රියන කියන මිම්මට පදනම කුමක්ද?

Posted by

ඒ ප‍්‍රශ්නයට පිළිතුරු සොයන අතරවාරයේ අපි මේ ගැන ටිකක් හිතා බලමු. මිනුම් ඒකක සාමාන්‍යයෙන් පදනම් වී ඇත්තේ ස්වාභාවික ප‍්‍රමාණය හෝ තරම (විශාලත්වය) මතයි. කිලෝග‍්‍රෑමය මුලින්ම විග‍්‍රහ කෙරුණේ අයිස් ද්‍රවාංක උෂ්ණත්වයේ දී ආසුත ජලය ඝන ඩෙසිමීටරයක බර ලෙසකි. එහෙත් ප‍්‍රායෝගික කාරනාවලදී මෙම ස්කන්ධයේ ප්ලැටිනම් – ඉරිඩියම් මිශ‍්‍ර ලෝහ කුට්ටි සම්මුදේශ කිලෝග‍්‍රෑම් ලෙස යොදා ගැනින.

බාගවිට වඩාත්ම ස්වාභාවික මිනුම් ඒකකය වන්නේ පාදයයි. හැබැයි අඩියක්  දිගැති පයක් තිබෙන අය අද සිටින්නේ ඉතාමත් ස්වල්පයකි. වර්තමානයේ මානවයෙකුගේ පාදය එක්සත් රාජධානියේ 13 සපත්තු  ප‍්‍රමාණයට (ඇ.එ.ජ.යේ 14), යුරෝපා සංගමයේ 47ට  සමානය. හොඳයි, දැන් අපි බලමු රියනට පදනම කුමක්ද කියලා.

රියන යනු පුරාණ කාලයේ පොදුවේ දක්නට ලැබුණු මැද ප‍්‍රමාණයේ මිම්මකි. සිරුරේ කොටසක් සම්මත මිම්ම ලෙස යොදා ගැනීමෙන් උපකරණයක හෝ වෙනත් මෙවලමක උපකාරය නැතුව මිනුම් සිදුකර ගැනීම පහසු විය. සිරුර පදනම් කරගත් තවත් මිමි සාම්ප‍්‍රදායානුකූල මිනුම් පද්ධතියේ තිබුණත්, මෙටි‍්‍රක් ක‍්‍රමය කරළියට ඒමත් සමගම ඒවා සියල්ල ඉවත දමනු ලැබ ඇත. ඉතින් අප නිදසුනක් ගෙන බැලූවොත් ‘inch’ යන ඉංගී‍්‍රසි වචනය (අඟල) සෑදී ඇත්තේ ලතින් භාෂාවෙන් දොළහෙන් එකක් යන්න දැක්වීමට වුවද බොහෝ භාෂාවල එය සමරූපී වූයේ මහපට ඇඟිල්ලට යෙදෙන වචනයටයි. ඒ අනුව එය මුලින් සැලකුණේ දළ වශයෙන් වැඩිහිටි පිරිමියකුගේ මහපට ඇඟිල්ලක පළලට සමානයයි යනුවෙනි.

‘රියන’(cubit) යන්න මධ්‍යකාලීන සමාජයේදී ell යනුවෙන් නම් කෙරුණු අතර ඒ කාලයේ යුරෝපයේ දී රෙදි මැනීමේ ඒකකයක් ලෙස බහුලව යොදා ගනු ලැබීය. ell යන්නටත් පාදක වූයේ ශරීරයේ කොටසක්ය. එලෙස අත යොදා ගැනුනේ  පැහැදිලිවම පහසුව තකාය. කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ ශරීරය පදනම් කරගත් මෙවැනි  මිනුම් ගැටලූ මතුකිරීට තුඩු දුන්නේ පුද්ගලයන් විවිධ ප‍්‍රමාණයන් හා විවිධ හැඩයන්ගෙන් යුක්ත වන හෙයිනි. මේ නිසා එවැනි මිනුම්  කෘෂිකර්මාන්තයේ දී පැළ අතර පරතරය මැනීමට යෝග්‍ය විය හැකි වුවත් යම් නිෂ්පාදනයක් අලෙවි කිරීමට හෝ ගණිතය සඳහා නම් නිශ්චිත මිනුම් අවශ්‍ය වන  බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඒ කොහොම වුණත්ඒ ආකාරයට සම්මතයක්  ඇති කර ගත් විට පවා  — නිදසුන් ගතහොත්, ell කියන ප‍්‍රමාණය මැනීමට නම් ellකොදුවක් යොදාගැනීම දැක්විය හැකියි —  සම්මුතිය නැතිනම් ප‍්‍රමිතිය තැනින් තැනට වෙනස්වීම හේතුවෙන් ඇතිවුනේ අවුල් සහගත තත්ත්වයක්. මෙය උදාහරණයක් මගින් තවත් පැහැදිලි කර ගමු. ආකිමිඞීස් The Sand Reckoner  නම් සිය කෘතිය විශ්වයේ ප‍්‍රමාණය පිළිබඳ තක්සේරුවක් සඳහා උපයෝගී කරගන්නේ stade වලින්. (මීටර් 185 ක් පමණ දිග මැනුම් ඒකකයක්).  මෙහිදී ආකිමිඩිස් යොදාගත් ඒකකයට පදනම් වුනේ ගී‍්‍රක ධාවන පථයක්. එහෙත් (අද  අප ස්ටේඩියම් යනුවෙන් හඳුන්වනු ලබන) ක්‍රීඩාංගන ධාවන පථ පුරවරයෙන් පුරවරයට වෙනස් විය. එහෙයින්, විශ්වයෙහි  ප‍්‍රමාණය මැනීමේදී ආකිමිඩිස් සිතා සිටියේ හරියටම කොපමණ දුරක් ද යන්න යන්න පැහැදිලි නැත.

Image result for ancient stadium

ආ? ඔව්. මාතෘකාවෙන් අහපු ප‍්‍රශ්නයට පිළිතුරක් නේද? රියනක් කියන්නේ වැළමිටේ සිට මැද ඇඟිල්ලේ අග්ගිස්සට ඇති දුරයි.  (දළ වශයෙන් යාර 1/2ක්).

(එක එක අවධිවල cubit, ell  යන වචන විවිධ ප්‍රමාණ සඳහා යොදා ගැනින. නිදසුන: වරෙක ell කිවේ අඟල් 45 හෙවත් යාර 1¼ ටය. විවිධ මිනුම්, කිරුම් වල පදනම, කාලානුරුපව ඒවා වෙනස් වූ ආකාරය ආදිය පිළිබඳව සොයා බැලීමෙන්  අපට එම ක්‍රියාවලි ගැන ප්‍රායෝගික ඥානයක් ලබා ගත හැකියි — පරිවර්තක)

 

WHAT COLOUR IS THE SUN? නම් ග්‍රන්ථයෙහි What is the unit of measure the cubit based on? නම් කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.