විදු නැන නුවණ – Science Literacy for All

මිනිසුන්ට බලපාන පර්යේෂණ සඳහා වඩාත් බලගතු මූසිකයෙක් අවශ්‍යලූ!

”පිළිකාව දහස්වාරයක් ගණනක් පවා  සුව කර තිබෙනවා” යනුවෙන් ඇ.එ.ජ. ජාතික සෞඛ්‍ය ආයතනයෙහි උසස් උත්තාරණ විද්‍යා සඳහා වූ ජාතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ කි‍්‍රස්ටෝපර් ඔස්ටින් ප‍්‍රකාශකර සිටියි. ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ? කාරණාව මේකයි. ඒ සුවකිරීම් සියල්ල සිදුවී ඇත්තේ මී(mouse) පරපුර අතරේය. මීයන්ගේ අර්බුද (ටියුමර්)  අකාමකා දමන්නට ඖෂධ සිය ගණනක් සමත්ව ඇතත් මනුෂ්‍යයන් සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණවලදී අසාර්ථක වී ඇත. සමහර අවස්ථාවල ප‍්‍රතිඵලය ඊටත් දරුණු විය. මන්ද, අත්හදා බැලූ ඖෂධ මනුෂ්‍යයන්ට විෂ වීමයි. පුදුමය දනවන තවත් කාරණාවක් වන්නේ පරීක්ෂාවන්ට ලක්කෙරෙන ඖෂධ අතුරෙන් 90%ක් අනුමැතිය පතා ඇ.එ.ජ. ආහාර සහ ඖෂධ ඒජන්සිය වෙත එවෙන්නේවත් නැත.

වැරැද්දෙන් වැඩිකොටස පැටවෙන්නේ බැගෑපත් පර්යේෂණාගාර මීයන් කර මතය. ඉතින් විද්‍යාඥයන් කළ යුත්තේ කලාන්තරයක් තිස්සේ පර්යේෂණාගාරයේ සහාය ලබා දෙන මීයන් අත්හැර දැමීම ද? නොමැතිව සරලව දක්වන්නේ නම් වඩාත් හොඳ මීයෙකු නිර්මාණය කිරීමද?

විවිධ පර්යේෂණ කටයුතු වෙනුවෙන් මීයන් පර්යේෂණාගාර වෙත ඇදුනේ විසිවැනි සියවසේ මුල් වසරවලදීය. පිළිකාව ප‍්‍රවේණිගතව වැළඳෙන රෝගයකැයි ප්‍රවේණි විද්‍යාඥ ක්ලැරන්ස් කුක් ලිටල් සැක කළේය. කෙටි ජීවිත කාලයක් සහිත මීයන් මේ සඳහා වන පරීක්ෂනයන්ට යෝග්‍ය සතෙකු ලෙස සැලකිණ. අනතුරුව, ඔහුගේ පර්යේෂණාගාරය  රට පුරා විවිධ වර්ගවල මීයන් අළෙවිකරන මධ්‍යස්ථානයක් බවට පත්විය. එපමණක් නොව රජයේ අරමුදල්වලින් සිදු කරන පර්යේෂණ සඳහා මීයා,  නිල සත්ව මාදිලිය ලෙස  සම්මත  කරවා ගැනීමටද ඔහු සමත් විය. ලිට්ල්ට වැරැද්දක් පැවරිය නොහැකිය. මනුෂ්‍යයන් සහ මීයන් සිය ජානවලින් 97කටම එක ලෙස හිමිකම් පාති. මේ සමානත්වය එක අතකට භාග්‍යයක් මෙන්ම එක අතකට අවාසනාවක්ද විය. සමහර අවස්ථාවල වෙනස නියුක්ලියාටයිඩ එකකි. එක් තනි G, T, A හෝ  C ය.  එහෙත් කි‍්‍රස්ටෝපර් ඔස්ටින් කියා සිටින්නේ මෙය අකුරක් අඩුව වචනයක් කියනවා වැන්නක් යනුවෙනි. “එක අකුරක් වරද්දා ගත්තොත් වචනය සම්පූර්ණ තේරුමම වෙනස්වනවා නේ? ඉතින් DNA අක්ෂර වින්‍යාසයෙත් එහෙම තමයි. සෛල රක්ත හිනතාවය(Sickle cell anemia) වැළඳෙන්නේ  වෙනස් කම් බිලියන තුනක් අතරින් එකක වෙනසකින්” ඔස්ටින් පැහැදිලි කරයි.

ආහාරය මගින්ද ජාන ප‍්‍රකාශනය බරපතළ ලෙස වෙනස් කළ හැකිය. “එකිනෙකාට අනන්‍ය මීයන් දෙදෙනෙකු පරිසර දෙකක, කාල කලාප දෙකක ස්ථාන දෙකක දැමුවොත් ප‍්‍රතිඵලය වෙනස්වෙනවා” ඔස්ටින් කියයි. ජීවාණුහළ පරීක්ෂණාගාරයද  ප‍්‍රතිඵල වෙනස් කිරීමට දායක වෙයි. මනුෂ්‍යයන්ට බහුලව බලපාන වෛරසවලට  නිරාවරණය වූ කාලයේ කොස් ඇට මීයන් පර්යේෂණ කටයුතු සඳහා වඩා  යෝග්‍යව පැවති බව මෑතක අධ්‍යයනයක් පෙන්නුම් කරයි. පර්යේෂන කටයුතු සඳහා යොදා ගැනීම පිණිස, ‘පරිපුර්ණ’ පාලිත සතුන් ලෙස පරීක්ෂණාගාර තුළ බෝකරන මීයන් ගෙවන සුවපහසු ජීවිතය ඔවුන්ගේ භෞතවේදය වෙනස් කරයි. වෙන වචනවලින් කියතහොත් ‘අපිරිසිදු’ මීයන් පර්යේෂණ සඳහා වඩාත් සුදුසුවිය හැකිය.

මෙයටම අදාළ තවත් ගැටලූවක් ඇත. විද්‍යාඥයන් බොහෝ දෙනෙක් මූසික ජීවවිද්‍යාවේ විශේෂඥයෝ නොවෙති. මී සම්පත් හා පර්යේෂණ කේන්ද්‍රයේ(Rat Resource and Research Center–RRRC) අධ්‍යක්ෂිකා එලිසබෙත් බ‍්‍රයිඩා මෙසේ පවසයි. “මං නම් හිතන්නේ අතීතයේ දී සමහර පර්යේෂකයන් කි‍්‍රයා කළේ  රික්තයකයි. විද්‍යාඥයන්ගේ අවධානය නාභිගතව ඇත්තේ වෙනත් තැනකට නිසා ඔවුන් මනුෂ්‍යයන් හා මීයන් අතර  ප‍්‍රවේණිමය වෙනස ගැන සැම විටකම සිතන්නේ නැත. “බාගදා තමන් යොදා ගන්නා විශේෂය (species)  වැඬේට යෝග්‍යතම විශේෂය නොවන්න පුළුවනි. ඒත් එසේ යොදා ගන්නා අයට භෞතවේදය හෝ ප‍්‍රවේණි විද්‍යාව ගැන ප‍්‍රමාණවත් දැනුමක් නැහැ”.

කොස් ඇට මීයන් සේම, මීයන්(rats) ද පරීක්ෂණාගාරවල සුලබය. දෙවර්ගය අතර භෞතවේදී වශයෙන් ඇත්තේ සුළු වෙනස්කම්ය. මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන් අන්තර් කි‍්‍රයාකරන්නේ කෙසේද යන්නට බලපාන මනෝවිද්‍යාත්මක වෙනස්කම්ය. එහෙත් කොස් ඇට මීයන් සම්බන්ධ පර්යේෂණන්‍ලදී වදයක් වී ඇති ප‍්‍රශ්න මීයන් සම්බන්ධ පර්යේෂණවලට ද බලපායි. මෙය විසඳීමට මී සම්පත් හා පර්යේෂණ කේන්ද්‍රය ආධාර කරන්නේ පාරිභෝගික අවශ්‍යතා අනුව හැඩ ගැසීම් කරන ආයතනයක් ලෙසය. ඔබට අවශ්‍ය පුප්ඵුසීය අධිරුධිර පීඩනය(pulmonary hypertension) සහිත  සහ ස්නායු සම්ප්‍රේෂක  සෙරොටොනින්(serotonin) ඌණතාව පවතින  එහෙම නැතින්ම ඇහේ සුද සහිත මීයෙකුද?  ප්‍රශ්නයක් නැත. එවැන්නන් ලබා ගත හැකිය. CRISPR ජාන සැකසුම් මෙවලම්වල පිහිටෙන් මීයන්ගේ ජෙනෝමය සුසර කිරීමෙන් මිනිසුන්ගේ ලෙඩරෝග සමාන ගති ලක්ෂණ සහිත ජාන සුසංයෝගී මීයන් නිර්මාණය කළ හැකිය.

මෙලෙස, පර්යේෂණවලට පරමාදර්ශීව යෝග්‍ය ආකෘති ලෙස සැලකිය හැකි රොඩෙන්ටික කුලයේ සතුන් ජාන සංස්කරණය තුලින්  නිර්මාණය කිරීමෙන් මිනිසුන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සතුන් අතර ජානමය විභේදනය පටුකර ගැනීමට හැකිවේ. එහෙත් මීයෙකු හැසිරෙන ආකාරය පිළිබඳ සියලූ රහස් හෙළිකර ගැනීමට විද්‍යාඥයන් තවම සමත් වී නැත.

මියා සහ කොස් ඇට මියා

 

මෙම අරමුණ ඇතිව මී රූපානුදර්ශන අන්තර්ජාතික කොන්සෝටියම (International Mouse Phenotyping Consortium) මීයන්ගේ ජෙනෝම සියුම් පරික්ෂාවට ලක්කරයි. මිනිසුන්ට දැඩි සමානතාවක් ඇති ජාන 20,000ක් පමණ මීයන්ට ඇත. මෙයින් භාගයක  පමණ කි‍්‍රයාකාරිත්වය ගැන අපට අවබෝධයක් ඇතැයි ඬේවිස් හි, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මී ජීවවිද්‍යා වැඩ සටහන මෙහෙයවන කෙන්ට් ලොයිඞ් පවසයි. ඔහු සහ කොන්සෝටියමේ සිටින සෙසු සගයන්ට අවශ්‍යව ඇත්තේ ඉතිරි භාගය තේරුම් ගැනීමටය. 2020 වන විට මේ කාර්යය නිම කිරීමට හැකිවෙතැයි අපේක්ෂිතයි.

කෙසේ වෙතත්, ඔස්ටින්ගේ උසස් උත්තාරණ විද්‍යා සඳහා වූ ජාතික කේන්ද්‍ර වැනි ප‍්‍රයත්න පරිපූර්ණ කොස්ඇට මීයෙකු සෙවීමේ කාර්යය අත්හැර දමා ඇත. ඒ වෙනුවට මිනිසුන්ගේ සෛල සහ අවයව යළි නිර්මාණය කිරීමට හැකි පරිගණක ආකෘති වැඩිදියුණු කරමින්  ඔවුන් උත්සාහ දරන්නේ අලූත් ඖෂධවලට මනුෂ්‍යයන් ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි දැන ගැනීමටය. තවත් සමහරු ‘මයික්‍රො චිප’ යොදාගනිමින් පර්යේෂණ පවත්වති. මෙය ජීවියෙකු යොදා නොගෙන නව ඖෂධ පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දෙයි.

දෝෂ සහිත පද්ධතියක් වැඩිදියුණු කිරීම පිණිස ක‍්‍රමිකව වෙනස්කම් සිදුකිරීමේ ක‍්‍රමයක් ලෙස විද්‍යාඥයන් සහ පර්යේෂණාගාර මීයන් අතර සම්බන්ධතාව හැඳින්විය හැකිය. මෙලෙස බොහෝ පර්යේෂණ යෝග්‍ය ආකාරයට ඉදිරියට යන්නේය.ඒ ඉදිරි ගමන සිදුවන්නේ  අප නොදන්නා දේ පිළිබඳ අපේ දැනුම පුළුල් කිරීම පිණිස අප දන්නා දේ විචාරාත්මකව විභාග කර බැලීමෙනි.

Discover (June 2017) සඟරාවෙහි   A Mightier Mouse නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: