විදු නැන නුවණ – Science Literacy for All

මිනිසා, පරිසරය හා ධරණීයතාව

පරිසර විද්‍යාවේදී වඩාත්ම වැදගත්වන සංකල්පයක් ලෙස ධරණීයතාව (sustainability) හැඳින්විය හැකිය. දරාගත හැකිවීම යන අරුතින් යෙදෙන මෙය පරිසරවේදය ගැන මෙන්ම සංවර්ධනය ගැන ලියැවෙන ලිපි ලේඛනවල තිරසර බව, ස්ථිරසාරත්වය ආදී වදන්වලින්ද හඳුන්වනු ලැබේ. මෙම ලිපියේ දී මේ සෑම අරුතකින්ම ධරණීයත්වය යන වචනය යොදා ගැනීමට කැමැත්තෙමු.

අප ධරණීය ලෝකයක් ගැන කතා කරන්නේ නම්, එවැනි ලෝකයක් මෙසේ විස්තර කළ හැකිය: ජීවිතය පවත්වාගෙන යාමට මගපාදන(සරු පස, ජලය හා වාතය වැනි) ස්වාභාවික පද්ධති මත මානව සමාජය මගින් පනවනු ලබන ආතති හෙවත් පීඩනය තුළින් පරිසරය පසුබෑමකට ලක් නොවී මිනිසුන්ට ආර්ථික සංවර්ධනය ළඟාකර ගතහැකි   සහ සම්පත් සාධාරණ ලෙස වෙන් කර ගත හැකි වන්නාවූ ලෝකයයකි. පරිසරය දැරිය හැකි මට්ටමකින්(ධරණියව) භාවිතයට ගන්නා විට අනාගත පරපුරේ සුබසිද්ධිය අනතුරේ නොහෙළා මානව වර්ගයාගේ වර්තමාන අවශ්‍යතා සපුරාගත හැකිවේ. පාරිසරික ධරණීයතාව, පෞද්ගලික, ප‍්‍රජා, ප‍්‍රාදේශීය ජාතික සහ ගෝලීය මට්ටම් ඇතුළුව මට්ටම් බොහොමයකට අදාළ වේ.

  • ජීවත්වන සියල්ල ඇතුළුව ස්වාභාවික පරිසර පද්ධතිවල සුබසිද්ධිය සහ යහපැවැත්ම කෙරෙහි අපේ කි‍්‍රයා බලපැවැත්විය හැකිය.
  • පෘථිවියේ සම්පත් අසීමිත සැපයුමකින් නොපවතී; පිරිසිදු ජලය (මිරිදිය) වැනි ප‍්‍රතිවර්ත්‍ය සම්පත් (යළි යළි ඇති කළ හැකි සම්පත්) අනාගත අවශ්‍යතා සඳහා කොපමණ ඉක්මනින් පුනර්ජනනය කළ හැකිද යන්න මත (සම්පත්වලට) ප‍්‍රවේශවීමට ඇති අපේ හැකියාව පාරිසදරික සීමා මගින් අවහිර වේ.
  • අප පරිභෝජනය කරන නිෂ්පාදන, අප ඒවාට ගෙවන මිලෙහි දැක්වෙන ප‍්‍රමාණය ඔබ්බවා යමින් පරිසරය හා සමාජය මත පිරිවැය එකතු කළ හැකිය.
  • ධරණියත්වය (රැකගැනීම) සඳහා ගෝලීය පරිමාණයෙන් ජනතාවගේ සාමුහික මෙන්ම සමායෝජිත ප‍්‍රයත්නයක් අවශ්‍ය වේ.

පාරිසරික ප‍්‍රශ්න ගැන විශේෂඥභාවයක් දක්වන බොහෝ දෙනා අදහස් කරන්නේ මානව සමාජය ධරණීය ආකාරයකට කි‍්‍රයාත්මක නොවන බවයි. ඊට බලපාන මානව චර්යාවන් අතර මතු දැක්වෙන සාධක ද ඇතුලත්ය:

  • අප, ෆොසිල ඉන්ධන වැනි පුනර්ජනනය නොවන(nonrenewable) සම්පත් ඉවක් බවක් නැතිව නිස්සාරණය කරන්නේ හරියට ඒවා අසීමිතව ඇතැයි යන ආකාරයකටය.
  • අප මිරිදිය සහ වනාන්තර වැනි පුනර්ජනන සම්පත් පරිහරනය කරන්නේ ස්වාභාවික පද්ධතිවලට ඒවා යළි පූරණය කළ හැකි වේගයට වඩා වැඩි වේගයකිනි.
  • අප ධූලකවලින් පරිසරය දුෂණය කරන්නේ හරියට ඒවා (ධුලක) ඕනෑතරම් අවශෝෂණය කිරීම පිණිස පරිසරයට සීමා රහිත හැකියාවන් ඇතුවා සේය.
  • මානව ගහණයෙන් සුළු කොටසක් පෘථිවියෙහි සම්පත්වලින් අතිවිශාල ප‍්‍රතිශතයක් මත ඔවුන්ගේ අණසක පතුරුවාගෙන ඇත.
  • අපට ආහාර පාන සැපයීම සඳහා, අපව රැකබලා ගැනීම සඳහා හා අපේ අපද්‍රව්‍ය අවශෝෂණය සඳහා පෘථිවිය සතුව ඇත්තේ සීමිත හැකියාවක් වුවද ඒ බව නොතකා අපේ ගහණය(ජනගහණය) අඛණ්ඩව වර්ධනය වේ.

මෙම කරුණු කාරනා ගැන වග විභාග නොකළත් ඒවා ජීවිතාධාරක පද්ධතිවලට කොපමණ නම් තර්ජනයක් විය හැකිද යත් යළි ප‍්‍රකෘතිමත් කිරීම නොහැකිවනු ඇත. කෘෂිකාර්මික ඉඩම් ධීවර කර්මාන්ත සහ මිරිදිය වැනි ප‍්‍රධාන පෙළේ  සම්පත්, ඉක්මනින් යළි ප‍්‍රකෘති තත්ත්වයට පත් කිරීමට නොහැකි තරමට අවසන් වී ගියොත් එහි ප‍්‍රතිඵල වශයෙන් මිනිස් වර්ගයාට බරපතළ හානි පැමිණේ. එහෙයින්, මෙම සම්පත් ධරණීයව කළමනාකිරීම යනු පරිසරය සුරැකීමට වඩා ඔබ්බට යන්නකි: ධරණීයතාව මිනිසුන්ගේ යහ පැවැත්ම ප‍්‍රවර්ධනය කරයි.

කැලෑ ගස් කැපීමේ කර්මාන්තය වන ප‍්‍රාණීන් සඳහා වන වාසස්ථාන විනාශ කරන අතර දළ බෑවුම්වල පාංශු ඛාදන අනුපාතය ඉහළ දමයි.

බැලූ බැල්මට මේ ගැටලූ සරල ඒවා ලෙස පෙනී යා හැකිය. “ඉතින්, අපට කරන්න තියෙන්නේ පාරිභෝජනය අඩු කර, තාක්ෂණය වැඩි දියුණු කර ජනගහන වර්ධනය සීමා කරන එකනේ? ” යනුවෙන් කෙනෙක් ප‍්‍රශ්නයක් නැගීමට පුළුවන. මීට පිළිතුරු වශයෙන් දැක්විය හැක්කේ අන්තර් ක්‍රියාකරන විවිධ පරිසරාත්මක, සමාජයීය සහ ආර්ථික සාධක මගින් ගැටලූව ලිහීම සංකීර්ණ කරනු ලබන  බවයි. ධරණීයත්වය පිළිබඳ ගැටලූ විසඳීම අසීරු කරවන ප‍්‍රධාන හේතුවක් වන්නේ පරිසරය කි‍්‍රයා කරන ආකාරය කෙසේද යන්න සහ මිනිසුන්ගේ තේරීම්(වරණ = choices) පරිසරය කෙරෙහි බලපාන්න කෙසේද යන්න ගැන අපේ දැනුම අඩු වීමයි; ප‍්‍රමාණවත් නොවීමයි. පරිසරය සහ මනුෂ්‍යයන් අතර අන්තර්කි‍්‍රයාවන් බොහොමයක ප‍්‍රතිඵල ගැන දැනීමක් අවබෝධයක් නොමැතිවාක් මෙන්ම පුරෝකථනය කිරීමද පහසු නැත. අපේ අවබෝධය  වඩාත් පරිපූර්ණ වන තුරු අප නිරවද්‍යකාරක (නිවැරැදීකරන) කි‍්‍රයා ගත යුතුද යන්න ගැන අපට සාමාන්‍යවශයෙන් දැනුමක් නැත.

 

ENVIRONMENT 9th Edition (John Wiley & Sons, 2015) හි  Sustainability(Pg.8) කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: