විදු නැන නුවණ – Science Literacy for All

විවෘත පාංශු විද්‍යාව : අප පා යට දූවිල්ලේ රහස් සොයන තාක්ෂණය

පස තුළ නොයෙකුත් අභිරහස් යට වී ඇත. තාක්ෂණයට එම රහස් හෙළි කළ හැකියි.

ඔබ කවරදාක හෝ හිටිවනම නැවතී ඔබේ පාද යට ඇති දූවිලි ගැන සැලකිලිමත් වන්න සිතුවාද? ලියනාඩො ඩා වින්චි කීවේ ‘අපේ දෙපා යට ඇති පසට වඩා අපි අභ්‍යාවකාශයේ සරන වස්තූන් ගැන දන්නෙමු’ යනුවෙනි. එසේ වුවද මිනිසෙක් වශයෙන් අපේ පැවැත්ම ම ඒ කියන්නේ මේ මිහිතලය මත අපේ ජීවිතය,  පෘථිවිය වසාගෙන ඇති තුනී පස් තට්ටුවෙහි යහපැවැත්ම මත රඳා පවතී. පස,  සමාජයට අත්‍යවශ්‍ය ආහාර, පෝෂණය, තන්තු මෙන්ම අමුද්‍රව්‍ය සපයනවා පමණක් නොව පෘථිවියේ ජෛව විවිධත්වයෙන් හතරෙන් එකකට  නිවහන ද වෙයි. පස, පෘථිවිය මත වඩාත් විශාලතම ඓන්ද්‍රීය කාබන් සංවිතයයි. අතිශය ගතික වුවද එය බොහෝ සේ දුබලය; කැඩෙන බිඳෙන සුළුය. වනයක් කපා දැමුවොත් වසර 50කින් ආපසු වැඬේ. එහෙත් පස සෙ.මී. 10 ක් අහිමි වුණොත් එය ආපසු ලබාගැනීමට වසර 1000ක් ගත වෙතැයි අපේක්ෂා කළ හැකිය. පස නොමැති වුවහොත් අපට අපේ ග‍්‍රහලෝකය හඳුනා ගැනීමට පවා නොහැකි වනු ඇත. හරියට චන්ද්‍රයාගේ හෝ අඟහරුලොව වැනි නිසරු, හව්හරණක් නොමැති තැනක් මෙන් එය පෙනී යා හැකිය.

අප දෙපා යට ඇති පස කෙතරම් ගැඹුර ද(ඝන ද) යන්න පවා අප මේ මෑතක් වන තුරු දැන සිටියේ නැත. හොඳින් ආරක්ෂා කළ  අභිරහසක් අනාවරයා කර ගැනීමට ක්‍රියා කිරීමේ දී සිදු කරන්නාක්  මෙන් පස ද හොඳින් අවබෝධ කර ගැනීමට නම්,  ඉතිහාසය හෙළි කර ගැනීමට නම් හාරා ඇවිස්සීම කළ යුතුය. එම රහස් එළියට පැමිණි කල ප‍්‍රශ්න ගණනාවක්ම පැන නගියි. ගැඹුරට යත්ම (පසෙහිදැකිය හැකි) වර්ණයෙහි විවිධත්වයෙන්  දැක්වෙන්නේ කුමක්ද? කොපමණ කාබන් තැන්පත්ව ඇතිද? පස  ඝන ද සැහැල්ලූද එමෙන්ම හානි පැමිණ ඇත්ද නැතිනම් මනාව පවතී ද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම වැදගත්ය. එහෙත් එය සැලකිය යුතු අභියෝගයකි. ඊට වසර ගණනාවක පුහුණුවක් ද අවශ්‍ය විය හැකිය.

විවෘත පාංශු විදයා දත්ත හා තාක්ෂණ ව්‍යාපෘතියෙහි(Open Soil Science data and technology) නියුක්ත පර්යේෂකයන් කණ්ඩායමක් මෑතක නෙදර්ලන්තයේදී රැස් වුණේ පුරවැසි පාංශු විද්‍යාවේ වර්තමාන හා අනාගත වර්ධනයන් ගැන සාකච්ඡා කිරීමටය. ඉලෙක්ට්‍රෝනික (විද්‍යුත්) සම්පත් වැඩිදියුණු කර ඒවා පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම මගින්  පසෙහි රහස් වඩාත් පුළුල් ප‍්‍රජාවක් සමග බෙදා හදා ගැනීමටත් පාංශු නිරීක්ෂණ සහ පසෙහි ගුණාංග ගැන අපගේ දැනුම ලෝකය පුරා ලබාදීමේ හා බෙදා ගැනීමේ කටයුතු ප‍්‍රගුණ කිරීමට අපේක්ෂා කෙරේ. මේ සියුම් සම්පත සංරක්ෂණය කිරීමට ආධාර වන ඉලක්ක ගත උපාය මාර්ග වර්ධනය කිරීමට ද මෙය ඉවහල් වේ.

කිසිවෙකුට, අප අවට ඇති පස ගැන වැඩිමනත් දැන ගැනීමට අවැසි නම් ඒ සඳහා අන්තර් ජාලයේ  ඕනෑ තරම් පහසුකම් ඇත. මීට කැපවුණු අන්තර්ජාල වෙඩි අඩවි නාමාවලි බොහොමයක් ඇත. මේවා පස ගැන මනා දැනුමක් ඇති කර ගැනීමට යෝග්‍ය ආරම්භක ස්ථානය. එම දැනුම, ගොවීන්ට හා ඉඩම් පරිහරණය කරන්නන් හට පාංශු සංවර්ධනයට බලපාන ක්‍රියාදාමයන් වටහා ගැනීමට  මෙන්ම එය පසෙහි සෞඛ්‍යය කෙරෙහි බලපාන අන්දම සහ  කාබන් ගබඩා ලෙස කි‍්‍රයාකරන පරිසර පද්ධති ගැන දැන උගෙනීමේ කි‍්‍රයාදාමයන්ට මග පාදයි.

බුහුටි දුරකතනයකින් පස ගැන සොයන කෙන්යාවේ පිරිසක්

මෙවන් පස සඳහා කැප වූ පරිගණක යෙදුම්(portals) භාවිත කරන විවිධ පුද්ගලයෝ ඒවායින් විවිධ දේ අපේක්ෂා කරති. කෙත් බිම් සරන ගොවීන් හා ගෙවතු වගාකරුවන් නිරතුරුව උනන්දුව දක්වන්නේ පසෙහි සරු බව ගැනය. පන්ති කාමරයේ ගුරුවරයෙකුට අවශ්‍ය වන්නේ ලොව පුරා විවිධ භූ දර්ශන අතර පසෙහි විවිධත්වය මෙන්ම පසෙහි කාර්ය භාරය පැහැදිලි කර දීම විය හැකියි. මෙම පරිගණක යෙදුම් හා බුහුටිදුරකතන යෙදුම් (smartphone apps) භාවිත කරන්නන්ගේ අපේක්ෂාවන් කුමක් වුවත්, එම යෙදුම් පසෙහි විවිධ අංග මෙන්ම පස යොදා ගැනීමේ විවිධ හැකියාවන් සොයා ගැනීමට ද අවබෝධ කර ගැනීමටද  මිනිසුන්ට ආධාර වේ. එය, අඩුවෙන් අගැයීමට ලක් වන මෙකී ස්වාභාවික සම්පතෙහි අලංකාරය, විවිධත්වය හා වැදගත්කම මතු කර දීමට ඉවහල්වේ. පසෙහි  ස්වභාවය, ස්වරූපය හා සංයුතිය ආදිය ගැන වටිනා දත්ත සම්භාරයක් මේ වටිනා යෙදුම් තුළ අන්තර්ගතව ඇත. දැන් මතුවන ප‍්‍රශ්නය මෙයයි.

මෙම දත්ත අවශ්‍ය වන්නේ කුමකටද? ක්ෂණිකව යොදා ගත හැකි භාවිතයන් ගැන කල්පනා කළහොත් කුමන භෝගයක් කොතැන වගා කළ හැකිද යන්න හඳුනා ගැනීමට මේ දත්ත උපකාරී විය හැකිය. ‘කුමක්’ ‘කොයිබ’ ‘කවදා’ යන්න අනාගත කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඇසිය යුතු ප‍්‍රශ්න වේ.

මේ ආකාරයට, නවීන තාක්ෂණය මගින් පසෙහි සංකීර්ණ ස්වභාවය මෙන්ම වැදගත් කම ඉස්මතු කිරිමෙන් ලොව පුරා යහපත් පසක් පවත්වාගෙන යාමේ වටිනාකම ගැන අවබෝධයක් ඇති කරලීමට මෙම ව්‍යාපෘතිය අපේක්ෂා කරයි. මෙය විවිධ ස්ථාන අතර ඇති පස්වල අනගි විවිධත්වය හෙළිදරව් කිරීමටත්, පාංශු ගුණාංග තක්සේරු කිරීමේදී අවශ්‍යවන මූලික දැනුම ලබාදීමටත් උපකාරී වනු ඇත. නූතන තාක්ෂණයට පිං සිදු වන්නට, පස සතු වැදගත් රහස් හෙළි දරව් කර ගැනීම පහසුවෙමින් පවතී.

The Conversation (Global) හි Open soil science: technology is helping us discover the mysteries under our feet යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: