සැමට විදු නැන නුවණ – Science Literacy for All

සත්ව විශේෂ කිවුල් දියෙහි දිවි ගෙවන්නේ කෙසේද?

සත්වයන් සහ අනෙකුත් විශේෂ කිවුල් දියෙහි(brackish water) දිවි රැකගෙන යහතින් ජීවත්වීමට හැකියාව ලබා ගෙන ඇත්තේ මිරිදියට හා කරදියට බලපාන සාධකවලට හැඩගැසීමෙන් හෙවත් අනුවර්තනය වීමෙනි. මෙයට අමතරව භෞතික බලවේග ද ඇත. ඇළ මාර්ග හා පුතීල මෝයවල්වල දී ඒකරාශී වන මෙන්ම වඩාත් බලවත්වන ජල බලවේග,  භෞතික බලවේග වලට නිදසුන්ය. තවද මෙයට බලපාන උෂ්ණත්ව සාධක ද තිබෙන්නට පුළුවන. කිවුල් දියෙහි අඩංගු ලවණ පරිමාව, සෑම කොටස් දාහකට 0.5 සිට 30 දක්වා පරාසයක් තුළ පවතී.

කිවුල් දිය බෙහෙවින් විචල්‍ය විය(වෙනස්වන්සුළු විය) හැකියි. ඒ, මුහුදු(ලූණු කොටස් දහසකට කොටස් 30-50ක් වන) උදම් අඩු වැඩිවෙමින් ජලයෙහි ලවණතාව වැඩි හෝ අඩුකරමින්ය. ජලයෙහි ජීවත්වන මෙන්ම ජලය භාවිත කරන ජීව ස්වරූප, ලවණතාවෙහි සීඝ‍්‍ර සහ පුළුල් විපර්යාසයන්වලට පවා මෙන්ම උෂ්ණත්වය,  උත්ජලාවකතාව (පාවීමේ හැකියාව= buoyancy), ජල ඝනත්වය,  ph තුල්‍යතාව,  තරංග කි‍්‍රයාකාරිත්වය හා පෝෂකවල වෙනස්කම් ද ඇතුලත්වන ජලයේ භෞතික අංශවලටද අනුගත විය යුතුවේ. ජලය මගින් ලවණ මෙන්ම එකිනෙකට වෙනස් රසායනවල අණු රැගෙන යනු ලබන හෙයින් වාෂ්පීභවන සීඝ‍්‍රතාවයන්හි මෙන්ම ජලය හා වායුගෝලය අතර අන්තර් කි‍්‍රයා කිරීමෙහි ද  වෙනස්කම් ඇත. තවද ජල ඝනත්වය සැලකෙයි.

 

Related image

(ලූණු කොටස් දහසකට කොටස් 5කට අඩු) මිරිදිය (freshwater) පැත්තෙන් ගත් කල දියදෝර හට ගැනීම, රොන්මඩ සහ මනුෂ්‍යයන්ගේ හා සතුන්ගේ අපද්‍රව්‍ය නිසා ඇතිවන දුෂණය, පොහොර සහ කාර්මික පිටාර ගැලීම උෂ්ණත්වය කෙරහි බලපෑම් කළ හැකියි. වඩාත්ම සුලබ කරදිය ප‍්‍රදේශ වන්නේ පුනීල මෝයවල්ය(Estuaries).  ගංගා මුහුද හා එක්වන විට ජලය සෙමින් ගලා යන මේ මෝය ප‍්‍රමාණයෙන් පුළුල් විය හැකිය. මේ ජලය බැලූ බැල්මට අවලක්ෂණ වුවද එම ජලය ජීවයෙන් හා කි‍්‍රයාකාරිත්වයෙන් ගහණය. මේවායේ පෝෂක හා පරිවෘත්තීය (ජීවියකු තුළ සිදුවන රසායනික කි‍්‍රයාවලිය) කි‍්‍රයාකාරකම්  ඵලදායිතාව ඉහළය. එහෙත් අමුත්තක් ලෙස දැක්විය හැක්කේ මිරිදියෙහි හෝ විවෘත  සාගර බියෝමයන්හි මෙන් නොව මෙහි ජෛව විවිධත්වය හීනය. තනිකර මිරිදිය හෝ සාගර ජලය තුළට වඩා ලවණතාව අඩු හෝ වැඩි මට්ටමක පවතින මිශ‍්‍ර ස්වභාවය කෙරෙහි  පෘෂ්ඨවංශිකයන් මෙන් මත්ස්‍යයන් ද එතරම් කැමැත්තක් දක්වන බවක් නොපෙනේ. අන්ත දෙකම (ලවණතාව අඩුම හෝ වැඩිම) සමග අන්තර්කි‍්‍රයා කරන මත්ස්‍යයන් සිටින අතර තනිකරම කිවුල්දියට හුරු මත්ස්‍යයන් හා අපෘෂ්ඨවංශික විශේෂද ඇත.

කඩලාන වගුරුබිම් එක්තරා සුවිශේෂී නිවර්තන කඩොලාන  ශාක විශේෂයක් මත රඳා පවතී. එම ශාක කිවුල්දියමය පරිසරයන්හි සුවිශේෂී වාසස්ථාන සපයනු ලබන අතර ජලය තුළ  මෙන්ම  ඉවුරු කලාප සහ  කඩොලාන තුරු හිස් වියනෙහි ජෛ විවිධත්වයන් මෙන්ම ජීවන් ප‍්‍රමාණයකට පහසුකම්  සලසයි. නොගැඹුරු කිවුල්දිය කලාපවල මුහුදු තණබිම් තිබිය හැකි අතර ඒවා මුහුදු අශ්වයන් ඇතුළුව විවිධ මසුන් හා අපෘෂ්ඨවංශිකයන් පුළුල් පරාසයකට වාසස්ථානය සපයයි.

බිත්තර ලෑම සඳහා මුහුදේ සිට ගංගාවන් වෙත සංක‍්‍රමණය වෙද්දී සැමන් මත්ස්‍යයන්ට ලවණ පරිසරයක සිට මිරිදිය පරිසරයකට හැඩ ගැසිමේ හැකියාව ඇත. මීට පරස්පරව, ආඳා මත්ස්‍යයන් අභිජනනය සඳහා  ගංගාවන්හි සිට මුහුදට සංක‍්‍රමණය වේ. ඔවුන් අග්‍රශ්‍රෝතගාමී(catadromous) ලෙස හැඳින්වෙන්නේ එහෙයිනි. හෙරින්ග්(Herring) යනුවෙන් හඳුන්වනු ලබන හුරුල්ලන් වැනි මත්ස්‍ය විශේෂය බිජු දැමීම පිණිස  මෙන්ම  තම පැටවුන්ට තනිවම පැවතීමට හැකිවන තාක් රැක බලා ගැනීමේ ‘තවාන’ ක් ලෙස ද  පුනීල මෝය හෝ කිවුල්දිය කලාප යොදා ගනී.

බෝල්ටික් මුහුද වැනි කිවුල් දිය මුහුදුවල මිරිදිය හා ලවණ ජල ලෙස ස්තරගත(stratified) දෙදියක් තිබිය හැකි අතර ඇතැම් මිරිදිය මසුන් මිරිදිය ස්තරයෙහි ද අනෙක්  මත්ස්‍යයෝ ලවණ ස්තරයෙහි ද ජීවත් වෙති. කැස්පියන් මුහුද කැවිය(caviar), නම් ලූණෙහි  ලා කල් තබා ගන්නා විශාල මාළු බිත්තර නිපදවන ස්ටර්ජන් මාළු විශේෂයට නිවහනක් සහ ලවණ ජලය සහිත සාගර නොවන එකම සීල් මත්ස්‍ය විශේෂයකට නිවහනවේ. නිල වශයෙන් ගත් කල විලක් වුවද  එහි ලවණතාව සාගරයක මෙන් තුනෙන් එකකි.

සාරාංශ වශයෙන් ගත් කල ලොව පුරා කිවුල් දිය කලාප, ලොක්ස් (lochs )  නමින් දැක්වෙන පටු කලපු සිට, අභ්‍යන්තර මුහුදුවල සිට ෆ්ලොරිඩා හි කඩොලාන වගුරු බිම් දක්වා , එංගලන්තයේ තේම්ස් නදියේ පුනීල මෝය දක්වා බොහෝ ප‍්‍රදේශවල පැතිර පවතී.  කිවුල් දිය ජල භූමිවල ඉවුරු කලාපයේද, ජලය තුළ සහ ජලය මත වසන ජීවී විශේෂවල අධික විවිධත්වයක් දැකිය හැකිය. එමෙන්ම ඇතැම් විශේෂ මිරිදියෙහි සහ ලවණ ජල කලාප අතර එහා මෙහා යන්නේ කිවුල් දිය කලාප හරහාය. ලෝකයේ වඩා ප‍්‍රකට කිවුල් දිය කලාප ගැන විකිපීඩියාවෙහි කදිම විස්තරයක් ඇත.

Actforlibraries.org හි පළවූ  How do Animal Species Survive in Brackish Water යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: