විදු නැන නුවණ – Science Literacy for All

තාරකා හැදෙන හැටි

තාරකා සෑදෙන්නේ අන්තස්තාරීය ද්‍රව්‍යයන්ගෙන්(interstellar matter). මෙහිදී අන්තස්තාරීය ද්‍රව්‍ය යනුවෙන් අදහස් කරන්නේ (අපේ) මන්දාකිනියේ ඇතුළත තාරකා සමග කක්ෂගතව තිබෙන වායු හා දුවිලිවලින් යුත් සුවිශාල වලාකුළුය. වායුව ගතහොත් වැඩිපුරම ඇත්තේ හයිඩ‍්‍රජන් (මුළු ස්කන්ධයෙන් 71%) සහ හීලියම්ය(27%) දුවිලි ගතහොත් එය සමන්විත වන්නේ මූලිකව සිලිකේට්, කාබන් සහ යකඩ සංයෝගයන්ගෙන් සෑදුණු ඝන, ඉතා සියුම් (අන්වික්ෂීය) අංශුවලිනි. අන්තස්තාරිය වායු සාමාන්‍යයෙන්  සිසිල්ය. සමහර විට 10K පමණක් වේ(ෆැරන්හයිට් පරිමානයේ බිංදුවට වඩා අංශක සිය ගණනක් පහළින්).  ඒ ආකාර පහළ උෂ්ණත්වයකදී වායුවක පරමාණු සහ අණු ඉතා සෙමින් චලනය වන්නේ,  එතරම් පීඩනයක් ජනනය කිරීමට අපොහොසත් වෙයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, එවන් සිසිල් වායුවල පීඩනය, වලාකුලේම ගුරුත්වයට ඔරොත්තු දීමට සහායක් ලබාදීමට තරම් ප‍්‍රමාණවත් අයුරු විශාල නොවන්නට පුළුවන. වලාකුළු  කළඹනු ලැබුවහොත් එවිට වළාකුල බිඳ වැටිය හැකිය. අසල්වැසි වළාකුලක් සමග ඝට්ටනය වීම, අසල ඇති තාරකාවක් පුපුරා යාම හෝ වෙනත් කි‍්‍රයාදාමයක් හේතුවෙන් බිඳ වැටීමට මුල පිරීය හැක.

රේඩියෝ වෙලස්කෝප යොදාගෙන සාදනු ලැබූ සිතියම් පෙන්නුම් කරන්නේ වායු වලාකුළු ඒකාකාර නොවන බවයි. ඝනත්වය සාමාන්‍යයට වඩා ඉහළ ස්ථානවල,  කුඩා වායු කැටි(clumps) ඒවායේ අඩංගුය. ( 1 චිත‍්‍රය බලන්න). එවන් කැටි සහිත වලාකුළක් බිඳ වැටෙන විට ඒ ඒ කැටිය ද සම්පිඩනය (compress) වන්නේ තවත් ඝන වෙමිනි. මෙලෙස එක් තනි වලාකුළක් බොහෝ කුඩා කැබිලිවලට කැඞී යා හැකි අතර ඒ සෑම එකකින්ම තාරකාවක් සෑදිය හැකිවේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ පොදුවේ ගත් කළ තාරකා කාණ්ඩ වශයෙන්  මිස හුදකලාව නොසෑදෙන බවයි. තවද, එක කාණ්ඩයක් ඇතුළත තාරකා සියල්ල දළ වශයෙන් එකම කාලයකදී සෑදේ.

වායු වලාකුළක සිට තාරකාවක් බවට පරිණාමය හෝ පරිවර්තනය සිදු වන්නේ අදියර ගණනාවක් පසුකරමිනි. මෙහි පළමු අදියරේදී  වලාකුළ ඇතුලත බොක් ගෝලිකාවක්(Bok globule) ලෙස හැඳින්වෙන ඝන කැටියක් බිඳ වැටෙන්නට පටන් ගනියි. එය සිදුවන්නේ ඒ ඝන කැටියෙහි වායු ගුරුත්වය මගින් සම්පීඩනය හා රත්කරමින් අභ්‍යන්තරයට ඇදී යාමෙනි. දෙවැනි අදියරයේ දී  වායු කැටියේ යම් භ‍්‍රමණයක් ඇතිවීම  මගින් එය සමතලා කරමින් තැටියක් බවට හරවයි.

වසර මිලියනයක් පමණ ගතවෙද්දී තැටිය එහි මැද, මුල තාරකාව(a protostar) හෙවත්  ළදරු තාරකාව  නම් කුඩා රත් වූ සන හරයක් සෑදෙයි. මෙමගින් තුන්වැනි අදියර සමන්විත වේ. මෙම පියවර 2 චිත‍්‍රයේ දක්වා ඇත. මූලතාරකාවක්,  එය සම්පීඩනය වූ වායුවට වඩා උණුය. සමහරවිට 1500 K තරම් උණුය. එසේ වුවද එය ඒ වන විටද සාමාන්‍ය තාරකාවකට වඩා බෙහෙවින් සිසිල්ය. එහි සාපේක්ෂ අඩු උෂ්ණත්වය හේතුවෙන් මූල තාරකාවක් බැබලෙන්නේ ප‍්‍රධාන වශයෙන් අධෝරක්ත තරංග ආයාමවල මිස දෘශ්‍යමාන තරංග ආයාමවල නොවේ. ඉතින් මේ අනුව, මූල තාරකාවක් නිරීක්ෂණය පිණිස තාරකා විද්‍යාඥයන් යොදා ගන්නේ අධෝරක්ත තරංග අයාම සොයා ගන්නා ටෙලස්කෝපය. (දුරේක්ෂය) අන්තස්තාරීය වලාකුළක දෘශ්‍යමාන මෙන්ම අධෝරක්ත අනුරූප 3 චිත‍්‍රයේ දක්වා ඇත. අධෝරක්ත අනුරූපවල මූල තාරකා ප‍්‍රභාවත් වස්තූන් දෙස දිස් වේ. ඊට ප‍්‍රධාන හේතු දෙකක් බලපායි. මූල තාරකා අධෝරක්ත තරංග ආයාමවල තදින් විමෝචනය කිරීම එක් හේතුවකි. ධූවිලමය වලාකුළු දෘශ්‍ය තරංග ආයාම අවහිර කිරීම අනෙක් හේතුවයි.

මූල තාරකා දිගුකාලයක් සිසිල්ව ම පවතින්නේ නැත. වටකරගෙන  ඇති ද්‍රව්‍ය, ඒවායේ ගුරුත්වය මගින් අභ්‍යන්තරයට ඇද ගනිද්දී ඇතුළට වැටෙන ද්‍රව්‍යයන්ගෙන් මුදා හැරෙන  ගුරුත්වාකර්ෂණීය ශක්තියෙන් තව තවත් රත් වෙන්නට පටන් ගනී. නිදසුනක් දක්වතොත්, ගිනි අඟුරු (යබොර) කුට්ටියක් ටෙනිස් බෝල පෙට්ටියක් මතට වැටුණොත් එම ඝට්ටනය ටෙනිල් බෝල ඒ මේ අත විසිරි යන්නේ ඒවාට චාලක  ශක්තිය එක් කරමිනි. වායුවක චාලක ශක්තිය හෙවත් චලනයේ ශක්තිය ඇතිවන්නේ උෂ්ණත්වය ඉහළ දමන තාපය ලෙසිනි. මූල තාරකාව අභ්‍යන්තරයට ද්‍රව්‍ය වැටෙත්ම එහි වායු පරමාණු වේගවත් වී එය උණුවන්නට පටන් ගනී.

මූල තාරකාවේ හරයෙහි උෂ්ණත්වය කෙල්වින් මිලියන 1 ක් පමණ වූ විට එහි ඇතැම් න්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයා ඇරඹේ. මෙම ප‍්‍රතිචාර ඩියුටීරියම්(deuterium 2H) යනුවෙන් හඳුන්වනු ලබන හයිඩ‍්‍රජන් සමස්ථානිකයක අංශුමාත‍්‍ර ප‍්‍රමාණ විලින කර හීලියම් බවට ශක්තිය මුදා හරියි. සමහර අවස්ථාවල  බැර හයිඩ‍්‍රජන් යනුවෙන්ද දැක්වෙන ඩියුටීරියම් යනු හරයෙහි ප්‍රෝටෝනයකට අමතරව එක් නියුට්‍රෝනයක් ඇති හයිඩ‍්‍රජන්වල සංස්ථානිකයයි. විපුලතාව ගතහොත් නියුට්‍රෝන රහිත හයිඩ‍්‍රජන් ස්වරූප සුලභවලට වඩා ලක්ෂවාරයක් අඩුය. ඩි. විලයනයෙන් සැපයෙන ශක්තිය තාරකාවෙන් ඉවතට විමෝචනය වන ශක්තිය යළි පියවේ. එහෙයින්, මේ ඉන්ධනය පරිභෝජනය කරනතාක් තාරකාව හැකිළීම නවතී. වටේට ඇති ද්‍රව්‍ය විශේෂයෙන්ම තැටියෙන් එන ද්‍රව්‍ය වසර මිලියන ගණනාවක් තිස්සේ තාරකාව මතට වැටේ. ඇතුළට වැටෙන ද්‍රව්‍ය ගුරුත්වාකර්ෂණීය ශක්තිය මුදාහරින අතර එම ශක්තිය මූල තාරකාවට අතිරේක තාපය සපයයි. තරුණ තාරකා ගතහොත්, ඇතුළට වැටෙන ගුරුත්වාකර්ෂණීය ද්‍රව්‍ය ශක්තිය, හරයේ සිදුවන විලයනයෙන් (හාවීමෙන්) මුදාහැරෙන ශක්තිය බෙහෙවින් ඉක්මවයි. ඩියුටීරියම් යොදා ගැනීම අවසන් වූ පසු මූල තාරකාව එහි හැකිළීම යළි අරඹයි. මූල තාරකාවක් මේ අවදි පසු කරන්නේ තාරකා විද්‍යාත්මක වශයෙන් ගත් කළ සුළු කාල පරාසයක් තුළය. සූර්යයා බඳු  තාරකාවකට නම් වසර මිලියන කිහිපයක් පමණකි. ඊටත් වඩා දැවැන්ත තාරකාවකට නම් තවත් අඩුය.

Explorations: An Introduction to Astronomy (Eighth Edition)  නම්  ග්‍රන්ථයෙහි Star Formation කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: