විදු නැන නුවණ – Science Literacy for All

මුඛයේ බැක්ටීරියා බඩවැළෙහි රෝගවලට මුල පුරයිද?

සාමාන්‍යයෙන් කෙනෙකුගේ  මුඛයෙහි ජීවත්වන බැක්ටීරියා, බඩවැල ප‍්‍රදාහ රෝගය (inflammatory bowel disease – IBD), ව්‍රණමය පුරිතත් දාහය(මහබඩවැල ඉදිමීම හා වණවීම ulcerative colitis), ක්‍රෝන් රෝගය ((Crohn’s disease )  වැනි බඩවැල රෝගවලට දායක වන බව නව අධ්‍යයනයකින් පළවෙයි. අධ්‍යයන සිදු කරන ලද්දේ මීයන් යොදා ගනිමිනි. අධ්‍යයනයෙන් පෙනී යන්නේ මුඛයේ ඇති ඇතැම් බැක්ටීරියා වර්ග මාදිලි බඩවැල් කරා ගොස් අතුණු බහන්වල රැඳී ඇතැම් තත්ත්වයන් යටතේ නිදන්ගත ප‍්‍රදාහවලට මුල පිරිය හැකි බවයි.

මේ සොයා ගැනීම් තවමත් ඇත්තේ මූලික මට්ටමේය. මිනිසුන් සම්බන්ධව මේ ප‍්‍රතිඵල සනාථ කිරීමට නම් තවදුරටත් පර්යේෂණ කළ යුතුව ඇත. එහෙත් මේ සොයාගැනීම්වල සත්‍යතාව තහවූරු වුවහොත් බඩවැලෙහි ජීවත්වන බැක්ටීරියා ඉලක්ක කරගැනීමට මං සොයා ගැනීම සහ අනෙකුත් බඩවැල් රෝගවලට නව ප‍්‍රතිකාරයක් සැපයීමට හැකිවෙතැයි අධ්‍යයනය සඳහන් කරයි. මෙයට කලින් සිදු කළ අධ්‍යයන කියා පෑවේ ප්‍රරූපී වශයෙන් ගතහොත් මුඛ බැක්ටීරියා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුගේ බඩවැල්වල ජීවත් නොවන බවයි. මන්ද කීවොත් දැනටමත් බඩවැලෙහි ජීවත්වන බැක්ටිරියා මුඛයේ සිට එන බැක්ටීරියා තරග කොට පරාජයට පත් කරණ හෙයිනි. කෙසේවෙතත්, බඩවැල ප‍්‍රදාහ රෝගය හෙවත් IBD සහ පුරිතත(colon) පිළිකාව සහිත පුද්ගලයන්ගේ බඩවැල්වල ඉහළ  මට්ටම්වලින් ජීවත්වන බව සොයා ගෙන තිබේ. මුඛ බැක්ටීරියා සහ බඩවැල රෝග අතර සම්බන්ධතාව  තවදුරටත් සොයා ගනු වස් පර්යේෂකයෝ ක්‍රොන්ගේ රෝගය සහ බඩවැල ප‍්‍රදාහ රෝගය හෙවත් IBD රෝගයෙන් පෙළෙන්නන්ගේ ඛේට(කෙළ) සාම්පල්ගෙන ඒවා මීයන්ගේ අභ්‍යන්තරයෙහි පරාරෝපණය කළහ. මේ මීයන් ජීවානුමුක්ත මීයන් ලෙස හැඳින් වෙයි. ඛේටයෙහි ඇති Klebsiella pneumoniae නම් බැක්ටීරියා මාදිලිය ජීවාණු  මුක්ත මීයන්ගේ අතුණු බහන් තුළ ඉඳිමින් T helper cells යනුවෙන් හඳුන්වනු ලබන ප‍්‍රතිශක්ති සෛලවර්ග කි‍්‍රයාකාරි කරවන බව පර්යේෂකයේ සොයා ගත්හ. මේ සෛල ඊළඟට ප‍්‍රදාහ ප‍්‍රතිචාරයකට මුල පුරයි.

එහෙත්, පර්යේෂකයන් Klebsiella pneumoniae මාලිදිය සෞඛ්‍ය සම්පන්න හෙවත්  බඩවැල් බැක්ටීරියා තුලිත මට්ටම් සහිත මියන්ට ඇතුල් කළ විට K. pneumoniae බැක්ටීරියාවට බඩවැල්වල ස්ථාපිත වීමට නොහැකි විය. එහෙත් එකී මීයන්ට එක්තරා ප‍්‍රතිජීවක වර්ගයක් දුන් විට K. pneumoniae බැක්ටීරියාවට ඔවුන්ගේ අතුණුබහන්වල  පැවතිය හැකි බව පර්යේෂකයන්ට පෙනී ගියේය. එපමණක් නොව (පුරිතත් හි ප‍්‍රදාහය හට ගැනීමට ජානමය නැඹුරුවක් තිබෙන) මීයන්ට K. pneumoniae බැක්ටිරියාව දුන් විට එම බැක්ටීරියාව ඔවුන්ගේ අතුණු බහන්වල පවතිමින් දරුණු ප‍්‍රදාහ ඇති කිරීමට තුඩු දුන් බව පෙනී ගියේය.

ජානමය වශයෙන් ග‍්‍රහණශීල ධාරකයෙකු තුළ K. pneumoniae මාදිලිය උග‍්‍ර බඩවැල් ප‍්‍රදාහයට මග පෑදිය හැකි බව මෙම සොයා ගැනීම්වලින් පැහැදිලි වන්නේ යයි ජපානයේ කියෝ විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයෝ ඔක්තෝබර් 20 දා Science සඟරා කලාපයෙහි සඳහන් කළහ. අනතුරුව ඔවුහු මනුෂ්‍යයන්ගේ ‘මල ක්ෂද්‍රබියෝම’(fecal microbiome) දත්ත සමුදායකින් ලබාගත් තොරතුරු විශ්ලේෂණය කර බැලූහ. මිනිසුන්ගේ අසූචිවල (මල) දැක ගත හැකි බැක්ටිරියාමය DNA වර්ග ගැන දත්ත ද මේ දත්ත සමුදායට අයත් විය.  එහිදී ඔවුනට පෙනී ගියේ සෞඛය සම්පන්න පුද්ගලයන් හා සසඳනවිට ක්‍රෝන්ගේ රෝගයෙන් සහ IBD රෝගයෙන් පෙළෙන ජනතාවගේ අසූචිවල Klebsiella විශේෂය ඉහළ ප‍්‍රමාණවලින් යුක්ත බවයි.

මේ අනුව, පර්යේෂකයන් උපකල්පනය කරන්නේ IBD රෝගය හෝ වෙනත් ආමාශගත රෝගවලින් පෙළෙන්නන්ගේ අතුණු බහන්වල ඇතිවන ප‍්‍රදාහය මුඛයේ බැක්ටිරියාවලට වාසයෝග්‍ය පරිසරයක් නිර්මාණය කරන බවයි. (Klebsiella වැනි) මෙකී මුඛ බැක්ටිරියා බඩවැල් තුළ ගණවාසීකරණය කළ පසුව ඒවා බඩවැල් ‘අසමතුලිතතාව’ (microbiota dysbiosis ) සහ නිදන්ගත ප‍්‍රදාහය කලක් තිස්සේ පවත්වාගෙන යාමට ආධාර විය හැකි යයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

“මෙහෙම බැලූවහම, මුඛයෙහි හටගන්නා බැක්ටිරියා විශේෂයෙන්ම Klebsiella ඉලක්ක කළ විට බැක්ටීරියා IBD සහ තවත් බොහෝ රෝගී තත්ත්වයන් යහමගට හැරවීමේ  ප‍්‍රතිකාරක ක‍්‍රමෝපායන් සැපයීමට හැකි වන බව අපේ සොයා ගැනීම්වලින් පෙනී යනවා” යයි පර්යේෂකයෝ වාර්තාවෙහි සඳහන් කරති. මෙය කළ හැකි එක් විධියක් වන්නේ Klebsiella බැක්ටිරියා බඩවැල්වල ගණවාස පිහිටුවා ගැනීම අවහිර කළ හැකි ‘යහපත් බැක්ටිරියා’ හඳුනාගැනීම බව ඔවුන්ගේ මතයයි.

Live Science හි පළවූ Could Fuel Gut Diseases Bacteria in Your Mouth යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: