විදු නැන නුවණ – Science Literacy for All

නියං සායෙන් ආපසු ගොඩ ඒම සඳහා හිතනවාට වඩා කල්ගත වෙයි

ඇතැම් ප්‍රදේශ ගන් වතුරට යටවෙද්දී, අද අප රටේ විශාල ප‍්‍රදේශයක් නියං සායට ගොදුරුව ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වයි. ඉන් පිඩාවට, විපතට පත් වූවන් පමණක් නොව සහන සැලසීමට කටයුතු කරන අය පවා අදහස් කරන්නේ වැසි වැටුණොත් මේ තත්ත්වයෙන් ගොඩ ආ හැකි බවයි. ‘සැමදා නියං එකදා වැහි වලාවේ’ යන්න අපට සුපුරුදු ආදර්ශ පාඨයයි.

එහෙත්, නවතම අධ්‍යයනයක් පෙන්නුම් කරන්නේ නියඟයට ගොදුරුව ඉන් නැවත ගොඩ ඒම සඳහා සිතා සිටිනවාට වඩා කල්ගත වන බවයි. ගෝලීය උෂ්ණත්වයන් තවදුරටත් අඛණ්ඩව ඉහළට යද්දී,  මේ ශත වර්ෂය තුළ ලෝකයේ විවිධ කලාපවල නියං වඩ වාඩාත් සුලබ වන්නට, වඩ වඩාත් දරුණු වන්නට ඉඩ ඇතැයි පුරෝකතනය කෙරේ. නාසා ආයතනයේ සහභාගිත්වයෙන් සිදු කළ නව අධ්‍යයනයක් මගින් සොයා ගනු ලැබ ඇත්තේ විසිවන සියවසේ නියඟයන්ට ගොදුරු වූ ගොඩ බිම පරිසර පද්ධති, ඉන් ගොඩ ඒම සඳහා එන්ට එන්ටම වැඩිකාලයක් ගත වී ඇති බවයි. එමෙන්ම ශාක මිය යාමට සහ හරිතාගාර වායු විමෝචනය ඉහළ යාමටද  මග පාදමින්, අසම්පූර්ණ නියං ප‍්‍රතිප‍්‍රාප්තිය(drought recovery) සමහර ප‍්‍රදේශවල අලූත් සාමාන්‍ය තත්ත්වය බවට පත්වීමේ හැකියාවක් ඇති බවද ඉන් දැක්වේ.

මැසචුසෙට්, ෆෝල්මවුත් හි වුඩ්ස් හෝල් පර්යේෂණ මධ්‍යස්ථානයෙහි කි‍්‍රස්ටෝපර් ෂ්වෝම් විසින් මෙහෙයවනු ලැබූ මෙම අධ්‍යයන කණ්ඩායමට කැලිෆෝනියාවේ, පසදෙනා  හි ජෙට් ප‍්‍රචාලන පර්යේෂණාගාරයේ විද්‍යාඥයෝ ද ඇතුලත් වූහ. ඔවුන්ගේ වාර්තාව පසුගිය අගෝස්තු 10 දා Nature සඟරාවෙහි පළ විය. ලෝකයේ විවිධ කලාපවල පැවති නියඟයන්වලට පසුව ප‍්‍රතිප‍්‍රාප්ති කාල සීමාවන් ඔවුන් විසින් මැන බලා තිබිණි. ඔවුහු, ඒ සඳහා නාසා ආයතනයේ මධ්‍යස්ථ ප්‍රභේදන අනුරුපන වර්ණාවලි රේඩියෝ මාන  උපකරණයේ(Moderate Resolution Imaging Spectroradiometer-MODIS)  නිරීක්ෂණ මගින් පිරික්සා බලන ලද දේශගුණික ආකෘති(මොඩල) වල ප‍්‍රක්ෂේපණ යොදා ගත්හ. එහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ සියලූම ගොඩබිම් ප‍්‍රදේශවල නියං ප‍්‍රතිපත්තිය වැඩි කාලයක් ගන්නා බවයි. විශේෂයෙන්ම අවදානම් සහිත කලාප දෙකක එනම් නිවර්තන කලාපය සහ උතුරු ඉහළ අක්ෂාංශ ප‍්‍රදේශවලදී ප‍්‍රතිප‍්‍රාප්තිය වෙනුවෙන්  අනෙක් කලාපවලට වඩා තවත් වැඩි කාලයක් ගතවී ඇත.

හරිතාගාර වායු විමෝචන මත අලූතෙන් සීමාකිරීම් නැතැයි යනුවෙන් උපකල්පිත මොඩල ප‍්‍රක්ෂේපණවලදී නියං සිද්ධි අතර කාලය ඒවායින් ගොඩ ඒම (ප‍්‍රතිප‍්‍රාප්තිය) සඳහා ගොඩබිම පරිසර පද්ධතිවලට අවශ්‍ය කාලයට වඩා කෙටි බව ෂ්වෝම් සඳහන් කරයි.    “හොඳ දසුනක් ලබා ගත හැකි අභ්‍යාවකාශය වැනි තැනක් භාවිත කරමින් බලන කොට නියං මගින් පිට පිටම එමෙන්ම වැඩි වැඩියෙන් මේ මිහිතලයේ වනාන්තර හා අනෙකුත් පරිසර පද්ධිත වෙත පහර වදිනවා අපට දැක ගත හැකියි” අධ්‍යයනයේ සම කර්තෘ ජෙට් ප‍්‍රචාලන පර්යේෂණාගාරයේ ජෝන් ෆිෂර් කියා සිටියි. “මෙයින් සමහරක් පරිසර පද්ධති ඉක්මනින් ගොඩ ආවත් අනෙක් ඒවා ගොඩ එම  එන්ට එන්ටම වැඩි අනුපාතයකිනුයි සිද්ධවෙන්නේ. ඒ කියන්නේ වැඩි කාලයක් ගන්නවා.  අභ්‍යාවකාශයේ ඇති අපේ ඇස් අපේ අතීත හා වත්මන් දේශගුණය  සත්‍යෙක්ෂණයට අපට ඉඩ සලසනවා. එය ඊළඟට අනාගත දේශගුණයේ ප්‍රක්ෂේපනයන් හි අවිනිශ්චිතතා අඩුකර ගැනීමට අපට උපකාර වේවි.”

පරිසර පද්ධතියේ පහසුවෙන් යළි ප‍්‍රකෘතිවීමත් වීම ඇගැයීමේ දී ප්‍රතිප්‍රාප්තිය අතිශය වැදගත් වන මිම්මක් බව විද්‍යාඥයෝ තර්ක කරති. නියං සායවල් අතර කාල පරාස කුඩා වීම, නියං ප‍්‍රතිප්‍රාප්තිය සඳහා දීර්ඝ කාලයක් ගතවීම සමග එක්වීමෙන් පෘථුල ආකාරයෙන් ශාක මිය යාමට මගපාදන්නේ වායුගෝලයේ කාබන් අවශෝෂණයට ගොඩ බිම ප‍්‍රදේශවලට ඇති හැකියාව අඩුකරමිනි.

NASA Climate හි පළ වූ Study Finds Drought Recoveries Taking Longer ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: