විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සිව්වැදෑරුම් මූලයන්

පෞරාණික ග‍්‍රීක චින්තකයෝ බොහෝ දෙනෙක් පදාර්ථයෙහි ස්වභාවය ගැන සිය අවධානය යොමු කළහ. ද්‍රව ජලය (liquid water), ඝන අයිස් (solid ice)  සහ වායුමය වාෂ්ප පටලය(gaseous mist) නිරීක්ෂණය කළ මයිලට්ස් හි තේල්ස් (ලිපිය අග සටහන බලන්න)* විශ්වාස කළේ සෑම දෙයම ජලයෙන් සෑදි ඇති බවයි. සියල්ල පෝෂණය වන්නේ තෙතමනයෙනි. රස්නය පවා තෙතමනයෙන් බිහිවන අතර එහි පැවැත්ම ද තෙතමනයෙනි’ යයි ඇරිස්ටෝටල් අදහස් කළේය. තේල්ස්ගෙන් පරම්පරා දෙකකට පසුව අදහස් දැක් වූ ඇනැක්සිමනිස් (Anaximenes) කියා සිටියේ ලෝකය සෑදි ඇත්තේ වාතයෙන් බවයි. ඔහුගේ තර්කය වූයේ වාතය ඝන වූ විට එමගින් මීදුමත්(වාෂ්ප පටලයත්) අනතුරුව වර්ෂාවත් අවසානයේ පාෂාණත් නිපදවෙන බවයි.

එමිපෙඩිකල්ස් (ක‍්‍රි: පූ: 490-430)

වෛද්‍යවරයෙකු හා කවියෙකු වූ ද, සිසිලියේ ඇග‍්‍රිගෙන්ටම් හි උපත ලද එම්පෙඩිකල්ස් වඩාත් සංකීර්ණ සිද්ධාන්තයක් ගොඩ නැගීය : එනම් සියල්ල මූලයන් හතරකින්(ඔහු මූල ද්‍රව්‍ය — elements —  යන වචනය යොදා ගත්තේ නැත) සෑදි ඇති බවයි. පෘථිවිය, වාතය, ගින්න සහ ජලය එම මූලයන් හතරයි. මෙම මූලයන් එක් කිරීමෙන් පෘථිවිය, පාෂාණ සහ සියළුම ශාක හා සත්ත්වයන් නිපදවීමට අවශ්‍ය තාපය හා තෙතමනය වැනි ගුණයන් නිපදවීමට හැකිවෙයි. ආරම්භයේ දී මූලයන් හතර  පරිපූර්ණ  ගෝලයක් ලෙස සැදුම්ගෙන තිබුණු  අතර එය එකට තැබුනේ කේන්ද්‍රභිසාරී බලය(මැදට යොමුවන = centripetal force) වන ආදරයෙනි. එහෙත්  කේන්ද්‍රපසාරී බලය (මැදින් ඉවතට යන = centrifugal force) වන දබරය මගින්, ක‍්‍රමයෙන් මූලයන් ඇද බිඳ දැමීමට පටන් ගැණින. එම්පෙඩිකල්ස්ට අනුව විශ්වය හැඩ ගස්වන බල වේග දෙක වන්නේ ආදරය සහ දබරයයි. අපේ මේ ලෝකයේ දබරය ප‍්‍රබල වීම හේතුවෙන් තමයි ජීවිතය මෙතරම් අසීරු බවට පත්ව ඇත්තේ.

යුරෝපීය චින්තනයේ දී මූලයන් හතර ගැන සඳහන් වූයේ චතුර් දෝෂ(“four humors”) හැටියටයි. සාපේක්ෂව සරල නියාමයක් වූ සතර මූල න්‍යායට, 17 වැනි සියවසේ දී නූතන රසායන විද්‍යාව වර්ධනය වනතෙක්ම වැඩි විශෝධනයක් නොමැතිව  යුරෝපීය චින්තනය තුළ ආධිපත්‍ය පවත්වා ගැනීමට හැකිවිය.

එම්පෙඩිකල්ස්ට අනතතුරුව :

ක්‍රි : පූ : 400 පමණ : අවසාන වශයෙන් ගතහොත්  ලෝකය සෑදි ඇත්තේ පරමාණු නම්       කුඩා පදාර්ථ වලින් බව ග‍්‍රීක චින්තතන ඩිමොක‍්‍රිටස් කියා සිටියේය.

ක‍්‍රි :ව : 1661 : Sceptical Chymist (සංශයවාදී රසායන විද්‍යාඥයා) නම් සිය ග‍්‍රන්ථයෙහි රොබට් බොයිල් මූල ද්‍රව්‍ය පිළිබඳ අර්ථ විග‍්‍රහයක් ඉදිරිපත් කරයි.

ක‍්‍රි : ව: 1808 : ජොන් ඩෝල්ටන්ගේ පරමාණුක සිද්ධාන්තයෙන් කියැවෙන්නේ සෑම මූලද්‍රව්‍යයකම විවිධ ස්කන්ධයන්ගෙන් යුතු පරමාණු අඩංගු බවයි.

ක‍්‍රි : ව: 1869 : මූල ද්‍රව්‍ය, ඒවායේ පොදු ගුණාංගයන්ට අනුව වර්ග කරමින් ද්මිත‍්‍රි මෙන්ඩලීව් සතර මූල  ආවර්තිතා වගුවක් (a periodic table) ගැන සඳහන් කළේය.

*(මයිලට්ස් හි තේල්ස් = සොක‍්‍රටීස්ට පෙර සිටි ග‍්‍රීක දාර්ශනිකයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. භෞතික විද්‍යාවන්ගේ ආරම්භකයා ඔහු යයි ඇරිස්ටෝටල් කියා තිබේලූ ! සියළුම දේවල් ආරම්භ වන්නේ ජලයෙන් යයි ඔහු ප්‍රකාශ කර ඇත. ක‍්‍රි : පූ : 585 දී ග‍්‍රහනයක් සිදුවන බව පුරෝකතනය කළේ ද මොහුය)

 

The Science Book: Big Ideas Simply Explained ග්‍රන්ථයේ  Now Hear the Fourfold Roots of Everything කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: