විදු නැන නුවණ – Science Literacy for All

ඇන්ටාක්ටික් හිම මල් අතුරුදන්වීම මුහුදු මට්ටම ඉහළයාමට බලපාන අන්දම

ඇන්ටාක්ටිකා මහාද්වීපය මතුපිට  හිම ඒකරාශීවීම විද්‍යාඥයන් හිතුවාට වඩා අඩුවිය හැකියි. ඇන්ටාක්ටික් අයිස් තලාව මතින් අහසේ සිදුවන අනපේක්ෂිත කි‍්‍රයාදාමයක් පිළිබඳව විද්‍යාඥයෝ දැන් වාර්තා කරති. හමන සුළං, හිම මල් බිමට පතිත වීමට පෙර වාෂ්පීකරණයට ලක්කරයි. මහාද්වීපය මතුපිට හිම එකතුවීම අඩුකිරීමට හේතුව එයයි. ඉතින් මේ තත්ත්වය, අනාගතයේදී මුහුදු මට්ටම් ඉහළයාම පිළිබඳ සිය ඇස්තමේන්තුව ඇතුළුව දේශගුණික විපර්යාස අයිස් තලාව කෙරෙහි බලපාන අන්දම ගැන විද්‍යාඥයන්ගේ අවබෝධය වෙනස් කිරීමට ද පුළුවන.

“ඇන්ටාක්ටිකාව මත උණුසුම් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් උණුසුම් වාතය කරන කොටගෙන වාතයේ තෙතමනය වැඩිවෙනවා. එහෙම වුණොත් නම් වර්ෂණය ඉහළයාමක් සිදුවේවි” යයි තාක්ෂණය පිළිබඳ ස්විට්සර්ලන්ත ෆෙඩරල් ආයතනයේ පර්යේෂකයකු වන ඇලෙක්සිස් බර්න් පවසයි. ඊට හේතුව භූමිය මත ගොඩ නැගෙන හිම කාලයත් සමග අයිස් බවට පෙරළීමෙන් අයිස් තලාවට වැඩි ස්කන්ධයක් එකතු වීමෙනි. බර්න්, සැප්තැම්බර් අග  Proceedings of the National  සඟරාවේ පළ කෙරනු නව අධ්‍යයනයක ඔහු ජ්‍යෙෂ්ඨ කර්තෘවරයා ද වේ.

එලෙස ඉදිරිපත් වූයේ ඒ සම්බන්ධ සම්මත අදහසයි. එහෙත් දැන් මෙම පර්යේෂකයන් විශ්වාස කරන්නේ හිම මල් වාෂ්පීකරණයට හේතුවන සුළං තත්ත්වය ආකාරද අනාගත දේශගුණික විපර්යාස මගින් ඇති කළ හැකි බවයි. මෙහි තේරුම වන්නේ මෙය බලපෑම් දෙක මගින් එකිනෙක කැපී යා හැකිය යන්නයි. මෙයින් හැඟවෙන්නේ අයිස් තලාවේ අනාගතය අවිනිශ්චිත බව යයි බර්න් අනතුරු හඬවයි. මේ ආරංචිය ලැබෙන්නේ ඇන්ටාක්ටික් අයිස් තලාව ගැන තිබෙන  විමතිය අතිඋච්ච අවස්ථාවකට පත්ව තිබෙන විටකය. මෑතක කලාපයේ විශාලතම ග්ලැසියරයක් වන බටහිර ඇන්ටාක්ටිකාවේ පයින් දුපත් ග්ලැසියරය, වර්ග හැතැප්ම 1000ට වැඩි වපසරියක පාවෙන අයිස් කුට්ටියක් නිර්මාණය කරමින් ලෝක අවධානය යොමු කර ගත්තේය. මේ සිද්ධිය, බටහිර ඇන්ටාක්ටිකාවේ  අස්ථාවර ග්ලැසියර ගැන අවධානය යළි දැල්වීමට සමත් විය. ඒවා සියල්ල කඩා වැටුණොත් ලොව මුහුදු මට්ටම් අඩි ගණනාවකින් ඉහළ යා හැකිය.

එහෙත්, ග්ලැයර හේතුකොට ගෙන සිදුවන  අයිස් හානිය තියුණු ලෙස, එමෙන්ම වඩාත් සමීප ලෙස විද්‍යාඥයන් චන්ද්‍රිකා  යොදාගෙන නිරීක්ෂණය කරමින් සිටිය ද,   හිම පතනය හේතුවෙන් අයිස් වැඩිවීම අවබෝධ කර ගැනීමට තවදුරටත් අපහසුවක්ව පවතී. “ඇන්ටාක්ටිකාව දුෂ්කර ප‍්‍රදේශයක්. ජනයා ඉන්නේ ටිකයි. එනිසා එහි වර්ෂණය ගැන තිබෙන අවබෝධය ඉතාම අඩුයි” බර්ත් පෙන්වා දෙයි, “එනිසා එම පරිසරයේ වර්ෂණය අධ්‍යයනය කිරීම සඳහා අතිනවින උපකරණ යොදා ගැනීමට අප අදහස් කළා”.

ඇන්ටාක්ටිකාවේ ඇඩෙලි භූමි කලාපය

 

මේ අනුව 2015 දි සහ 2016 චී ඇන්ටාක්ටිකාවේ ඇඩෙලි භූමි කලාපයෙහි මේවා සවිකෙරිණ. එවිට ඔවුනට පෙනී ගියේ පොළොවට පතිත වීම පෙර හිම සැලකිය යුතු ප‍්‍රමාණයක් අතුරුදන් වන බවයි. ඔවුන් අදහස් කරන අන්දමට ඊට හේතුව වශයෙන්  බලපාන්නේ විශේෂයෙන්ම අනුප‍්‍රාප්ත සුළං(katabatic winds) වශයෙන් දැක්වෙන එක්තරා සුළං රටාවක් බවයි. එනම් උස් ස්ථානවල සිට වෙරළ දිශාවට ගලා යන සීතල වියළි සුළං ප‍්‍රවාහයි. ඒවා වාතය තුළ පාවෙමින් තිබියදී, මෙම වියළි සුළං මගින් ඝන තත්ත්වයේ පවතින හිම මල් වායුවක් බවට හැරවිය හැකිය. මේ කි‍්‍රයාදාමය උත්කර්ෂණය (sublimation) ලෙස දැක්වේ. මෙයින් සිදුවන්නේ කාලය ගෙවෙද්දී පොළොව මත අඩුවෙන් හිම ඒකරාශීවීම සහ අයිස් තලාවට අඩුවෙන් ස්කන්ධය එකතු විමයි.

සමස්තයක් වශයෙන් ගත් කල විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ ඇන්ටාක්ටිකාවේ අනුප‍්‍රාප්ත සුළං මහද්වීපය හරහා සියයට 17 ක හිම පතනයේ අඩුවීමක් ඇතිකිරීමට මග පාදනු ඇති බවයි. නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ මායිම්වල මේ බලපෑම් වඩාත් ප‍්‍රකටය. එහි සමහර ප‍්‍රදේශවල 35% අඩුවීමක් ඇතිවීමට ඉඩ තිබේ.

අයිස් කුට්ටි මගින් හිම කඳු කැඞී යන හැම වාරයකදීම කොපමණ අයිස් ප‍්‍රමාණයක්  ඇතිවේද එමෙන්ම කාලයක් සමග නව හිමපතන මගින් යළි කොපමණ අයිස් එකතුවේද යන්න ඇතුළුව අයිස් තලාවේ අනාගතය ගැන පුරෝකතනය කිරීමට මෙම ඇස්තමේන්තු විද්‍යාඥයන්ට  උපකාරීවනු ඇත. ඇන්ටාක්ටිකාව උණුසුම් වන දේශගුණය වඩ වඩාත් වර්ෂණයට මගපාදනු ඇතැයි බොහෝ විද්‍යාඥයන් කියා සිටිය ද මෙම නව අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ උත්කර්ෂණය හේතුවෙන් එසේ ඇතිවන සමහරක් වාසි කැපී යන බවයි.

මේ සියල්ල ගත් කළ ඉන් අනාගතය වෙත වැදගත් වන්නේ කුමක්දැයි නිශ්චිතව ම කීමට තරම් විද්‍යා දැනුම අලූත් වැඩිය. එහෙත් පර්යේෂකයන් විශ්වාස කරන්නේ ඇන්ටාක්ටිකා අයිස් තලා හානිය පුරෝකතනය කිරීමේදී මෙම සොයා ගැනීම වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇති බවයි. මේ හා සමාන කි‍්‍රයාදාමයන් බොහොමයක් ගැන එතරම් අවබෝධයක් නොමැති ගි‍්‍රන්ලන්තයටද මේවා අදාළ විය හැකි බව බර්න් පෙන්වා දෙයි. “අයිස් වැස්ම කුඩා තමයි. අන්ටාක්ටිකාවේ මෙන් නොවෙයි. එත් ගි‍්‍රන්ලන්තයේත් අනුප‍්‍රාප්ත සුළං පවතිනවා” බර්න් කියා සිටියි, “වර්ෂණය ඇතිවන්නේ නම්, එහි ද   එකම උක්කර්ෂණ කි‍්‍රයාදාමය ඇති විය හැකියි”.

 

Scientific American හි පළවූ Vanishing Antarctic Snowflakes May Alter Sea Level Rise යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: