විදු නැන නුවණ – Science Literacy for All

ජෛව ඉන්ධන වගාව, හරිතාගාර වායු අඩුකිරීමට හේතුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හා කැලිෆෝනියා යන ජනපද දෙකෙහිම භූමි ප‍්‍රමාණයට සමවන වපසරියක සිදු කෙරෙන වගා මෙහෙයුමක් ගැන ඔබට පරිකල්පනය කළ හැකිද?  ඒ කියන්නේ වර්ග කිලෝමීටර මිලියන 1.12 කට වැඩි වපසරියක්. තවත් විදියකින් බලනවා නම්  සම්පූර්ණ කුවින්ස්ලන්තයමත් වර්ග කිලෝමීටර මිලියන 1.8ක් පමණයි. ඉතින් මේ සා විශාල භූමි ප‍්‍රදේශයක වගාකෙරෙන්නේ මොනවදා? උක්! ඔව්, එතනොල් නිපදවීම සඳහා අවශ්‍ය උක්. මේ දැවැන්ත මෙහෙයුම කි‍්‍රයාත්මක කරන රට හැටියට දැක්වෙන්නේ බ‍්‍රසීලයයි. ඉතින් අප මේ ගැන මෙපමණ අවධානයක් යොමු කල යුත්තේ ඇයි?

මෑතක Nature Climate Change සඟරාවේ පළ කෙරුණු වාර්තාවක දැක්වෙන පරිදි එතනෝල් නිෂ්පාදනය කිරීමේ අරමුණින් බ‍්‍රසීලයේ උක් වගාව බොහෝ සේ ව්‍යාප්ත කිරීම තුළින් වර්තමාන ගෝලීය කාබන්ඩයොක්සයිඞ්(carbon dioxide – CO2) විමෝචන සියයට 5.6 තරම් ප‍්‍රමාණයක් අඩුකර ගැනීමට හැකි වෙතැයි පර්යේෂකයෝ කියා සිටිති. බ‍්‍රසීලය දැනටමත් ලෝකයේ ප‍්‍රමුඛ උක් වගා කරන්නාය. එරට උක්වගාව යටතේ ඇති භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර 80,000ක් පමණ වේ. එහි අස්වැන්නෙන් භාගයක් පමණ යෙදවෙන්නේ එතනෝල් නිපදවීමටයි. බ‍්‍රසීලය, පෙට්‍රෝලියම් පාධක ඉන්ධන වෙනුවට ජෛව ඉන්ධන යොදා ගැනීම සඳහා බොහෝ උනන්දුවෙන් යොමු වූ රටකි. මීට අදාළ පර්යේෂණ මෙහෙයවනු ලැබුවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාඥ ස්ටීවන් ලෝන්ග් විසිනි. එම කණ්ඩායමට සාවෝ පවුලෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝද ඇතුළත් වූහ. මේ පර්යේෂක කණ්ඩායම විශ්වාස කරන්නේ පරිසරාත්මකව සංවේදී  ප‍්‍රදේශවලට බලපෑමක් නොකර, අනෙකුත් කෘෂිකාර්මික භෝග ව්‍යාප්තියටද ඉඩ සලසමින් බ‍්‍රසීලයේ උක් වගා කර්මාන්තය පුළුල් කළ හැකි බවයි. බ‍්‍රසීලය, ආරක්ෂිත ප‍්‍රදේශ ජාලයක් නැතිනම් පද්ධතියක් පිහිටුවා තිබේ. ඉන් වර්ග කිලෝමීටර මිලියන දෙකකට  වැඩියෙන් (ඒ කියන්නේ රටෙන් 25% පමණ) ආවරණය වන අතර ඊට ස්වාභාවික සංරක්ෂිතයන්, උද්‍යාන සහ ස්වදේශිකයන්ගේ ඉඩම්ද අයත් වේ.

“යෝජිත උක් වගා නිෂ්පදනය නෛතිකව පරිවර්තනය කළ හැකි ප‍්‍රදේශවලට පමණක් සීමා කර තිබෙනවා” යැයි ලෝන්ග් කියයි. පාංශු සංයුතිය උෂ්ණත්වය, වර්ෂාපතනය සහ අනෙකුත් සාධක වෙනස් වන්නාවූ කලාපවල උක්වගාවේ නිශ්චිත චර්යා ආකෘති තැනීම පිණිස නව ප‍්‍රවේශයක් මත කණ්ඩායමේ පර්යේෂණය පාදක වූ බව හෙතෙම පවසයි. ජලයෙහි කාබන්ඩයොක්සයිඞ් හා උෂ්ණත්වයෙහි අනාගත භෝග නිෂ්පාදනය පුරෝකතනය කිරීම පිණිස සංඛ්‍යාලේඛනාත්මක ආකෘති වෙනුවට පැයක් පාසා පදනමකට ශාකය ප‍්‍රතිචාර දක්වන සාධක මගින් මෙහෙයවනු ලැබීමට සලසන අයුරු ශාකය වැඩෙන යාන්ත‍්‍රවාදී ආකෘතියක් නව අධ්‍යයනයේදී යොදා ගැනුනු බව ලෝන්ග් කියයි. සංඛ්‍යා ලේඛණාත්මක මොඩලවලදී(ආකෘතිවල දී) ජලයෙහි කාබන් ඩයොක්සයිඞ් සහ උණ්ෂත්වයෙහි වෙනස්කම් උක්වගා නිෂ්පාදනයට බලපෑම පිණිස අන්තර් කි‍්‍රයාකරන ආකාරය පරිපූර්ණව සැලකිල්ලට නොගනී. උක් වගාව සඳහා ඉඩම් පරිවර්තනය කිරීමේ කාබන්-සම්බන්ධිත පිරිවැය ද විශ්ලේෂණයට ඇතුළත් කෙරිණ.

බ‍්‍රසීලයේ එතනෝල් කර්මාන්තය, ජෛව ඉන්ධන නිපදවීම පිණිස  සීනි යොදා ගන්නා අතර හපය ලෙස ඉතිරිවන  උක්රොඩු,   කම්හලට විදුලිය ලබාදීම පිණිස විදුලි උත්පාදනය කරනු වස් පුළුස්සනු ලැබේ. “අද බ‍්‍රසීලයේ උක් පාදක එතනෝල් නිෂ්පාදනය බඩඉරිඟු පාදක එතනෝල් නිෂ්පාදනයට වඩා බෙහෙවින් කාර්යක්ෂමයි” යනුවෙන් අධ්‍යයනයේ සම කර්තෘ අමන්දා ද සෞසා සඳහන් කරයි, “උක් පාදක එතනෝල් නිස්පාදනයෙන් ජනනය වෙන්නේ පෙට්‍රෝලියම් කාබන්ඩයොක්සයිඞ් විමෝචනවලින් 14%ක් පමණයි” ඇය කියයි.

කෙසේවෙතත්, මෑතක Energy Research and Social Science සඟාරාවේ පළ වූ ආකාරයේ  වාර්තා එතනෝල්, හරිතාගාර වායු විමෝචන අඩුකිරීමට උපකාරී වන පරිසර හිතකාමී වීරයෙකු ලෙස හුවා දැක්වීමට ගන්නා ප‍්‍රයත්නය ගැන ප‍්‍රශ්න මතු කරයි. එය උක් පාදක එතනෝල් නිෂ්පාදනය පිළිබඳ උනන්දුව මඳක් හීන කරවන සුළුය. “අපේ සංකල්පය නම් කාබන්ඩයොක්සයිඞ් විමෝචනය අඩු කිරීමෙහිලා එතනෝල් නිෂ්පාදන උක්-පාදක කර්මාන්තයෙන් සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන බවයි” ලෝන්ග් කියා සිටී. ඔහුගේ අදහස වනුයේ උක් වැවීමේ වෑයම බ‍්‍රසීලයට පමණක් සීමා නොවිය යුතු බවයි. කැරිබියන් දුපත්වල සිට හවායි දක්වා අක්කර විශාල ගණනක් කලින් උක් වගාකෙරුණ ද අද පුරන්ව පවතී. මේ ඉඩම්වලට නැවත වටිනාකමක් එක් කිරීමට උක් පාදක එතනෝල් නිෂ්පාදනයට හැකියාව තිබෙන බව ලොන්ග් වැඩිදුරටත් පෙන්වා දෙයි.

COSMOS The Science of Everything හි පළවූ Huge sugarcane expansion could send CO2 emissions south යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: