් මිනිසුන් හා එක්ව ජනපද ප්‍රජාවන් ලෙස විවිධ ප‍්‍රදේශවල ජීවත් වෙති.
  • ගෝරිල්ලන්ගේ සාමාන්‍ය ආයු කාලය තවමත් අවුරුදු 50 ක් පමණ වන නමුත් මිනිස්සු වයස අවුරුදු 100ක ආයුකාල සීමාව වෙත සීස‍්‍රයෙන් ළංවෙමින් සිටිති. මෙය ජීවන දර්ශනයේ රැඩිකල් වෙනස්කම් මෙන්ම අපේ තාක්ෂණික හා වෛද්‍යමය දියුණුවෙහි ප‍්‍රතිඵලයක් ලෙස ද සැලකේ. කෙසේ වෙතත්, ඉදිරියේ දී පෘථිවිය මත ඇතිවිය හැකි දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දේ දැයි යන්න අවිනිශ්චිතය.
  • ගහණය ගතහොත් මානව ජනගහනය අති විශාලය.
  • දෙවර්ගයටම, ඉඟිබස හෙවත් සංඥා භාෂාව සන්නිවේදන මඟක් ලෙස උපයෝගී කර ගැනීමේ හැකියාව පෙන්නුම් කර ඇත.
  • ගෝරිල්ලන් මෙන් නොව මානවයන්ට සහජයෙන් එන කුතුහලයක් ඇති අතර තම පරිසරය හැසිරවීමට මෙන්ම පාලනය කිරීමට ඔවුහු නිරතුරුව වෙහෙසෙති.
  • ගෝරිල්ලන් ආපදා පන්න විශේෂයක් බවට සැලකේ. මානව කි‍්‍රයාකාරකම් හේතුවෙන් ඔවුන්ගේ වාසභූමි අහිමිව යාම ඊට හේතු වී ඇත.
  • ගෝරිල්ලන් හා මනුෂ්‍යයන් සතුව අතිශයින්ම සමාන මුහුණු ඇත. එහෙත් ගෝරිල්ලන්ගේ  නාසික මග ඉතා කෙටි වන අතර නාස් පුඩු ඉතා විහාලය. මිනිසුන්ගේ නාසික මග වඩාත් දිග වන අතර නාස් පුඩු බෙහෙවින් කුඩාය.

මිනිසුන් හා ගෝරිල්ලන් අතර වෙනස්කම් අපට දක්වන්නේ ඉතාමත් සුළු ජානමය වෙනස් කමක් පවා පුදුමාකාර වෙනසක් ඇති කිරීමට හේතුවන ආකාරයයි. අනෙකුත් සියලූම වානරයන් මෙන් ගෝරිල්ලන් ද මානවයන් වන අප කෙබදුව සිටින්නට ඇත්ද එමෙන්ම දැන් අප පරිණාමය වී ඇති තත්ත්වයට කලින් ජීවත් වන්නට ඇත්තේ  කෙසේද යන්නත් පිළිබඳ හෝඩුවාවල් සපයති. පරිණාමීය වශයෙන් ගතහොත් වසර මිලියන 10ක් යනු ඇත්තටම බෙහෙවින් සීස‍්‍රයෙන් වෙනස්කම් ඇති කල කාලයකි. අප අද සතු කරගෙන ඇති සංජානන මට්ටම්, භාෂා ඥානය සහ අනෙකුත් සුවිශේෂී හැකියාවන් ගැන වානරයන් හෝ ගෝරිල්ලන් ගැන හැදෑරීමෙන් මෙතෙක් ලැබී ඇති පරිඥානය හෙවත් ඇතුළු නුවණ බොහොම සුළුය. එහෙත් ඉන් ලැබී ඇති හෝඩුවාවල් නම් සුළු පටු නොවේ.

Act For Libraries  හි පළවූ Some differences between humans and gorillas යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: