විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 50: කාලය (Time)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

කාලය යනු භෞතික විද්‍යාවේ මුලික රාශි අතුරෙන් එකකි. එමගින්  කාලමාත්‍රාව මනිනු ලබයි. සාමාන්‍යයෙන් එසේ මනිනු ලබන්නේ පෘථිවිය භ්‍රමණය වීම හෝ (කාලයේ මුලික ඒකකය වන තත්පරය පිලිබඳ නුතන අර්ථ දැක්වීමෙහි පදනම ලෙස යොදාගන්නා) සීසියම් පරමාණු මගින් විමෝචනය කරනු ලබන විකිරණය  වැනි සමාකාර හෙවත් ක්‍රමික ආවර්තක ක්‍රියාදාමයන් හා සම්බන්ධ කොටය.

කාලය පිළිබඳ අපගේ පුද්ගලබද්ධ අත්දැකීම දක්වන්නේ , කාලය නිරපේක්ෂ නොවන බවයි — අප මානසිකව කම්මැලි(මනෝග්ලානිය) ගතියෙන් සිටින විට කාලය ඇදී ඇදී යන අතර අප විනෝදයෙන් ගත කරනවිට කාලය වේගයෙන් ගලායයි. අපගේ දෘෂ්ටිකෝණ-යෙන් ගත් කල අතීතය, වර්තමානය සහ අනාගතය අතිපිහිත වෙයි.(overlap එකක් මත එකක් වැටෙයි) – සිදුවුයේ කුමක්දැයි සිතමින් එමෙන්ම සිදුවන්නටයන්නේ කුමක් දැයි අපේක්ෂාවෙන් අපරිමිත වශයෙන් කුඩා ‘මේ මොහොත’(now) පරයා අප සැමවිටම සවිඥානකය.

කෙසේවෙතත්, මෙම අත්දැකීමට පටහැනිව, ප්‍රතිෂ්ඨිත නිව්ටෝනියානු යාන්ත්‍රණ විද්‍යාව කියා සිටින්නේ කාලය ඒකාකාර සීග්‍රතාවකින් ගෙවී යන බවයි. එසේවුවද, කාලය නිරපේක්ෂ නොවන බව ද, එමෙන්ම (නිරීක්ෂණය කරන්නාට සාපේක්ෂව) ආලෝකයේ වේගයට ළඟාවෙද්දී කාලය විස්තාරණය වන බව ද  අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාව පිලිබඳ න්‍යායන් අපට පෙන්වා දෙයි.  අවකාශයත් සමග එක්ව කාලය, ‘අවකාශ-කාල’ යන චතුර්මාන සන්තානය තනයි.

විපර්යාස සිදුවන රාමුකට්ටුව(පාදක ව්‍යුහය) ලෙස කාලය අර්ථදැක්විය හැකිය. එයට දිශාවක් ඇති බව ද පෙනී යයි: භෞතික විද්‍යාවේ නීති අනුව බොහෝ ක්‍රියාදාමයන් දෙපැත්තට ම යාමට ඉඩ ඇතත් සමහරක් නොයයි. දහනව වැනි ශත වර්ෂයේදී සුත්‍රගත තාප ගතිවිද්‍යාවේ දෙවැනි නිතිය මිට නිදසුන්ය. ඉන් කියැවෙන්නේ ඕනෑම පද්ධතියක ප්‍රලය හෙවත් එන්ට්‍රොපිය(ව්‍යාකුලතාව හෝ අපිළිවෙල ) කාලයත් සමග ඉහල යන බවයි. ගල් කැඩි බිඳියයි, වාහන දිරයි, පණඇති දෑ මරනයට පත්ව  දිරා යයි– සියල්ල අප්‍රතිවර්ත(වෙනස් කළ නොහැකි) ක්‍රියාදාමයන්ය.

මහා පිපුරුම් න්‍යාය අනුව විශ්වය ආරම්භවුයේ මෙයට වසර බිලියන 13.7 කට පෙරය. මෙයට පෙර කාලය යන්න පැවතියේ නම්,   එම කලින් පැවතී කාල රාමුව තුළ සිදු වූ යමක් වේ ද එය වර්තමාන කාල රාමුව මත බලපෑමක් ඇති නොකරයි.

කාලය සදහටම පවතී ද? තාප ගතිවිද්‍යාවේ දෙවැනි නිතිය කියාපාන්නේ සකල චලනයන් එමෙන්ම ඒ අනුව සකල විපර්යාස– කාලය ද ඇතුළුව– අවසානයේ ඇනහිටින බවයි. කෙසේවුවත්, ඇතැම් විශ්ව න්‍යාය විද්‍යාඥයන් අදහස් කරන්නේ අපේ විශ්වය, ‘අධිවිශ්වය’(multiverse) ලෙස දැක්වෙන්නෙහි ඇති එවන් අප්‍රමාණ විශ්වයන් ගෙන් එකක් පමණක් බවයි.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Time යන කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: