විදු නැන නුවණ – Science Literacy for All

සූර්ය අවමය(Solar Minimum) ළඟාවෙයි

අද ඊයේ නොව  කොයි කවදා බැලූවත් දහවල් අහසේ මුදුන් වී තිබෙන සූර්යාගේ ප‍්‍රමාණයෙහි අඩුවක් අපට නම් පෙනෙන්නට නැත. සූර්යයා කවදාටත් එක විදිහයි. එහෙත් එය සැබෑවක් නොවන බව තාරකා විද්‍යාඥයන් දන්නේ දිගු කලක් තිස්සේය. සූර්යයා ඇත්තටම වෙනස් වෙයි. නිසියාකාරව සැකසූ ෆිල්ටරයක් සහිත ටෙලස්කෝපයකින් බලන කල හිරු බොහෝ විට අපට දර්ශනය වන්නේ අඳුරු හිරු ලප තැනින් තැන පිහිටි දැවෙන තැටියක් ලෙසයි. හිරු ලප ඉතා ප‍්‍රබලව චුම්භකරණය වී ඇති අතර ඒවා සූර්ය ලෙළසිළු සමග පිපිරෙමින් හඬ නගයි– චුම්භක පිපිරීම්,  X කිරණ හදිසි විමෝචන සහ අධිපාර ජම්බුල කිරණ මගින් පෘථිවිය දීප්තිමත් කරයි. සූර්යයා යනු නිරන්තර කි‍්‍රයාකාරිත්වයෙන් පිරී ගිය ස්කන්ධයකි.

එහෙත් සෑම වසර 11 ක් හෝ ආසන්න කාලයක දී හිරු ලප වියැකී යන්නේ සාපේක්ෂව සන්සුන් යුගයක් උදාකරමිනි. මෙය හැඳින්වෙන්නේ සූර්ය අවමය(solar minimum) යනුවෙනි. ගී‍්‍රන්බේල්ට් හි නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයෙහි ඞීන් පෙස්නෙල් කියයි. සූර්යයා, දැන් සූර්ය අවමය දක්වා ගමන ආරම්භ කර ඇත. එමෙන්ම එය හිරු ලප චක‍්‍රයේ  නිත්‍ය කොටසකි. 2014 වර්ෂයේදී හිරු ලප ගණන් කිරීම් සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතින.  ඒවා 2019 – 2020 දී සිදුවෙතැයි අපේක්ෂිත පහළ ලක්ෂ්‍ය දක්වා දැන්  පහළට යමින් පවතී. හිරු ලප, සූර්ය ලෙළසිළු වැනි තීව‍්‍ර කි‍්‍රයාකාරකම් සූර්යයා අවමයේදී අඩු වී ගියද ඉන් තේරුම් යන්නේ සූර්යයාගේ අලස ගතියක් ඇතිවේය යන්න නොවේ. සරලව කියතොත් සූර්ය කි‍්‍රයාකාරිත්වයේ ස්වරූපය වෙනස්වනවා පමණකි.

නිදසුනක් දක්වමින් පෙස්තෙල් පෙන්වාදෙන්නේ සූර්ය අවමයේදී අපට දීර්ඝ කාලයක් පැවති රැස් වළලූ කුහර (සූර්ය වායුගෝලයේ සිදුරු) වර්ධනය වනු අපට දැක ගත හැකිවේ. රැස් වළලූ කුහර වනාහී සූර්ය වායුගෝලයෙහි ඇති අති විශාල කලාප වේ. මේවා සූර්යයාගේ චුම්භක ක්ෂේත‍්‍රය විවෘතව සූර්ය ධාරාවන්,  වේගවත් සූර්ය සුළං ලෙස ගැලවී යාමට ඉඩ සලසන ප‍්‍රදේශයි. “අපි මේ කුහර සූර්ය චක‍්‍රය පුරාවටම දකිනවා. ඒත් සූර්ය අවමයේදී ඒවා දිගු කලක්, ඒ කියන්නේ   හයමාසයක් හෝ ඊටත් වැඩිය පවතින්න පුළුවන්” පෙස්තෙල් පවසයි. රැස් වළලූ කුහරවලින් ගලා එන සූර්ය සුළං ධාරාවන් පෘථිවියෙහි චුම්භක ක්ෂේත‍්‍රය හා ගැටුණු විට පෘථිවිය ආසන්නයේ අභ්‍යාවකාශ කාල ගුණ බලපෑම් ඇති කළ හැකිවේ. පෘථිවියෙහි චුම්භක ගෝලයෙහි  තාවකාලික  කැළඹීම් ද (මේවා භූ චුම්භක කුණාටු ලෙස ද දැක්වේ), ඌෂාලෝක(auroras) මෙන්ම සංනිවේදන හා නාවික පද්ධතිවල බිඳවැටීම ද මෙකී බලපෑම් අතර වේ.

පහළ කක්ෂයක ඇති චන්ද්‍රිකා මත පෘථිවියෙහි ඉහළ වායුගෝලය බලපෑම් ද සූර්ය අවමයේ දී වෙනස් වෙයි. සාමාන්‍යයෙන්, සූර්යයාගෙන් එන පාරජම්බුල කිරණ මගින් පෘථිවියේ ඉහළ  වායුගෝලය රත්වී පිම්බීමක් ඇති වේ.  පහළ පෘථිවි කක්ෂයක ඇති චන්ද්‍රිකා අපේ වායුගෝලයේ අවට පෙදෙස්වල සරද්දී ඝර්ෂණයක් දැනේ. මේ ඝර්ෂණය චන්ද්‍රිකා මත රෝධයක්(drag = ඇදීමක්) ඇති කිරීමෙන් කාලය ගතවෙද්දී (චන්ද්‍රිකාවේ) වේගය අඩු වී අවසානයේ පොළවට කඩාවැටීමට හේතුවෙයි. අභ්‍යාවකාෂයේ ලට පට වලට නම් මෙම රෝධය හොඳ දෙයකි. (මෙහි ලටපට යනුවෙන් දැක්වෙන්නේ මිනිසුන්  විසින් අභ්‍යාවකාශයේ අත්හැර දමා ඇති පෘථිවිය වටා කෂ්ෂගතව තිබෙන ද්‍රව්‍යයයි). පහළ පෘථිවි කක්ෂය සුන්බුන් ඈත් කර තැබීමට රෝධය උපකාරී වෙයි.

කෙසේ වෙතත්, සූර්ය අවමයේදී මේ ස්වාභාවික තාපන යාන්ත‍්‍රණය  සංසිදීමට පටන් ගනී. පෘථිවියේ ඉහළ වායුගෝලය සිසිල් වී එක්තරා දුරටක බිඳවැටීමට ද පුළුවන. සාමාන්‍ය ප‍්‍රමාණයට රෝධය නොමැති  කම නිසා අභ්‍යාවකාශ ලටපට රැඳී සිටීමට මාන බලයි.

සූර්ය අවමයේදී ප‍්‍රබලවන සුවිශේෂී  අභ්‍යවකාශ කාලගුණ බලපෑම් ඇත. නිදසුනක් දක්වතොත්, පෘථිවියේ ඉහළ වායුගෝලය කරා පැමිණෙන මන්දාකිණි කොස්මික් හෙවත් අන්තරීක්ෂ කිරණ සංඛ්‍යව සූර්ය අවමයේදී වැඩිවෙයි. මන්දාකිණි අත්තරීක්ෂණ කිරණ යනු දුර ඈත අධිනවතාරා ස්ඵෝටන හෙවත් පිපිරීම් සහ අපේ මන්දාකිණියේ වෙනත් ප‍්‍රචණ්ඩ සිදුවීම් මගින් සෞරග‍්‍රහ මණ්ඩලය වෙත වේගයෙන් ගලා එන අධි ශක්ති අංශුය. මන්දාකිණි අන්තරීක්ෂණ කිරණ ලෙස දැක්වෙන්නේ.

සූර්ය අවමයේදී සූර්යයාගේ චුම්භක ක්ෂේත‍්‍රය දුර්වලවේ. එහෙයින් අන්තරීක්ෂ කිරණවලින් ආවරණය සැපයෙන්නේ අඩුවෙනි. මෙය අභ්‍යාවකාශ හරහා ගමන් කරන අභ්‍යාවකාශගාමීන්ට වැඩි තර්ජනයක් එල්ල විය හැකි යැයි පෙස්හෙල් වැඩිදුරටත් සඳහන් කරයි.

සූර්ය අවමය අපේ සූර්ය මත විපර්යාසයක් බොහොමයක් ගෙන එයි. එහෙත් සූර්ය කි‍්‍රයාකාරිත්වය හීන වුවත් සූර්යා හෝ අපගේ අභ්‍යාවකාශ පරිසරය පිළිබඳ උනන්දුව හීන නොවේ.

nasa.gov. science හි පළවූ  Solar Minimum is Coming යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: