විදු නැන නුවණ – Science Literacy for All

මුත‍්‍රා මේ තරම් ගඳ ඇයි?

දැඩි දුගඳ හමන, අපැහැදිලි (විනිවිද නෙපෙනෙන) මුත‍්‍රා සෞඛ්‍යමය වශයෙන් සිතට වදදෙන ප‍්‍රශ්නයක් විය හැකිය. ඒ ආකාර මුත‍්‍රා හට ගන්නට  විවිධාකාර හේතු තිබෙන්න පුළුවන. කෙසේ වෙතත්,  වාසනාවකට මෙන් හේතු බොහොමයක් සෞඛ්‍යයට අහිතකර නොවීමට පුළුවන් වන අතර පහසුවෙන් හා ඉක්මණින් ප‍්‍රතිකාර ලබා දිය හැකිය. ඇත්තටම සළකතොත්, දැඩි දුගඳක් දෙන හෝ අපැහැදිලි මුත‍්‍රා මුළුමනින්ම අනතුරුදායක නොවන හේතුවක් නිසා හටගන්නක් හෝ කිසිසේත් අහිතකර නොවන්නක් විය හැකිය. එහෙම වුණත්, කෝකටත් කියා මුත‍්‍රා එසේ වන්නට හේතු මොනවාදැයි සොයා බැලීමට උත්සාහ දැරීම යෝග්‍යය.

අපැහැදිලි හෝ දැඩි දුගඳක් සහිත අපැහැදිලි මුත‍්‍රා වලට අදාළ වෛද්‍යම ගැටළු සාමාන්‍යයෙන් අත්විඳින්නේ උදෑසනැක්කේ පළමු මුත‍්‍රා පිට කිරීම සමගය. මේකට හේතුව දක්වතොත්, රාත‍්‍රිය පුරාවට අළුතෙන් දියර පානය නොකරන නිසා (උදෑසන වනවිට) මුත‍්‍රා වල තිබෙන රසායනික වඩාත් සාන්ද්‍රණව  තිබීමයි. මින් අනතුරුව අප බීමට ගන්නා අතිරේක පාන දවස පුරා ගැනීම හේතුවෙන් මුත‍්‍රා වඩාත් දියාරු (තනුක වන) වන අතර අපැහැදිලි මුත‍්‍රා වැනි ලක්ෂණ දැක ගැනීම අපහසු  වී යයි. වඩාත් සුලබව ඇති අපැහැදැලි මුත‍්‍රා ඇති වන්නේ හුදෙක් (මුත‍්‍රා) ආශයේ(bladder) ගොඩ ගැහෙන අතිරේක ෆොස්පේට් ස්ඵටික හේතුවෙනි. මේ ස්ඵටික වල ප‍්‍රධාන මූලය බොහෝ විට අප බොන කිරිය. (බොන කිරිවල පමණක් නොව සියළුම කිරි නිෂ්පාදනවල ද යම් ප‍්‍රමාණ වලින් මේවා අඩංගුය). නින්දට යාමට පෙර  විශාල කෑම වේලක් ගැනීම හෝ කිරි වීදුරුවක් බිව්වීට බොහෝ අවස්ථාවල පසුදින උදෑසන ඔබේ මුත‍්‍රා අපැහැදිලි ස්වරූපයක් ඇතිවිය හැකිවේ. එහෙත් දවස පුරා තව තවත් දියර වර්ග පානය කිරීම හේතුවෙන් මුත‍්‍රාවල අපැහැදිලි ගතිය අඩු වෙන්නේ ස්ඵටික දියාරු වන නිසාය.

ආහාර හෝ පාන වලට ඇතිවන  ඇතැම් අසාත්මිකතා බොහෝ විට මුත‍්‍රාමය රෝග ලක්ෂණ ඇති කරයි. එමෙන්ම, ඇතැම් ඩයි වර්ග සහ රසායනික මගින් මුත‍්‍රාවල පෙනුම තාවකාලිකව වෙනස් කළ හැකිය. මේවා සාමාන්‍යයෙන් පවතින්නේ ඊළඟ දිනය වනතෙක් පමණය. හැබැයි ඒ (ඊට පසුවදා) එදිනත් එම ආහාරම ඔබ පරිභෝජනය නොකරන්නේ නම්ය. දින කිහිපයකට වඩා රෝග ලක්ෂණ පවතී නම් හේතුව ආසාදනයක් දැයි නිර්ණය කිරීම පිණිස වෛද්‍යවරයෙකු මුණ ගැසීම යෝග්‍යය. මුත‍්‍රා දවස පුරා අපැහැදිලිව පවතී නම් එවිට හේතුව ඔබ ආහාරයට ගත් යමක් නිසා එසේ වනවා වෙනුවට ආසාදනයක් නිසා එය සිදුවිය හැකි වීමය. මෙවැනි අවස්ථාවල අපැහැදිලි මුත‍්‍රා අසාමාන්‍ය වර්ණයක් ද ගනී. එමෙන්ම එවන් විට මුත‍්‍රා කිරීමේ දී වේදනවක් ද ඇති වීමට ඉඩ ඇත. සංඥාවක් ලෙස ගත් විට වේදනාව, මුත‍්‍රා අපැහැදිලිවීමට වඩා කැපී පෙනෙයි. මුත‍්‍රා අපැහැදිලි වීම ඇති වන්නේ බැක්ටීරියා සහ ශරීරය ආසාදනයට එරෙහිව සටන් කරන විට හට ගන්නා ප‍්‍රතිදේහ හේතුවෙනි. මේ ආසාදන වල තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ විශද අම්ලකර ගන්ධයය. මුත‍්‍රා සාමාන්‍යයට වඩා ඝනත්වයකින්, සංගතතාවකින් යුක්ත බවක් පෙනේ.

විවිධ වර්ණ මුත්‍රා

 

මුත‍්‍රාවල සාමාන්‍යයෙන් දැකිය හැකි වර්ණ පරාසය අප බොහෝ දෙනෙකු සිතනවාට වඩා විශාලය. සාමාන්‍යයෙන් මේ වර්ණනයට හේතු වන්නේ ආහාර සහ ඖෂධ වර්ගයි. මුත‍්‍රා වල තද තැඹිලි පැහැ හෝ කහ පැහැ මද ආවේදනයක්(මුසුවක්) ඇත්නම් ඒ බොහෝ විට විජලනයෙහි ප‍්‍රතිඵලයකි. (මෙවැනි අවස්ථාවල කළ හැකි හොඳම දෙය මධ්‍යසාරය, බෝතල් කළ බීම ආදිය වෙනුවට වැඩි වැඩියෙන් වතුර පානය කිරීමයි).  මුත‍්‍රා තද පැහැ ගැන්වීම ගතහොත් එයම ගැටළුවක් නොවන්නට ඉඩ ඇතත්   විජලනය,  බරපතල සෞඛ්‍ය ගැටළු වලට විශේෂයෙන්ම දිගුකාලීන සෞඛ්‍ය ගැටළු වලට තුඩු දෙයි.

රුධිරය මුත‍්‍රාවලට එකතු වීමද මෙවන් සුලබ සිද්ධියකි. සාමාන්‍යයෙන් මෙය බරපතල දෙයක් නොවේ. (විශේෂයෙන්ම ස්ත‍්‍රීන් සම්බන්ධයෙන් ගත් කළ) විවිධ ඖෂධ ගණනාවක් මේ තත්ත්වයට හේතු වෙයි. ඉතින් ප්‍රථමයෙන්ම කළයුත්තේ ඔබ ගන්න බෙහෙත් ඖෂධ ගැන සැලකිල්ල යොමු කිරීමයි. දෙවනුව ආහාර හේතුවෙන්  ඇතිවන  ඇතැම් අසාත්මිකතා ප‍්‍රතිචාර ද මෙයට බලපායි. රිය අනතුරුවලට ගොදුරුවන්නන් වැන්නවුන්ට ඇතිවන්නාවූ  ක්ෂිතියට(trauma චිත්තාවේග කම්පනයට) පාත්‍ර වන්නන්ගේ   මුත‍්‍රා වල වර්ණය සහ පෙනුමෙහි නිරතුරුව වෙනස්කම් ඇතිවේ.  එහෙත් තුවාල ආදිය සුව වී වෙනත් පැහැදිලි හේතුවක් නැතිව මෙම තත්ත්වය තවමත් පවතින්නේ නම් වෛද්‍ය අවධානය යොමු කිරීම, වෛද්‍ය සහාය පැතීම වටී. මුත‍්‍රාවලට රුධිරය එක්වෙන තවත් ප‍්‍රබල හේතුවක් වන්නේ වකුගඩුවල හෝ පිත්තාශයේ ගල්ය. ඒත් මෙහිදී මුත‍්‍රාවල ස්වභාවයට වඩා,  අධික වේදනාව පැහැදිලි රෝග ලක්ෂණයකි. මෙම ගල් ඇතිවිට මුත‍්‍රා වර්ණ ගැනීම විය හැකිය.  මුත‍්‍රා පිට කරන වේගය(නිරන්තර භාවය) හා ප‍්‍රමාණය ද  අඩුවිය හැකි අතර මුත‍්‍රා කිරීමේ දී වේදනාවක් ද ඇතිවේ.

ඖෂධ ආහාර පාන ආදිය හේතුවෙන් ද ආසාදන හේතුවෙන් ද මුත‍්‍රාවල ස්වභාවය හා පිටකිරීමේ වෙනස්කම් ඇතිවේ. නිදසුනක් ලෙස එක්තරා දිනයක ඔබ වැඩි වැඩියෙන් කෝපි පානය කළහොත් ඊළඟ දිනයේ ඔබේ මුත‍්‍රා වෙනදාට වඩා තද පැහැ ගැනීමට හා දැඩි ගන්ධයක් ගෙන එන්ට පුළුවන. එහෙත් මෙය  ආහාරපාන සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට එය පහව යයි. දිනපතා තේ, කෝපි වැඩිපුර බොන අයට තම මුත‍්‍රා දිනපතාම දුගඳක් දැනෙන බව දැනී යනු ඇත. එහෙත් එය වෛද්‍යමය ගැටළුවක් නොවේ.

දැඩි ගන්ධයක් සහිත මුත‍්‍රා සමන්විත වන්නේ සිරුරට ලැබෙන ආහාර හා පානවල සංඝටක වලිනි. දැඩි දුගඳට තුඩු දෙන කාරක (agents) බහුලව ඇතිවිට හෝ උදාසීන සංඝටක නොමැති විට මුත‍්‍රා දුගඳක් ගනී. ඊට පිළියම් යෙදීම ඒ අනුව ආහාරවල සීරු මාරු කිරීම් මත රඳා පවතී. ඇතැම් ආහාර වර්ග බොහෝ විට මේ තත්ත්වයට තුඩු දෙයි.  ඇස්පැරගස් මින් වඩාත් ප‍්‍රකටය. සුදු ලූණු, මාලූ, ලූණු, මධ්‍යසාරය හා බිත්තර තවත් එවැනි ආහාරය. මයෝ චිකිත්සාගාරය (Mayo Clinic) දක්වන අන්දමට B6 විටමිනයේ ඉහළ ප‍්‍රමාණ මුත‍්‍රා ගඳවීමට බලපායි. මෙලෙස මුත‍්‍රා ගඳවීමට බලපාන්නා සේම, ශරීර තරලවල දැඩි ගන්ධ ස්වභාවය අඩු කරන ඇතැම් ආහාර ද ඇත.  සැර  ගති ඇති ආහාර වෙනුවට ප‍්‍රසන්න රසැති හෝ උදාසීන ආහාර වැඩියෙන් ගැනීම උපක‍්‍රමයකි. මෙහිදී දවසකට දෙවරක්වත් පළතුරු අනුභවය හොඳ විසඳුමකි.

කවුරුත් දන්නා පරිදි, ජලය නිසියාකාරව පානය කිරීම හොඳම උපදේශයයි.  මුත‍්‍රාවල සාන්ද්‍රණය එහි ගඳ හා පෙනුම කෙරෙහි බලපාන ප‍්‍රධාන සාධකයකි. මුත‍්‍රා යනු වැඩිපුරම ජලයයි. එහෙත් එහි වෙනත් ලවණ, ඛණිජ සහ අපද්‍රව්‍යය ද අඩංගු වේ. ශරීරය නිසියාකාරව සජලනය නොවූ විට ජලය හා  අප ද්‍රාව්‍ය (waste solutes) අතර අනුපාතය ඉහළ යයි. ඉතින් ජලය වැඩිපුර පානය කිරීම මුත‍්‍රා ගඳ අඩු කිරීමට හේතුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ආහාරපාන වලට අමතරව මුත‍්‍රා මාර්ග ආසාදනය මුත‍්‍රා ගඳ ඇතිවීමට බලපාන ප‍්‍රධාන සාධකයකි. ගඳ ඇති කරන්නේ ආසාදනයේ බැක්ටීරියායි. මීට අමතරව එවැනි ආසාදන වෙනත් රෝග ලක්ෂණ ද මතු කරයි. මුත‍්‍රා දැවිල්ල, අපැහැදිලි මුත‍්‍රා සහ උදරීය අපහසුතා එවන් ලක්ෂණය. වෛද්‍යවරයෙකු මුන ගැහී ඔහු /ඇය ලබාදෙන ප‍්‍රතිකාර අඛණ්ඩව කරගෙන යාම හොඳ පුරුද්දකි.

 

Actforlibraries.org හි පළවූ  Strong Smelling Urine යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: