විදු නැන නුවණ – Science Literacy for All

ධුමකේතුවක් දැක බලා ගැනීමේ දී බලපාන සාධක

ධූම කේතු ප‍්‍රධාන වශයෙන්  සැදුම්ගෙන ඇත්තේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය සෑදෙන අවස්ථාවේ ඉතිරිව මිදුණු(අයිස් වූ) සුන්බුන් හා වායුවලිනි. ධූමකේතු පෘථිවිය වෙතට පැමිණෙද්දී එහි අයිස්මය කොටස් හිරුගේ උණුසුමෙන් රත්වී ධුමකේතුව තුළ වායු මුදා හැරේ. මෙසේ මුදාහැරෙන වායු සහ ධූවිවිලවලට හිරු රැස් වැටුණු විට ඒවා දිදුලීමට පටන් ගනී. මෙම වායු එන්ට එන්ටම උණුසුම් වී ප‍්‍රසාරණය වීමට පටන් ගනිද්දී සූර්ය සුළං වලට හසුවීමේ ප්‍රතිපලයක් ලෙස මෙම ද්‍රව්‍ය විසිරි යාමෙන් ධූම කේතුවක පියකරු වලිගය සෑදෙයි. ධුම කේතුව ඇතැම් විට ‘වල්ගා තරුවක්’ ලෙස හඳුන්වනු ලබන්නේ ද මේ වලිගය නිසාවෙනි.

ටෙලස්කෝපයක් භාවිත කිරීමෙන් නම් ඕනෑම රාත්‍රියක අඩුතරමින් දවසකට එක් ධුමකේතුවක් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ. එහෙත් පියවි ඇසින් දැක බලා ගත හැකි අන්දමේ ධූමකේතු විරලයි. ධූම කේතු එලෙස පියවි ඇසින් දැකීමට  හැකිවන්නේ  දශකයට, ඔව් අවුරුදු දහයකට වතාවක් හෝ දෙකක් පමණකි.

ධූමකේතුවක දෘශ්‍යතාව කෙරෙහි බලපාන සාධක කිහිපයකි. මෙහිදී එක් ප‍්‍රධාන සාධකයක් වන්නේ, සූර්යාගේ සිට එහි ඇති දුරයි. (කලින්ද දැක්වූ පරිදි ධුම කේතුව තුළ වායු සහ අංශු මුදාහැරිමට උදව් වන්නේ සූර්යාගේ උණුසුම වන අතර එහි වලිගය තැනෙන්නේ එලෙසිනි).  එමෙන්ම සූර්යා මගින් රත්වීමෙන් අනතුරුව  එය හා පෘථිවිය අතර ඇතිදුරයි.

තරමක හොඳ ද්විනේත‍්‍ර කණ්ණාඩියක් හෙවත් බයිනොක්‍යුලරයක් මගින් ඇතැම් ධූමකේතු වඩා හොඳින් නැරඹිය හැකිය. ධුම කේතුවක දෘශ්‍යතාව කෙරෙහි බලපාන  තවත් සාධකයක් වන්නේ එය නිරීක්ෂනය කරනු ලබන්නේ කොතැනක සිටද යන්නයි. නිදසුනකට 2010 වසරේ දී එක්සත් රාජධානියේ අහස හරහා දීප්තිමත් කොළ පැහැති ධූම කේතුවක් ගමන් කරනු දැක බලා ගත හැකි වූ අතර  එවැන්නක් නිරීක්ෂණය කෙරුණු ප‍්‍රථම හා එකම අවස්ථාව එය විය. එක්සත් රාජධානියේ දී ඉතා සුළු වේලාවකට දර්ශනය වූ එම ධූම කේතුව ඉන් අනතුරුව  සූර්යග‍්‍රහ මණ්ඩලයේ සදාතනික අයිතිය වෙත පැවරිණ.

 

ධුමකේතු දර්ශනය වන වේලාවන් හා ස්ථාන කල් ඇතිව දැක්වෙන වෙබ් අඩවි අන්තර් ජාලයේ එමට ඇත. සුවිශේෂී ධූම කේතු දැක බලා ගැනීමට වැඩිම අවස්ථා පවතින්නේ  එමෙන්ම ඒවා වඩාත් හොඳින් දර්ශනය වන්නේ ලෝකයේ කොයි ස්ථානවලටද යන්න ඒවායින් බොහෝ විට හුවා දැක්වේ. එපමණක් නොව  රාතී‍්‍ර අහසේ එවන් ධූමකේතු ස්ථාන ගතවීම ද  ඒවායේ දැක්වේ. (නිදසුනක් දක්වතොත් හාට්ලි 2 ධූමකේතුව Comet Hartley 2 දැක බලා ගැනීමේ අවස්තාවක් දක්ෂිණ අර්ධගෝලයේ වෙසෙන්නන්ට එළඹෙන නොවැම්බරයේ උදාවේ).

හාට්ලි 2

ධූමකේතුව නැරඹීමට තෝරා ගන්නා පරිසරයද වැදගත් සාධකයකි. ආලෝක දුෂණයෙන් නිරන්තරයෙන් පීඩා විඳින නාගරික පරිසරය, ආකාශය නිරීක්ෂණය සඳහා යෝග්‍යතම ස්ථානයක් නොවේ. තරු ගහණ අඳුරු අහසක් සහිත ස්ථානයදී ධුමකේතු දැක බලා ගැනීමට හිමිවෙන අවස්ථා වැඩිය.දීප්තිමත්  තාරකාවක් ආසන්නයේ දී මෙන්ම පුන්සඳ පායා චන්ද්‍රලෝකයේ දීප්තිය ඇති  විටක ද ධුම කේතු නැරඹීම අසීරුය.

ධුම කේතු ඒවායේ කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නේ  සූර්ය ග‍්‍රහ මණ්ඩලයේ සරමින් වුවද  සූර්යයාගෙන් යම් දුරක් ඈතින්ය. ඒහෙයින් ඒවායේ අයිස්මය කොටස් උණුසුම් වීමට පටන් ගන්නේ ඒවා සූර්යයා  සහ පෘථිවිය වෙත ළඟා වෙද්දීය. එලෙස උණුසුම් වෙද්දී අයිස් තුලින් දුවිලි අංශු මුදා හැරෙන අතර සූර්ය සුළං  වායු මත තෙරපීමක් ඇති කරයි. එවිට ඒවා සූර්යාගේ දිශාවට විරුද්ධව, ධුම කේතුවේ දිගු වලිගයක් ලෙස දැක්වේ. ධුම කේතුව ප‍්‍රභාමත් වන තරමට පියවි ඇසින් දැක බලාගැනීමට පහසුවුවත් සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ බයිනෙක්‍යුලර්  භාවිතයයි.

තවද, ධුම කේතුවක් පෘථිවියට වඩාත් ළං වෙත්ම රාත්‍රී අහස යට සිට එය  නිරීක්ෂණය කිරීමේ හැකියාව වර්ධනයවේ. ධූම කේතුවක දෘශ්‍යතාව කෙරෙහි බලපාන අනෙකුත්  සාධක අතර පෘථිවියට වඩාත් ආසන්නයේදී එය සූර්යයාගේ කුමන පැත්තේ තිබේද යන්න ද අප එය දකින විට එය සිතිජයට වඩා කොපමණ උසකින් පිහිටියේද යන්නද වේ.

 

Act For Libraries හි  How to see a Comet and Factors that Influence Visibility of a Comet ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: