විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 44: මනෝවිශ්ලේෂණය සහ ෆ්‍රොයිඩියානුවාදය (Psychoanalysis and Freudianism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

ඔස්ට්‍රියානු මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්(1856–1939) විසිවැනි සියවසේ වඩාත්ම බලපෑම් ඇතිකළ චරිතයකි. ඔහුගේ සිද්ධාන්ත ගණනාවක් ම විද්‍යායාත්මක නොවන්නේයයි සලකා මේ වන විට ඉවත දමා ඇතත්, අවිඥානය සහ මිනිස් අත්දැකීම තුළ ලිංගිකත්වය කේන්ද්‍රීයවීම ගැන ඔහුගේ අදහස් මිනිසුන් තමන් ගැනම හිතන ආකාරය මුලික වශයෙන් වෙනස් කර ඇත.

දහනව වැනි සියවසේ අග වියනාවේහි දී ෆ්‍රොයිඩ්, මනෝවිශ්ලේෂණය යනුවෙන් දැක්වෙන සිද්ධාන්තය ස්ථාපිත කිරීමෙහි ලා පුරෝගාමීවිය. හෙතම එය, හිස්ටිරියාව(මායා රෝගය) වැනි නියුරෝසියා ගණනාවක් වෙනුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මගක් කර ගත්තේය. අවරෝධනය හෙවත් මර්දනය කළ ළමාවියේ අත්දැකීම් එම මැඩිම නොතකා  අවිඥානයේ ගබඩා වෙයි. නියුරෝසියා හටගන්නේ එසේ ගබඩාවූ අත්දැකීම්වලින් යයි  ෆ්‍රොයිඩ් විශ්වාස කළේය. රෝගියාගේ පැත්තෙන් ස්වාධින අදහස් සන්ඝටනයක් සහ රෝගියාගේ සිහින ගවේෂණයක් හා සම්භාන්ධ වන්නාවූ  ‘භාෂණ ප්‍රතිකාරයක්’ යොදා ගැනීමෙන් අවිඥානය(the unconscious) පුබුදුවා මර්ධනයට ලක්වූ ස්මරණයන් එලියට ගැනීමට හැකි යයි ඔහු තරයේ කියා සිටියේය.

ෆ්‍රොයිඩ් දැක්වුයේ චිත්තය, අංශ  හෙවත් සංඝටක තුනකින් සමන්විත වන බවයි. සුඛය හා තෘප්තිය පතන සිතෙහි ආත්මාර්ථකාමී, සහජාසමය(instinctual) අංශය ඔහු විසින් හඳුන්වනු ලැබුවේ ඉඩ් සංස්කාරය(Id) ලෙසටය. උඩු සිත ලෙස ද දැක්වෙන ඉගෝව හෙවත් අහම(ego) යනු සවිඥානික චිත්තයයි. අහමෙහි හා අධිඅහමෙහි(superego) පරස්පර උද්යාචනයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට සිදුවන්නේ සවිඥානික චිත්තයටයි.  අධිඅහම යනු වරදකාරිත්වය පිලිබඳ හැඟීම් ජනනය කරන හෘදය සාක්ෂිය සඳහා ඇති ෆොයිඩියානු පර්යාය පදයයි. තවද, මිනිසාගේ ලිංගිකත්වය ඇරඹෙන්නේ කලින් සිතාසිටි අන්දමට යෞවනෝදයේ දී  නොව බිලිඳු වියේදී මැයි ෆ්‍රොයිඩ් දැක්විය. මෙය ඒ කාලයේ හැටියට මහත් ආන්දෝලාත්මක ප්‍රකාශයක් විය. නිදසුනක් ලෙස , වයස අවුරුදු තුනේ සිට හය දක්වා ළමයි  අවිඥානිකව සිය මව සමග සම්භෝගයේ දීමටත්, පියා මරා දැමීමටත් පතන බව දැක්වෙන ඊඩිෆස් සංකීරණය පිලිබඳ අදහසට මුලපිරුවේ ඔහුය. ළමාවියේ ලිංගිකත්වය මැඩලීමේ ප්‍රතිඵලයක් හැටියට පසු කාලින ජිවිතයේ දී නියුරෝසියාව හා අසතුට හටගන්නේ යයි ෆ්‍රොයිඩ් විශ්වාස කළේය.

ෆ්‍රොයිඩ්ගේ  සිද්ධාන්ත විද්‍යාඥයන් අද විවේචනයට ලක්කරන්නේ ඒවා අස්ථාරය යන පදනම මතය. ඔහු කියා සිටි පරිදී මර්දිත ආශාවන් මගින් චර්යාවන් අභිප්‍රේරණය(motivate) කරවනු ලබන  බව ප්‍රදර්ශනය කිරීමට තබා ෆ්‍රොයිඩ් සංකල්පගත කල අන්දමට  අවිඥානයේ පැවැත්ම පවා ඔප්පු කළ නොහැකිය. එමෙන්ම, රෝගියෙකු සම්බන්ධව ක්‍රියා කිරීමේ දී කිසියම් මනෝ විශ්ලේෂකයෙකු(a psychoanalyst) අත්පත් කරගන්නා සාර්ථකත්වය සිද්ධාන්තයන් නිසා ද නැතිනම් මනෝ විශ්ලේෂකගේ පෞරුෂය නිසා ඇතිවුවක් ද යන්න තහවුරු කිරීමට ද නොහැකිය.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Psychoanalysis and Freudianism යන කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: