නව හොමිනින් විශේෂයක් සොයා ගත් බව විද්‍යාඥයන් ප‍්‍රකාශයට පත් කොට දැනට වසර දෙකකට ආසන්නය. ඔවුන් එම විශේෂය හැඳින් වූයේ හෝමෝ නලෙඩි(Homo naledi) යනුවෙනි. (2015. 09. 15 දා තතු ලිපිය කියවන්න). නව හොමිනින් විශේෂය සොයා ගනු ලැබුවේ දකුණු අප‍්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවරට ඔබ්බෙන් පිහිටි ‘‘නැගෙන තරු’’(Rising Star Cave) ගුහාවේදී ය. 2015 වර්ෂයේ දී මේ ගැන මාධ්‍ය වලින් පුළුල් ප‍්‍රචාරයක් ලැබිණ.
දැන් විද්‍යාඥයන් කියා සිටින්නේ නැගෙන තරු ගුහා පද්ධතියෙහි දෙවැනි කුටියක තිබී හෝමෝ නලෙඩි අතිරේක නලෙඩි ෆොසිල නියැඳි සොයා ගත් බවයි. මේවා අතර ළමයෙකුගේ සහ හොඳින් ආරක්ෂිත හිස් කබලක් සහිත වැඩිහිටියෙකුගේ සැකිල්ලක කොටසක් ද විය. විද්‍යාඥයන් මේ අර්ධ සැකිල්ල ‘නියෝ’ යනුවෙන් නම් කර ඇත. එය සෙංසාතෝ භාෂාවේ ‘ත්‍යාගය’ හඟවන වදනකි.
. ‘‘නැගෙන තරු’’ ගුහාවේ දෙවැනි කුටියකින් තවත් අතිරේක නලෙඩි අස්ථි කොටස් සොයා ගැනීමෙන් අනතුරුව විද්‍යාඥයන් දැන් කියා සිටින්නේ ඔවුන් ෆොසිලවල දින වකවානු නිර්ණය කර ප‍්‍රසිද්ධියට පත් කර ඇති බවයි. ඒ අනුව හෝමෝ නලෙඩි හොමිනින් විශේෂය ජීවත්ව ඇත්තේ මෙයට වසර තුන් ලක්ෂ තිස් පන්දහසේ සිට දෙලක්ෂ තිස් හය දහසක කාලයකට පෙරය. ඒ අනුව මේ නලෙඩි යනු සාපේක්ෂව තරුණ හෝමෝ විශේෂයකි.
මේ විද්‍යාඥ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන The Conversation Africa සඟරාවේ විද්‍යා සංස්කාරක මහාචාර්ය ජෝන් හෝක්ස් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක කොටස් කිහිපයකි මේ.


ප‍්‍ර: සාමාන්‍ය පුද්ගලයෙකු ගතහොත් වසර 236,000 ක් කියන්නේ බොහෝම දීර්ඝ කාලයක්. ඉතින් ඇයි ඔබ කියන්නේ නලෙඩි ‘තරුණ’ විශේෂයක් කියලා?
පි: මිනිස් අපේ ආදිතමයන්, චිම්පන්සි හා බොනබෝ පූර්වජයන්ගෙන් අපසරණයව (බෙදී ගොස්) සිදුවී මානව පරිණාමයට වසර මිලියන හතක් ගතවී තිබෙනවා. ඉන් මුල් තුනෙන් දෙකට අයත් ඖස්ත‍්‍රලොපිත් ලෙස දැක්වෙන්නේ අපේ ගණයේ මුල්ම පැහැදිලි සාමාජිකයන්ය. ඒ වගේම ඔවුන් හෝමෝ හැබ්ලිස්(Homo habilis), හෝමෝ ඉරෙක්ටස් (Homo habilis) සහ හෝමෝ රුඩෝල්ෆෙන්සිස්(Homo rudolfensis) වගේ විශේෂවලට අයත් වුනා.
හෝමෝ නලෙඩි, බොහෝ ආකාරවලින් ගත්තාහම හෝමෝ ගණයේ මුල් සාමාජිකයන්ට සමයි. එම වර්ගය පෙර කී විශේෂයන්ටත් පවා වඩා පුරාතනයි. එමෙන්ම ඒ සියලූ දෙනාට වඩා කුඩා මොළයක් තමා තිබුණේ. නව අධ්‍යයන සිදු කරන කණ්ඩායමෙන් බාහිරව නලෙඩි ෆොසිල ගැන අධ්‍යයනයේ යෙදුණු අය බොහෝ කොට කල්පනා කළේ ඒ සෙසු විශේෂ හා නලෙඩි දළ වශයෙන් එක කාලයකට අයත් කියලයි. නලෙඩි අයත් වන්නේ වඩා මෑත කාලයකටය. නලෙඩි වඩා මෑත කාලයක, ඒ කියන්නේ මෙයට වසර 900,000 පමණ පෙර ජීවත්වන්නට ඇතැයි යන රැඩිකල් අදහස දැරුවේ ස්වල්ප දෙනයි. නලෙඩි ෆොසිල නූතන මානවයන් පරිණාමය වෙමින් පවතින වසර 236 දහස් සිට 335 දහස් ගණනක් මෑතක කාලයකට අයත් යයි කවුරුවත්ම හිතුවේ නැහැ.
ප‍්‍ර: ෆොසිලයක වයස ඔබ දැන කියා ගන්නේ කෙසේ ද?
පි: අපි විවිධ ක‍්‍රම හයක් උපයෝගී කර ගත්තා. මෙයින් වඩාත්ම වැදගත් වූයේ ඉලෙක්ට්‍රෝන බැමුම් අනුනාද(electron spin resonance = ESR) කල් මැනීම සහ යුරේනියම්-තෝරියම් කල් මැනීම (uranium-thorium = U-Th) යි. දත්වල ඉතා කුඩා ස්ඵටික තිබෙන අතර ෆොසිල වැලළී ඉතා දිගු කාලයක් ගිය තැන පොළොවේ ස්වභාවික විකිරණය ඒවායේ ඉලෙක්ට්‍රෝන ශක්තිය කෙරෙහි බලපායි. ESR ක‍්‍රමය රඳා පවතින්නේ මෙම කාරණාව මතයි. U-Th රඳා පවතින්නේ ගුහාවලට ජලය බේරී කැල්සයිට්(calcite) ස්ථරයක් තනන්නේය යන්න මතයි. මේවායේ යුරේනියම් ලේශ මාත‍්‍ර අඩංගු වෙනවා. යුරේනියම් වල විකිරණශීල භාගය, කාලයත් සමග ඉතා සෙමින් තෝරියම් හැටියට ක්ෂය වේ. ඉතින් යුරේනියම් හා සංසන්දනාත්මකව තෝරියම් අනුපාතය, කැල්සයිට් ස්තරය සෑදුනේ කුමන කාලයකදී ද යන්න ගැන තක්සේරුවක් ලබා දෙනවා.
ප‍්‍ර: හෝමෝ නලෙඩිගේ වයස සොයා ගැනීම, මානව ඉතිහාසය හා පරිණාමය ගැන ඇති වැටහීම කෙරෙහි බලපාන්නේ කෙසේද?
පි: අඩු තරමින් පසුගිය වසර 100 ක වත් කාලය තුළ මානව විද්‍යාඥයන් උපකල්පනය කළේ හෝමෝවරුන්ගේ පරිණාමය සිදු වූ කාලයෙන් වැඩි කොටස ‘ප‍්‍රගතියෙහි කතාවක්’ ලෙස සැලකියා යුතුය කියයි : කාලය ගෙවෙත්ම මොළය විශාල වීය; තාක්ෂණය වඩා විදග්ධ විය; එමෙන්ම වඩා හොඳ ආහාර ලබා ගැනීමට හා පිසීමෙන් ඒවා පිළියෙල කර ගැනීමට ඇති දක්ෂතාව මත ජනතා රඳා පැවැත්ම වැඩිවෙද්දී දත් කුඩා විය. අප හිතන විදිහට නම්, සංස්කෘතිය නියම වශයෙන් ආරම්භ වුණාට පස්සේ අපේ පරිණාමය මෙහෙයවනු ලබන්නේ ප්‍රතිපෝෂණ පුඩුවකින්(feedback loop): ප‍්‍රතිපෝෂණ ලූපයකින් : වඩා හොඳ ආහාර වඩාත් විශාල මොළවලට, වඩාත් දක්ෂ අනුගතවීම්වලට, වඩාත් විදග්ධ සංනිවේදනයට මග පාදනවා. එය වඩා හොඳ තාක්ෂණයට ඉඩ සලසනවා, එමගින් වැඩියෙන් ආහාර ලබා ගත හැකි වෙනවා, යනාදී වශයෙන් චක‍්‍රය දිගටම ගලා යනවා.
මේ චින්තනයට අනුව සැලකුනේ වෙනත් කිසිම හොමිනින් විශේෂයකට තරඟයට මුහුණ දීමට නොහැකි වූ බවයි. ලෝකයේ එක් තනි කොටසක එක් මානව ස්වරුපයකට වැඩියෙන් දක්නට නැත්තේ එකයි. නියැන්ඩර්තාල් වැනි අනෙක් වර්ග නුතන මානවයන්ට මගපැදු ප්‍රධාන ධාරාවෙන් ඈත්ව වනත් කලාපවල ජීවත්වුණා.
ඒ චින්තනය වැරදියි.
නලෙඩි පරම්පරාව පවතිනවා ඇත්තේ, සමහර විට වසර මිලියනකට බාගදා මිලියන දෙකකට කලින් ඔවුන් අපේ පවුල් වෘක්ෂයෙන් බෙදුණු කාලේ ඉඳලා පසුගිය වසර 300,000 දක්වා පමණ කාලයක වෙන්නැති. මේ මුළු කාලය පුරාවටම ඔවුන් අපේ පෞරාණික පරම්පරාවේ අයත් සමග අප‍්‍රිකාවේ ජීවත් වුණා. ඔව් නූතන මානවන්ගේ ආදිතමයන් බාගදා මුල් නූතන මානවයන් සමගම පවා. ඔවුන් නියෝජනය කරන්නේ අපේ විශේෂය පරිණාමය වූ ප‍්‍රජාව ඇතුළත වඳ වී ගිය ප‍්‍රජාවක්. අප‍්‍රිකාවේ පරිණාමීය අතීතය ගැන අප දැන සිටියායි අප සිතා සිටි දේවල් යළි පරීක්ෂා කර බැලිය යුතුය කියලයි මම නම් හිතන්නේ. අපි එක් ඉතා කුඩා භූගෝලීය ප‍්‍රදේශයක් ගැන බොහොමයක් තොරතුරු දන්නවා. එහෙත් මහද්වීපයේ විශාලතම කොටස ගැන දැනුමක් නෑ. එහි ෆොසිල වාර්තා ඇත්තෙම නැහැ. අපි දැන් මේ ගැන ක‍්‍රියා කරගෙන යනවා. අපේ කණ්ඩායම මෙන්ම වෙනත් අයත් අළුත් දේ සොයා ගන්නවා. මට නම් හොඳටෝම විශ්වාසයි අපෙන් වසන් වූ පරම්පරාවන් තවත් සොයා ගැනීමට හැකි බව. හෝමෝ නලෙඩි බාගදා අවසන් සොයා ගැනීම ම නොවන්න පුළුවන්.
The Conversation(Global)හි පලවූ More secrets of human ancestry emerge from South African caves යන ලිපිය ඇසුරෙනි