විදු නැන නුවණ – Science Literacy for All

පරිණාමය දෙස ආපසු හැරී බැලීමක්

පරිණාමයේ ආළෝකය ඔස්සේ මිස ජීව විද්‍යාවේ කිසිවක් අර්ථවත්වන්නේ  නැත’ යන්න ප‍්‍රවේණි විද්‍යාඥ තියෝඩොසියස් ඩොබ් ෂැන්ස්කි (1964)ලියු  සුප‍්‍රකට කියමනකි. මේ පුළුල් අර්ථ විග‍්‍රහයට පරිසර විද්‍යාව ද ඇතුළත් වෙයි. පරිණාමය පිළිබඳ සිද්ධාන්තය ගැන අවබෝධයකින් තොරව පරිසර විද්‍යාව උගෙනීම හරියට කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීතිරීති නොදැන කි‍්‍රකට් තරගයක් නරඹනවා වැනිය. පිට්ටනියක් මැද තණ තීරුවක එකෙක් බෝලයක් දමා ගසයි. තවකෙක් පිත්තකින් ඊට පහර දෙයි. විසිවන බෝලය ඇල්ලීමට දෙතුන් දෙනෙක් දිව යති. ඉන් එකෙක් බෝලය ගෙන විසිකරයි. එය අල්ලා ගන්නා තවෙකෙකු විකට් කූරු  ගලවා දමයි. කි‍්‍රකට් කී‍්‍රඩාවේ සිද්ධාන්ත නොදනී නම් මේ සියල්ල විකාරයක් බඳුය. අනෙක් අතට සිද්ධාන්ත ගැන මනා අවබෝධයක් ඇත්නම් කි‍්‍රඩාවේ ස්වභාවය අවබෝධ කර ගැනීමට පමණක් නොව ඉන් මහත් ආස්වාදයක් විඳීමට ද පුළුවන. පරිසර විද්‍යාව සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. ජීවීන් සිය පරිසරය සමග සිදුකරන අන්තර් කි‍්‍රයා අවබෝධ කර ගැනීමෙහිලා උපකාරී වන පොදු රීතීන් පරිණාමය මගින් සපයනු ලැබේ.

ජීවීන් ගහණයක අනුක‍්‍රමිකව පරම්පරාවක් නෑර පරම්පරාවක් ඔස්සේ උරුම කරගන්නා ගති ලක්ෂණ වල වෙනස ලෙස පරිණාමය විග‍්‍රහ කෙරේ. සජීවීන් ප‍්‍රජනනය කරන විට,  ඔවුහු සිය ප‍්‍රජනිතයන්ට(progeny) ගති ලක්ෂණ එකතුවක් පවරා දෙති. මෙම ගතිලක්ෂණ සමනළයෙකුගේ තටුවක රටා හෝ කිඹුලෙකුගේ කොරල මෙන් බැලූ බැල්මට පෙනෙන, ප‍්‍රත්‍යක්ෂ ඒවා විය හැකිවාක් මෙන්ම ජීවියෙකුගේ  සෑදෙන නියුක්ලියොටයිඩ අධාරක අනුක‍්‍රමය මෙන් සාපේක්ෂව අඥාත වෙන්නට ද පුළුවන. ඇත්ත වශයෙන්ම අප පරිණාමිය ප‍්‍රවේණිය ගැන කතා කරන විට අප ඇත්තටම සඳහන් කරන්නේ පසුව කී දෙයයි: එනම්, එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට  ප‍්‍රවේණි අනුක‍්‍රමණ පැවරීමයි නැතිනම් මාරු කිරීමයි. ගහණයක සුවිශේෂී ප‍්‍රවේණි අනුක‍්‍රමණ වෙනස් වූ කල(නිදසුනක් දක්වන්නේ නම් විකෘති මගින්) සහ එම වෙනස්කම් අනුක‍්‍රමණ පරම්පරා ඔස්සේ  උරුමකර ගන්නා විට එය පරිණාමයේ මග බවට පත්වේ.

පරිණාමය නොවන්නේ කුමක්ද? (පරිණාමය ගැන මිථ්‍යාවන්)

‘පරිණාමය’ යන පදය බොහෝ විට වැරදි ආකාරයට භාවිත වේ. එසේ වන්නේ බොහෝ විට නොදැනුවත්කමින් මිස හිතාමතා නොවේ. එහෙත් සමහර විට යම් අරමුණු ඇතිවත් එම පදය වැරදියට යොදා ගැනේ. ඒ නිසා පරිණාමය යන්නෙන්  අදහස්  නොවන්නේ කුමක්දැයි පැහැදිලි කිරීම ද අවශ්‍ය වේ.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ ‘පරිණාමය සමීප හෝ දුරස්ත ඉලක්කයක්(ultimate or proximate goal) කරා වර්ධනය නොවේ’ යන්න වටහා ගැනීමයි. පරිණාමය යනු කිසියම් ‘ගමනාන්තයක්‘ දක්වා යාමක් නොවේ. කාලයාගේ ඇවෑමෙන් සිදුවන උරුම කරගත් ගතිලක්ෂණවල වෙනස්කම් විස්තර කිරීම පමණකි. ඉඳ හිට, බාගදා නොවැළැක්විය හැකි ලෙස මේ වෙනසෙහි ප‍්‍රතිඵලයක්හැටියට  ජීව විද්‍යාත්මක සංකීර්ණතාවයෙහි වැඩිවීමක් ඇතිවේ. එහෙත් එය වර්ධනයක් හෝ ප‍්‍රගතියක් ලෙස අර්ථ නිරූපණය කිරීම මේ යාන්ත‍්‍රණය වැරදියට අවබෝධ කර ගැනීමකි. නිදසුනක් වශයෙන්,  තනි සෛල ජිවීන් අවසානයේ බහු-සෛලික ජීවීන් බවට පත්විණ යන්න ‘ඉහළ’ ජීව ස්වරූප කරා ගමනක නිදසුනක් ලෙස පෙනී යා හැකියි; පැවතිය හැකි සරලතම ජීවියෙකුට හැක්කේ වඩාත් සංකීර්ණ  වීම හෝ ඒ ආකාරයෙන්ම(සරල වශයෙන්ම) පැවතීමයි. මේ අර්ථයෙන් ගත් කල ඇතැම් පරම්පරාවන් නියත වශයෙන්මඊට කලින් නොපැවතී  නව ස්වරුප හා නව කාර්යයන් අත්පත් කර ගනියි. මෙයට අමතර වශයෙන් ගත කල,  ‘ප‍්‍රතිවර්ත පරිණාමය’(reverse evolution) සහ ‘ප‍්‍රතිගාමි පරිණාමය’(devolution) යන්න  අර්ථයක් නැති විකාරයන්ය.  ජීව විද්‍යාත්මක ඉතිහාසය තුල  විවිධ මොහොතවල්වල දී සමාන ගතිලක්ෂණ හා ජාන අනුක‍්‍රමණයන් යළි හට ගත හැකි වුවද එය තමයි පරිණාමය: එනම්  කාලයාගේ අවෑමෙන්  සිදුවන වෙනස.

පරිණාමීය වෙනස ඉලක්කයක් හෝ අවසන් ගමනාන්තයක් දක්වා ප‍්‍රගමනය නොවේ.

දෙවැනියට වැදගත් කාරණය වන්නේ පරිණාමය සහ ස්වාභාවික වරණය යනු තුල්‍ය පද (සමාන පද) නොවේ යන්නයි. ස්වාභාවික වරණය යනු පරිණාමීය විපර්යාසය මෙහෙවීමට මෙන්ම ඒකෙරෙහි බලපෑමට හැකි එක් බලවේගයක් පමණයි. එහෙත් අනෙකුත් යන්ත‍්‍රණ ද ඒ සමානව වැදගත් විය හැකියි. ගහණයක සාමාජිකයන් අතර ගති ලක්ෂණ විපර්යාසයන් සෑම අවස්ථාවකම සිදුවන්නේ වරණීය කි‍්‍රයාදාමයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසට නොවේ. අනිෂ්ට ගති ලක්ෂණයක් හටගැනීම සහ ඒක රාශීවීම (උදා. ප‍්‍රවේණිමය රෝගයක්) ගහණයක් තුළ එම ගතිලක්ෂණයේ ඍජු වරණයක් ලෙස නොසැලකිය යුතුය.  එසේම, වරණයක් යටතේ ඇති එකී ගති ලක්ෂණ මත බලපෑමක් නොමැති ඇලීල ඒවා දරා සිටින ජීවීන්ගේ යෝග්‍යතාව කෙරෙහි බලපෑමක්  නැති විකෘතීන්වලට බඳුන් විය හැකිය.

අණුක පරිණාමය පිළිබඳ සිද්ධාන්තය අනුදකින අය තර්ක කරන්නේ විශේෂයන් අතර ජානමය වෙනස්කම් බොහොමයක්  හෝ එසේ නැතිනම් වැඩිම ප‍්‍රමාණය වරණීය වශයෙන් මධ්‍යස්ථ බවයි.

ක්ෂුද්‍ර පරිණාමය සහ මහ පරිණාමය

ක්ෂුද්‍ර පරිණාමය(microevolution)  සහ මහ පරිණාමය(macroevolution) යනුවෙන් පරිණාමීය  වෙනස පොදුවේ වර්ග දෙකකට දමා සැලකිය හැකිය. ක්ෂුද්‍ර පරිණාමය යනු විශේෂ(species)  මට්ටමට වඩා පහළ වෙනසය. මහා පරිණාමය යනු විශේෂ(species)   මට්ටමට වඩා ඉහළ වෙනසයි. ජනගහන පරිසර විද්‍යාඥයන්,  සංරක්ෂණ ජීව විද්‍යාඥයන් සහ චර්යාමය පරිසර විද්‍යාඥයන් ඍජුවම උනන්දුව දක්වන්නේ ක්ෂුද්‍ර පරිණාමීය කි‍්‍රයාදාමයක් කෙරෙහිය.  ගහණවල  සාමාජිකයන් අතර සුවිශේෂී ගතිලක්ෂණවල අගය මෙන්ම ඇතිවන වේගයන්හි(frequencies)  විස්ථාපනය බොහෝ විට මෙයට හේතුවන්නේ ජීවීන්ගේ සංචලනය හා පාරිසරික තත්ත්වයන්ගේ විපර්යාසයන් මෙන්ම වෙනත් විශේෂයන් සමග අන්තර්කි‍්‍රයා කිරීම(විලෝපීයන් හා  ගොදුර අතර අන්තර්කි‍්‍රයා කිරීම , ධාරකයන් හා පරපෝෂිතයනන් අතර අන්තර්කි‍්‍රයා කිරීම, තරඟය ආදී) හෝ තමන්ගේම විශේෂය සමග (ලිංගිකවරණය, තරගය ආදී) අන්තර් කි‍්‍රයාවන්ය. ඇතැම් ක්ෂුද්‍ර පරිණාමීය කි‍්‍රයාදාමය පරම්පරා කිහිපයක් ඇතුළත සිදුවිය හැකි නිසා ඒවා බොහෝ විට ස්වාභාව ධර්මය තුළ හෝ පර්යේෂණාගාරයකදී නිරීක්ෂණය කළ හැකිය. ක්ෂුද්‍ර පරිණාමයේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ වඩාත් යෝග්‍ය නිදර්ශනයක් ලෙස කෘමීන් ඉක්මනින් කෘමිනාශකවලට ප‍්‍රතිරෝධය දැක්වීම පෙන්වා දිය හැකිය.

සාමාන්‍යයෙන් මහ පරිමාණය සෘජුව  නිරීක්ෂණය කළ නොහැක. ඊට  හේතුව මහාපරිමාණමය සිදුවීමට විශාල කාලයක් ගතවීමයි. එසේ වුවද ඇතැම් අවස්ථාවල මහාපරිණාමය පර්යේෂණාගාරය තුළ දැක ගත හැකි වී තිබේ. කෙසේ වෙතත් මහා පරිණාමීය අධ්‍යයන,  ෆොසිල සාක්ෂ්‍ය තුලින් මතු කර ගන්නා තාර්කික නිගමන, වංශ ප‍්‍රවේණික ජූනි සංයෝජනය සහ ක්ෂුද්‍ර පරිණාමීය රටාවන්ගෙන් බිහිතැන් සෙවීම (අනුමානයන් සැකසීම* මත රඳා පවතී. බොහෝ විට මහාපරිමාණයේ අවධානය විශේෂ ප‍්‍රාප්තියටයි. කලින් අන්තර් අභිජනනයේ යෙදුන ජීවීන් කණ්ඩායම් එකිනෙකා සමග සංසර්ගයේ යෙදී සරු ජනිතයන් නිපදවීම සඳහා නොහැකිවීම (හෝ අකමැති වීම*

නූතනයේ පාරිසරිකමය ගැටලූ සම්බන්ධයෙන් යම් තාර්කික නිගමනවලට එළඹීමේ මාර්ගයක් ලෙස සලකා පරිසර විද්‍යාඥයන් මහාපරිමාණමය ගැන උනන්දු වෙනවා විය හැකිය. ප‍්‍රාග් ඓතිහාසික දේශගුණික දත්තයන්,  ෆොසිල හරහා ලබාගත් විශේෂ ප‍්‍රාප්තියේ හෝ නෂ්ට ප‍්‍රාප්තියේ රටා සමග එක්කාසු කිරීමෙන් සමකාලීන සත්ව හා ශාක විශේෂ අද දින  ගත කරන්නේ කෙසේද අනාගතය කෙසේ ගත කරාවිද යන්න අවබෝධ කරගැනීමට විද්‍යාඥයන්ට  හැකිවේ. කවච තනන සාගර අපෘෂ්ටවංශිකයන්ගේ(foramifera) ෆොසිල වාර්තා වසර මිලියන සිය ගණනකට පෙර සාගර අම්ලතාවයෙහි (pH) අගයන්හි දත්ත සමග එකට එක් කිරීමෙන් අතීතයේ සාගර අපෘෂ්ටවංශික සතුන්ගේ  විවිධාංගීකරණය වීම හා  නෂ්ටප‍්‍රාප්තවීම කෙරෙහි සාගර අම්ලීකරණයෙහි බලපෑම දැක ගත හැකිවේ. මෙම දත්ත මගින් නූතන සමහර අම්ලිකරණ රටා ආකෘතිගත කර වර්තමානයේ සහ අනාගතයේ සාගර සත්වයන් කෙරෙහි බලපෑම් පුරෝකතනය කිරීම ද  ඇරඹිය හැකිය.

Nature ScienceEducation(Learn Science at Scitable) හි පළවූ  Evolution Is Change in the Inherited Traits of a Population through Successive Generations යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: