විදු නැන නුවණ – Science Literacy for All

අසූචි ජලයේ පාවෙන්නේ නම්, ඒ ඇයි?

අද අප  යන්නේ වැසිකිළියටයි. මලපහ කිරීමට අවශ්‍ය වී වැසිකිළියට යන ඔබ පිට කරන්නේ වැසිකිළි පෝච්චියෙහි ජලයේ  ‘ගිලෙන මල’ (floaters) ද?  ‘පාවෙන මල’ (sinkers) ද?  මඳක් ඉවසන්න. ‘ෂික්! මොනවද මේ කතා කරන්නේ, ජරා දේවල් ගැන’ කියමින් ඔබ මෙය කියැවීමෙන් ඉවත්වන්න එපා! අසූචි, ‘කක්කා’ යන නාමයෙන්ගෙන් ද හඳුන්වනු ලබන මල ගැනත් වෙන මාතෘකා ගැන මෙන්ම සාකච්ඡා කළ යුතුය. ඉන්, අපට අසූචි ගැන පමණක් නොවෙයි අපේ සිරුර කි‍්‍රයාකරන ආකාරය ගැනත් යමක් කමක් උගෙන ගත හැකියි.‘ඔබ වනාහි ඔබ කන බොන දෙයින් සැදුම් ලත් අයෙකි’ යන ප‍්‍රකට කියමන ඔබ අසා ඇති. ඔව්, ඔබ කන බොන දෑ ඔබේ අසූචි හෙවත් මල කෙරෙහි බලපාන අතර ඒ අනුව එම  ආහාරපාන යහපත් ද නැද්ද යන්න ඔබටම තීරණය කිරීමට හැකියාවක් ලැබෙන්නත් පුළුවනි. ඉතින් ‘මල පනින්නේ’ නැතුව මල ගැන කියවමු.

වැසිකිළි ගිය විට මල පහ කළ විට එම මල ජලයේ පාවෙන්නේ නම් එහි වායුව අඩංගු වනවා විය හැකියි. ඔබේ ආහාරය භෝජනය වෙනස් කරා විය හැකිය. සමහරවිට, ඔබ මෑතක අධික තන්තු සහිත ආහාර ගත්තා විය හැකියි. ජීරණය නොවූ මේදය හේතුවෙන් ද මල ජලයෙහි  පාවේ. මෙයින් කාරනා දෙකක් (ඇත්තටම දෙකෙන් එකක්) පැහැදිලිය. ඒ ඔබේ ආහාරය මේදයෙන් වැඩි බවයි. එසේ නැතිනම් ඔබේ ආහාරයෙන් පෝෂණ අවශෝෂණයෙහි කිරීමෙහි ලා යම් ගැටලූවක් ඇති බවයි. දුර්අවශෝෂණය (malabsorption) හේතුවෙන් ඇතිවන අසූචි බොහෝවිට මතුපිට තෙල් සහිත සියුම් පටලයක් ඇති කරනවන අතර ප‍්‍රමාණයෙන්ද විශාල වේ. ඔබට කළ හැකි දේ තමයි ඔබේ ආහාරයෙහි ඇති මේද ප‍්‍රමාණය ටික දවසකට අඩුකර බැලීම.  ඒ අනුව දැන් නිපදවෙන්නේ ගිලෙන / පාවෙන මල වල යෝග්‍ය සමබරතාවයක් දැයි විමසිය හැකියි. එය එසේ නොවන්නේ නම් වඩා යෝග්‍යවන්නේ වෛද්‍යවරයා මුන ගැසීමයි. අසූචිවලින් බරපතළ සෞඛ්‍ය ප‍්‍රශ්නයක සලකුණු පෙන්නුම් කරන්නේ ද නැද්ද යන්න වෛද්‍යවරයාට තීරණය කළ හැකිය.

ආමාශයික ආන්ත‍්‍ර පථයේ ආසාදනයක්(gastro-intestinal tract infection) හේතුවෙන් ද මල, ජලයේ පාවිය හැකිය. එනිසා ඔබ නිරතුරුව නිපදවන්නේ පාවෙන මල නම් පරීක්ෂාවක් සිදු කිරීම වැදගත් විය හැකියි. කෝෂ්ඨ තන්තුමතාව(cystic fibrosis), සීලියැක් රෝගය සහ එවැනි සමහරක් තත්ත්වයන් සහිත පුද්ගලයන්ට මේද සහිත පාවෙන මල තිබිය හැකිය. ඔබ මල බද්ධයෙන් පෙළෙන්නෙක් නම් ඔබ නිපදවන්නේ ගිලෙන, දැඩි අසූචි විය හැකියි. ඒවායේ ඝනත්වය හා තෙමනය නොමැතිකම ඊට බලපෑ සෙයකි. ඔබේ මලවල, ස්කන්ධය වැඩි කර ගනිමින්, ඔබේ ජීරණ පද්ධතිය යළි නිසියාකාරව කි‍්‍රයාකර ගැනීමට ඔබ ආහාරයට ද්‍රාව්‍යතාව(දියවෙන සුළු) සහිත  හා අද්‍රාව්‍යතාව (දිය නොවනසුළු) සහිත තන්තු වැඩි පුර එක්කර ගත යුතුය. එමෙන්ම, තව තවත් ජලය පානය කරන්න. ඔබේ සිරුරෙහි සෙසු කොටස්වලට මෙන් කාර්යක්ෂමව කි‍්‍රයාකිරීමට,  අන්ත‍්‍රය හා මහන්ත‍්‍රයට ද ජලය යහමින් අවශ්‍යය.

ඇත්ත කතාව නම් යහපත් මල ගිලෙන හෝ පාවෙන මල නොවේ. ඒ දෙකෙහිම එකතුවකි. ඔබ සාමාන්‍ය යහපත් සෞඛ්‍යයෙන් පසුවන්නේ නම් ඔබගේ මල සමහරක් ගිලෙන්නටද, සමහරක් පාවෙන්නටද තවත් සමහරක් පාවෙන්නේත් ගිලෙන්නෙත් නැතිව තිබෙන්නට පුළුවන. ඔබේ මල මෘදු, තරමක ස්කන්ධයක් සහිතව පහසුවෙන් හා වේදනාවෙන් තොරව පහවන්නේ නම් එමෙන්ම රුධිරය හෝ අධික ශ්ලේශමල සහිත බවට සලකුණක් නොමැති නම් ඔබේ සිරුරේ පහළ කොටස හොඳින් කි‍්‍රයාත්මක වන බවට සිතා ගත හැකියි. ඔබේ මල පිළිබඳව ගැටලූවක් ඇතැ’යි සැකයක් ඇත්නම් කළ හැකි හොඳම දෙය වෛද්‍යවරයා හමුවීමයි. ඔබ පහ කරන මල සහ ඒ ආශ‍්‍රයෙන් ඔබේ සෞඛ්‍යය ගැනත් පැහැදිලි කිරීමට ඔබේ ඥාති මිත‍්‍රාදීන් මෙන්ම  දන්නා කියන අය  අතරේ නොයෙකුත් ‘විශේෂඥයන්’ සිටීමට ඉඩ ඇතත් ඔබට ගැටලූවක් ඇත්ද නැද්ද යන්න ගැන නිසියාකාරව ඇගැයීමක් කිරීමට හැක්කේ වෛද්‍ය වෘත්තිකයෙකුට පමණක් බව සිහි තබා ගැනීම යෙහෙකි.

 

Act For Libraries හි   Why Does My Poop Float ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: