විදු නැන නුවණ – Science Literacy for All

ස්වාභාවිකත්වයට වඩාත් ළං වෙන කෘතිම හදවත්

මිනිස් සිරුරේ ඇති වැදගත්ම අවයවය වන්නේ හෘදය වස්තුවයි. එය අපේ සිරුරේ විවිධ කොටස්වලට රුධිරය ප‍්‍රවාහනය කරයි. වඩාත් වැදගත්ම දේ එය අපව ජීවත්කර ගනිමින් තබා ගැනීමයි. අද ලෝකයේ මරණවලට වඩාත්ම බලපාන හේතුව හෘද රෝගයි. වසරකට ලක්ෂ හයක පමණ ජනතාව මින් මියයති. මීටත් අමතරව, තනිකර ඇමරිකා එක්සත් ජනපදයෙහි සහ යුරෝපයෙහි පමණක් ගත්තත් හෘදයේ අකරණය (heart failure) මිලියන 20 කට පමණ ජනතාවට බලපායි. මොවුන් ගෙන් 100,000 ජනතාව ප්‍රගාමී (වර්ධනයවන)  හෘදය අක්‍රියවීම හෙවත්  හෘද අකරණය සහිත බවට නිර්ණයකරනු ලැබ ඇති අයයි. එම රෝගීන්ගෙන් හෘද අකරණය වර්ධනීය අවස්ථාවට පත් 60% සිට 94% දක්වා සංඛ්‍යාවක් වසර 1 කදී මිය යති.

මේ සංඛ්‍යා ලේඛන සැලකිල්ලට ගන්නා විට හෘදය වස්තුව වෛද්‍යවරුන්ට මෙන්ම විද්‍යාඥයන්ටද එක සේ වැදගත් කමක් උසුලයි. හෘදය  රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමට වෙළෙඳපොළේ විවිධ වූ ඖෂධ ඇත. එහෙත් රෝගය  එක්තරා අවධියකට පැමිණියාට පසුව ඖෂධවලට ඉටු කල හැක්කේ සීමිත කාර්ය භාරයකි. ඖෂධ භාවිතයෙන් අනතුරුව ඉතිරිවන එකම විකල්පය හදවතක් ප්‍රතිරෝපනයයි. නැතහොත් අපට හුරු පුරුදු විදිහට කියතහොත් බද්ධ කිරීමයි. එවිට එවැනි හෘද බද්ධකිරීමක් අපේක්ෂාවෙන් රෝගීන් අපේක්ෂා හෙවත් පොරොත්තු ලේඛනයකට ඇතුල් කරනු ලබන අතර යෝග්‍ය හදවතක් ලැබෙනතුරු බලා සිටීමට ඔවුනට සිදුවේ. තවද, වසරකට (බද්ධ කිරීම පිණිස) ලබාගත් හැක්කේ  හදවත් 2000කට මදක් වැඩි ප‍්‍රමාණයකි. එහෙත්  බද්ධකිරීමට හදවතක් අපේක්ෂාවෙන් රෝගීහු 3000කට වැඩි පිරිසක් පසුවෙති. පසුගිය සියවස පුරාවට වෛද්‍යවරු බොහොමයක් හෘදය වස්තුවට අදාළ සිය න්‍යායන් ජීවිත බේරා ගැනීමේ නව තාක්ෂණ ක‍්‍රම බවට පරිවර්තනය කිරීමට වෙර දැරූහ. මෙම ප‍්‍රයත්න කාලයාගේ ඇවෑමෙන් කුළු ගැන් වී ඇත්තේ කෘතිම හදවත් ලෙස අද හඳුන්වනු ලබන සිද්ධාන්ත හැටියටයි. මේ පූර්විකාව, කෘතිම හදවත් සැකසීමේ ප‍්‍රයත්නයෙහි නවතම තත්ත්වය ගැනයි.

වෛද්‍ය වෘත්තිකයන්ගේ හදවත් පවා  උණුවෙන බව ඔවුන් කෘතිම හදවතක් තැනීමට දරනා වෙහෙසින්ම  සනාථවෙයි. සූරිච් හි ස්විට්ස්ලන්ත ෆෙඩරල් තාක්ෂණ ආයතනයේ කණ්ඩායමක් අනුහුරු කළ හැකි (malleable) සිලිකෝන් සහ 3 මුද්‍රණය යොදා ගනිමින් නිපදවා ඇති කෘතිම හදවත මෙතෙක් නිමවා ඇති ස්වාභාවික මිනිස් හදවතකට වඩාත්ම සමීප කෘතිම හදවතයි.

හෘදය රෝගීන්ට ප‍්‍රථම ගනිකර(pacemakers) ලබා දී යන්තමට තවම අවුරුදු 60 කි. ප‍්‍රථම හදවත් බද්ධ සැත්කම සිදුකර තවමත් ගතවී ඇත්තේ වසර 50 කි. දැන් මේ කි‍්‍රයාදාමයන් විධිගත චර්යා රටානුකූල ඒවා ලෙස සැලකුණත් ඊට අදාළ තාක්ෂණය තවමත් ඇත්තේ ළදරු අවස්ථාවකය. හදවතක් බද්ධ කරන තුරු හදවත් රෝගීන්ට දැනට ලබා දෙන කෘතිම හදවත්වල යොදා ගනු ලබන්නේ යාන්ති‍්‍රකව කි‍්‍රයාකරන පොම්පය. ඒවා හිරවීමට හෝ සම්පූර්ණයෙන් ඇන හිටීමටද පුළුවන. ඒවායින් රෝගියාට ස්වාභාවික ස්පන්දනයක් ලැබෙන්නේ නැත. එහෙයින්  එය සිරුරේ අනෙකුත් කාර්යභාරයන් කෙරෙහි බලපෑ හැකිය.

මීට හාත්පසින්ම වෙනස්ව, නව කෘතිම හදවත යොදාගනු ලබන්නේ යාන්ති‍්‍රක පොම්පය වෙනුවට අතිරේක කුටීරයකි(chamber). පීඩනයට ලක්කළ වාතය මගින් සුළං පිරීම හා ඉවත් කිරීම ඉන් සිදුවන අතර එසේ කරන්නේ සැබෑ හදවතක මාංශ පේශි සංකෝචනය අනුකරණය කරමිනි. එමෙන්ම එය තත්‍ය ස්පන්දනයක් ද ජනනය කරයි. “අපේ අරමුණ වන්නේ ප‍්‍රමාණයෙන් දළ වශයෙන් රෝගියාගේ හදවතෙහි ප‍්‍රමාණයේම එමෙන්ම හැකිතාක් දුරට මිනිස් හදවතක් අනුකරණය කරන හදවතක් තැනීමය” පර්යේෂක නිකලස් කෝර්ස් කියයි. කෝර්ස් සහ කණ්ඩායම නිපද වූ හදවත නියමාකාරව කි‍්‍රයා කරන් බව තහවුරුවී හමාරය.  එහෙත් ගැටලූවක් වී ඇත්තේ එය පවතින්නේ ස්පන්දන 3,000 දක්වා  පමණකි. කාලය වශයෙන් දක්වතොත් පැය භාගය සිට පැය තුන්කාලක් දක්වා කාලයකි. “මෙය හුදෙක් ශක්‍යතා පරීක්ෂණයක්. අපේ අරමුණ වුණේ බද්ධ කිරීමට යෝග්‍ය හදවතක් නිපදවීම නොව කෘතිම හදවත් (නිපදවීමේදී) වැඩි දියුණු  කිරීමේදී අනුගමනය කළ යුතු නව දිශානතිය ගැන හිතන්නයි” ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 

US National Center for Biotechnology Information(Cardiology Research) වෙබ් අඩවියේ  Evolution of Artificial Hearts: An Overview and History ලිපිය සහ BBC Focus, Issue 312  හි  Biology  New Artificial Heart Gets Closer to Nature ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: