විදු නැන නුවණ – Science Literacy for All

ලිංගික සමානතාව කාන්තාවන්ගේ ඥානන හැකියාවන් ඉහළ දමයි

ලිංගික සමානතාව සළකමින් කටයුතු කරන රටවල වසන කාන්තාවන්ගේ ඥානන හැකියාවන් වඩාත් හොඳ බව නව අධ්‍යයනයකින් හෙළිවෙයි. මහද්වීප පහ තුළ රටවල් 27ක  කාන්තාවන් හා පිරිමින් 200,000 පමණ වන විශාල සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන සිදු කෙරුණු මෙම අධ්‍යයනයෙහි වාර්තාව Psychological Science  සඟරාවෙහි පළ වී තිබේ. එයින් අණාවරණය වූයේ සමානාත්මතා ප‍්‍රතිපත්ති අනුදක්නා රටවල (egalitarian countries) කාන්තාවන්ට වඩා, සංස්ථිතික හෙවත් වඩාත් කොන්සවටිව් රටවල කාන්තාවන් ස්මෘති පරීක්ෂණවලදී ඉතා අඩු දස්කම් දක්වන බවයි.

අධ්‍යනය මෙහෙයවන ජනවිඥාන විද්‍යා විශේෂඥ(Demographics expert) එරික් බොන්සාන්ග් හා සගයෝ වයස අවුරුදු 50 වැඩි පුද්ගලයන් ලබා ගත් ජාතික සමීක්ෂණ දත්ත විශ්ලේෂණය කර බැලූහ. ඔවුන් මෙහිදී භාවිතා කළේ ආනුෂාංගික ස්මරණය (episodic memory) මනින ඥානන කාර්ය සාධන පරීක්ෂණ වලට  අදාල දත්තයි. කණ්ඩායම රටක ලිංගික සමාන්තවය නිර්ණය කිරීම සඳහා යොදා ගත්තේ එක්තරා ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඒ රටේ ජනතාව දක්වන අනුකූලතා අනුපාතයයි. ‘‘රටේ රැකියා හිඟ වූ විට, රැකියාවක් සඳහා කාන්තාවන්ට වඩා පිරිමින්ට අයිතියක් තිබිය යුතුය’’ යන්න එම ප‍්‍රකාශයයි.

ස්මරණයට සම්බන්ධ පරීක්ෂණවලදී ස්වීඩනය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ බොහෝ යුරෝපීය රටවල කාන්තාවෝ පිරිමින්ට වඩා සාර්ථක වූහ. කෙසේ වෙතත්, ඝානාව, ඉන්දියාව, චීනය, දකුණු අප‍්‍රිකාව සහ (රුසියාව, පෘතුගාලය, දකුණු අප‍්‍රිකාව යන)  වඩාත් සම්ප‍්‍රදායාණුකූල යුරෝපීය රටවල පෙන්නුම් කෙරුණේ මීට ප‍්‍රති විරුද්ධ ප‍්‍රවණතාවකි. එම රටවල කාන්තාවන්ගේ කාර්ය සාඵලත්වය දුර්වල විය–මෙය පර්යේෂකයන් කලින් පුරෝකථනය  කර තිබුණු තත්ත්වයකි. කාන්තාවන් අතර පැවති වෙනස තරම්ම නොවුණත් සමානාත්මක ප‍්‍රතිපත්ති අනුදක්නා රටවල පිරිමි ද කොන්සරවටිව් මත දරණ රටවල පිරිමින්ට වඩා හොඳින් ස්මරණ පරීක්ෂණවලදී ලකුණු ලබා ගත්තා.

ලෝකයේ කුමන කලාපය ද යන්න හෝ රටක ආර්ථික සංවර්ධනය හෝ අවසන් ප‍්‍රතිඵල කෙරෙහි බලපෑමක් කර තිබුනේ නැත. කෙසේ වෙතත්, මෙහිදී බලපා ඇති සාධකයක් වූයේ (ඉහත දැක්වූ ලිංගික-සමානතාව අගයන රටවල් බොහොමයක් වැනි) නූතන රටවල් වඩා හොඳ සෞඛ්‍ය වාසිවලින්  සමන්විත වන්නේය යන්නය. එහෙයින් වයසින් වැඩි වැඩිහිටියන් කොහොමටත් සෞඛ්‍ය සම්පන්න වනවා විය හැකියි. එහෙත්, නිරීක්ෂිත ලිංගික වෙනස්කම් ඉන් පැහැදිලි කිරීමට නොහැකිය. කොහොමටත්, අධ්‍යයනය පෙන්නුම් කළේ බලපෑම පිරිමින්ට වඩා කාන්තාවන් කෙරෙහි ප‍්‍රබල බවයි.

ඒ වෙනුවට අධ්‍යයනයේ කතුවරුන් තර්ක කරන්නේ, සමාජයක ලිංගික භූමිකාවන් පිළිබඳව ආකල්ප, පිරිමින්ටත් කාන්තාවන්ටත් යෝග්‍ය කුමන චර්යාවන් හා ගති ලක්ෂණ ද යන්න තීරණය කරන බවයි.  ඒ අනුව, මෙම  සමාජ අපේක්ෂාවන් කාන්තාවන් ගේ (සහ පිරිමින්ගේ) ජිවින අරමුණු,  වෘත්තීමය තෝරා ගැනීම්(වරණය) හා අත්දැකීම් කෙරෙහි බලපායි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලිංගික වශයෙන් වඩාත් සම්ප‍්‍රදායාණුකූල රටවල කාන්තාවන්ට අධ්‍යයනයේදී හා වැඩිකිරීමේ දී වැනි ඥානන උත්තේජනයක්(cognitively stimulating) ලැබෙන කාර්යන්ට නිරාවරණය වීම අඩුය.

ආකෘතිකයන්(stereotypes)  මත පදනම් වූ ආකල්පයන් අපේ හැකියාවන් හැඩ ගස්වන බවට ඇතැම් සාක්ෂි  අධ්‍යයනයෙන් සැපයෙන අතර මේ සිද්ධාන්තයේ පූර්ණ පරීක්ෂාවකට නම් සමාජ සංවේදීතාව හෝ භාෂාමය හැකියාව වැනි ඒකාකෘතිකව ගැහැණු ගති සොබා ඇති අභියෝග්‍යතාවන් (aptitudes) ගැන අධ්‍යයනයක් කිරීම අවශ්‍ය වේ. නිදසුනක් ගත් කළ, සමාජ සංවේදීතාව මනින පරීක්ෂණවලදී ලිංගිකව-සම්ප‍්‍රදායණුකූල රටවල්, පිරිමින් ගැහැණුන්ට සාපේක්ෂව, දුර්වලකම් දක්වත්ද?

Image result for stereotype threat

මෙම අධ්‍යයනයේ ප‍්‍රතිඵල පැහැදිලි කරනු ලැබ ඇත්තේ, ඒකාකෘතික තර්ජනය (“stereotype threat”) හා සම්බන්ධකොටය. ගර්හිත කණ්ඩායම්වල සාමාජිකයන් හා ආකෘතිකව සම්බන්ධ සේ සැලකෙන  සෘණාත්මක ගති ලක්ෂණ(negative traits) සනාත  කරන හෝ බලගන්වන යමක් සිදුකරාවිය යන බිය මින් දැක්වේ. ගණිතය විභාගයකට පෙනී සිටින කාන්තාවක් ගැන සිතන්න. කාන්තාවන් ගණිතයට දක්ෂ නැත යන ඒකකෘතික මතය ඇගේ සිතෙහි හොල්මන් කිරීම හේතුවෙන් අවධානය බිඳී හොඳ ප‍්‍රතිඵල ලබාගත නොහැකි වන්නට පුළුවන. මේ බලපෑම ගැන අධ්‍යයන බොහොමයකම කරුණු දක්වා ඇත. සෘණාත්මක ඒකාකෘතිකයනට කෙටි කාලීනව නිරාවරණය වීම ඥානන ක‍්‍රියාකාරීත්වය කෙරෙහි තීරණාත්මක බලපෑම් සිදු කරන බව අධ්‍යයනය පෙන්නුම් කරයි. ලිංගිකව කොන්සර්වටිව් රටවල ලිංගික හා වයස සම්බන්ධ ඒකාකෘතකයන්ට දිගටම නිරාවරණය වන කාන්තාවන්ට මෙවැනි ක‍්‍රියාදාමයන්ට ගොදුරුවනවා විය හැකිය. ස්මරණ පරීක්ෂණවලදී ඔවුන්ගේ පසුබෑම ඉන් පැහැදිලි වනවා විය හැකිය.

Image result for democratisation

(මීට අදාළව) අනාගතයේ දී සිදු කෙරෙන අධ්‍යයනවලදී සැලකිල්ල යොමු විය යුතු කරුණක් ගැන ද අධ්‍යනයේ දැක්වෙයි.  හුදු ලිංගික ආකල්පම ගැන  පමණක් නොව රටෙහි පුළුල් දේශපාලන ක‍්‍රමය කෙරෙහි සැලකිල්ල යොමු විය යුතුයයි පර්යේෂකයෝ අදහස් කරති.  ලිංගික භූමිකාවන් කෙරෙහි ඇති ආකල්පයන් ද ඇතුළුව ප්‍රජාතන්ත‍්‍රවාදී කරණයට හා ලිබරල්වාදී කරණයට,  නවීණකරණය   ප‍්‍රගාමීව මග පාදන්නේ යයි එක් සිද්ධාන්තයකින් කියැවේ.දේශපාලනික   වේවා ආගමික වේවා සමාජයක උරුමය සමාජ හරයන්, වටිනාකම් කෙරෙහි බලපායි. ඇත්ත වශයෙන්ම, විවිධ සංස්කෘතීන් පිළිබඳ අධ්‍යයන පෙන්නුම් කරන්නේ කාන්තාවන් හා පුරුෂයන් කෙරෙහි දක්වන ආකල්ප, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සංක‍්‍රමණය වන (පෝලන්තය දකුණු අප‍්‍රිකාව වැනි) රටවලට වඩා  එක්සත් රාජධානිය වැනි දිගු කලක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින රටවල වඩාත් ලිබරල්වාදී බවයි. කලින් පැවති දේශපාලන ක‍්‍රමය මගින්ද ලිංගික ආකල්ප කෙරෙහි බලපෑම් ඇතිවන බව මෙම අධ්‍යයන පෙන්වයි : වර්ණභේදවාදයට පසුව දකුණු අප‍්‍රිකාවේ වඩාත් කොන්සර්වටිව් ආකල්පයන් දැකගත හැකි අතර කොමියුනිට්ස් වාදයෙන් පසු පෝලන්තයේ එතරම් ගතානුගතික නොවීය. ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීකරණය මෙන්ම ඒකාකෘතික තර්ජනය අඩු කර ගැනීමත් වැදගත් බව පර්යේෂණ වලින් පෙන්නුම් කරනවා” යයි එක්සත් රාජධානියේ, ඇන්ග්ලියා රසකින් සරසවියේ මනෝ විද්‍යා ජේෂ්‍යඨ කතිකාචාරිනී මැග්ඩේලෙනා සවිස්ශා පවසයි.

The Conversation(Global) හි පළ වූ Study finds women in gender-equal countries have better cognitive skills යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: