විදු නැන නුවණ – Science Literacy for All

වොයේජර් නිවුන් යානාවන්ට වසර 40 සපිරෙයි

වඩාත්ම කාලයක් පැවති,  වඩාත්ම දුරක් ගමන් කළ මිනිස් අභ්‍යාවකාශ යානා වන වොයේජර් 1 සහ වොයේජර් 2  යානා පිළිවෙළින් මේ මාසයේ (අගෝස්තු 2017) සහ ලබන මාසයේ වසර හතළිහක ජීවිත කාලය සම්පූර්ණ කරයි.

මිනිස් ඉතිහාසයේ මෙතෙක් තැනූ අභ්‍යාවකාශ යානා අතුරෙන් වඩාත්ම කලක් පැවති එමෙන්ම වඩාත්ම දුරක් ගිය යානා ලෙස වොයේජර් 1 සහ වොයේජර් 2 යානා හතළිස් වසරක මෙහෙයුම් හා ගවේෂණ කාලෙඡ්දයක්  මේ අගෝස්තුවේ සහ සැප්තැම්බරයේ සම්පූර්ණ කරයි. පෘථිවියේ සිට මේ යානා දෙකම අතිවිශාල දුරක් ගමන් කර ඇත ද තවමත් අවසන් ඉම ගවේණය කරමින් දිගටම නාසා ආයතනය හා දිනපතා සන්නිවේදනයේ යෙදෙයි.

මේ යානා දෙකෙහි කතාව වර්තමාන හා අනාගත පරපුරවල විද්‍යාඥයන් මත බලපෑම් ඇති කරමින් ඔවුනට අනුප‍්‍රාණය සපයනවා පමණක් නොව මේ මිහිතලයෙහි චිත‍්‍රපට, කලා හා සංගීතය ඇතුළුව සංස්කෘතිය මත සිය සටහන් තබා ඇත. මේ යානා දෙකෙහිම, පෘථිවියෙහි ශබ්ද, චිත‍්‍ර සහ පණිවුඩවලින් සමන්විත  ස්වර්ණමය වාර්තාව බැගින් රැගෙන යනු ලැබේ. අභ්‍යාවකාශ යානය වසර බිලියන ගණනාවක් පැවතිය හැකි නිසා මෙහි චක‍්‍රාකාර කාල කැප්සියුලය යම්දාක මානව ශිෂ්ඨාචාරය පිළිබඳ ඉතිරිවන එකම වාර්තාව බවට පත් වන්නට ද පුළුවන.

Image result for NASA’s Voyager Spacecrafts

“වොයේජර්  යානා, සිය දශක හතරක ගවේෂණ කාලය තුළ අත්පත් කරගත් ජයග‍්‍රහණය හා සමවීමට කවදා හෝ හැකිවෙන මෙහෙයුම් වෙතොත් ඒ ඉතා අල්පය” යි  නාසා ආයතනයේ විද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර පරිපාලක තෝමස්  සර්බුචෙන් කියයි, “ඒවා (යානා) අප නොදැන සිටි  පුදුම සහගත දේවල් ගැන අපව දැනුවත් කර ඇතුවා පමණක් නොව අපේ සෞර ග‍්‍රහමණ්ඩලය හා ඉන් ඔබ්බට ගවේෂණය කිරීමට තවදුරටත් මානව වර්ගයාට අනුප‍්‍රාණය සපයනවා”.

Image result for NASA’s Voyager Spacecraft Still Reaching for the Stars After 40 Years

වොයේජර් යානා සිය අසමසම චාරිකාවල දී විවිධ වාර්තා රැසක් තැබීමට සමත්ව ඇත. වොයේජර් එක යානාව  අභ්‍යවකාශ ගත කෙරුණේ 1977 සැප්තැම්බර් 5 වැනි දින දිය. 2012 දී එය අන්තස්තාරීය අභ්‍යාවකාශයට ඇතුල් වූ එකම අභාවකාශ යානය බවට පත් විය. වොයේජර් දෙක  යානය ගුවන්ගත කෙරුණේ  1977 අගෝස්තු 20 වැනි දායි. එය අපේ සෞරග‍්‍රහමණ්ඩලයේ පිටත ග‍්‍රහලෝක ලෙස සැලකෙන බ‍්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හතරම  පසුකරමින් ගමන් ගත් එකම අභ්‍යාවකාශ යානයයි. ඒවායේ අනේක  විධ ග‍්‍රාහීය අභිමුඛවීමේ සිද්ධි අතර පෘථිවියෙන් පිටත ප‍්‍රථම සකී‍්‍රය යමහල බ‍්‍රහස්පතිගේ අයෝ(Io) චන්ද්‍රයා මත සොයා ගැනීම,  බ‍්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයාගෙන් උප පෘෂ්ඨයෙහි (මතුපිටට යට) සාගරයක් පිළිබඳ ඉඟියක්, සෙනසුරුගේ ටයිටෑන් චන්ද්‍රයා මත සකල සෞරග‍්‍රහමණ්ඩලයෙන්ම වඩාත් පෘථිවි සමාන  වායුගෝලය, යුරේනස්ගේ අවුල්ව ගිය අයිස්මය මිරැන්ඩා චන්ද්‍රයා, සහ නෙප්චූන්ගේ ට‍්‍රයිටන් චන්ද්‍රයා මත අයිස්මෙන් සීතල ගීසර(geysers) දැක්විය හැකිය.

යානා දෙක අපේ ග‍්‍රහලෝක  පසුකර බොහෝ දුරගොස් ඇතත්, එමෙන්ම  වෙනත් තාරකාවකට තරමකින්වත් සමීපවන්නට තවත් වසර 40,000ක් ගත වනු ඇතත් මේ යානා දෙකම අපේ සූර්යයාගේ බලපෑම හීන අන්තස්තාරීය අභ්‍යවකාශය ආරම්භයේ ඇති තත්ත්වයන් ගැන නිරීක්ෂණ තවමත් එවයි.

වොයේජර් 1  යානාව දැන් පෘථිවියේ සිට සැතැපුම් බිලියන 13ට ආසන්න දුරක් ගොස් ඇති අතර එය ග‍්‍රහලෝක තලයෙන් පිටත, අන්තස්තාරිය අභ්‍යවකාශයන් උතුරුදිග හරහා ගමන් කරයි. ආලෝකයේ වේගයට ආසන්නව ත්වරණය වූ පරමාණු  න්‍යෂ්ටි අන්තරීක්ෂ කිරණ, පෘථිවිය ආසන්නයේදීට වඩා අන්තරික්ෂ අභ්‍යාවකාශයේ සතර ගුණයකින් බහුලව පවතින බව යානාව පර්යේෂකයන්ට දැනුම් දී ඇත. මෙයින් හැඟී යන්නේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ බුබුලාකාර සූර්යතාප ගෝලය (the heliosphere) ග‍්‍රහ ලෝකවල විකිරණවලින් ආරක්ෂාව සපයන පළිහක් ලෙස කි‍්‍රයා කරන බවයි. වොයේජර් 1 ඉඟිකළේ ස්ථානීය අන්තස්තාරිය මාධ්‍යය සූර්යතාප ගෝලය වටා එතී ඇති බවයි.

දැනට පෘථිවියෙන්  සැතපුම් බිලියන 11 ක් පමණ ගොස් සිටින වොයේජර් 2 දකුණු දිගට ගමන් කරන අතර ඉදිරි වසර කිහිපය තුළ දී අන්තස්තාරීය අවකාශයට අතුල් වෙතැයි අපේක්ෂිතයි.  යානා දෙක දෙපොළක ස්ථානගතවීම නිසා මේ මොහොතේ අවකාශයේ කලාප දෙකක් සංසන්දනය කිරීමට විද්‍යාඥයන්ට අවස්ථාව සැලසී ඇත. වටවී ඇති අන්තස්තාරීය මාධ්‍යය සමග මේ කලාපවලදී සූර්යතාපගෝලය අන්තර් කි‍්‍රයා කරයි. විද්‍යඥයන්ගේ  සංසන්දනය කිරීමේදී ආරෝපිත අංශු, චුම්භක ක්ෂේත‍්‍ර, පහළ සංඛ්‍යාත රේඩියෝ තරංග හා සූර්ය සුළං ප්ලස්මාව මනිනු ලබන උපකරණ යොදා ගැනේ.  වොසේජර් යානාය අන්තර්තාරීය මාධ්‍යය පසු කළවිට  (එකිනෙකට වෙනස්) ස්ථාන දෙකක සිට එකවර මාධ්‍යය ගැන සොයා බැලීමට විද්‍යාඥයන්ට හැකිවේ.

මේ මෙහෙයුම් සැලසුම්කරුවන්ගේ දුරදක්නා නුවණ නිසා යානා යුගලයම බලාපොරොත්තු වූවාට වඩා ජයග‍්‍රාහන  අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ  දරුණුතම ග‍්‍රහයා වන බ‍්‍රහස්පතිගේ විකිරණ පරිසරයට ඔරොත්තු දෙන අයුරින් තැනූ නිසාවෙන් ඒවායේ ඉදිරි ගමන්වලට සාර්ථකව මුහුණදීමට යානාවලට හැකි විය. යානා දෙකෙහිම  දිගු කල් පවතින බල සැපයුම් ඇත. අවශ්‍ය වූ විටෙක භාවිතයට ස්වයංකී‍්‍රයව බලගැන්වෙන උපස්ථ පද්ධතියකින් ද  යුක්තයි. සෑම වොයේජර් යනාවක්ම විකිරණශීලී සමස්ථානික තාප විදුලි ජනක තුන බැගින් සමන්විතය.

අභ්‍යවකාෂය සම්පූර්ණයෙන් පාහේ හිස්ය. එහෙයින් විශාල වස්තූන් හා ඝට්ටනයවීමේ අවදානම අඩුය. කෙසේ වෙතත් වොයේජර් 1 ගමන් කරන  අන්තස්තාරීය අවකාශයෙහි වටපිටාවට සම්පූර්ණයෙන්ම හිස් නැත. එය පිරී ඇත්තේ වසර මිලියන ගණනකට පෙර අධිනවතාරාවන් ලෙස පුපුරා ගිය තාරකා වල, ඉතිරි සැර බාල  ද්‍රව්‍යවලින් සෑදුනු වලාකුළුවලිනි. මේ ද්‍රව්‍ය අභ්‍යවාකශ යානයට තර්ජනයක් එල්ල නොකළද, එය වොයේජර් මෙහෙයුමේ විද්‍යාඥයන්ට අධ්‍යයනය කිරීම හා ගතිලක්ෂණ හඳුනාගැනීම සඳහා උපකාරී වන්නාවූ වටපිටාවේ වැදගත්ම කොටසකි.

වොයේජර්  යානාවන්ට අදාළ තවත් විශේෂිත කාරණාවක් ඇත. යානා දෙකටම යොදා ගෙන ඇත්තේ 1970 ගණන්වල තිබූ තාක්ෂණයයි. දශක කිහිපයකට පෙර ලියූ විධානයන් හා මෘදුකාංග ගැන දැන ගැනීමට පැරණි ලේඛන විමසීමට හා එකල විද්‍යාඥයන්ගේ විශේෂඥතා දැනුම උපයෝගී කරගැනීමට වර්තමාන පර්යේෂකයන්ට සිදුවේ. “තාක්ෂණය හුඟාක් පරණයි. 1970 ගණන්වල සැලසුම්කළ අයගේ අවබෝධය හා දැනුම අදටත් හෙටටත් ඔබින අන්දමට යානා කි‍්‍රයාකරවීම හා යාවත්කාලීන කිරීමට අවශ්‍යයයි නාසා හි වොයේජර් ව්‍යාපෘතිය කළමනාකරු සුසෙන් ඩොඩ් කියයි. කි‍්‍ර.ව. 2030 වන විට අවසන් විද්‍යාත්මක උපකරන ක්‍රියා විරහිත කිරීමට සිදුවෙතැයි ව්‍යාපෘති කණ්ඩායමේ සාමාජිකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් යානා දෙක දැනට ඒවා ගමන්මගෙහි සරමින්,  සෑම වසර මිලියන 225 කට වරක්  ක්ෂිර පථය මන්දාකිණිය ඇතුළත කක්ෂගත ගමන් වටයක් සම්පූර්ණ කරනු ඇත.

NASA Jet Propulsion Laboratory හි පළවූ  NASA’s Voyager Spacecraft Still Reaching for the Stars After 40 Years යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: