මොනර පිලේ රහස් සංඥා

මොනරාගේ මනස්කාන්ත පිල්කළඹ (වලිගය) සිය සංවාස (සංඥා) ක්‍රමවේදයේ එක් උපායක් පමණක් විය හැකිය.
දිදුලන නිල් සහ කොළ පැහැ මනස්කාන්ත පිල් කළඹ විහිදුවමින් මොනරු නටන රැගුම සත්ව රාජධානියේ දැකිය හැකි වඩාත්ම සිත් අළවන දර්ශනයක් බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා ඇත. එහෙත් මේ සංදර්ශනය තුළ ඇසට පෙනෙන දෙයට වැඩි යමක් ඇතැයි නව අධ්‍යයනයකින් හෙළි වෙයි. Animal Behaviour නම් සඟරාවට වාර්තාවක් සපයන කැනඩාවේ මැනිටෝබා විශ්වවිද්‍යාලයේ ඇන්ජෙලා පී‍්‍රමන් සහ ජේම්ස් හෙයාර් විසින් සොයා ගනු ලැබුවේ මොනරුන් සිය වලිගය සංවාස පුර්ව ප්‍රදර්ශනයක යෙදෙන විට පිහාටුවලින් නැගෙන සරසර හඬ ඔස්සේ පහළ සංඛ්‍යාතයක එහෙත් දුර ඈත කරා යන ‘අවධ්වනිය’(“infrasound”) යනුවෙන් දැක්වෙන හඬක් ජනනය වන බවයි. එය මිනිසුන්ට ශ්‍රවණය කිරීමට නොහැකි තරම් පහළ සංඛ්‍යාතයක පවතී. එහෙත් පෙනීගොස් ඇති අන්දමට සෙබඩ නැතිනම් මොණරුන්ගේ ගැහැනු සතුන්ට එහ හඬ ඇසෙන බවයි. ඉන් අදහස් වෙන්නේ මොනරුන්ට තමන්ගේ සංදර්ශනය දුර ඈත ශ්‍රාවක පිරිසක් අතරේ ප්‍රවර්ධනය කිරීමේ හැකියාවක් ඇති බවයි.
ජේම්ස් හෙයාර්ට මේ ගැන සැකයක් ඇති වී තිබෙන්නේ විනිපෙග් සත්ව උද්‍යානයක් නැරඹීමට ගිය අවස්ථාවකිදීය. එහිදී හිස් කොන්කී‍්‍රට් බිත්තියක් ඉදිරියට වී තනි මොනරකු සිය වලිගය(පිල් කළඹ) වනමින් හුදකලාව සංදර්ශනයක් පවත්පනු ඔහුගේ නෙත ගැටී ඇත. බිත්තයෙන් මොනරාට තම රුවෙහි පිළිබිඹුවක් දැකගත නොහැක. එසේ නම් මොහු මේ සිදු කරන දෙයෙහි තේරුම කුමක්ද? හෙයාර්ට හැඟී ගියේ යම් ආකාරයකට මේ කරන දෙය ශබ්දයට සම්බන්ධකමක් තිබිය හැකි බවයි. එහෙයින් ඔහු නැවත වරක් පැමිණියේ මොණරවලිගය චලිත කිරීමේදී ඇතිවන හඬ පරීක්ෂා කිරීමටයි. ඔහුගේ දෙසවන් මගින් මොණරවලිගයේ අඩිධ්වනියකින් යුත් සරසර හඬ අසන්නට හැකි වුවද පටිගත කිරීමේ යන්ත්‍රය, මිනිසුන්ට නෑසෙන යමක් අහුලා ගැනීමට සමත්විය. එනම්, හර්ට්ස් 20 ට අඩු අධිධ්වනි සංඛ්‍යාතය.
විශ්මයට පත් පී‍්‍රමන් හා හෙයාර් දෙදෙනා මෙම වෙනස් ආකාර ශබ්දවලට මොනරු ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි සෝදිසි කර බැලූහ. ඔවුන් ඉහළ සංඛ්‍යාත සර සර හඬ පමණක් ප්‍රතිවාදනය කළ විට මොණරුන්ගෙන් ලැබුණේ සුළු ප්රතිචාරයකි. එහෙත් අදිධ්වනි ශබ්ද වාදනය කරද්දී මොනරු මෙන්ම සෙබඩ හෙවත් මොනරුන්ගේ ගැහැණු සත්තු ද වඩාත් කි‍්‍රයාකාරී සහ සුපරීක්ෂාකාරී වූහ. සිය ස්වරාලයෙහි අඩු සංඛ්‍යාතවල ගිගුරුම් හඬක් නැඟීමෙන් අලි ඇතුන්, තල්මසුන් සහ කිඹුලන් ට සංනිවේදනයේ යෙදීමට හැකි බව සත්ව විද්‍යාඥයෝ දන්නේ වසර ගණනාවක සිටය. එහෙත් පක්ෂීන් අරත අධිධ්වනි සංනිවේදන පිළිබඳ සාක්ෂි විරලය. මඳවශයෙනි. Capercaillie grouse වළිකුකුළන් මෙම ශබ්ද නගන බව දැන සිටි කරුණකි. පරෙවියන්ට සහ කුකුළන්ට ඒවා ප්රග්රනණය කළ හැකිය. එහෙත් මේ ශබ්ද (අධිධ්වනි) නැගීමට හැකි මෙන්ම ඒවා ශ්‍රවණය කළ හැකි බව පෙන්නුම් කර ඇති ප්‍රථම පක්ෂී විශේෂය මොනරුන්ය. අධිධ්වනිය මොණරාගේ රහස් සංඥාව විය හැකිය. තම පෙම්වතියට තමා ඉන්න තැන ගැන වංහුං විලෝපියෙකුගේ කනට යා නොදී දැක්වීමේ ක්‍රමයක් විය හැකිය. එහෙත් මෙහි දී මතුවන ප්රශ්නය වන්නේ, මොනරාගේ සිත් වසඟ කරන පිල් නැටුම හා උච්ච ස්වරයේ හඬ තිබියදී වෙනත් සංනිවේදන මගක් සොයන්නේ ඇයි? යන්නය.
අධිධ්වනිය, මොණරාගේ රහස් සංඥාව තම පෙම්වතියට තමා ඉන්න තැන ගැන වංහුං විලෝපියෙකුගේ කනට යා නොදී දැක්වීමේ ක්‍රමයක් විය හැකිය
ප්‍රීමන් නම් කල්පනා කරන්නේ අධිධ්වනිය හුදෙක් ප්‍රධාන පිල් සංදර්ශනයට එක්කරන උපායංගයක් බවයි. “සෙබඩකට පිරිමි සතාගේ පිල් නැටුම දැක ගත හැක්කේ එය දර්ශනය වන ඉසව්වක ඉන්නවා නම් පමණයි. ඒත් දුරකට ගමන් කරන ශ්‍රව්‍ය සංඥා නගනවා ඇත්තේ, ඇසට හසුවන මායිමේ නැති අය වෙනුවෙන් වෙන්නැති”
මොනර වර්ගයා සරන ස්වාභාවික වාසස්ථාන වන ඝන. පදුරු සහිත කැලෑව නිරතුරුවම මොනරුන් ළඟපාත සිටින අයගෙන් සඟවා තබයි. පහළ සංඛ්‍යාතයක ශබ්ද ඉහළ සංඛ්‍යාතයක ශබ්දවලට වඩා වැඩි දුරක් ගමන් කරයි. ඒ අනුව ඔවුන්ගේ සාමාන්‍ය උච්ච ස්වර ශබ්දය සමග මෙකී අඩු සංඛ්‍යාත ධ්වනි එකට එක් කිරීමෙන් ඔවුනට ශබ්ද පරාසයක්ම ආවරණය කර ගත හැකිවේ. ගීලොන්ග් හි ඬේකින් විශ්වවිද්‍යාලයේ සත්ව චර්යා විශේෂඥයෙකු වන ඇන්ඩි බෙනට් පෙන්වා දෙන අන්දමට හොඳ (එනම්, ප්‍රයෝජනවත්) ලිංගික සංඥාවක් වන්නේ ළඟට මෙන්ම දුරටත් හොඳාකාරව ඇසෙන එකකි. විශාල පිල් කළඹ බොහෝ විට ගැහැනු සතුන් වැඩි සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වේ. “ඒත් වර්ණයෙන් වේවා ප්‍රමාණයෙන් වේවා හෝ හඬින් වේවා සතා වුවමනාවට වඩා විචිත්‍ර හෝ කැපී පෙනෙන තත්ත්වයකට පත් වූ විට විලෝපියන්ට හසුවීමේ අවස්ථාව ද ඒ සමග ඉහළ යයි” යනුවෙන් බෙනට් පෙන්වා දෙයි. විලෝපියෙකුට නොදැනෙන්නට තම සහකාරියකට වංහුං දනවන (යෝග්‍යතම) සංඥාව අධිධ්වනිය විය හැකියි.
පිල් කළඹ සංදර්ශන සහිත අනෙකුත් පක්ෂීන් ද — උදාහරණයකට ඔස්ට්‍රලියාවේ ලයරපක්ෂි(lyrebird) වැනි පක්ෂීන් ද මෙවන් රහස් ශබ්ද මගින් සිය පෙමවතියන් කැඳවා ගන්නේ ද? බෙනට් කියන්නේ මොනරුන්ට පුලුවන් නම් අනෙක් යටත් හැකියාව තිබෙන්නට පුළුවන් බවයි.
Cosmos 64 හි The secret signal in a peacock’s tail ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න