විදු නැන නුවණ – Science Literacy for All

තල්මසුන් දැවැන්තයන් ලෙස පරිණාමයවී ඇත්තේ මෑතකදීය

ටිරනසොරස්, මෙගලොඩන් වැනි දැවැන්තයන් වඳ වී  ගියේ මෙයට වසර මිලියන  ගණනකට පෙර බව සිහිපත් කරන විට යෝධාතාව හෙවත් වෘහත්තාව(Gigantism) අතීතයේ සංසිද්ධියක් ලෙස පෙනී යයි. එසේ වුවද, මෙතෙක් ලොව ජීවත් වූ විශාලතම පෘෂ්ඨවංශිකයා අයත් වන්නේ අතීත සත්ව රාජධානියට නොව වර්තමාන සත්ව රාජධානියටය.

 

නිල් තල්මසුන් විසින් , ඔවුන්ගේ මුඛ තුළ ඇති පෙරහන පෝෂක පද්ධතියක් වන බැලීන් ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ සාගර ජලයෙන් අතිවිශාල ප‍්‍රමාණයක ගොදුරු ඩැහැගන්නයි. බැලීන් තල්මස් වංශාවලියේ පැරණිතම සාමාජිකයන් මිහිපිට පෙනෙන්ට පටන් ගන්නේ මෙයට වසර මිලියන 36 කට පමණය. එහෙත්, අලූත්ම පර්යේෂණ වාර්තා පෙන්නුම් කරන්නේ මේ තල්මසුන් වංශාවලියේ අති විශාල සාමාජිකයන් දකින්ට පටන් ගන්නේ මෙයට වසර මිලියන 2-3 ක් වැනි කාලයකට පෙර පමණ බවයි. ‘අපේ අධ්‍යයනයේ සුවිශේෂීත්වය වගේම වැදගත් බව වන්නේ බැලීන් තල්මසුන් මෙතරම් විශාල වූයේ කෙලෙසද? කවදාද? එමෙන්ම ඒ ඇයිද? යන්න පැහැදිලි කරන ප‍්‍රථම අධ්‍යයනය වීමයි.’ අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ නිකලස් පයිසෙන්සන් කියා සිටියි. හෙතෙම ස්මිත් සෝනියන් ජාතික ස්වභාවික ඉතිහාසය කෞතුකාගාරයේ සාගර ක්ෂිරපායී ෆොසිල සංරක්ෂණකවරයායි.

දැනට ජීවත්වන්නාවූ  මෙන්ම නෂ්ටප‍්‍රාප්ත බැලීන් තල්මසුන්ගේ, විශාලතම සහ වඩාත්ම විවිධත්වයක් සහිත හිස් කබල මෙම කෞතුකාගාරයේ ඇති අතර තල්මසෙකුගේ හිස් කබලෙහි පළල ඒ සතුන්ගේ ශරීරයෙහි සමස්ත ප‍්‍රමාණය දක්වන මිම්මක් බව මෑතකදී සොයා ගැනීමට පයිසෙන්සන්ට එම හිස්කබල් උපකාරී විය. කලින් ද දැක්වූ පෙරහන පෝෂක පද්ධතිය පෘෂ්ඨිවංශිකයන් තුළ පරිණාමය වූ සෑම විටකම ඔවුන් ප‍්‍රමාණයෙන් විශාලවීමේ ප‍්‍රවණතාවක් දැකිය හැකියි.

පෙරන පෝෂක සහිත සතුන්ගේ විශාල ශරීර ප‍්‍රමාණය ගැන අදහස ස්ටැන්ෆර්ඞ් සරසවියේ හොප්කින්ස් සාගර මධ්‍යස්ථානයේ ජෙරම් ගෝල්ඞ් බෝගන් ද මේ අදහස් අනුමත කරයි. හෙතෙම අධ්‍යයනයේ සම කතුවරයා ද වෙයි.  විශාල ශරීර ප‍්‍රමාණය කාර්යක්ෂම පරිවෘත්තීය (efficient metabolism) සහ ලාභදායි පරිවහන  කි‍්‍රයාවලියකට මග පාදන බව ඔහුගේ මතයයි. වාහනයකට යොදන ඉන්ධන ගැලූමකින් කොපමණක දුරක් යන්නේද යන්න ජීව විද්‍යාත්මක සූත‍්‍රයකට හැරෙව්වොත් සාගර සත්වයින් විශාලවත්ම ප‍්‍රවාහනය වෙනුවෙන් අඩු පිරිවැයක් දරන්නට (ශක්තිය) සිදුවන හෙයින් ඔවුනට සාගර හරහා ගමනා ගමනය පහසු වන බව ද ගෝල්ඞ් බෝගන් වැඩිදුරටත් සඳහන් කරයි.

අයිස් සමය ආරම්භයේ අයිස් තලාවන් (ice sheets) උත්තරාර්ධගෝලය වසා ගැනීමට පටන් ගත් කල්හි අලූත් අයිස් වැස්මවිලින් එන අධිධාවිතය (run off ) මගින් වසරේ කිසියම් කාලයකදී වෙරළ බඩ ජලය වෙත පෝෂක සෝදාගෙන යන්නට ඇතැයි පර්යේෂකයෝ අනුමාන කරති. මෙය කාලිකව ආහාර සැපයුම ඉහළ නංවන්නට හේතු වන්නට ඇත දැනට වඳව ගොස් සිටින තල්මසුන් විශේෂ 63 ක දිග නිර්ණය කිරීම පිණිස පයිසෙන්සෙන් සහ සගයන් විසින් මේ කාරණාවත් සිතෙහි දරාගෙන යොදා ගනු ලැබුවේ එම සතුන්ගේ  මොළයේ මිනුම්ය. වඳව ගොස් සිටින තල්මසුන් සමහරකු ජීවත්ව ඇත්තේ වසර මිලියන 30ටත් පෙරය. කාලය ගෙවී යද්දී තල්මසුන්ගේ ප‍්‍රමාණය සහ වර්ධන රටා සටහන් කිරීමට නූතන තල්මසුන් විශේෂ 13 ක දත්ත සමග ඉහත මිනුම්වල තොරතුරු  පර්යේෂකයන්ට මග පෑදීය.

බැලීන් තල්මසුන් මෙපමණ විශාල මන්දැයි යන්නට එක හෝඩුවාවක් පෙරහන පෝෂක කි‍්‍රයාදාමය සපයයි. බැලීන් තල්මසුන් මුහුදු ජලයෙන් කුඩා මසුන් ‘පෙරා’ ගැනීමට දැක්වූ එකල දැක්වූ  කුසලතාව ඔවුන්ගේ සිරුරු ප‍්‍රමාණයෙන් විශාල වත්ම තවත් කාර්යක්ෂම වන්නට විය. එසේ වුවද, අති දැවැන්ත සතුන් සියලූ දෙනාම  පෙරහන පෝෂකයන් නොවේ. “විවිධ වංශාවලීන් අතර වෙනස් හේතු මෙන්ම වෙනස් ප‍්‍රතිඵලද යෝධතාව මගින් ඇති කරන බවත් තමයි පෙනී යන්නේ” යයි අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ චිකාගෝ සරසවියේ ග‍්‍රැහැම් ස්ලේටර් පවසයි. “චලතාප, අචලතාප වේවා ආහාරයට ගන්නේ කුමන වර්ගයේ කෑමද ජීවත්වන්නේ කොයිබද ආදී මේ සියල්ල, මේ සතවයින්  කෙතරම් ඉක්මනින් විශාල වීමට පත්වේද එමෙන්ම වංශාවලියක් ලෙස කොපමණ කලක් පැවතිය හැකිද යන්නට බලපානවා”.

නිල් තල්මස්සු අද ආපදාපන්නව සිටිති. ඔව්හු කාලගුණය විපර්යාස දුෂණය හා මිනිසුන්ගේ බලපෑමෙන් ඇතිවන අනෙකුත්  තර්ජනවලට මුහුණ පා සිටිති. එසේ නම් පාරිසරික වශයෙන් පදනම සැකසී ඇත්තේ බැලීන් තල්මසුන්ට යළි කුඩා ප‍්‍රමාණයට පරිණාමය වීමටයි. එහෙත් මේ සාගරික ක්ෂීරපායි දැවැන්තයන්ට එසේ වීමට හැකියාව ඇත්ද එමෙන්ම ඔවුන්ගේ පැවැත්මට වාසි දායක වන පරිදි ප‍්‍රමාණයෙන් කුඩා වීමට තරම් ප‍්‍රමාණවත් කාලයක් තුල දී එය සිදුවේද යන්න ගැන ස්ථිරවම පැවසිමට  විද්‍යාඥයෝ අපොහොසත් වෙති.

ගොදුරු ගණත්වය හීන වන විට කෑම සොයා වෙහෙසීමට බැලීන් තල්මසුන්ට සිදුවේ. ඔවුන්ගේ සෞඛ්‍යයට  ඉන් ප‍්‍රශ්න ඇති කළ හැකිය. ඇතැම් විට ආහාර ප‍්‍රමාණයේ ලැබෙන ශක්තියට වැඩි ශක්තියක් ආහාර සෙවීම පිණිස වැය කිරීමට සිදුවන්නට ඉඩ ඇතැයි ගෝල්ඩිබෝගෙන් අදහස් කරයි. මනුෂ්‍යයන් බිලියන ගණනාවක් සමගම මිහිපිට විශාලතම තල්මසුන් ද එකවර පෝෂණය කිරීමේ  හැකියාව ලෝකයේ  සාගරවලට ඇත්දැයි විමතිය  පළ කරන ගෝල්ඩිබෝගෙන්,  බැලීන් තල්මසු ගහණ තවදුරටත් අඩුවුවහොත් ඔවුන්ද ටිරනසොරස්, මෙගලොඩන්  ආදීන් මෙන් අතීතයේ සිටි දැවැන්තයෝ හැටියට පමණක් මතකය රැඳෙනු ඇතැයි පවසයි.

 

Live Science හි පළවූ Whales Only Recently Evolved into Giants යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: