විදු නැන නුවණ – Science Literacy for All

නියුට්‍රෝන තාරකා ඝට්ටන පෘථිවියට කෙරෙන බලපෑම්

බොහෝම ඉස්සර කාලයක, දුර ඈත පිහිටි මන්දාකිණියක හරියටම කියනවා නම් NGC 4993 නමැති මන්දාකිණියේ නියුට්‍රෝන තාරකා (සිය පරිණාමයේ අවසානයට පත් තාරකා) දෙකක් ඝට්ටනය වී නිර්මාණය කෙරුණේ උත්කර්ෂණීය ආලෝක සංදර්ශනයකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස කළු කුහරයක් බිහිවන්නට ඇත. මේ ඝට්නකාරී එකතුවීම කෙතරම් නම් ප‍්‍රචණ්ඩකාරී වී ද යත් එය විශ්වයම සෙලවූයේ, අවකාශ-කාල (space-time) ඇතිරිල්ලේ කැළඹීම් ලෙස සූර්යාමෙන් මිලියන 200ක ප‍්‍රමාණයක ශක්තිය මුදා හරිමිනි. මේ කැලඹීම් හඳුන්වනු ලබන්නේ ගුරුත්වාකර්ෂණ තරංග(gravitational waves) ලෙසිනි. තාරකා  දෙක ගැටී සිදු වු එකතුවීමෙන්  මේ තරංග පැතිරී ගියේ හරියට පොකුණක හෝ විලක පැතිර යන තරංග මෙනි. එම තරංග අවසානයේ පෘතිවිය කරා ද ළඟා වී පෘථිවියේ ප්‍රධානතම ගුරුත්වාකර්ෂණ තරංග අනාවරකයන් වන ඇ.එ. ජනපදයේ නිපදවුණු ලයිගෝ(LIGO) සහ යුරෝපයේ නිපදවුණු මාදිලියේ වර්ගෝ(Virgo) යන  නිරීක්ෂණාගාර වෙතද පැමිණියේය.

 

 

… ඝට්ටනය වී එකතු වීමට ඔන්න මෙන්න කියා …

ගුරුත්වාකර්ෂණ තරංග මෙන්ම විද්‍යුත් චුම්භක විකිරණද – ඒ කියන්නේ ආලෝකය ද නිකුය්හ්කරමින්…

එසේ වුවද, මෙම තාරකා දෙක ගැටී සිදුවූ එකතුවේ එකම නිෂ්පාදිතය ගුරුත්වාකරණ තරංග පමණක්ම නොවේ. මෙම සිද්ධිය විද්‍යුත් චුම්භක විකිරණද – ඒ කියන්නේ ආලෝකය ද විමෝචනය කළේය. මෙය  සංකේතවත් කළේ තාරකා විද්‍යාඥයන්ට ගුරුත්වකර්ෂණ තරංග මෙන්ම ආලෝකය යන දෙකම,  එක් තනි ප‍්‍රභවයකින් (මූලයකින්) අල්ලා ගැනීමට සමත් වූ ප‍්‍රථම අවස්ථාව ලෙසයි. එකතුවීමෙන් මතු වූ ප‍්‍රථම ආලෝකය වූයේ සුළුවේලාවක් පැවති ගැමා කිරණ දීප්තිමත් පිපුරමයි. නාසා ආයතනයේ ෆර්මි ගැමා කිරණ අභ්‍යාවකාශ ටෙලස්කෝපයෙන්(Fermi Gamma-Ray Space Telescope ) හසු කර ගත් මෙම ආලෝකය බාගදා කළු කුහරයක උපත සලකුණු කරන්නක් විය හැකියි. පැය කිහිපයකට පසුව එකතුවෙන් මතු වූ තවත් ආලෝකය සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත් වූහ. ඒ භූමිපාදක ටෙලස්කෝපය යොදා ගනිමිනි. ඒවා ‘කිලෝනෝවා’ (kilonova) ලෙස හැඳින් වේ. එම ආලෝක එකතුවේ ප‍්‍රතිඵලයක් ලෙස සුන්බුන් ආකාරයෙන් නිපැදවුණු කිලෝනෝවාව ප‍්‍රසාරණය වී සිහිල් වුණේය. ලෝකයේ තාරකා විද්‍යාඥ ප‍්‍රජාව සති ගණනාවක් තිස්සේ කිලෝෆෝවාව සෙමින් අඩු වී යමින් දර්ශන පථයෙන් ඉවත්ව යන ආකාරය නරඹමින් සිටියහ.

මෙකී නියුට්‍රෝන තාරකා දෙක ඝට්ටනය වී එකතුවීමේ ප‍්‍රතිඵල ගැන අධ්‍යයනයක යෙදෙන තාරකා විදයාඥයන්ට විවිධ ආලෝක තරංග ආයාම ඔස්සේ ක්ෂණිකව අප‍්‍රමාණ බැර මූලද්‍රව්‍ය සෑදෙනු දැක බලා ගත හැකි විය. රත්රන් සහ ටයිටේනියම් වැනි මූලද්‍රව්‍ය සෑදීමට වගකිව යුතුවන්නේ  එකට එකතුවන නියුට්‍රෝන තාරකා විය හැකි යයි විද්‍යාඥයන් කියා සිටින්නේ දැන් කලක සිටය. නියුට්‍රෝන බහුල ලෝහ තාරකාවල සෑදෙන බව නොදැන සිටි කරුණකි. තාරකා එකතුවෙන් රත්රන් කැට මුදාහරින බවක් කිසිලෙසකින් මේ  තාරකා විද්‍යාඥයන් කිසිවෙකුත් ඍජුවම නොදුටු නමුත් එකතුවේ කිලෝනෝවාවෙහි වෙනස්ව යන එළියෙහි ඔවුන් දුටු දේ බොහොමයක්ම එකී පුරෝකතනයන් හා ගැලපුණි.

මේ ඝට්ටනය හා එක්වීම සිදුවූයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 130 ක් ඈතින් වුනේ වී නමුත් එම සිද්ධිය දැවැන්තය; ප‍්‍රභාවත්ය. එමෙන්ම මනස්කාන්තය. එකට එක්වන නියුට්‍රෝන තාරකා තබා (තනි)නියුට්‍රෝන තාරකාම පවා දුර්ලභය යන්න සැලකිල්ලට ගනිද්දී, අපට සැලකිය යුතු ආසන්නයේ එවැනි සංදර්ශනයක් කවදාවත්ම දැක ගැනීමේ අවස්ථාව බෙහෙවින් විරලය. එහෙත් එසේ වෙතැයි අපි මොහොතකට පරිකල්පනය කරමු. ඔව්, ක්ෂිර පථය හෝ එහි පරිවාර මන්දාකිණියක එවැන්නක් සිදුවුවහොත් අපේ තාරිය වටපිටාවේ දී එවිට අපට දැකගත හැකිවන්නේ කුමක්ද? අපේ මව් ග‍්‍රහයා වන පෘථිවිය  මත එවැන්නක බලපෑම කෙබඳුවේද? අපේ වටපිටාව, ශිෂ්ඨාචාරය මෙන්ම මානව වර්ගයාම පවා නොනැසී පවතීද?

සැලසුම් කර තිබෙන අන්දමට නම් නියුට්‍රෝන තාරකා හා කළු කුහර වැනි දැවැන්ත වස්තූන්ගේ එකතූන් ‘ශ‍්‍රවණය’ කිරීමට ලයිගෝ නිරික්ෂණාගාරයට හැකිය. එහෙත් මෙහිදී උත්ප‍්‍රාසය වන්නේ ලයිගෝ හි සුවිශේෂී  සුසුරකිරීම සිදුකර ඇත්තේ දුර ඈත කළු කුහර සොයා ගැනීම සඳහා වීමයි. ඒ කියන්නේ අපේ  සෞර ග‍්‍රහමණ්ඩලයේ අසල්වැසි තාරකා පද්ධතිවල තවත් විශාල සිදුවීම් හසුනොවී යාමට හැකිය යන්නයි  යනුවෙන් ලයිගෝ කණ්ඩායමේ සාමාජික ගේබි‍්‍රයෙලා ගොන්සාලේස් පවසයි. විශ්වයම සෙලවීමට තරම් ප‍්‍රබල  අසල්වැසි විශාල කළුකුහර දෙකක එකතුව වුවද එයට නිරික්සුම් නොවී යා හැකිය. මන්ද, සෙලවීම විද්‍යාමාන වන්නේ අන්වීක්ෂමය පරිමාණයකිනි. “අප අසලම අවකාශ කාලය ඇදීම  පියවි ඇසින් බලන්න අපට බැරිවෙනවා. ඒක දැක බලා ගන්න හෝ මැනීමට උපකරණයක්  ඕනමයි” ගොන්සාලේස් කියයි.

ලය්ගෝ නිරීක්ෂනාගාර

 

විසංසන්දනාත්මකව, අපේ මන්දාකිණියෙහි  නියුට්‍රෝන තාරකා එකතුවීමක කිලෝනොවක් සමහරවිට පැහැදිලිව විදයාමාන විය හැකිය. එය අහසේ  දීප්තිමත් තාරකාවක් ලෙස හදිසියෙන් මතුවිය හැකි අතර ලයිගෝ මගින් පැහැදිලිව සොයා ගත හැකි බව ගොන්සාලේස් පෙන්වා දෙයි. ලයිගෝ සුසර කර තිබුණද අසල්වැසි නියුට්‍රෝන තාරකා එක්වීමෙන් හා එහි අපරාපාරීය කිලෝනෝවාවේ ආළෝකයෙන් වැඩි කොටසක් නොදැක සිටීමට හැකි ආකාර ද   තිබිය හැකියි වයඹ දිග සරසවියේ තාරකා විද්‍යාඥ කැරි  ප්‍රෑන්ක්  පවසයි. “එවන් ප‍්‍රභාමත් සිද්ධියක් වුවත් අඩු තරමින් දෘශ්‍යමාන සහ අධෝරක්ත තරංග ආයාමවලදී  ධූවිලි සහ අනෙකුත් තාරකා මගින් වැසීයාමට පුළුවන්.  ඒ කියන්නේ ප‍්‍රකාශ තාරකා විද්‍යාඥයන්ට හසු නොවීමට ඉඩ තිබෙන, අහළ පහළ කිලෝනෝවක් රේඩියෝ හෝ  X කිරණ වැනි තරංග ආයාම ඔස්සේ බලන ලයිගෝ සහ ටෙලස්කෝපවලට දර්ශනය විය හැකි බවයි. “අධිතාවතාරාවන් — අඩුතරමින් අපේ මන්දාකිනියේ පසුගිය වසර 100 තුළ වත් අධිතාවතාරාවන් දැක ඇති අතර ඒවාට අදාළ ස්ඵෝටන දැක්කේ නැහැ. අපි දැක්කේ පසුව ඉතිරි වූ දෑ පමණය” ප‍්‍රෑන්ක් කියයි. අනික කිලෝනෝවාව කොපමණ බලගතු වුවත් සාමාන්‍ය අධිනවතාරකාවක දීප්තියෙන් සුළු කොටසක් පමණයි. එසේ වුවද, ක්ෂීර පථය මන්දාකිණිය ඇතුළත හෝ අවට  ඕනෑම තාරිය කැළඹීමකට තාරකාවිද්‍යාඥයෝ ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වති.

Scientific American හි  A Nearby Neutron Star Collision Could Cause Calamity on Earth යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: