විදු නැන නුවණ – Science Literacy for All

වඳුරන් හා වානරයන් අතර වෙනසක් ඇත්ද?

වානරයන් හා වදුරන් යන දෙපිරිසම  පි‍්‍රමාටේස්  වුවද, එමෙන්ම එකම පී‍්‍රමාටේස් උපගෝත‍්‍රයේ සාමාජිකයෝ වුවද, දෙගොල්ලන් අතර වෙනස් කම් බොහොමය. එපමණක් නොව වෙනත් ආකාර  පි‍්‍රමාටේස්  බොහොමයක්ද ඇත. එකිනෙකාට වෙනස්  පි‍්‍රමාටේස්  කණ්ඩායම් අතර මොවුන්ගේ වෙසෙසි බව පදනම් වන්නේ කායික ගතිලක්ෂණ සහ පරිණාමීය පෙළපත මතයි.

ඉදිරියට යොමුවුණු ඇස් සහ අතිශය නම්‍යශීලී අත්,  පාද සහ ඇඟිලි සහිත සතුන්ගෙන් පි‍්‍රමාටේස්  ගෝත‍්‍රයෙහි ස්වභාවය, ගති ලක්ෂණ  නිරූපණය වෙයි.  මේ ශරීර ව්‍යුහය පරිණාමය වූයේ ගස්වල ගත කරන ජීවිතයට අනුවර්තනයක් වශයෙනි.  පි‍්‍රමාටේස්  සතුන්ට නම්‍යශීලී ගාත‍්‍රා (limbs ) සහ අත් පසුර ද (අතින් අල්වාගැනීම) ඇත්තේ ඔවුනට එක් ගස් අත්තකින් තවත් අත්තකට  මාරු වීමට හැකිවන පරිදිය.  ඉදිරියට යොමු වුණු ඇස් ද මෙලෙසම  ගස් අතර ගත කරන පරිසරයට අනුවර්තනයකි. එවන් ඇස්  පි‍්‍රමාටේස්  සතුන්ට ගස් අතර දුර නිවැරදිව නිර්ණය කිරීමට හැකිවන පරිදි ගැඹුර පිළිබඳ මනා දැනුමක් ලබා දෙයි.

නූතන  පි‍්‍රමාටේස්  විශේෂ 235කි. ඒවා  උප ගෝත‍්‍ර දෙකකට– එනම් ප්‍රොසීමියානුවන් (prosimians) හා මානව කල්පයන්(anthropoids) ලෙස උප ගෝත‍්‍ර දෙකකට බෙදේ. උණ හපුලූවන් සහ ඒ හා සමාන සතුන්ගෙන් සැදුම්ලත් ප්‍රොසිමියානුවන් වඩාත් ආදීකල්පික කණ්ඩායමයි. මොවුන් ප‍්‍රදර්ශනය කරන්නේ පහළ බුද්ධිමට්ටමකි. තවද ඔවුන් වඩාත් සමීපව සමානකම් දක්වන්නේ අනෙකුත් ක්ෂීරපායි කණ්ඩායම් සමගය. මොවුන් සතුව දර්ශීය වශයෙන් රැවුල් ගස් ඇති බව නිදසුන් ලෙස දැක්විය හැකිය. මානවයන් දක්වා පැතිරෙන පරිණාමීය රේඛාවෙන් ප්‍රොසීමියානුවන් බෙදී යන්නේ  සාපේක්ෂව ආදි කාලයකදීමයි. පොදුවේ ‘ඉහළ  පි‍්‍රමාටේස් ’ ලෙස දැක්වෙන පි‍්‍රමාටේස්  ගෝත‍්‍රයෙහි  සෙසු විශේෂයන් සමන්විත වන්නේ මානව කල්පයන්ගෙනි. මානව කල්පයෝ (මිනිසාට සමාන රුවැති වානරයන්) ප‍්‍රමාණයෙන් මෙන්ම භූගෝලීය වශයෙන්  පැතිරී ඇති පරාසය ද  චර්යාවන් ද අතින් ඉතා සැලකිය යුතු අන්දමින් වෙනස් වෙති. එසේ වුවද ඔවුන් සියල්ලන්ම පැතිලි මුහුණු කුඩා කන් මෙන්ම සාපේක්ෂව විශාල සංකීර්ණ මොළ සහිතයි.

මානව කල්ප උප ගෝත‍්‍රය තුළ  පි‍්‍රමාටේස්  කණ්ඩායම් වර්ග කර ඇත්තේ වඳුරන්, වානරයන් සහ හොමිනිඩයන් වශයෙනි. වඳුරන් අනෙකුත් මානව කල්පයන්ගෙන් වෙන් කොට හඳුනාගැනීමේ පහසුම  මගවලිගයක්  ඇත්දැයි සෙවීමය. වඳුරන් විශේෂ බොහොමයකට වලිගා ඇත. එහෙත් කිසිම වානරයකුට හෝ හොමිනිඩයෙකුට හෝ නොමැත. තවද මිනිසුන් හා වානරයින්ට වඩා වදුරන්ට අනෙකුත් ක්ෂීරපායින්ට බොහෝ සේ සමාන කම් ඇත. නිදසුනක් දක්වන්නේ නම්, වානරයන්ට හා මානවයන්ට අත්තෙන්  අත්තට  පැද්දෙමින් පැන යා හැකි වුවද වඳුරන් බොහොමයකට එසේ කළ නොහැකිය. ඒ ඔවුන්ගේ උරහිස් අස්ථිවල වෙනස් ව්‍යුහයන් ඇති හෙයිනි. අත්තෙන් අත්තට පැද්දෙමින් තැන තැන යනවා වෙනුවට වඳුරෝ අතු (ශාඛා) මගින් දුව පනිති. වඳුරන්ගේ සැකිලි ව්‍යුහය සමාන වන්නේ පූසන්, බල්ලන් හෝ හතරගාතයෙන් යන අනෙකුත් සතුන්ට වන අතර ඔවුන් එහෙ මෙහෙ යන්නේද එම ආකාරයට සමානවය. මිනිස්සු බවට පත්වන පරිණාමීය රේඛාවෙන් වඳුරන් බෙදී වෙන් වුනේ වානරයන් වෙන්වීමට බොහෝ කලකට පෙරය. වානරයන් වර්ගීකරණ ආකාරය.

ගෝරිල්ලන් චිම්පන්සි, ඔරං උටං සහ ගිබන් ද ඇතුළත් වන වානරයන්,  වදුරන් හෝ පහළ මට්ටමේ  පි‍්‍රමාටේස්  සතුන්ට වඩා මානවයන්ට වඩාත් සමානයි. ඔවුන්ට ඇත්තේ එකම ශරීර ව්‍යුහමය, ඉහළ මට්ටමේ බුද්ධියක් සතුය.  එමෙන්ම, සමාන චර්යා ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ ඇත. මානවයන්ගේ වඩාත් සමීපතම නෑදෑයන් වන චිම්පන්සි පුළුල් ලෙස සරල මෙවලම් භාවිත කරන අතර තරමක් දුරට  සංස්කෘතියකට පවා උරුම කියති.  විවිධ චිම්පන්සි සමාජ කණ්ඩායම් ඔවුනටම ආවේනික වූ සුවිශේෂී ප‍්‍රවණතා හා චර්යාවන් වර්ධනය කර ගනිති. ඒවා වෙනස් කණ්ඩායමක චර්යාවන්ට වඩා හාත්පසින්ම වෙනස් විය හැකිය. එපමණක් නොව, ගෝරිල්ලන් චිම්පන්සි සහ ඔරං උටං පුළුල් භාෂා හැකියාවන් ප‍්‍රදර්ශනය කරති. කතනය නිපදවන්න අවශ්‍ය වන කායික විද්‍යාත්මක අනුවර්තන නැතිවුනේ නමුදු සංඥා භාෂාව මෙන්ම විශේෂ පරිගණක යතුරු පුවරු  යොදා ගන්නා අන්දම,  විද්‍යාඥයන් මේ වානර විශේෂ තුනටම අයත් වානරයන්ට  උගන්වා ඇත.  වානරයන් මේ සංඥා භාෂා  මාර්ගයෙන් තමන්ගේම  වදන් නිර්මාණය කිරීමට වානරයන් සමත් වී ඇත්තේ සිය ඉහළ ප්‍රජානන හැකියාවන් ප‍්‍රදර්ශනය කරමිනි.

හොමිනිඩයන්, වානරයන් ගෙන් කැපී පෙනෙන ලෙස වෙනස් වන්නේ සංචරණයෙන්  හෙවත් ගමනාගමනයෙන්ය. භූමිය ඔස්සේ  ඉදිරියට ඇදීම පිණිස වානරයන් විසින් ප‍්‍රධාන කොටම ගාත‍්‍රා හතරම යොදා ගනු ලැබේ. හොමිනිඩයන් කඳ කෙළින් තබාගෙන ඍජු ඇවිදීමට එනම් පසුපස ගාත‍්‍ර පමණක් යොදා  ඇවිදීමට පුරුදුව සිටිති. සිව්පාද ගමනා ගමනය වෙනුවට ද්විපාද සංචරණයට යොමුවීම මිනිසාගේ පරිණාමයේ තීරණාත්මක වර්ධනයක් වන්නේ ඉන් මිනිසාගේ ආදිතමයන්ගේ දෑත් නිදහස් කරන්නට හැකිවීම නිසාය. ඇවිදින අතරවාරයේ මෙවලම් රැගෙන යාමටත්, එම මෙවලම්  භාවිත කිරීමටත් මේ හෙතුව නිසා මඟ පෑදුනි. එම හැකියාව ශිෂ්ඨාචාරය ගොඩනැංවීමෙහිලා වැදගත් කාර්යයක් ඉටු කළේය. මානවයන් මෙන්ම නෂ්ටප‍්‍රාප්ත හොමිනිඩයන් සතුව විශාල මොල  තිබීම හා තර්ක කිරීමේ උසස්  මට්ටමේ හැකියාවන් තිබීම ඔවුන් වෙන් කොට දක්වන ගති ලක්ෂණ අතර වේ.  දීර්ග කතාවක් කෙටි කර දක්වන්නේ නම් වානරයන් හා වදුරන් පර්යාය හෙවත් සමාන නොවේ. ගෝරිල්ලන්, චිම්පන්සියන් වැනි වානරයන් මිනිස් වර්ගයා හා සමාන්තර රේඛා මත පරිණාමය වී ඇති අතර වානරයෝ අංශ ගණනාවකින්ම අපට සමාන වෙති. (චිම්පන්සි හා මානවයන් අතර ජාන ද්‍රව්‍යවලින් 98%ක් පොදුය) පරිණාමීය වෘක්ෂය ගතහොත් අප වදුරන් නොවන්නාසේම වානරයෝ ද  වඳුරන් නොවෙති.

මෙම අන්තර්ගතයටම අදාළ ලිපියක් ජුනි 19 දා thathu හි පළ විය. කියවන්න.

 

HowStuffWorks හි පළවූ  Is there a difference between monkeys and apes? යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: