විදු නැන නුවණ – Science Literacy for All

දරු ගැබ අතරමග අත්හිටුවීම

අඩු මසින් උපදින (ප‍්‍රාග් පරිණත) දරුවන්ට බලාපොරොත්තු උදා කරවමින්  නව උපකරණයක් මගින් වැදෑමහ (අපරාව)  අනුකෘති තැනීමට සමත්වෙයි.

විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක නම් කෘතීම ගර්භාෂය නිරුපණය වන්නේ කලලාවාරික දියරයෙහි (amniotic fluid) නැහැවෙමින් නිහඩව පාවෙන, තවමත් හරි හැටි සෑදී නැති කලල ආකාරයකටය. විද්‍යා ප‍්‍රබන්ධ වලින් නිරුපණය වන අන්දමට අපේ දරුවන් ගැබ් දරා සිටින්නේ යන්ත‍්‍රය. ඒවාන්  යම් ආකාරයකට  මිනිස්කමින් ඈත්වූ ස්වරූපයක් නිරුපණය වේ. එනම් මිනිස් කතක් දැරූ ගැබ දරන්නේ නැතුව් හෙවත්  ගර්භණී භාවය නොමැතිව ඇතිවන උත්පත්තියක් පිළිබඳ ඉඟියයි.

ඉහත  සියල්ල තවමත් මනස්සංෂ්ටි (fantasy) වශයෙන් පැවතුණත්, කෘතිම ගර්භාෂ නිර්මාණය කිරීමේ ප‍්‍රබල උත්සාහයක් ආරම්භ වන්නේ 1960 ගණන් වල සිටය. ඉන්  බොහොමයක සැබෑ වැදමහක ඇති උණුසුම අහළකටවත්  ළංවිය නොහැකි අසාර්ථක ප‍්‍රයත්න විය. එසේ වුවද, විද්‍යාඥයන් තම උත්සායන් අත්හැර නැත. ඊට අර්ධ වශයෙන් හේතු වන්නේ ගර්භණීභාවය අතිශය සංකීර්ණ කාරණාවක් වීමයි. මනුෂ්‍යයන්ට අදාල වෙනත් දේවල් සේම දරු උපත නිවැරදිව සිදු නොවන්නට පුළුවන. එහි ප‍්‍රතිඵල දරුවාගේ සම්පූර්ණ ජීවිත කාලයටම බලපෑ හැකිය. ගර්භණීභාවයන්ගෙන් සියයට 10 කට වැඩි ප‍්‍රමාණයක දී ප‍්‍රාග් පරිණත උපත් (අඩු වයසින් සිදුවන උපත්) ඇතිවිය හැකි අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස පෙනහළු රෝග, මස්තිෂ්ක පක්ෂඝාතය (cerebral palsy = ප‍්‍රසූතියේදී හෝ ඊට පෙර මොළයට හානි වීමෙන්, අත්-පා චලනය පාලනය කරගත නොහැකි වීමේ රෝගයක්)  සහ වර්ධනයේ ආබාධ, ඌණතා හට ගත හැකිය.

අතිශය ප‍්‍රාග් පරිණත දරුවන්, ඒ කියන්නේ ගැබ්ගෙන සති 28 කට පෙර උපදින බිළිඳුන් සම්බන්ධයෙන් ඇති සංඛ්‍යා ලේඛන මීටත් වඩා අඳුරු බවක් උසුලයි: මොවුන්ගෙන් සියයට 30 සිට 50 දක්වා පිරිසක් මියයති. ඉතිරිව ජීවත් වන්නන්ගෙන් භාගයක්ම යම්කිසි සෞඛ්‍ය ගැටළුවලට මුහුණ පාති. දැනට අපට කළ හැකි ඉහළම දේ මේ ප‍්‍රාග් පරිණත ළමුන් ඉන්කි්‍යුබේටරයක තබා නහර සහ බට ඔස්සේ පෝෂක සැපයීම පමණයි. ප‍්‍රජනනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට මනුෂ්‍යයන් වන අප තවම සූදානම් නැතත් අපට යම් යම් ඇප උපකාර පැහැදිලිවම අවශ්‍ය බව පෙනී යයි.

කෘතීම දරුගැබ සඳහා වූ මුල්ම ප‍්‍රයත්නයවලදී,  සත්ව භ‍්‍රෑණ(fetuses) දින කිහිපයකට වඩා රඳවා තබා ගැනීමට අපොහොසත් විය. වැඩි දියුණු කළ තාක්ෂණය සමග මේ තත්ත්වය යහපත් අතට හැරවීමට යම් තරමකට හැකි වුවත් එවන් ක‍්‍රමයකට එළිදකින සතුන් යම්හෙහකින් ජීවත් වුණේ වී නමුත් ප‍්‍රධාන පෙළේ උපත් දෝෂ හට ගැනීම නොවැලකිණ.

ඉදිර පියවරට අදාළ අළුත්ම ප‍්‍රයත්නය වාර්තා වෙන්නේ පිලඩෙල්පියාවේ ළමා රෝහලෙහි පර්යේෂකයන්ගෙනි. ඔවුහු, මාසයක කාලයක් තුළ ප‍්‍රාග් පරිණත බැටළු පැටවුන් කෘතීම අපරාවක සාර්ථකව ගැබ්දරා සිටීමට සැලැස්වූහ. බැටළු කලල ඔවුන්ගේ මව්වරුන් ගෙන්  ඉවත් කෙරුණේ මනුෂ්‍යයන් හා සසඳද්දී නම් ගැබ්ගෙන 22 වැනි සතියෙහි දීය. එසේ ඉවත් කෙරුණු සතුන් ‘බොරු’ වැදෑමහ තුළ සාමාන්‍ය අයුරින් වැඩිණ. උත්පත්තිය ලැබීමෙන් පසුව මොවුන් හා සාමාන්‍ය විධියට උපත් පැටවුන් අතර වෙනසක් දැකිය නොහැකි තරම් විය. මෙහිදී යොදාගත් උපකරණය හඳුන්වනු ලබන්නේ ‘ජීව බෑගය’ (Biobag) යනුවෙනි. මූලික වශයෙන් ගත් කළ එය, විද්‍යුත් විච්ඡේද තරලයන්(electrolyte fluid) පිර වූ පැහැදිලි ප්ලාස්ටික් බෑගයකි. අන්තරායාකාරී පීඩන වෙනස්කම් වළක්වා ගැනීම පිණිස භ‍්‍රෑණයාගේම හදවත බාහිරව ඔක්සිජන් ලබා දෙන උපකරණයක් මගින් රුධිරය පොම්ප කරයි. බැටළුවන්ගේ පෙකණි වැල මගින් පෝෂණ ඇද ගන්නා අතර බාහිර තාපක යෝග්‍ය උෂ්ණත්වයක් පවත්වාගෙන යයි. එපමණක් නොව නැළවිලි ශබ්ද ප‍්‍රයෝගයක් ලෙස මවගේ හෘද ගැස්ම පටිගත කර යොදා ගැනීමට ද පර්යේෂකයෝ සැලසුම් කරති. මේ පර්යේෂණයේ ප්‍රතිඵල අප්‍රියෙල් Nature Communications සඟරාවෙහි පලවිය.

භ‍්‍රෑණයේ ඉතා වැදගත්ම අවශ්‍යතාවක් ජීව බෑගයක් මගින් ඉටුවෙයි: එනම් පෙනහළු සංවර්ධනයයි. බිළිඳාගේ නව පෙනහළු වරක් වාතයට අනාවරණය වීමෙන් පසුව නැවත ආපසු බැලීමක් නැත: ඒ කියන්නේ, පරිණතවීමේ කුමණ අවධියක පසු වුණත් දිගටම ක්‍රියාවලිය සිදුවෙයි. කෙසේවෙතත්, බාධාවකින් තොරව, අඛණ්ඩව පෙනහළු වර්ධනයට කෘතිම ගර්භාෂයේ තරලමය පරිසරය ඉඩ සලසයි.

කෘතිම ගර්භාෂ තාක්ෂණය ගත් කළ ජීව බෑගය වැදගත් ඉදිරි පියවරක් බව සැබවි. එහෙත්, එය මනාව භ‍්‍රෑණයේ භාවිතය සඳහා තවම සූදානම් නැත. මීට අදාළ එක් කාරණාවක් දක්වතොත්, මිනිස් බිළිඳුන් ප‍්‍රමාණයෙන් කුඩාය. උපකරණ ඒ අනුව කුඩා කළොත් මෙතෙක් දැන නොසිටින ගැටළු මතුවිය හැකිය. යෝග්‍ය විද්‍යුත් විච්ෙඡ්ද තරල මිශ‍්‍රණය විද්‍යාඥයන් විසින් සොයා ගත යුතුව ඇත. එමෙන්ම මිනිස් පෙකණිවැලට සම්බන්ධ වන්නේ කෙසේද යන්නද සොයා ගත යුතුය. කෙසේ වෙතත්, මේවා විසඳාගත හැකි ප‍්‍රශ්නය. මිනිසුන් සම්බන්ධ කරගෙන සිදු කෙරෙන අත්හදා බැලීම් වසර තුනේ සිට පහක කාලයක දී ආරම්භ කළ හැකි බව පර්යේෂකයෝ පවසති. නියමිත කාලයට පෙර උපදින බිළිඳුන්ගේ දිවි ගලවා ගැනීමට අමතරව මින් ඇතිවන වඩාත්ම වැදගත් වාසිය වන්නේ, (කලලය කෘතිම) ගර්භාෂයක වර්ධනයට ඉඩ සැලසීමෙන් ජීවිතය වෙනස් කිරීමට බලපාන  උපත් දෝෂ අඩු කිරීමට හැකිවීමයි. කාන්තාවන්ගේ සිරුරෙන් පිටත දැරු ගැබක් පිහිටුවීමට දැන් ඇති වී ගෙන යන හැකියාව යම් සදාචාරාත්මක ප‍්‍රශ්නවලට ද තුඩු දී නැතුවා නොවේ. ලේහයි විශ්ව විද්‍යාලයේ ජෛව ආචාරධර්ම පිළිබඳ මහාචාර්යවරිය වන ඩෙනා ඬේවිස් නම් කියන්නේ මේවා වුවමනාවට වඩා සිතීමෙන් ඇතිවන කැළඹීම් බවයි. ඒ වෙනුවට ඇය කියා සිටින්නේ නව තාක්ෂණයේ වාසි ගැන අවධානය යොමු කළ යුතු බවයි. ජීව බෑග කණ්ඩායමේ සාමාජික, පිලඩෙල්පියාවේ ළමා රෝහලේ සංවර්ධන භෞතවේදී මාකස් ඬේව් තරයේ  ප‍්‍රකාශ කරන්නේ මේ වෑයම ගර්භණී බව අළුතෙන් නිර්මාණය කිරීමක් නොවන බවයි. සති 23 සිට 25 අතර කාලයක ගැබ තුළ සිටි බිළිඳුන්ට විකල්ප චිකිත්සාව සැපයීම මෙහි අරමුණයි. ‘‘අපි දැනට කරන්නේ වාතනය සපයන යන්ත‍්‍රයක(ventilator) තබා මොවුනට වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් ලබා දීමයි. පසුගිය අවුරුදු 25 තුළ ම අප කළේ ඒකයි. ඒත් මේ බිළිඳුන්ගේ මරණ අනුපාතය සහ ගිලන්වීමෙහි අඩුවක් වෙලා නැහැ.’’   ඔහු පෙන්වාදෙයි.

Discover – October 2017 සඟරාවෙහි  Pregnancy,Interrupted ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: