විදු නැන නුවණ – Science Literacy for All

පදාර්ථ වර්ගීකරණය

අප අවට ලෝකයේ අප දක්නා සියලූම වස්තූන් සෑදී ඇත්තේ පදාර්ථ හෙවත් ද්‍රව්‍යවලිනි. අප ආශ්වාස කරන වාතය, එතකොට අප පය ගසා සිටින මහපොළොව, කෑමට ගන්නා ආහාර වගේම අප අවට ජීවත්වන සතුන් හා ශාකද සෑදී ඇත්තේ පදාර්ථවලිනි. එපමණක් නොව අපේ සිරුරද සෑදී ඇත්තේ පදාර්ථයෙනි.

විවිධ වස්තූන් සෑදී ඇත්තේ විවිධ වූ ද්‍රව්‍යයන්ගෙනි. මෙය කාටත් පැහැදිලියයි සිතිය හැකියි. නිදසුනක් ගමු : අල්මාරියක් (එය වස්තුවකි) සෑදී ඇත්තේ ලී ඇණ සරනේරු ආදියෙනි. (ඒවා ද්‍රව්‍යයන්ය). යොදා ගන්නා ද්‍රව්‍යයන්ගේ ගුණ, ඒවායින් සාදන වස්තුවේ ගුණ කෙරෙහි බලපායි. ඉහත අල්මාරියේ උදාහරණය ගතහොත් ඊට යෙදූ දැව සහ ලෝහවල ශක්තිය, අල්මාරිය සවිමත්වීමට මෙන්ම කල්පැවැත්මට බලපායි. මේ ආකාරයෙන්ම, ඔබ අයහපත් කාලගුණය පවතින විට ඔබ අඳින වැහි කබාය සාදා ඇත්තේ ජලවාරක ද්‍රව්‍යයකිනි. විදුල් රැහැන් සාදා ඇත්තේ විදුලිය සන්නායනය කළ හැකි ද්‍රව්‍යයක් වන ලෝහයෙනි. යමක් නිමවී ඇති ද්‍රව්‍ය ගැන මනා අවබෝධයක් තිබීම වැදගත් වන්නේ අපේ නිවෙස්වල, කර්මාන්ත සහ වෙනත් අවශ්‍යතාවයන් සඳහා එම නිමි වස්තු නිසියාකාරව යොදා ගැනීමට මග පාදන හෙයිනි.

ද්‍රව්‍යය,  ඒවායේ විවිධ ගුණ සලකා වර්ග කළ හැකි එක් මගක් මතු දැක්වෙන චිත‍්‍රයේ දැක්වේ.

මීට අමතරව වෙනත් ආකාරවලට ද ද්‍රව්‍ය වර්ග කළ හැකි බව මේ ලිපියේ ඉදිරියේ දී දැන ගත හැකිය.  යම් ද්‍රව්‍යවල ගුණය, නිදසුනක් දක්වතොත්  සන්නායකයක් වශයෙන් යමක  ගුණය වශයෙන්  සලකා වර්ග කිරීම දැක්විය හැකිය.

මිශ‍්‍රන

Image result for stew

අපේ එදිනෙදා ජීවිතයේදී අපි හැමවිටදීම පාහේ මිශ‍්‍රන දකින්නෙමු. උදාහරණයක් ලෙස ඉස්ටුවක් ගනිමු. ඉස්ටුව, මස් එළවළු ආදී විවිධ ආහාරවලින් සමන්විත මිශ‍්‍රනයකි. මුහුදු ජලය ගතහොත් එය වතුර, ලුණු සහ තවත් අනෙකුත් ද්‍රව්‍යවල එකතුවකි. අප අවට වාතය කාබන් ඩයොක්සයිඞ්, ඔක්සිජන් සහ නයිට‍්‍රජන්වලින්  සමන්විත වන වායු මිශ‍්‍රනයකි. මේ අනුව අපට මිශ‍්‍රනයක් යන්නට මෙලෙස අර්ථ නිරූපණයක් දැක්විය හැකිය.

මිශ‍්‍රනයක් යනු එකිනෙකට බද්ධ නොවූ, එකකට වැඩි ගණනක ද්‍රව්‍යවල එකතුවකි.

මිශ‍්‍රනයකදී එය සැදුම්ලන ද්‍රව්‍ය ස්ථිර අනුපාතයක නොපවතී

උදාහරණයක් ගනිමු. බීකරයක ජලය මිලිලීටර 250 ක් ඇතැයි සිතන්න. එම ජලයට ග‍්‍රෑම් 20 ක ග‍්‍රෑම් 40ක ග‍්‍රෑම් 100 ක හෝ වෙනත් ස්කන්ධයක  වැලි මිශ‍්‍ර කළොත් එය සැලකෙන්නේ ජලය හා වැලි මිශ‍්‍රනයක් හැටියටමය.

ද්‍රව්‍ය, ඒවායේ භෞතික  ගුණ රැක ගනී.

අප ඉහත දැක්වූ නිදසුනේ දී වැලි හා ජලය මිශ‍්‍රනයේ ද්‍රව්‍යය ඒවා මිශ‍්‍ර කිරීමෙන් මොනයම් ආකාරයකින්වත් ඒවායේ ඒ කියන්නේ දෙකින් එකකවත් (වැලි හෝ ජලය) ගුණ වෙනස් වී නොමැත. මිශ‍්‍රණයේ දී වැලි ඇත්තේ ජලය තුළ වුවද  වැලිවල ඇත්තේ එය ජලයට දැමීමට පෙර තිබූ ගුණයමය.

මිශ‍්‍රනයක ද්‍රව්‍ය යාන්ති‍්‍රක මාර්ගවලින්  වෙන් කළ හැකිය.

යම් දෙයක් යාන්ති‍්‍රක මාර්ගයකින් වෙන්කෙරෙන්නේය යනුවෙන් දැක්වෙන්නේ ඊට රසායනික කි‍්‍රයාදාමයක් සම්බන්ධ නැති බවයි. ඉහත වැලි හා ජලය නිදසුනේදී ෆිල්ටරයක් (පෙරණයක්) උපයෝගී කරගෙන ජලය හුදු වැක්කිරීමෙන් ම මිශ‍්‍රනයේ ද්‍රව්‍ය වෙන් කළ හැකිවේ. මෙහිදී මිශ‍්‍රනයට රසායනික කි‍්‍රයාදාමයක් වෙනුවට භෞතික කි‍්‍රයාදාමයක් සිදුකර තිබේ.

මිශ‍්‍රනයට දිය හැකි තවත් නිදසුන් කිහිපයක් මේ.

රුධිරය

එය සමන්විතවන්නේ රුධිර සෛල,  රුධිර පට්ටිකා සහ ප්ලස්මා(plasma) වලිනි.

වානේ

වානේ යකඩ හා වෙනත් ද්‍රව්‍යවල මිශ‍්‍රනයක්

 රත්රන්

ආභරණ තැනීමට ගන්නා රත්රන් (මේ රත්රන් ශුද්ධ රන් නොව ලෝහ කිහිපයක එකතුවකි) කැරට් අනුව සමන්විත වන රන් ප‍්‍රමාණය නිර්ණය කළ හැකිය.

අපව වෙනත් ආකාරයකටද මිශ‍්‍රන කාණ්ඩගත කළ හැකියි. ඒ විසමජාතීය සහ සමජාතීය වශයෙනි.

විෂම ජාතී මිශ‍්‍රන(Heterogeneous mixtures)

විෂම ජාති මිශ‍්‍රනයක නිශ්චිත සංයුතියක් නොමැත. පිට්සාවක් ගැන සිතන්නේ නම්, එහි චීස්, තක්කාලී,  බිම්මල්, සහ පෙපර් ආදියෙහි මිශ‍්‍රනයකි. පිට්සාවේ එක කැබැල්ලක් අනෙක් කැබල්ලකට වඩා වෙනස් විය හැකිය. මන්ද, එහි අඩංගු බිම්මල්, පෙපර්වැනි ඇතුරුම් එක සමානව බෙදී ගොස් නැති හෙයිනි.

කළුගල් තවත් උදාහරණයකි. කළුගල් සෑදී ඇත්තේ තිරුවාණා සහ ෆෙල්ස්පාර් ඇතුළුව  විවිධාකාර ද්‍රව්‍ය එකතුවකිනි. එහෙත් මේවා කළුගලෙහි එක හා සමානව පැතිරී නැත. එහෙයින් අනෙක් ඒවාට වඩා වැඩියෙන් ඇතැම් කොටසක තිරුවාණා තිබිය හැකිය.

මිශ‍්‍රනයක එක ද්‍රව්‍යයකදී එක ද්‍රව්‍යයකට තවත් ද්‍රව්‍යයක් එකතු කළ හැකි වුවත් ඒවා මිශ‍්‍රනය තුළ වෙන්ව පවතී.  මෙවන් විෂම ජාතී මිශ‍්‍රන ඒකාකාර නොවන බව සඳහන් කරන්නේ ඒවා එක හා සමානව පැතිර නොපවත්නා හෙයිනි. විෂ්මජාති මිශ‍්‍රනය යන්නට මෙලෙස අර්ථ නිරූපණයක් දැක්විය හැකිය.

විසමජාතී මිශ‍්‍රනයක් යනු ඒකාකාර නොවන එමෙන්ම එහි අංගු දෑ වෙන් කොට හඳුනාගත හැකි මිශ‍්‍රනයකි.

සමජාති මිශ‍්‍රන (Homogeneous mixtures)

සමජාතී මිශ‍්‍රණයකට නිශ්චිත සංයුතියක් මෙන්ම සුවිශේෂී ගුණ ඇත. සමාජතීය මිශ‍්‍රනයකදී විවිධ කොටස් වෙනම දැක ගත හැකි නොවේ. ජලයේ දිය කෙරුණු ලූණු ද්‍රාවණයක් සමාජාතී මිශ‍්‍රනයට උදාහරණයකි. ලූණු දිය වූවාට පසුව එය ජලයේ පැතිරී යන්නේ ද්‍රවණයේ සෑම කොටසක්ම එක සමාන වන ආකාරයටය. තවදුරටත් ලූණු ජලයෙන් වෙන්කර හඳුනාගැනීමට නොහේ. පවුඩර් කළ කුඩු වශයෙන් ඇති බීම වර්ගයක් ගෙන බලමු. ඒවා ජලයෙහි දිය කර හොඳින් සොලවා ගත් විට පානයේ උඩින් වුවත් යටින් වුවත් වශයෙන් කොතනින් බීමට ගත්තත් එකම රසයකි දැනෙන්නේ.  සමජාති මිශ‍්‍රනයට තවත් උදාහරණයක් ලෙස අප ආශ්වාස කරන වාතය දැක්විය හැකිය. එය සෑදී ඇත්තේ නිරතුරුව එකම අනුපාතයකින් යුතු එමෙන්ම එකිනෙකින් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි විවිධ වායුවලිනි.

සමජාතීය මිශ‍්‍රනයක් යනු ඒකාකාර වන එමෙන්ම මිශ‍්‍රනයේ විවිධ සංඝටක දැකිය නොහැකි මිශ‍්‍රනයකි.

මිශ්‍රණ විභේදනය(වෙන් කිරිම)

මිශ‍්‍රන වෙන්කිරිම ද සමහර විට වැදගත් වේ. මේ සඳහා අනුගමනය කළ හැකි ක‍්‍රම එමටයි. ඉන් කිහිපයකි මේ.

  1. පරිඝ‍්‍රාවණය හෙවත් පෙරීම: පුනීලයකට පෙරහන් කඩදාසියක් දමාගෙන ජලය වැළි මිශ‍්‍රනයක් පෙරා දෙවර්ගය වෙන් කර ගත හැකිය.
  2. තාපනය වාෂ්පීකරණය: ඇතැම් විට ද්‍රවණයක් රත් කිරීමෙන් එහි අඩංගු ජලය වාෂ්පීකරණයට ලක්වෙද්දී මිශ‍්‍රනයේ සෙසු කොටස ඉතිරිවේ.
  3. කේන්ද්‍රපසරණය(Centrifugation): මිශ‍්‍රනයක බර ද්‍රව්‍ය වෙන්කර ගැනීම සඳහා කේන්ද්‍රසාරී බලය යොදා ගන්නා ක‍්‍රමයකි.

4.කාන්දුපෙරීම(Dialysis): කාන්දුපෙරීම සිදුවන්නේ විසරණය(diffusion) යන කි‍්‍රයාදාමය උපයෝගී කරගනිමිනි. විසරණය සිදුවන්නේ මිශ‍්‍රනයක ඉහළ ප‍්‍රමාණයකින් සාන්ද්‍රගතව තිබෙන ද්‍රව්‍යක් එහිම පහළ ප‍්‍රමාණයක සාන්ද්‍රගතව ඇති ප‍්‍රදේශයකට යාමෙනි. මේ චලනය සිදුවන්නේ අර්ධ පාරගම්‍යතාවයෙන් යුතු පටලයක් උපයෝගී කරගැනීමෙනි. වකුගඩු නිසියාකාරව කි‍්‍රයා නොකරන පුද්ගලයන්ට ප‍්‍රතිකාර  කිරීමේදී උපයෝගී කර ගන්නේ කාන්දු පෙරීමේ ක‍්‍රමයයි.

The Free High School Science Texts: Chemistry(2008)   ග්‍රන්ථයෙහි  Classification of Matter පරිච්චේදය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: