විදු නැන නුවණ – Science Literacy for All

නියුට්‍රෝන තාරකාවල ඝට්ටනය පෘථිවියට කෙරෙන බලපෑම්

බොහෝම ඉස්සර කාලයක, දුර ඈත පිහිටි මන්දාකිණියක හරියටම කියනවා නම් NGC 4993 නමැති මන්දාකිණියේ නියුට්‍රෝන තාරකා (පරිණාමයේ අවසානයට පත් තාරකා) දෙකක් ඝට්ටනය වී නිර්මාණය කෙරුණේ උත්කර්ෂණීය ආළෝක සංදර්ශනයකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස කළු කුහරයක් බිහිවන්නට ඇත. මේ ඝට්නකාරී එකතුවීම කෙතරම් නම් ප‍්‍රචණ්ඩකාරී වී ද යත් එය විශ්වයම සෙලවූයේ, අවකාශ කාල ඇතිරිල්ලේ(fabric of space-time) කැළඹීම් ලෙස සූර්යාමෙන් මිලියන 200ක ප‍්‍රමාණයක ශක්තිය මුදා හරිමිනි. මේ කැලඹීම් හඳුන්වනු ලබන්නේ ගුරුත්වාකර්ෂණ තරංග (gravitational waves) ලෙසිනි. තරංග දෙක ගැටී සිදු වු එකතුවීමෙන් පැතිරී ගිය මේ තරංග හරියට පොකුණක හෝ විලක තරංග පැතිර යන්නාක් මෙනි. එම තරංග අවසානයේ පෘථිවිය කරා ද ළඟා වී පෘථිවියේ ප‍්‍රධානතම ගුරුත්වාකර්ෂණ තරංග අනාවරණකයන් වන ඇ.එ. ජනපද ලයිගෝ (LIGO) සහ යුරෝපයේ නිෂ්පාදිත Virgo වර්ගයේ නිරීක්ෂණාගාර වෙතද පැමිණියේය.

කිලෝනොවක් චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්

එසේ වුවද, මෙම තාරකා දෙක ගැටී සිදුවූ එකතුවේ එකම නිෂ්පාදිතය ගුරුත්වාකරණය තරංග පමණක්ම නොවේ. මෙම සිද්ධිය විද්‍යුත් චුම්භක විකිරණද – ඒ කියන්නේ ආලෝකය ද  විමෝචනය කළේය. මින් සංකේතවත් වුණේ ගුරුත්වකර්ෂණ තරංග මෙන්ම ආලෝකය එක් තනි ප‍්‍රභවයකින් (මූලයකින්) යන දෙකෙන්ම අල්ලා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වූ ප‍්‍රථම අවස්ථාවයි. එකතුවීමෙන් මතු වූ ප‍්‍රථම ආලෝකය වූයේ සුළුවේලාවක් පැවති ගැමා කිරණ දීප්තිමත් පිපුරමයි. නාසා ආයතනයේ ෆර්මි (Fermi Gamma-Ray ) ගැමා කිරණ අභ්‍යාවකාශ ටෙලස්කෝපයෙන් හසු කර ගත් මෙම ආලෝකය බාගදා කළු කුහරයක උපත සලකුණු කරන්නක් විය හැකියි.

පැය කිහිපයකට පසුව එකතුවෙන් මතු වූ තවත් ආලෝකය සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත් වූහ. ඒ භූමිපාදක ටෙලස්කෝපය යොදා ගනිමිනි. ඒවා ‘කිලෝනෝවා’ (kilonova ) ලෙස හැඳින් වේ. එම ආළෝකය එකතුමුතුවේ ප‍්‍රතිඵලයක් ලෙස සුන්බුන් මෙන් නිපැදවුණු කිලෝනෝවාව ප‍්‍රසාරණය වී සිහිල් වුණේය. ලෝකයේ තාරකා විද්‍යාඥ ප‍්‍රජාව සති ගණනාවක් තිස්සේ නරඹමින් සිටියේ කිලෝනෝවාව සෙමින් අඩු වී යමින් දර්ශන පථයෙන් ඉවත්ව යන ආකාරයයි.

මෙකී නියුට්‍රෝන තාරකා දෙක ඝට්ටනය වී එකතුවීමේ ප‍්‍රතිඵල ගැන අධ්‍යයනයක යෙදෙන තාරකා විදයාඥයන්ට විවිධ ආළෝක තරංග ආයාම ඔස්සේ ක්ෂණිකව අප‍්‍රමාණ බැර මූලද්‍රව්‍ය සෑදෙනු දැක බලා ගත හැකි විය. රත්රන්, සහ ටයිටේනියම් වැනි මූලද්‍රව්‍ය සෑදීමට එකට එකතුවන නියුට්‍රෝන තාරකා වගකිව යුතු යයි තාරකා විද්‍යාඥයන් කියා සිටියේ දැන් කලක සිටය. තාරකාවල නියුට්‍රෝන බහුල ලෝහ සෑදෙන බව නොදැන සිටි කරුණකි. එකතුවේ කිලෝකෝවාවෙහි හීනව යන එළියෙහි ඔවුන් දුටු දේ බොහොමයක්ම එකී  පුරෝකතනයන්ට ගැලපුණි. තාරකා එකතුවෙන් රත්රන් කැට මුදාහරින බවත් කිසිලෙසකින්වත් මේ තාරකාවිද්‍යාඥයන් කිසිවෙකුත් ඍජුවම දුටුවේ නැත. මේ ඝට්ටනය හා එක්වීම සිදුවූයේ පෘථිවියේ සිට ආළෝක වර්ෂ මිලියන 130 ක් ඈතින් වුනේ වී නමුත් එම සිද්ධිය දැවැන්තය, ප‍්‍රභාවත්ය. එමෙන්ම මනස්කාන්තය. එකට එක්වන නියුට්‍රෝන තාරකා තබා නියුට්‍රෝන තාරකා ම පවා දුර්ලභය යන්න සැලකිල්ලට ගනිද්දී අපට සැලකිය යුතු ආසන්නයේ එවැනි සංදර්ශනයක් කවදාවත්ම දැක ගැනීමේ අවස්ථාව බෙහෙවින් විරලය. එහෙත් අපි එසේ වෙතැයි පරිකල්පනය කරමු. ඔව් ක්ෂිර පථය හෝ එහි පරිවාර මන්දාකිණියක එවැන්නක් සිදුවුවහොත් අපේ තාරිය වටපිටාවේ දී එවිට අපට දැකගත හැකිවන්නේ කුමක්ද?

අපේ මව් ග‍්‍රහයා මත එවැන්නක බලපෑම කෙබඳුවේද? අපේ වටපිටාව, ශිෂ්ඨාචාරය මෙන්ම මානව වර්ගයා ම පවා නොනැසී පවතීද? ලයිගෝ සැලසුම් කර ඇති අන්දමට නම් නියුට්‍රෝන තාරකා හා කළු කුහර වැනි දැවැන්ත වස්තූන්ගේ එකතූන් ‘ශ‍්‍රවණය’ කිරීමට හැකිය. එහෙත් මෙහිදී උත්ප‍්‍රාසය වන්නේ ලයිගෝ හි සුවිශේෂී  සුසුරකිරීම සිදුකර ඇත්තේ දුර ඈත කළු කුහර සොයා ගැනීමට වීමයි. “එයින්  අදහස් වෙන්නේ අපේ  සෞර ග‍්‍රහමණ්ඩලයේ අසල්වැසි තාරකා පද්ධතිවල තවත් විශාල සිදුවීම් හසුනොවී යාමට හැකිය යන්නය” යයි ලයිගෝ කණ්ඩායමේ සාමාජික සහ ලුසියානා රාජ්‍ය සරසවියේ තාරකා විද්‍යාඥ ගේබි‍්‍රයෙලා ගොන්සාලේස්  පවසයි.

විශ්වයම සෙලවීමට තරම් ප‍්‍රබල  වුවද අසල්වැසි විශාල කළුකුහර දෙකක එකතුව පවා එයට නිරික්සුම නොවී යා හැකය. මන්ද, සෙලවීම විද්‍යාමාන වන්නේ අන්වීක්ෂමය පරිමාණයකින් වීමයි. “අප අසලම අවකාශ කාලය දිගෑදෙනු  පියවි ඇසින් බලන්න අපට බැරිවෙනවා. ඒක දැක බලා ගන්න හෝ මැනීමට උපකරණයක්  ඕනමයි” ගොන්සාලේස් කියයි.

විසංසන්දනාත්මකව, අපේ මන්දාකිණියෙහි නියුට්‍රෝන එකතුවක ‘කිලෝනෝවක්’ සමහරවිට පැහැදිලිව විද්‍යායාමාන විය හැකිය. එය අහසේ දීප්තිමත් තාරකාවක් ලෙස හදිසියෙන් මතුවිය හැකි අතර ලයිගෝ මගින් පැහැදිලිව සොයා ගත හැකි බව ගොන්සාලේස්  පෙන්වා දෙයි.  අනෙක් අතට,  ලයිගෝ සුසර කර තිබුණද අසල්වැසි නියුට්‍රෝන තාරකා එක්වීමක්  හා එහි අපරාපරීය කිලෝනෝවාවේ ආළෝකයෙන් වැඩි කොටසක් නොදැක සිටීමටද හැකි ආකාර  තිබිය හැකි යයි ඇ. එ. ජ. වයඹ දිග සරසවියේ තාරකා විද්‍යාඥ කේරි ප්‍රෑන්ක් පවසයි.  “එවන් ප‍්‍රභාමත් සිද්ධියක් වුවත් ධූවිලි සහ අනෙකුත් තාරකා මගින් වැසීයාමට පුළුවන්. ඔවු, අඩු තරමින් දෘශ්‍යමාන සහ අධෝරක්ත තරංග ආයාමවලදීවත් වැසීයාමට පුළුවන්” ප්‍රෑන්ක් පෙන්වා දෙයි.   ඒ කියන්නේ ප‍්‍රකාශ තාරකා විද්‍යාඥයන්ට හසු නොවීමට ඉඩ තිබෙන අහළ පහළ කිලෝනෝවක් රේඩියෝ හෝ  Xකිරණ වැනි තරංග ආයාම ඔස්සේ බලන ලයිගෝ සහ ටෙලස්කෝපවලට දර්ශනය විය හැකි බවයි. “අඩුතරමින් අපේ මන්දාකිනියේ පසුගිය වසර 100 තුළ වත් අධිතාවතාරාවන් දැක ඇති අතර ඒවාට අදාළ ස්ඵෝටන දැක්කේ නැහැ. අපි දැක්කේ පසුව ඉතිරි වූ දෑ පමණයි”  ප‍්‍රෑන්ක් කියයි. අනික කිලෝනෝවාව කොපමණ බලගතු වුවත් එයට ඇත්තේ සාමාන්‍ය අධිනවතාරකාවක(a typical supernova) දීප්තියෙන් සුළු කොටසක් පමණයි. එසේ වුවද ක්ෂීර පථය මන්දාකිණිය ඇතුළත හෝ අවට  ඕනෑම තාරිය කැළඹීමකට තාරකාවිද්‍යාඥයන්ගේ ප‍්‍රතිචාරය ක්ෂණික වන්නට ඉඩ තිබේ.

අතීත සහ අනාගත තාරියභෞතික කැලබිම් පෘථිවිය මත ඇතිකරන බලපෑම්වල නිශ්චිත විස්තර රඳා පවතින්නේ ඒවායේ දුර මත පමණක් නොව ඒවායේ අනුස්තාපනය මත ද වේ.

 

Scientific American හි පල වූ A Nearby Neutron Star Collision Could Cause Calamity on Earth යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: