පරිණාමය පිළිබඳ සිද්ධාන්තය ගැන ඔබ අසා ඇති නම් චාල්ස් ඩාවින් යන නම ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. මන්ද පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන්නේ ද ඔහු නිසා වෙනි. ඩාවින් ජිව විද්‍යාවට සිදු කළ මහඟුතම දායාදය වන්නේ ජීවය පරිණාමය වූයේ කෙසේද යන්න පැහැදිලි කිරීමයි. ජීව විශේෂයන් ඉතා දිර්ඝ කාල පරිච්ෙඡ්ද තුළ ක‍්‍රමයෙන් හැඩ ගැසෙන්නේ යයි ඔහු විශ්වාස කළේය. එහෙයින්ම, ඍජු නිරීක්ෂණය මගින් නව විශේෂයක පරිණාමය, ඔහුට සිය ජිවිත කාලය තුළ අධ්‍යයනය කිරීමට නොහැකි බව ඩාවින් දැන සිටියේය. එසේ වුවද, ක‍්‍රමික විපර්යාසය හෙවත් වෙනස්වීම පිළිබඳ කි‍්‍රයාදාමය ගැන ඇතුළු නුවණක් ලබා ගන්නා අන්දම ඔහුට ආගන්තුක නොවීය. මන්ද එය ශාක සහ සත්ව අභිජනනය කරන්නන් අනුගමනය කරන භාවිතයක් හෙයිනි.
ගෘහාශ්‍රිතකරණය කරන ලද සියලූම ශාක සහ සත්වයන් වල් නැතිනම් කැලෑගත ආදිතම විශේෂවලින් වරණිය අභිජණනයෙහි ඵලයන්ය. නිදසුනක් දෙකක් දක්වන්නේ නම් අද අප දකින බේස්බෝල තරම් වන තක්කාලි පේරු රටේ පූර්වජ තක්කාලි විශේෂයට වඩා බෙහෙවින් වෙනස්ය. ඒ ආදිතම තක්කාලි දංගෙඩියකට වඩා විශාල නොවීය. එමෙන්ම කෙටි පා සහ දිග සිරුරක් සහිත ඩෑෂවුන්ඞ් සුනඛයන්, ඔවුන්ගේ අභිජනනයට මුල පිරූ වෘකයන්ට වඩා බෙහෙවින් වෙනස් පෙනුමකින් යුක්තය. ජනිතයන් තුළ බලාපොරොත්තු වන ගතිලක්ෂණ ඇති කිරිම පිණිස ගෘහාශි‍්‍රතකරණය කරන ලද ශාක හා සත්වයන් වර්ණීයව අභිජනනයකිරීම— කෘතිම වරණය පිළිබඳ අදහස ජනිතවීම, පරිණාමීය විපර්යාසයන් අවබෝධ කර ගැනීමට ප‍්‍රධාන වශයෙන් මඟ පාදයි. තමන් විසින්ම ඍජුව අත්දැකීම ලබා ගැනීමේ අදහසින් විචිත‍්‍ර පරෙවියන් බෝ(අභිජනනය) කළේය. (චිත‍්‍රය බලන්න) තවද, ගොවිපළ සතුන් අභිජනනය ගැන හෙතෙම ගොවීන් සමග කතා බහේ යෙදුනේය. මේ වයේ ප‍්‍රතිඵලයක් ලෙස, කෘතිම වරණයෙහි, ප‍්‍රභේදනය සහ උරුමකරගත හැකිබව යනුවෙන් අත්‍යවශ්‍ය අංග දෙකක් ඇති බව අවබෝධ කර ගැනීමට ඔහුට හැකි විය.
අප අත් දකින අන්දමට ඒකෛකයන් අතර ප‍්‍රභේදන ඇත. නිදසුන් දක්වතොත් එකවර වැදූ බලූ පැටවුන්ගේ ලෝම කබායේ වෙනස්කම්, ධාන්‍ය කරල් අතර විවිධ ප‍්‍රමාණ, ගව පට්ටියක ඒ ඒ එළදෙන නිපදවන කිරි ප‍්‍රමාණයෙහි වෙනස දැක්විය හැකියි. වඩාත්ම අභිමත හෝ යෝග්‍ය ගුණාංග එකතුවක් සහිත ශාක හෝ සත්වයන් ඊළඟ පරපුරේ අභිජනන සමූහය තෝරා ගැනීම පිණිස මෙම ප‍්‍රභේදන අභිජනකයන්ට මග සලසයි. උරුමකරගත හැකි බව යන්නෙන් දැක්වෙන්නේ ජනනයන්ගෙන්(දෙමාපියන්ගෙන්) ජනිතයාට ගතිලක්ෂණයක් සම්පේ‍්‍රෂණය කිරීමයි. අභිජනනයේදී, ඊට යටින් ඇති ප‍්‍රවේණි විද්‍යාත්මක මත කරුණු කාරණා ගැන අභිජනකයන්ට දැනුමක් නොතිබුණේ වී නමුදු කෘතිම වරණය තුළ උරුමකළ හැකි බවෙහි වැදගත් කම බොහෝ කාලයක් තිස්සේ ඔවුහු දැන සිටියහ.
ජිවීන් වර්ගීකරණය සඳහා ගතිලක්ෂණවල සංගතතාවක් සෙවූ ස්වභාවවාදීන් බොහොමයක් මෙන් නොව ඩාවින් ඒකෛයන් අතර ප‍්‍රභේදන ගැන බොහොම සැලකිල්ලෙන් නිරීක්ෂණය කළ අයෙකි. ස්වභාවික ගහණ තුළ කුඩා එහෙත් මැනිය හැකි වෙනස්කම් ඇති බව ඔහු දැන සිටියේය. එසේ වුවද, ඊළඟ පරම්පරාව උදෙසා අභිජනන සමූහය වන්නේ කුමන ඒකෛකයන්ද යන්න තීරණය කරන්නාවූ අභිජනකයාගේ භූමිකාව ස්වභාව ධර්මයේදී ඉටු කරන බලවේග කුමක්ද?
ඩාවින් අනුප‍්‍රාණය ලැබුවේ ආර්ථික විද්‍යාඥ තෝමස් මෝල්තස් විසින් රචිත ලේඛනයකිනි. ලෙඩ රෝග, සාගත සහ යුද්ධ වැනි මානවයන් මහත් පීඩාවට ලක් කරන බොහොමයක් දේ ආහාර සැපයුම හා අනෙකුත් සම්පත්වලට වඩා වැඩි වේගයකින් මිනිස් ජනගහනය වර්ධනයවීමේ ප‍්‍රතිඵලයක් බව මෝල්තස් දක්වා තිබුණි. ඩාවින්, මෝල්තස්ගේ අදහස ශාක සහ සත්ව ගහණයන්ට අනුකූලව යොදාගත්තේය. සීමිත සම්පත්වලට දරා ගැනීමට නොහැකි තරමට එකෛයන්(පුද්ගලයන්) බිහිවීම හේතුවෙන් සෑම පරම්පරාවකින්ම ජනිතයන් කිහිප දෙනෙකු පමණක් ඉතිරිවෙමින් පැවැත්ම සඳහා අරගලයකට මග පෑදෙන බව ඩාවින් නිගමනය කළේය. දමන බිත්තර බොහොමයකින් උපදින පැටව අතුරෙන් වර්ධනය සම්පූර්ණ කරමින්, ජනිතයන් ඉතිරි කර තබන්නේ ඉතාමත් සුළු කොටසකි. ඉතිරිය එක්කෝ ආහාරයට ගැනේ; හාමතේට පත්වේ; ලෙඩ රෝගවලට ගොදුරුවේ; සංවාසයට නොහැකිවේ නැතිනම් වෙනත් හේතු නිසා ප‍්‍රජනනය කිරීමට නොහැකිවේ. ස්වාභාවික වරණයෙහි හරය වන්නේ මේ අසාමාන්‍ය ප‍්‍රජනනයයි. සාර්ථක අයුරින් ආහාර ලබා ගැනීමට හෝ විලෝපීයයන්ගෙන් ආරක්ෂාවීමට හෝ භෞතික තත්ත්වයන් දරා සිටීමට මග පාදන ගති ලක්ෂණ සහිත පුද්ගලයෝ නොනැසී පවතිමින් වඩාත් සාර්ථකව ප‍්‍රජානනයෙහි යෙදී එකී අනුවර්තී ගතිලක්ෂණ සිය ජනිතයන් වෙත පමුණුවති.
කෘතිම වරණයට සාපේක්ෂව කුඩා කාලයක් තුළ එතරම් වෙනස්කම් ගෙන ආ හැකි නම්, පරම්පරා සිය ගණනක් හෝ දහස් ගණනන් ගතවෙද්දී සැලකිය යුතු අන්දමකින් වෙනස්කම් ඇතිකිරීමට ස්වභාවික වරණයට හැකිවෙතැයි ඩාවින් තර්ක කලේය. යම් ගහණයක් එහි පරිසරයට අනුවර්තනය කරවන ගතිලක්ණ බොහොමයක් ඉතා දීර්ඝ කාල පරාසයක් තුල ඒක රාශී වේ. කෙසේ වෙතත් පරිසරය වෙනස් වුවහොත් හෝ ඒකෛකයන්(පුද්ගලයන්) වෙනස් පරිසරයක් වෙත ගියොත් හෝ ස්වාභාවික වරණය තෝරා ගන්නේ මේ නව තත්ත්වයන්ට අනුවර්තනය වීම්ය. ඇතැම්විට මෙය සිදුවන්නේ, එම කි‍්‍රයාදාමයේදී සම්පූර්ණයෙන්ම අලූත් විශේෂයක සම්භවයට මග පාදන වෙනස්කම් ඇති කරවමිනි.
මෙතැනදී ස්වාභාවික වරණයන් සිදුවන පරිණාමය ගැන ප‍්‍රධාන කරුණු තුනක් අවධාරණය කිරීම අවශ්‍ය වේ. මුලින්ම කිව යුත්තේ ස්වාභාවිකවරණය ඇතිවන්නේ එකෛකික ජිවීන් හා පරිරසය අතර අන්තර් කි‍්‍රයාවන් හරහා වුවද එකෛකිකයන් පරිණාමය නොවන බවයි. ඒ වෙනුවට සිදුවන්නේ ජීවින් කණ්ඩායම, ඒ කියන්නේ ගහණය පරිණාමය වෙද්දී අනුවර්තී ගති ලක්ෂන වඩා සුලබව අනෙකුත් ගති ලක්ෂණ වෙනස් හෝ අතුරුදන්වීමයි.
දෙවනුව, ස්වාභාවික වරණයට වර්ධනය කළ හැක්කේ හෝ හීන කළ හැක්කේ අවේනීය ගති ලක්ෂණ පමණකි. සත්තකින්ම, යම් ජීවියෙකු සිය පරිසරය හා අන්තර් ක‍්‍රියාකිරීමෙන් වෙනසකට ලක්විය හැකි අතර එසේ අත්කරගත් පරිචිත ගතිලක්ෂණ එම ජීවියාගේ පැවැත්මට උපකාරී වීමද සිදුවිය හැකිය. එහෙත්, ජීවියාගේ ජන්මානුවල ජානයක එය කේන්ද්‍ර ගත වී නැති නම් එසේ අත්කරගත් ගතිලක්ෂණ සිය ජනිතයාට පැවරිය නොහැක. ඒ අනුව අනභිබවනිය කායවර්ධක කාන්තාවක්, මාංශපේශීන්වලින් පිරිපුන් බිලිඳෙකු බිහි කරන්නේ නැත.
තුන්වෙනුව පරිණාමය ඉලක්ක කරා යොමු වුවක් නොවේ. එය පරිපුර්ණ ලෙස අනුවර්තනය වූ ජීවීන්ට මගපාදන්නේ නැත. කෘතිමවරණය වනාහි සුවිශේෂ ගතිලක්ෂණ සහිත එකෛකයන් නිපදවීම මිනිසා හිතාමතාම ගන්නාවූ උත්සාහයක් වන අතර ස්වාභාවික වරණය යනු ස්ථානයෙන් ස්ථානයට මෙන්ම කාලයාගේ අවෑමෙන් වෙනස් වන්නා වූ පාරිසරික සාධකවල ප‍්‍රතිඵලයයි. එක් අවස්ථාවක දී වාසිදායක වන ගති ලක්ෂණයක් වෙනස් තත්ත්වයන් යටතේ නිෂ්ඵල හෝ — ඇතැම්විට තීරණාත්මක පවා විය හැකිය. අපටම දැකගත හැකි පරිදි අනුවර්තන යනු බොහෝ විට එකඟතාවන්ට එළඹිම්ය.
Biology: Concepts and Connections(9th Edition) නම් ග්‍රන්ථයේ 13.6 Darwin proposed natural selection as the mechanism of evolution යන කොටස ඇසුරෙනි