විදු නැන නුවණ – Science Literacy for All

ප‍්‍රථමයෙන් පැමිණියේ කිකිළියද? බිත්තරයද?

Image result for aristotle

මෙය අසා නිම නොවන ප‍්‍රශ්නයක් ලෙස සලකන්නත් පුළුවන්. සෑම පරම්පරාවකම අය මෙය අසා තිබෙනවාට සැකයක් නැත. ඇත්තටම මේ ප‍්‍රශ්නය, ප්ලේටෝගේ (කි‍්‍ර.ව. 46 පමණ සිට 120)  කාලයට හෝ ඉන් ඈතට ඇරිස්ටෝටල්ගේ(ක්‍රි.පු. 384–322) කාලයට තරම් ඈතට           දිව යන්නක්. ඇරිස්ටෝටල් මේ ප‍්‍රශ්නයට පිළිතුරු මග හැරියේ කිකිළිය මෙන්ම බිත්තරයද දිගටම පවතින්නට ඇති බව නිගමනය කරමිනි. ප්ලාටෝ වගේම ඇරිස්ටෝටල්ද විශ්වාස කළේ පෘථිවිය මත ඇති සෑම දෙයක්ම එහි සත්තාව හෙවත් පැවැත්ම ප‍්‍රථමයෙන් ප‍්‍රාණේන්ද්‍රියෙ තිබුණ බවයි.

විද්‍යාවේ හා ඉංජිනේරු ශිල්පයේදී මේ තත්ත්වය හඳුන්වනු ලබන්නේ චක්‍රීය සමුද්දේශය (circular reference) යනුවෙනි. මෙහිදී දැක්වෙන පරිදි පරාමිතියක් ගණනය කිරීමට නම් එම  පරාමිතිය දැන සිටිය යුතුය. වෙන වචනවලින් කියතහොත් යම් දෙයක් ගණනය කිරීමට නම් කෙනෙකු ඒ යම් දෙය දැන සිටිය යුතුය. ඇල්බට් අයින්ස්ටයින්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස බොහෝ විට හඳුන්වා දෙනු ලබන සුප‍්‍රකට තාරකා විද්‍යා භෞතිකඥ ස්ටීවන් හෝකින්ස් තර්ක කරන්නේ කිකිළියට පෙර බිත්තරය පැමිණි බවයි. හෝකින්ස් සිය නිසඟ ශක්තිය තුළම දාර්ශනිකයෙකු ලෙස සැලකේ. එසේ වුවද, ඔහු කි‍්‍රස්ටෝපර් ලන්ගන් ගේ (Christopher Langan- – විශ්වය පිළිබඳ ප‍්‍රජානන සෛදාන්තික ආකෘතිය වැඩි දියුණු කරනු ලැබුවේ ඔහු විසිනි)  අනුගාමිකයෙකි. දෙදෙනාගේම බුද්ධිඵලය(IQs) 200 ට  ළං වෙන බව සැලකේ. මුලින් ආවේ කුමක්ද?  යන ප‍්‍රශ්නය ගැන යොමුවද්දී ලන්ගන්  කිකිළිය හා බිත්තර ප‍්‍රශ්නය ගැන The Art of Knowing නම් ග‍්‍රන්ථයේ දාර්ශනික ලිපි  මගින් සාකච්ඡා කර ඇත.

වාචාර්ථයෙන්  බයිබලය අර්ථ විග‍්‍රහ කරද්දී කිකිළිය එන්නේ බිත්තරයට පෙරයි. උත්පත්ති කතාවෙන් කොටසක් උපුටා දක්වන්නේ නම් ‘තවද දෙවියන් වහන්සේ ඔවුනට ආසිරි පතමින් ‘බෝවී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත්වා!’ කියාද, ‘පක්ෂීහු පොළොවේ බෝවෙත්වා!’ කියාද පැවසු සේක. (උත්පත්ති 1:22).  හින්දු ධර්මය හා බුද්ධ ධර්මය සලකන්නේ කාලය, චක‍්‍රයක් ලෙසිනි. එහි අදහස නම් සදාතනයේ දී මුලක් නැත යන්නයි. කාලය චකී‍්‍රයයි. මැවීමක් නොමැත. එහෙන් බිත්තරයවත්, කිකිළියවත් මුලින් පැමිණියේ නැත.

ප්‍රස්තුත ප්‍රශ්නයට අදාළව දැක්වෙන තවත් තර්කයකි මේ: කිකිළියන් පහළ වූයේ කිකිළියන් නොවන දේවල DNA හි කුඩා වෙනස්කම් හෙවත් විකෘතීන් හරහායි. මුල්ම සැබෑ කිකිළියට පෙර කිකිළි නොවන දේ විය. බිත්තරය තුළ තැන්පත්ව තිබූ සෛලවල, DNA විපර්යාසයන් ඇති විය. ඒ අනුව ප‍්‍රථමයෙන් පහළවූයේ බිත්තරයයි.

2010 ජුලි මාසයේ දී සුපිරි පරිගණකයක් යොදා ගනිමින් අවසාන මෙන්ම තීරණාත්මක පිළිතුරකට එළඹීමට හැකි විනැයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ කියා සිටියහ. කිකිළිය තුළ බිත්තර කටුව  නිපදවීම වේගවත් කිරිමට අවශ්‍ය වන ovocleidin-17 නම්  ප්‍රෝටීනය හඳුනා ගැනීමට ඔවුහු සමත් වූහ. පැය 24 කින් බිත්තරය ලෑමට සූදානම්ය. කිකිළියක් නැතුව බිත්තරය නිපදවිය නොහැක. එලෙස මේ ප‍්‍රශ්නය සදහටම විසඳේ. මුලින් පහළ වුණේ කිකිළියයි.

එහෙම නම් ප‍්‍රථමයෙන් පැමිණියේ කිකිළියද? බිත්තරයද? යන ප්‍රශ්නයට පිළිතුර  මුලින් පහළ වුණේ කිකිළිය යනන්නයි. ඔබ සිතන්නේ කුමක් ද?

ASK A SCIENCE TEACHER: 250 Answers to Questions You’ve Always Had About How Everyday Stuff Really Works(2013) හි පළවූ  Which came first, the chicken or the egg? එනම්  166 කොටස ඇසුරෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: