විදු නැන නුවණ – Science Literacy for All

මොළය බේරා ගැනීම සඳහා විශේෂඥ මණ්ඩලයකින් යෝජනා

නිල් බදරිය කෑමට ගැනීමෙන්  වේවා, මොළ  පුහුණු කී‍්‍රඩාවල නිරතවීමෙන්  වේවා, පර්යේෂකයන් වෙහෙසෙන්නේ, අප වයසට යන විට ස්මරණ හානියක් ඇතිවීම හා චිත්ත වික්ෂේපය හෙවත් ඩිමෙන්ෂියාව ඇතිවීම වළක්වා ගැනීමට මං සෙවීමටයි. මේ සම්බන්ධයෙන් සිදු කර ඇති සිය ගණන් අධ්‍යයන සමාලෝචනයට ලක් කළ  විශේෂඥයන්ගෙන් සමන්විත මණ්ඩලයක්, ස්මෘති හානිය ඇතිවීමේ හැකියාව   පහළ දැමීමට උපකාරී විය හැකි උපාය මාර්ග තුනක් ඇතැයි හෙළි කර ගනු ලබා ඇත.

  • නිතිපතා ව්‍යායාමයෙහි යෙදීම,
  • රුධිර පීඩනය කළමනාකරණය සහ
  • ‘මොළ පුහුණුව’ සිදුකිරීම

මෙම උපාය මාර්ග තුනයි.

Image result for exercising

කෙසේ වෙතත් නිගමන ඉදිරිපත් කර ඇත්තේ දැඩි පූර්වාවාදයක් සහිතයි. එනම්, (අධ්‍යයනවලින්) ඉදිරිපත් වී ඇති  සාක්ෂි මධ්‍යස්ථ බව මෙන්ම මෙම මොළ රෝගය වළක්වාලීමට මෙකී උපාය මාර්ග සමත් යයි ඔප්පු වී නැත යන අවවාදයයි. එසේ වුවද ජූනි 22 දා නිකුත් කළ ජාතික විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය ඇකඩමි වාර්තාව ජිවන රටාවෙහි වෙනස් කම් සිතීම හා ස්මෘතියෙහි පහළ වැටීම වළක්වාලීමට ආධාර වෙතැයි යන අපේක්ෂාව ඇති කරයි.  Preventing Cognitive Decline and Dementia: A Way Forward (ප‍්‍රජානන ශක්තිය හීනවීම සහ ඩිමෙන්ෂියාව:ඉදිරියට මගක්) යනුවෙන් නම් කර ඇති පිටු 149 කින් සමන්විත වාර්තාව නිර්මාණය කිරීම පිණිස විශේෂඥයෝ, සසම්භාවි ශායනික සම්පරීක්ෂණ යනුවෙන් දැක්වෙන අධ්‍යයන සිය ගණනක තොරතුරු ඇගැයීමට ලක් කළහ. තව ද, වෙනත් ආකාර පර්යේෂණ ගැන ද ඔවුන්ගේ සැලකිල්ල යොමු විණ. රෝගයට ප්‍රතිකාර සෙවීම අසිරූය; දශකයට වැඩි කාලයක් අලුත් ඖෂධ නිර්දේශවී නැත. මෙවන් තත්ත්වයක් යටතේ ප‍්‍රධාන උපාය මාර්ග තුන(ඉහතින් දක්වා ඇති පරිදි) නිර්දේශ කිරීම විශේෂඥයන්ගෙන් සමන්විත මණ්ඩලය සිදු කර නැත්තේ ඒවායේ සාර්ථකත්වය තහවුරු කිරීමට තව පර්යේෂණ අවශ්‍ය බව පවසමිනි.

අධික රුධිර පීඩනය පාලනය කිරීම, විශේෂයෙන්ම වයස අවුරුදු 35 සිට 65 අතර තුරදී  රුධිර පීඩනය පාලනය  ඩිමෙන්ෂියාව සෑදීමේ අවස්ථා පහල හෙළන බව ඇතැම්  පර්යේෂණවලින් හෙළිවෙයි. ඇල්සයිමර්ගේ රෝගය සෑදීමේ ඉඩකඩ රුධිර පීඩනය පාලනය කරන ඇතැම් ඖෂධ අනෙක් ඒවාට වඩා හොඳින් එය සිදුකරන  බව කලින් සිදුකෙරුණු පර්යේෂණවලින් පෙනී ගියද, වඩාත් වැදගත් වන්නේ යොදා ගන්නා සුවිශේෂී ඖෂධය නොව රුධිර පීඩනය පාලනය වීම යයි විශේෂඥ මණ්ඩලයේ සාමාජික, ඩර්හැම්හි ඩියුක් විහ්වවිද්‍යාලය වෛද්‍ය පාසලෙහි ඩෑන් බ්ලෙසර් පවසයි.

නිතිපතා සිදුකෙරෙන ව්‍යායාම් හා සෞඛ්‍ය සම්පන්න මොළයක් අතර සම්බන්ධය ද  පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. එහෙත් විශේෂඥ මණ්ඩලය සමාලෝචනයට ලක් කළ අධ්‍යයනවලින් නම් එවැනි අධ්‍යයන දිගටම ධනාත්මක බවක් පෙන්නුම් කර නැතයි මණ්ඩල සාමාජිකයෝ පවසති. “ව්‍යායාමය හොඳ දෙයක්” බ්ලෙසර් පෙන්වා දෙයි, “එසේ වුවද ව්‍යායාම කොපමණ සිදු කළ යුතුද, කුමන වර්ගය වඩා යෝග්‍යයද යන්න සියුම් ලෙස දැක්වීමට ප‍්‍රමාණවත් පර්යේෂන සිදු කර නැහැ”.

ස්මෘතිය වර්ධනය කිරීම, ගැටලූ විසඳීම සහ අනෙකුත් කුසලතා වර්ධනය පිණිස යොදා ගන්නා පරිගණක පාදක සහ පරිගණක පාදක නොවන පුහුණු කිරීමේ ව්‍යායාම වැනි කි‍්‍රයාකාරකම් ගණනාවක්ම මොළ පුහුණුවට ඇතුළත් වේ. මේ සම්බන්ධයෙන් වඩාත්ම ප‍්‍රබල සැලැස්මක් සහිත වැඩසටහන ලෙස විශේෂඥ මණ්ඩලය විසින් හුවා දක්වනු ලබන්නේ Advanced Cognitive Training for Independent and Vital Elderly(ස්වාධීන හා අත්‍යවශ්‍ය වැඩි හිටියන් සඳහා උසස් ප‍්‍රජානන පුහුණුව) යනුවෙන් හඳුන්වනු ලබන අධ්‍යයනයයි. එය ජාතික සෞඛ්‍ය ආයතන මගින් මුදල් සපයන ලද ව්‍යාපෘතියෙකි. පුහුණුව මගින් වර්ධනයක් ඇතිකිරීමට සමත් බවට වසර දෙකකදී මධ්‍යස්ථ මට්ටමේ සාක්ෂි ඇත ද  වසර පහකට පසුව ප‍්‍රතිඵල හීන වී ගොස් තිබේ. පර්යේෂකයෝ මෙම වැඩසටහනෙහි වානිජ අනුවාදයක් පිළියෙළ කරමින් සිටින බව ප‍්‍රධාන පර්යේෂක ජෝර්ජ් රිබොක් දක්වයි.

ආහාර රෝගය කෙරෙහි  බලපෑම

මොළ සෞඛ්‍ය වර්ධනය වෙතැයි කියැවෙන පිළියෙළ කළ ආහාර බොහෝ ප‍්‍රචලිතව මෙන්ම බහුලව ඇත. එහෙත් ඒ අතුරෙන් කිසියම් ආහාරයක් සුවිශේෂීකර දැක්වීමට තරම් සාක්ෂි (මේ අධ්‍යයන අතර) විශේෂඥ මණ්ඩලයට හමුනොවීය. එසේ වුවද යම් බලාපොරොත්තුවක් පෙන්වන සුළු භෝජන තුනක් මණ්ඩලය මගින් පෙන්වා දෙනු ලැබ ඇත.

මධ්‍යධරණි(Mediterranean) භෝජනය,

DASH(Dietary Approaches to Stop Hypertension= අධික රුධිර පීඩනය නවතාලීමට ආහාරමය ප‍්‍රවේශයක්) සහ

MIND diet (Mediterranean-DASH Intervention for Neurodegenerative Delay= ස්නායු පරිහානි පමාව සඳහා වූ මධ්‍යධරණී මැදිහත්වීම)

මේ භෝජනවලින් අවධාරණය කෙරෙන්නේ, සම්පූර්ණ ධාන්‍ය, පළතුරු, එළවළු මෙන්ම අඩු මේද කිරි ආහාර භාවිතය සහ ලූණු භාවිතය පාලනය කිරීම කෙරෙහිය. “ආහාර සම්බන්ධයෙන්  නම් තවත් පර්යේෂණ සිදුකරන්න  ඕන. ව්‍යායාම ගැන තිබෙන සාක්ෂි මට්ටම ආහාර සම්බන්ධයෙන් නැහැ” බ්ලේසර් පෙන්වා දෙයි.

වාසි සැලසෙන බවක් මණ්ඩලයට පෙනී නොගිය කාරණා :

විද්වත් ඇසිටික් කෝලීන් ස්ටේරේස් (acetylcholinesterase inhibitors) නිශේධන ලෙස ද හැඳින්වෙන ප්‍රති-ඩිමෙන්ෂියා ඖෂධ (Antidementia drugs): මෙම ඖෂධ  ඇල්සයිමර්ගේ රෝගයෙහි රෝග ලක්ෂණවලට ප‍්‍රතිකාර කිරීමට  යොදාගත්ත ද  රෝගයට පාදක හේතුවට ප‍්‍රතිකාරයක් නොවන බව  හෝ රෝගය උත්සන්න වීම මන්දගාමී නොකරණ බව විද්වත් මණ්ඩලය කියයි. තවද, ඩිමෙන්ෂියාවට පළමුව එන මද ප‍්‍රජානන අඩුවීම සහිත රෝගීන්ගේ ස්මෘති හා සිතීමේ කුසලතාවන්ට ඒවායින් උපකාරගත් නැති  බව පර්යේෂණය පෙන්නුම් කරයි.

ඇස්පිරින්, බෘපන් වැනි ස්ටොරියඩ(ඓන්ද්‍රීය සංයුක්ත) නොවන  ප‍්‍රතිප‍්‍රදාහ(anti-inflammatory) ඖෂධ

විටමින් E

Related image

පිටස්තර විශේෂඥයන්ගේ මත

ඇල්සයිමර් සංගමය සඳහා  විද්‍යාව වැඩ සටහනේ අධ්‍යක්ෂ ආචාර්ය කීත් ෆාර්ගෝ කියා සිටින්නේ තම සංගමය, විද්වත් මඬුල්ලේ ප‍්‍රධාන කාරණා තුනට එකඟ බවයි. අධික රුධිර පීඩනය පාලනය හා ව්‍යායාම ගැන සඳහන් කරමින්  ලොස් ඇන්ජලීස් කැලිෆෝනියා සරසවියේ  චිරජීවන මධ්‍යස්ථානයෙහි(Longevity Center) අධ්‍යක්ෂ ගේරි ස්මෝල් කියා සිටින්නේ “හෘදයට යහපත් දෑ මොළයට ද  යහපත් බව අප සහජ ඥානයෙන්ම දකිනවා” යනුවෙනි. ටැම්පාහි දකුණු ෆ්ලොරිඩා සරසවියේ වියපත්වීම පිළිබඳ අධ්‍යයන  මහාචාර්ය රොස් ඇන්ඩල් පෙන්වා දෙන්නේ  මැදිවයසේ දී ව්‍යායාමයෙහි යෙදීමෙන් ඩිමෙන්ෂියාව හැදීමේ හැකියාව අඩකින් අඩුවෙන්නේ යයි  තම පර්යේෂණවලින් සනාථ වී ඇති බවයි.

WebMD හි පළවූ  Expert Panel: Three Things May Save Your Brain යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: