විදු නැන නුවණ – Science Literacy for All

උල්කා, ධූමකේතු හා ග‍්‍රහක කෙතරම් නම් විපත්තිදායකද ?

පෘථිවිය මත උල්කා (meteors)  ධූමකේතු (comets) සහ ග‍්‍රහක (asteroids)         සංඝට්ටනය හෙවත් හැප්පීම මූලික වශයෙන් ගත් කළ අහඹු සංසිද්ධින්ය. එසේ වුවද ඒවා කොපමණ නිරන්තර භාවයකින්  සිදු වන්නේ ද යන්න ගැන විද්‍යාඥයන්ට යම් අවබෝධයක් ඇත. ස්ථානික විනාශයන් සෑම අවුරුදු දෙසීයකට (පමණ) වරක් සිදුවන අතර එය එක්තරා අන්දමකට ජලකර බෝම්බයකට සමානය. (බියවීමට දෙයක් නැත. මන්ද, මෙලෙස බැලූවොත් ඊළඟ විනාශකාරී සංසිද්ධිය ඇතිවිය යුත්තේ ක‍්‍රි:ව:2108 දී පමණ නිසාවෙනි). අවසාන වරට මෙවැනි සංසිද්ධියක් ඇති වූයේ 1908 දීය. ඒ, සයිබීරියාවේ ටුන්ගුස්කා නදිය ආසන්නයේ දීය. මෙවන් සංසිද්ධියක දී විපතට පත්වන්නන්ගේ සංඛ්‍යාව තීරණය වන්නේ ගැටුම හෙවත් ඝට්ටනය සිද්ධවන තැන අනුවය. මේ ප‍්‍රමාණයේ වස්තූන් සාමාන්‍යයෙන් පොළොවට පතිත වීමට කළින් අහසේ දී පුපුරා යන්නේ ජලකර බෝම්බයක ආකාරයෙනි. මෙවැන්නක් මහ පුරවරයකට කඩා වැටුණොත් ඉන් විපතට පත්වන සංඛ්‍යාව මිලියනයකට ආසන්න විය හැකිය. අනෙක් අතට ටුන්ගුස්කා සිද්ධියේ දී විපතට පත් වූයේ එක් අයෙකි. (කිසිවකු නැතැයි ද සමහර වාර්තාවල දැක්වේ. එක් අයෙකු යන්න වඩාත් ප්‍රකට පිළිගැනීමයි). සංඝට්ටනයක් මුහුදේ දී සිදු වුවහොත් සුනාමියක් නිර්මාණය කෙරෙන අතර අහළ පහල මුහුදු බඩ ප‍්‍රදේශවල සැලකිය යුතු විනාශයක් ස්ථීරවම සිදුවේ. මෙවන් සිද්ධි වලින් සාමාන්‍යයෙන් ආවාට ඇති නොවන අතර සාමාන්‍යයෙන් මේවා ඇති වන්නේ මීටර 100 ක පමණ ග‍්‍රහකයක් හෝ ධූම කේතුවක් මගිනි.

වඩාත් කුඩා වස්තුවක් (මීටර 20 ක පමණ විශ්කම්භයක් සහිත එකක්) රුසියාවේ,      චෙල්යබින්ස්ක් ඔබ්ලාස්ට් වලදී ගැටුණු අතර 1000 ට වැඩියෙන් හිංසාවට පත් වූහ.එහි දී  බොහොමයක් තුවාල සිදු වූයේ නිවස තුළ සිට ගිනිබෝලය දෙස ජනේලයෙන් බලා සිටිද්දී, පිපිරීමෙන් ජනේල විනාශව ගොස් එලෙස බලා සිටින්නන් වෙත කැබලි වැදීමෙනි. වාසනාවකට මෙන්, චෙල්යබින්ස්ක් ඝට්ටනයෙන් මරණ කිසිවක් වාර්තා නොවීය.

කලාපීය විනාශයක් සිදුවන නිරන්තරභාවය සාපේක්ෂව අඩුය. එවැන්නක් සෑම වසර 100,000 කට වරක් වාගේ ඇතිවන අතර මධ්‍යම ප‍්‍රමාණයේ දනව්වකට පමණ වන ප‍්‍රදේශයකට විපත් පමුණුවයි. අප දැන හඳුනාගෙන ඇති එවැනි සිද්ධියක් වසර 700,000 කට පෙර අග්නිදිග ආසියාවේ ඇතිවිය. මෙවැනි සිද්ධිවලට සම්බන්ධ වන්නේ, කිලෝමීටරයක් පමණ වන ග‍්‍රහක වන අතර එවැනි ඝට්ටනයකින් හරහට කිලෝමීටර් දශ ගණන් වන  ආවාට බිහි කරයි.

ගෝලීය වශයෙන් විනාශයන් සිදුවන්නේ සෑම වසර මිලියන 10 කට අඩු නිරන්තරභාවයකිනි. එවැන්නකට කිලෝමීටර 10ක ග්‍රාහකයකින්  ඇතිවන සංඝටනයක් සම්බන්ධ අතර ඉන් සෑදෙන ආවාටය කිලෝමීටර 100 ට වැඩිය. ඩයිනසෝරයන්ගේ සහ සමකාලීන අනෙකුත් සතුන්ගේ නෂ්ටප‍්‍රාප්තිය උදා කල K/T extinction event ලෙස දැක්වෙන ක්‍රිටෙසිය-භූ විද්‍යා තෘතිය යුග(Cretaceous–Tertiary extinction) හෙවත් මෙසෝසොයික යුගයේ අවසන ඛටිකාමය හෙවත් ක්‍රිටෙසිය සමයේ ඇතිවූ සංසිද්ධිය වැටෙන්නේ මෙම ගණයටය. සිදුවන විනාශයෙහි ප‍්‍රමාණය රඳා පවතින්නේ ඝට්ටනය හේතුවෙන් ඇතිවන ආවාටයෙන් පිටතට විසිවන හෙවත් නිස්සාරණය වන පාෂාණවල ගුණ ලක්ෂණ මතය. ආම්ලිය රසායන වායුගෝලයට මුදා හැරෙන්නේ නැතිනම් එවැනි ඝට්ටනයකින් වුව සමූහ නෂ්ටප‍්‍රාප්තයක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු නොවේ. ඒ කොහොම වුණත් එවැන්නක්  අද සිදු වුවහොත් ඉන් මියයන හෝ තුවාල ලබන මිනිස් සාමාජික සංඛ්‍යාව බිලියන ගණන් වේවි.

Tunguska event

කලාපීය හෝ ගෝලීය මට්ටමේ මහා විනාශයක් නුදුරු අනාගතයේදී ම(ඉදිරි ශත වර්ෂ දෙකක් වැනි කාලයක) සිදුවීමේ ඉඩකඩ අඩුය. කිලෝමීටර 1 ට වඩා විශාල වන, පෘථිවි ආසන්නයේ (near Earth) ග‍්‍රහක වැඩි කොටස විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇති අතර ඉන් එකක්වත් පෘථිවිය දෙසට එන බවක් නොපෙනීම ඊට හේතුවයි. කිසියම් නිශ්චිත වර්ෂයක් තුළ ස්ථානගත ඝට්ටනයක් ඇතිවීමේ හැකියාව ප‍්‍රතිශතයකට අඩුයි. එම නිසා කිසියම් නිශ්චිත ස්ථානයකට හෝ වේලාවක ඇති අවදානම ද පහළයි.

පොළොව මතට කඩා වැටෙන කුඩා උල්කාෂ්ම(smaller meteorites) සලකන විට ඒවායේ හානිකර තත්ත්වය ඉතා පහළය. (උල්කාෂ්ම කියන්නේ වායුගෝලය පසාරු කරගෙන ඒමට තරම් විශාල උල්කාය).  කුඩා උල්කාෂ්මයකින් මිනිසෙකු මියගිය බව කිසිදිනක වාර්තා වී නැත. 1911 ඊජිප්තුවේ  නඛලා හී දී උල්කාෂ්මයක් වැටී බල්ලෙකු මිය ගිය බවක් වාර්තා වේ. භෞතික දේපොළ වලට හානි සිදු වූ අවස්ථා ද වාර්තා වී ඇත. එසේ වුවද, ගමනාගමනයෙ දී සිදුවන , (පරිසර) දූෂණයෙන් හා අකුණු කෙටීම් වලින් පවා සිදුවන හානි, කුඩා උල්කාෂ්මවලට වඩා අන්තරදායකයි.

Ask an Astronomer(Cornell University) හි පළවූ How hazardous are meteors, comets & asteroids? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: