විදු නැන නුවණ – Science Literacy for All

ඩයිනසෝරයන් සමග ජීවත් වූ අද සිටිනා සත්තු

ඩයිනසෝරයන් මේ මිහිතලය මත ජීවත් වූයේ මෙයට වසර මිලියන 65 ක සිට 248 ක කාලයකට පෙරය. ඩයිනසෝරයන් පෘථිවියෙන් නෂ්ටප‍්‍රාප්තව ගිය පසුවත් එකල උන් සමග සිටි විශේෂ සමහරක් අදටත් පවතී යයි සිතීම තර්කානුකූලය. එහෙත් ඒ කුමන සතුන් ද? සමහරුන් විශ්වාස කරන්නේ එවැනි සතුන් බොහොමයක් ඇති බවයි. එහෙත් එවැනි සතුන් කිසිවකුත් නැතැයි සමහරු කියා සිටිති.

එකල ජීවත් වූ සතුන් අද සිටින්නට නොහැකි බව කාට වුවත් පැහැදිලිය. එහෙත් ඒ මහා නෂ්ටප‍්‍රාප්තයෙන් ගැලවුණු  ඒ කාලයේ ජීවත්වූ ආදිතමයන්ගෙන් පැවත එන ඇතැම් විශේෂ අදටත් මිහිතලයෙහි සරන බවට  ඕනෑ තරම් විද්‍යාත්මක සාක්ෂි තිබේ.

පක්ෂීන් හා උරගයින්

සොයා ගනු ලැබ ඇති ආදිතම පක්ෂී ෆොසිල වසර මිලියන 150 ක් පමණ පැරණිය. ඒවා බොහෝ අංග වලින් සමාන කමක් දැක්වූයේ උරගයෙකුටය. පක්ෂීන් ඩයිනසෝරයන් සමග එකට ජීවත් වූ බව මින් මනාව ඔප්පු වේ. ඒ ආදිතම ෆොසිලය අයත් වන්නේ Archaeopteryx    නමින් හඳුන්වනු ලබන කණ්ඩායමේ ගණයටය. ඒ සතාට නූතන පක්ෂියෙකු මෙන් පිහාටු තිබිණ. මේ වර්ගයේ මුල්ම ෆොසිලය සොයා ගැනුණේ 1860 ආසන්නයේදීය. සොයා ගැනුණු මුලු ෆොසිල සංඛ්‍යාව හතකි; ඉන් හයක සැකිලි කොටස්  සහ තනි පිහාටුවක් තිබිණ.  ෆොසිල වලින් හයක්ම සොයා ගනු ලැබුයේ දකුණු දිග ජර්මනියේ හුණුගල් තට්ටු මත තිබීය. වඩාත්ම හොඳින් සංරක්ෂිත ෆොසිලයේ සම්පුර්නම සැකිල්ල පාහේ කාවැදී  තිබුණා පමණක් නොව පිහාටු, අත්තටු මෙන්ම වලිගය පවා තිබේ.

1988 දී ජර්මනියේ පෞද්ගලික එකතුවක තිබී Archaeopteryx  සතෙකු සොයාගත හැකි විය. එය  කුඩා theropod  ඩයිනසෝරයෙකුගේ යයි වැරදියට උපකල්පනය කෙරුණකි. Archaeopteryx ට දත් ද, දිගු සිරුරක් හා උරගයන්ට මෙන් වලිගයක් ද තිබිණ. 1992 දී විද්‍යාඥයන්ට Archaeopteryx  පසුව ආ (විරුද්ධ පක්ෂීන් යන තේරුම සහිත) enantiornithines  හමුවිය. නූතන පිහාඹන පක්ෂීන් සතු දිගු වලිගා පිහාටු වැනි අංග බොහොමයක් මොවුන් තුල  පරිණාමය වී තිබුණත් ඔවුනට ද දත් තිබිණ.

ඊළඟට වඩාත්ම හොඳින් සංරක්ෂිත ෆොසිල වසර මිලියන 90 ක් පැරණිය. ඒවා අතර Hesperomis සහ Ichthyornis විශේෂ විය. මේ විශේෂ දෙකම අද මැද බටහිර ඇමරිකා එක්සත් ජනපදය ලෙස හඳුන්වනු ලබන ප‍්‍රදේශයේ එකල ජීවත් වූ ජලජ පක්ෂීන්ය. විශේෂ දෙකම බොහෝ විට ආහාරයට ගන්නට ඇත්තේ මාළුන්ය. ඔවුනට(විශේෂ දෙකට) ද දත් තිබෙන්නට ඇත. එකල එම ප‍්‍රදේශයේ වැඩි කොටස මුහුදින් යටවී තිබුණි. Hesperomis පියැඹීමට නොහැකි පක්ෂියෙකු ලෙස සැලකුණ අතර මුහුදේ ගැඹුරේ කිමිදීමට හැකියාව තිබුණි. පෙනුමෙන් දියකාවන් විශේෂ සිහි ගැන්වීය. Ichthyomis පියැඹීමට හැකි වූ අතර මුහුදු ලිහිණි බඳු විය. මේ ආදී සාක්ෂි අපට කියා පාන්නේ අද සිටින පක්ෂීන් පක්ෂී සමාන  උරගයෙකුගේ උප විශේෂ විය හැකි බවයි.

මත්ස්‍යයන්

මත්ස්‍යයන් ලොව පහළ වූයේ ඩයිනසෝරයන්ට වඩා වසර මිලියන ගණනාවකට කලිනි. ඔවුන්  ඔස්ට‍්‍රකොඩර්ම් (Ostracoderms ) යනුවෙන් හැඳින්වින. මුලින්ම ලොව දක්නට ලැබී ඇත්තේ වසර මිලියන 500 කට පමණ ඉහත දීය. ඊළඟට ඩයිනසෝර යුගයේ දී ඔවුන් දියේ පීනූ අතර ඩයිනසෝරයන් සමග එක කාලයේ ජීවත් වූහ. ඔවුන් මුල්ම මත්ස්‍යයන් වූවා පමණක් නොව පිට කොන්දක් සහිත ප‍්‍රථම සත්වයන් වූහ. මත්ස්‍ය යුගය හැඳින්වෙන්නේ ඩෙවෝනියානු සමය (Devonian Period) ලෙසය. එය දළ වශයෙන් මෙයට වසර මිලියන 410 ට පෙර ආරම්භ වූ අතර මත්ස්‍යන් කැපී පෙනෙන ආකාරයෙන් වර්ධනය වූයේ මේ සමයෙහි දීය. අද අපට සීලකැන්තයා (පොසිල් මගින් පළමුව හඳුනාගත් මැඩගස්කරය ආශි‍්‍රතව ජීවත්වන මත්ස්‍යයෙක් ) දෙස බලා මත්ස්‍යයන් ඩයිනසෝර යුගය පුරාවටම ජීවත් වූ බවට තිරසර සාක්ෂ්‍ය ගෙන හැර පා හැකිය.  ඔවුහු Sarcopterygians

ලැම්ප්‍රෙයා

 

සහ Actinopterygians යන ප‍්‍රධාන කණ්ඩායම් දෙකට අයත් වූහ. අද මේ මිහිතලය මත ඉතිරිව ජීවත් වන එකම sarcopterygians මත්ස්‍යයන් අතර ඇත්තේ පෙනහළු මත්ස්‍යයන් හා සීල කැත්තයන් පමණකි. එහෙත් ගොඩබිම පෘෂ්ටවංශකයන්ගේ සමීපතම නෑයන් වන්නේ පෙනහළු මත්ස්‍යයන්ය ඩෙවෝනියානු යුගයේ පෙනෙන්නට සිටි මෝරුන් අද  අපේ සාගරවල දක්නට ලැබෙන  මෝරුන්ට බෙහෙවින් සමානය. සියළුම මෘදු හනු මත්ස්‍යයන් මුළුමනින්ම වාගේ වඳව ගියත් ව්‍යාතිරේක සත්වයන් වන්නේ අද සයුරේ සරන ලැම්ප්‍රෙයා (lampreys)  හා මද මස්සා(hagfish) යන සතුන්ය. ඩයිනසෝරයන් සමග එක් කාලයක් ජීවත් වූයේ මොවුන්ගේ මුතුන් මිත්තන්ය.

උභය ජීවීන්

ප‍්‍රාග් ඵෙතිහාසික ජීවීන් ගැන අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාඥයන් කියා සිටින්නේ උභය ජීවීන්ගේ පැරණිතම ෆොසිල හමුව ඇත්තේ ඩෙවෝනියානු යුගය අවසානය වෙන්නට යනුවෙනි. ඒ වසර 360 කට පමණ පෙරය. අද ද ඇතුවාක් සේ එකල ද තවත් බොහෝ විවිධ වර්ගවල උභය ජීවීහු සිටියහ. කාබොනිෆරස් (අංගාරධර)  යුගයෙහි ගොඩබිම විසූ වඩා වැදගත්ම පෘෂ්ටවංශිකයන් වුයේ ඔවුන්ය. මෙයට වසර මිලියන 248 සිට 65 දක්වා පැවති මිසෝසොයික (Mesozoic Era ) සමය වනතෙක් නූතන උභය ජීවීන් හමු නොවේ. ඒ කාලය වනවිට අනෙකුත් උභය ජීවීන් වඳ වී ගොස් හමාරය.  අද අප දකින කිඹුලන් හා උරගයන්ගේ ආදිතමයන් ඩයිනසෝරයන් සමග එකට වාසය කළ බව පැහැදිලිය. ඔවුන් අතර පෙනුමෙහි සමානත්වය අද්භුතය.

සාරාංශය      

ඩයිනසෝරයන්ගේ යුගයේ සිට පරිණාමය වූ උප විශේෂ තව බොහොමයක් ඇත. කැරපොත්තන් එවැන්නන්ය. මානව වර්ගයා මේ මිහිතලයෙන් අතු ගෑවී ගිය පසුවත් කැරපොත්තන් දිගටම පවතී යයි තක්සේරු කර ඇත. මේ සතුන් ප‍්‍රාණය මේ තරම් ප‍්‍ර‍්‍රබෝධමත් නම් (සාමාන්‍ය අන්දමට කියතහොත් පණ හයිය ඇත්නම්) ඔවුන් ඩයිනසෝරයන් යුගයේ ඔවුන්(ඩයිනසෝරයන්) හා ජීවත් නොවූයේ යයි කිව හැක්කේ කාට ද? බාග විට උන් අද ඉන්නා කැරපොත්තන්ට වඩා ඉතා විශාල වන්නට ඇත. එතකොට ඩයිනසෝර නෂ්ටප‍්‍රාප්තියේ දී පොළොව ඇතුලේ පහසුවෙන් සැඟ වී ගත හැකි වූ මීයන්, කොස් ඇට මීයන් සහ හික්මීයන් ද දැක්විය හැකිය. අද අප අවට සරන කෘමීන් සැලකෙන්නේ කලින් ජීවත් වූ කෘමීන්ගේ උප විශේෂ ලෙසටය. ඩයිනසෝරයන් සමග මේ මිහිතලයේ ගැවසුණු විශේෂ බොහොමයක් ගැන කියාපාන තොරතුරු අපමණ තිබෙද්දී එය නොසලකා හැර ඒ කිසිවෙකු නෂ්ටප‍්‍රාප්තියෙන් ගැලවී ගත්තේ නැතැයි නිගමනය කිරීම යෝග්‍ය නොවේ.

 

Act For Libraries (Focus on Medical, Science, Health and Wellness) හි පළවූ Information on Todays Animals that Lived with Dinosaurs යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: