ගෝලීය උණුසුම වැඩිවෙද්දී, නිවර්තන වර්ෂාපතනය කලින් සිතුවාට වඩා ඉහල යන ලකුණු

ගෝලීය උණුසුම්වීම දිගටම සිදුවෙද්දී පෘථිවියෙහි නිවර්තන කලාපවලට පතිත වන වර්ෂාපතන ප්‍රමාණය ගෝලීය දේශගුණ මොඩල හෙවත් ආකෘති මගින් අවතක්සේරු කර ඇතැයි නව පර්යේෂණයකින් හෙළිවෙයි. පර්යේෂණය අනුව, එයට හේතුව නාසා නිරීක්ෂණ තුලින් නිවර්තන ප්‍රදේශ මත්තෙහි දැක ඇති ඉහල වලාකුළුවල(high clouds) අඩුවීම මෙම ආකෘති මගින් අවතක්සේරු කරනු ලැබ තිබීමයි. පර්යේෂණය මෙහෙයවනු ලබන්නේ කැලිෆෝනියාවේ පසදෙනා හි නාසා ජෙට් ප්රචාලන පරික්ෂණාගාරයේ විද්‍යාඥ හුයි සු විසිනි. මෙම ප්‍රකාශය පටලැවිලි සහගතයයි කෙනෙකුට සිතෙන්න පුලුවනි:වලාකුළු අඩුවීම වර්ෂාව වැඩිවීමට මග පාදන්නේ කෙලෙසද?
මෙය මෙලෙස පැහැදිලි කර ගත හැකියි. ගෝලීය වශයෙන් ගත් කල, වර්ෂාපතනය හුදෙක් වර්ෂාව සෑදීමට තිබෙන වලාකුළු වලට පමණක් සම්බන්ධ නොවන අතර පෘථිවියේ ‘බල ශක්ති අයවැයට’ද සම්බන්ධය — පිටතට ඇදෙන තාප ශක්තිය හා සංසන්දනය කරද්දී සූර්යයාගෙන් එන ශක්තිය. ඉහල උන්නතාංශයේ නිවර්තන වලාකුළු, වායූගොලයේ තාපය කොටුකර ගනියි. අනාගතයේ දී මෙම වලාකුළු අඩුවේ නම් නිවර්තන වායුගෝලය සිසිල්වේ. මෑතක දශකවල දී වලාකුළු වල නිරීක්ෂණය කෙරුණු වෙනස්කම් සැලකිල්ලට ගන්නා විට පෙනීයන්නේ පොළව මතුපිට උණුසුම්වීමට ප්‍රතිචාර ලෙස වායූගෝලය අඩුවෙන් ඉහල වලාකුළු නිර්මාණය කරන බවයි. තවද, ඉහල වලාකුළු අඩුවීමෙන් ඇතිවන සිසිල්විම තුලනය කරනු පිණිස එය(වායූගෝලය) නිවර්තන වර්ෂාපතනය වැඩි කරයි.
වර්ෂාපතනය වාතය රත් කරන්නේය යන්න ද සහජ ඥානයට පටහැනිය; තේරුම් ගැනීම අසීරුය. අපට හුරු අදහස වර්ෂාව මගින් අවට වාතය සිසිල් කිරීම මිස රත් කිරීම නොවේ. කෙසේවෙතත්, වායුගෝලයේ සැතපුම් කිහිපයක් ඉහලට යද්දී පවතින්නේ වෙනස් ක්රියාදාමයකි. අප ජිවත්වන මහා පොලව මතුපිට දී ජලය, ජල වාෂ්ප ලෙස හිඳී වායුගෝලයේ ඉහලට ඇදී යද්දී, එය වාෂ්පවීමට තුඩුදුන් තාප ශක්තිය ද ඒ හා සමග රැගෙන යයි. සිසිල්, ඉහල වායුගොලයේදී ජල වාෂ්ප ද්‍රව ජාල බින්දු හෝ අයිස් අංශු බවට හැරෙන විට එය, එහි තාපය මුදා හැර වායුගෝලය උණුසුම් කරයි.
Nature Communications සඟරාවෙහි පලවී ඇති නව පර්යේෂණ වාර්තාව, ඉහල නිවර්තන වලාකුළු ආවරණය(පැතිරිම) පහළයාම සන්දර්භ ගතකරන්නේ පෘථිවියෙහි පෘෂ්ටය(මතුපිට) රත්වෙද්දි අපේ ග්‍රහයා පුරාවට ඇතිවන විශාල පරිමාන වාතය ගලායාම්(air flows) විස්ථාපනය වීමේ ප්‍රතිපලයක් ලෙසටය. මේ විශාල පරිමාන වාත ගලායාම් හැඳින්වෙන්නේ වායුගෝලීය පොදු සංසරණය ලෙසටයි. එමෙන්ම, සමකය වටා කේන්ද්‍රගත ඉහල නගින වාතයේ පුළුල් කලාපයක් ඊට ඇතුලත්වේ. පසුගිය වසර 30 සිට 40 දක්වා කාලය තුල සිදු කල නිරීක්ෂණ පෙන්නුම් කරන්නේ දේශගුණ උනුසුම්වෙද්දී මෙම කලාපය පටුවෙමින් පවතින බවත් සහ එය ඉහල වලාකුළු අඩුවීමට හේතුවන බවත්ය.

වායුගෝලීය පොදු සංසරණය
සු සහ නාසා ජෙට් ප්රචාලන පරික්ෂණාගාරයේ සගයෝ විශ්ව විද්‍යාල සතරක් හා එක්ව පසුගිය දශක කිහිපය තුළ දේශගුණ දත්ත එම කාලය සඳහා ම දේශගුණ ආකෘති විඩම්බන(climate model simulations) 23ක් සමග සංසන්දනය කළහ. එහි දී පර්යේෂක කණ්ඩායමට පෙනීගියේ දේශගුණ ආකෘති බොහොමයක්, මෑතක දශකවල දී පොලව මතුපිට උනුසුම්වීමේ සෑම අංශකයකටම වර්ෂණයෙහි ඉහල යාමේ ශිග්රතාව හෙවත් අනුපාතිකය අවතක්සේරු කර ඇති බවයි. වර්තමාන දේශගුණ තත්ත්වයන්හි දී වලාකුළු නිරීක්ෂණවලට යම් අයුරකින් හෝ සමීපතාවක් දැක්වූ ආකෘති, අනෙක් ආකෘතිවලින් දක්වනවාට වඩා අනාගතයේ දී වර්ෂණයෙහි විශාල වැඩිවීමක් ඇතිවන බව පෙන්නුම් කළේය.
ඉහල නිවර්තන වලාකුළු සා වායුගෝලීය පොදු සංසරණය නිරුපනය කිරීමේ දී දේශගුණ ආකෘතිවල ඇති දුර්වලතා පෙර කි අවතක්සේරු කිරීමට සම්බන්ධවන ආකාරය ගැන සෙවූ සු කියා සිටින්නේ “අනාගත වර්ෂණ විපර්යාස ගැන අනාවැකි වඩා හොඳින් පල කිරීමට මෙම අධ්‍යනය මං සපයනවා” යනුවෙනි.
NASA Climate හි පළවූ NASA Data Suggest Future May Be Rainier Than Expected යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න