විදු නැන නුවණ – Science Literacy for All

බිළිඳුන්ගේ ශ‍්‍රවණ හානිය හඳුනා ගැනීම

ඔබේ සුරතල් බිළිඳා ශ‍්‍රවණ හානියකින්  පෙළෙන බව කලක් ගත වී හඳුනා ගන්නට සිදුවුණොත් ඔබට ඇතිවන සිත් වේදනාව කොපමණ දැයි අප කාටත් සිතා ගත හැකිය. ඇත්තටම එය වඩාත් හානි කර ලෙස බලපාන්නේ ඔබේ බිළිඳාටමයි. කන්නෑසීම හේතුවෙන් ඇතිවන භාෂාමය, බුද්ධිමය, සමාජයීය මෙන්ම භාවත්මක වශයෙන් ඌණතා අඩු කර ගැනීමෙහි  හැකියාව තිබෙන ප‍්‍රතිකාර සැපයීමට නම්  අළුතෙන් උපදින දරුවන් ගේ ශ‍්‍රවණ හානිය කලින්ම හඳුනා ගැනීම අත්‍යවශ්‍යය. කලින් හඳුනා ගැනීමේ සුලභ ක‍්‍රම දෙකක් ඇත. සමස්ත නවජනති ශ‍්‍රවණ සුපරීක්ෂාව (universal newborn hearing screening) ඉන් එකකි.  අනික, ශ‍්‍රවණ හානියට බලපාන අධික අවදානම් සාධක හඳුනා ගැනීමයි. මේ දෙකම යොදා ගත් කළ හොඳම ප‍්‍රතිඵල අපේක්ෂා කළහැකිය.

සමස්ත නවජනති ශ‍්‍රවණ සුපරීක්ෂාව යනු  ශ‍්‍රවණ හානි සහිත බිළිඳුන් හඳුනා ගැනීම සඳහා සැකසූ මහජන සෞඛ්‍ය වැඩසටහනක් ලෙස හැඳින්වියහැකියි. එය ශ‍්‍රවණ සෞඛ්‍ය සත්කාරක වෘත්තිකයන් වෙත එවැනි බිළිඳුන් කඩිනමින් යොමු කිරීමට මග පාදයි. ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය හෙවත් Centers for Disease Control and Prevention – CDC අනුව, 2011 වර්ෂයේ දී ඇමරිකාවේ නවජනිතයන් ගෙන් 98% ක් ම ඉපදී මුල්මාස කිහිපය තුළ දී  මෙම ශ‍්‍රවණ සුපරීක්ෂාවට ලක්විය. වඩාත්ම යෝග්‍ය වන්නේ අළුත බිහිවු  බිළිඳා රෝහලෙන් පිටව යාමට පෙර සුපරික්ෂාව සිදුකිරීමයි. කෙසේවෙතත්, එය සමාසයක් ඉක්මවීමට පෙර කළ යුතුමයි.

සුපරීක්ෂණය සඳහා ක‍්‍රම දෙකක් ඇත: ශ‍්‍රව්‍ය මොළමුල(කශේරුකාව සම්බන්ධ කරන මොළයේ මැද කොටස) ප‍්‍රතිචාර පරීක්ෂාව (auditory brainstem response test ABR)   සහ ශ‍්‍රවණ ධ්වනි විපේ‍්‍රෂණ පරීක්ෂාව(otoacoustic emission test OAE) එමදෙකයි. මේ පරීක්ෂා දෙකම බෙහෙවින් සංවේදීය. එමෙන්ම ප‍්‍රශ්න හඳුනා ගැනීම සඳහා ව්‍යුහගත කර තිබේ. එසේ වුවද, ඒවා ඉතා සුවිශේෂීතාවයකින් යුක්ත නොවන හෙයින් බිළිඳුන් ගෙන් 30% ගේම පමණ ශ‍්‍රවණ හානියක් නොමැතිව එසේ ඇතැයි හඳුනා ගැනේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ශ‍්‍රවණයෙන් යුක්ත දරුවන් ද අනවශ්‍ය එමෙන්ම වියදම අධික පරීක්ෂාවන් සඳහා යොමු කරනු ලැබේ. ABR පරීක්ෂාව, කර්ණශංඛයේ (cochlea) සිට මැදි මොළය දක්වා දිවෙන විදුලිමය ශ‍්‍රවණ සංඥා මැනබලයි. විදුලිමය සංඥා අල්වා ගනු ලබන්නේ හිසට තබා බැඳ ඇති ඉලෙක්ට්‍රෝඩ හෙවත් විද්‍යුත් අග‍්‍ර මගිනි. මෙහිදී උත්තේජකය වන්නේ මගින් ඉහළ හ`ඩින් හා මෘදු හ`ඩින් අසන්නට සලස්වනු ලබනා ‘ක්ලික්’ හඩකි. දරුවා නින්දේ පසුවන්නේ නම් පරීක්ෂාවට වැයවන්නේ විනාඩි පහක් පමණ ය. (දරුවා නොසෙල් වී නොසිටී නම් ඊට වැඩි වේලාවක් ගතවේ).

 

OAE පරීක්ෂාවේ දී මනිනු ලබන්නේ ශ‍්‍රවණ කි‍්‍රයාදාමයේ දී කර්ණ ශංඛයෙහි නිර්මාණය වන ශබ්ද තරංගය. මෙම විමෝචන ආපසු කන් ආලිය වෙත   ගමන් කරන අතර එහිදී ඉතා කුඩා මයික‍්‍රෆෝනයක් මගින් අල්ලා ගනු ලබයි. අවාසනාවකට මෙම පරීක්ෂාව, ශ‍්‍රවණ ස්නායු ගැටළු හෝ මොළ මුලයේ ශ‍්‍රවණ ප‍්‍රදේශ වල ගැටළු හඳුනා ගනු නොලබයි. එමෙන්ම,   මදි කන සහ ආලියේ තාවකාලික ද්‍රාවණ මගින් ද මෙයට බලපෑමක් එල්ල විය හැකි අතර රෝහලෙන් බැහැර කළ පසුව ද පරීක්ෂාවන් සඳහා අනවශ්‍යව යොමුවීමට සිදුවිය හැකිය.

නවජනිත ශ‍්‍රවණ හානිය සඳහා අධික අවදානම් සාධක:

අධික අවදානම් ලේඛනය (high-risk register –HRR) ශ‍්‍රවණ හානියක් ඇතැයි අවදානමක් සහිත බිළිඳුන්හඳුනා ගනියි. අධික අවදානම් ලේඛන, සමස්ත නවජාත ශ‍්‍රවණ සුපරීක්ෂාව තරම් සංවේදී නැත. ශ‍්‍රවණ හානිය සහිත බිළිඳුන් ගෙන් සියයට 50 කින් මේ පරීක්ෂාවෙන් වසන් වේ. අනෙක් අතට, ඇතැම් ආකාර යේ සහජ ශ‍්‍රවණ හානිය පමා වී ආරෝපණය වන අතර (පමාව හටගන්නා හෙයින්) රෝහල පාදක සුපරීක්ෂණ මගින් හඳුනා ගත නොහේ. සුපරීක්ෂණ හෝ අධික අවදානම් ලේඛනය යම් අසාමාන්‍යතාවක් පෙන්නුම් කරන්නේ නම් ශ‍්‍රව්‍ය විද්‍යාඥයෙකු සහ කායිකරෝග වෛද්‍යවරයෙකු සහිත ඇගැයිම් කණ්ඩායමකට යොමුකෙරේ. අධික අවදානම් සාධක:

  • දින පහකට වැඩි සංඛ්‍යාවක් නව ජනන ඒකකයකට ඇතුළත් කර තිබීම.
  • නොමේරූ(සති 37 කට අඩු කාලයක් ගැබ දැරීම)
  • මාතෘ ආසාදන
  • අසාමාන්‍ය පෙනුම (හිස, මුහුණ, කන්, ගෙල, ඇස්, ඇඟිලි)
  • මවට හෝ දරුවාට ලබා දුන් විෂ ඖෂධ
  • කහපැහැ සම හෝ ඇස් (hyperbilirubinemia)
  • දන්නා වූ බිහිරි සින්ඩ්‍රෝමය හඳුනා ගැනීම

අධි අවදානම් සාධක හඳුනා ගත් පසුව,  දරුවා නව ජනිත ශ‍්‍රවණ සුපරීක්ෂණ පරීක්ෂා සමත් වුවත් දරුවා  පරිපූර්ණ ශ‍්‍රවණ ඇගයීමක් සඳහා යොමු කළ යුතුයි. ජීවිතයේ පසු කාලයක් වන තුරු ශ‍්‍රවණ හානිය මතු නොවන හෙයින් ළමා කාලය පුරාවටම ඇගයීම සිදු කිරීම වැදගත්ය. මෙහිදී අනුගමනය කළ හැකි එක් ක‍්‍රමයක් වන්නේ දරුවාගේ වයස මාස දෙක සිට වසර දෙක අතර කාලය තුළ සන්නිවේදන වර්ධනය ගැන වැදගත් අවස්ථා සන්නිරීක්ෂණය හෙවත් සෝදිසියයි.

සාමාන්‍ය ශ‍්‍රවණය සහ භාෂාමය වශයෙන්  වැදගත් අදියර වගුව පහත දැක්වේ.

0.3 මාස: මහහ`ඩට තිගැස්සෙයි. කතා කළ විට සන්සුන් වෙයි. ශබ්දයට අනුකූලව කිරි ඉරීම වෙනස් කරයි.

1 – 6 මාස: ඇස් යොමුකර ශබ්දය එන දිසාව හඳුනා ගනියි. සංගීතයට ඇහුම්කන් දෙයි.

6 – 12 මාස: ශබ්දය දිසාවට හිස හරවයි;  මුල් වචන හඳුනා ගනු ලබයි. සම්මත තොල් මැතිරීම,  දෙඩවීම් (රිද්මයානුකූල, නුහුරු උච්චාරණ) පටන් ගනියි.

මාස 12 : මුල් වචන කතා කරයි.

මාස 24 : තනි අවස්ථා අණ පිළිපදියි. (“තාත්තාව හොයන්න”);  කෙටි වාක්‍ය ඛන්ඩ යොදා ගනියි. (“අම්මේ එන්න”);  වචන ගණනාවක්  දැන් දනී.

ඇමරිකා එක්සත් ජනපදයෙහි නම් වයස අවුරුදු හතරේදී, හයේ දී, දහයේ දී සහ දහඅටේ දී ච්ර්යාටටාවක් ලෙස ශ්‍රවන උනථා පරික්ෂාවට ලක් කෙරේ. ශ්‍රවන උනතා හඳුනාගෙන පාසල් බලධාරීන් සහ දෙමාපියන් සමග ඒ ගැන සාකච්චා කිරීම වස් පන්ති කාමර ගුරුවරුන් පුහුණූ කර ඇත.

THE EAR BOOK(Johns Hopkins University Press, 2017) යන ග්‍රන්ථයේ  Identification of Hearing Loss in Infants කොටස ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: