බුද්ධිමය වශයෙන් අප උච්චතම අවස්ථාවකට පත්වන්නේ කුමන වයසකදී ද? එතකොට වයසත් සමග එන ප්‍රඥාව හා අත්දැකීම් කෙබඳුද? වයස අවුරුදු විසිගණන්වලදී ද? අපේ ඥානන හැකියාව සහ විශේෂඥ ඥානය අතර යෝග්‍ය සමතුලිතතාවක් ඇතිකර ගැනීමට අපට හැකිවන්නේ කුමන වයසකදී ද?
හැබැයි, මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් දිය හැකි නම් එවැන්නෙකුට ඇත්තටම නොබෙල් ත්‍යාගයක් වුව හිමිවිය හැකිය. අපේ බුද්ධිය උච්චතම අවස්ථාවකට පත් වන්නේ වයස අවුරුදු විසි ගණන්වල දී යයි කෙනෙකු සිතෙන්නට පුළුවන. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විශේෂ සාපේක්ෂතාවාදය පිළිබඳ සිය මතය ඉදිරිපත් කරන විට ඔහුගේ වයස අවුරුදු 26 ක් පමණකි. එහෙත් ඇත්තටම අප වඩාත්ම බුහුටි වයස අවුරුදු 20 ගණන් වලදී ද?
අවිනිශ්චිත බුද්ධිය හා නිශ්චිත බුද්ධිය
ජිවිතයේ කිසියම් අවස්ථාවක දී අපේ ඥානන හැකියාවන් පහළවැටීමට නියමිත බව මඟහැරිය නොහැකි හෙවත් අනිවාරණීය කාරණාවකි. අල්මාරිය අඟුලූ දමා වසා යතුර තිබූ තැන මතක නැතිවීම එහෙමත් නැතිනම් කලින් අකුරක් නෑර කීමට හැකි වූ අතීත සිද්ධියක යම් යම් කොටස් අමතකවීම ආදී වශයෙන් එදිනෙදා ජිවිතයේ සුළු සුළු දේ මතකයේ රඳවා ගැනීමත් කලක දී දුෂ්කර වේ. කෙසේ වෙතත් අපේ බුද්ධිය බහු මුහුණුවරක් ගැනීම අරුමයක් නොවේ. අප සතුව චලිත බුද්ධිය(fluid intelligence) පවතී. ඒ කියන්නේ ක්ෂණිකව කල්පනා කිරීමට, නව ප්‍රශ්න විසඳීමට මෙන්ම රටා හඳුනා ගැනීමට අපට ඇති හැකියාවයි. තවද, අප සතුව නිශ්චිත බුද්ධියද ඇත. මනෝ විද්‍යාඥයන් විසින් එය හඳුන්වනු ලබන්නේ පළිඟුපේන බුද්ධිය(crystallized intelligence) ලෙසය. ඉන් පිළිබිඹු වන්නේ අපේ දැන උගත්කම සහ අපේ වටපිටාව සමග සබඳකම් දැක්වීමට ඇති හැකියාවයි. බුද්ධියෙහි මෙම ස්වරූප දෙක අපේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී උච්චවෙතැයි සැලකේ.
ඇත්ත වශයෙන්ම Psychological Science සඟරාවේ පළ කෙරුණු මෑතක අධ්‍යනයක් අනුව හාවඞ් සහ MIT හෙවත් මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් සොයා ගත්තේ පළිඟුපේන බුද්ධිය විවිධ වයස්වලදී උච්චවන බවයි. ඊටත් අමතරව, අපගේ මොළයේ හැකියාවන් බොහොමයක් පවා කුළු ගැන්වී තිබෙන්නා වූ ‘අහවල්’ වයසක් නැති බවද පර්යේෂකයෝ හෙළිකර ගත්හ. ජොෂුවා හාට්ෂොන් සහ ලෝරා ජර්මයින් විසින් මෙහෙයවනු ලැබූ මෙම අධ්‍යයනය සඳහා අරමුදල් කොටසක් සපයන ලද්දේ (ඇමරිකා එක්සත් ජනපදයේ) ජාතික සෞඛය ආයතනය සහ ජාතික විද්‍යා පදනමයි. අධ්‍යයනය සඳහා ඔවුන් මාර්ග ගතව(online) ඕනෑම කෙනෙකුට සහභාගිවිය හැකි ඥානන කී‍්‍රඩා සහ පරීක්ෂණ පෙළක්ම යොදා ගනු ලැබීය. මෙසේ පහසුවෙන් පර්යේෂණයට සහභාගිවීමට අවස්තාව සලසාදීම වයස් පරාස ගණනාවක සහභාගිවන්නන් වැඩිපිරිසක් එකතුකර ගැනීමට බලපෑ ප්‍රබල සාධකයක් විය. මේ අන්දමට නව පර්යේෂණයේ සුවිශේෂත්වයෙහි පදනම එය විය.
මේ ආකාර පර්යේෂණවල යෙදෙන්නක් දන්නා පරිදි, උසස් අධ්‍යාපනය ලබන වයස ඉක්ම වූ එහෙත් විශ්‍රාම යාමට පෙරාතු වයසේ පසුවන අය (වෙනත් ආකාරයට දක්වන්නේ නම්, වයස අවුරුදු 25 ත් 65 ත් අතර අය) පරීක්ෂණ සඳහා පර්යේෂණාගාර වෙත යාම අවශ්‍ය වන්නා වූ අධ්‍යයන සඳහා සහභාගිවීමට කැමති එමෙන්ම ඒ සඳහා හැකියාවද ඇති අය සොයාගැනීම බෙහෙවින් අභියෝගාත්මකය. මෙම මාර්ග ගත අධ්‍යයනය සඳහා එහි ප්‍රථම වර්ෂ කිහිපය තුළ දළ වශයෙන් මිලියන 3 ක ජනතාව සහභාගි වූහ. මොවුන් අතර සෑම එක් එක් තනි පරීක්ෂණයකටම 50,000 ක් පමණ සිටියහ. හාට්ෂොන් සහ ජර්මයින් දෙදෙනා බොහෝ කලකට පෙර සිදු කරන ලද කුඩා අධ්‍යයනවල ප්‍රතිඵල සිය සොයා ගැනීම් හා සන්සන්දනය කළ අතර එහිදී ඔවුන්ට පෙනී ගියේ අන්තර් ජාලය පදනම් කරගෙන ඔවුන් සිදුකළ අධ්‍යයන ප්‍රතිඵල එකී කුඩා මට්ටමේ අධ්‍යයනවලින් තහවුරු වූ බවයි.
Scientific American හි පල වූ When Does Your Intelligence Peak? යන ලිපිය ඇසුරෙනි