විදු නැන නුවණ – Science Literacy for All

විජලනය හිස කැක්කුම ඇතිකරයිද?

හිසරදය අප කාටත් කරදර ගෙන එන තත්ත්වයකි. මේ ගැන thathu  ලිපියක් පසුගිය ඔක්තෝබර් 24 දා පලවිය. මෙය, එහි වෙනත් පැත්තක් ගැන සාකච්ඡා කරන ලිපියකි

විජලනය හෙවත්  ශරීරයේ තිබිය යුතු ජල ප‍්‍රමාණයට වැඩියෙන් ජලය ඉවත්වීම හිසරුජාවට හේතුවන බව පිළිගත් කාරණාවකි. අපි මුලින්ම බලමු විජලනයෙන් සිදුවෙන්නේ කුමක්ද කියා. මූලිකව ගත්තොත් විජලනය කියන්නේ ශරීරය නිසියාකාරව කි‍්‍රයාත්මක වීම සඳහා අත්‍යවශ්‍ය වන ජලය සහ ඉලෙක්ට්‍රොලයිට හානියයි.  විජලනය ඇතිවීමට වඩාත් සුලබ හේතුවක් වන්නේ සෞඛ්‍ය සම්පන්න මට්ටම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන ජලය පානය නොකිරීමයි. අධික විජලනය බරපතල තත්ත්වයක් බව අප කවුරුවත් දැනගත යුතුය. ඊට අමතරව එය ජීවිතයට තර්ජනයක් විය හැකිය. විජලනය ඇතිවීමේ ලක්ෂණ ගණනාවක්ම ඇතිවේ. ඉන් වඩාත්ම සුලබ එකකි හිස කැක්කුම.

විජලන හිසේ කැක්කුම කියන්නේ කුමක්ද?

මූලික වශයෙන් ගතහොත් විජලනය යනු ප‍්‍රමාණවත් දියර මට්ටමක් පවත්වාගෙන යාමට සිරුර දරන වෙහෙසෙහි ප‍්‍රතිඵලයකි. විජලනය ඇතිවුවහොත් ඉන් රුධිර නහර සිහින් වීම ඇතිවේ. ඊට අමතරව මොළයට සැපයෙන රුධිරය හා ඔක්සිජන් අඩුකිරීමට විජලනයට හැකිය. මෙලෙස තමයි විජලනය හිසේ කැක්කුමට මග පාදන්නේ. විජලනය ඇති වූ විට මොළයට වේදනාව දැනෙන්නේ නැත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මොළය වටකොට ඇති ආස්තරය කෙරෙහි බලපාන හිසේ කැක්කුම් ඇතිවිය හැකිය. විජලන හිස කැක්කුමට බලපාන ප‍්‍රධාන සාධකය ජලය හිඟවීමයි. අතිරේකව, ඉලෙක්ට්‍රොලයිට නොමැතිකම හේතුවෙන්ද හිස කැක්කුම් ඇතිවේ.

මෙහි තේරුම නම් විජලන හිසකැක්කුම පළවා හැරීමට නම් බෙහෙවින් ජලය පානය කළ යුතු බවයි. තිබෙන තත්ත්වයෙන් මිදීමේ වර්ධනයක් අපේක්ෂා කරන්න නම්,  වතුර අවුන්ස 16 සිට 32 දක්වා ප‍්‍රමාණයක් බීමට ගත යුතුය. දරුණු විජලන හිසකැක්කුමක් නම් වැතිර සිටීමද යෝග්‍යය යයි නිර්දේශිතයි. රෝග තත්ත්වයට ප‍්‍රතිකාර ගැනීම පිළිගත් වෛද්‍යවරයෙකු හෝ වෛද්‍ය වෘත්තිකයෙකු  මුනගැසීම ද අවශ්‍ය විය හැකිය.

විජලනයෙන් ඇතිවෙන හිසරදය වළක්වාගන්නේ කෙසේද?

මෙහි දී ප‍්‍රධාන වශයෙන්ම වැදගත් වන්නේද  ප‍්‍රමාණවත් අන්දමින් ජලය පානය කිරීමයි. ඊට අමතරව, වැඩි ජල ප‍්‍රමාණයක් ස්වාභාවිකවම අඩංගු ආහාර ගැනීම ද යෝග්‍ය යයි නිර්දේශ කෙරේ. මෙවැනි ආහාර පළතුරු සහ එළවළු අතරේ දැක ගැත හැකිය. කෙසේ වෙතත් දැනගත යුතු කාරණාවක් ඇත. එනම් විජලනය වළක්වා ගැනීම පිණිස දියර වර්ග ගැනීමේදී සෑම දියරක්ම එක සමාන නොවන බවයි. උදාහරණයක් හැටියට විජලනය නිසා ඇතිවන හිසරදය මඟහරවා ගැනීමේදී කෝපි හා මධ්‍යසාරය ගැනීමෙන් වැළකී සිටිනු මනාය. මෙහිදී කෙනෙකුට සිතට නැගෙන තවත් ප‍්‍රශ්නයක් තිබිය හැකිය. අපගේ සිරුරේ දියර මට්ටම ඉහළ දමනු වස් සීනි සහ ඉලෙක්ට්‍රොලයිට අඩංගු ක්‍රීඩකයන් ගන්නා පාන(sport drinks) ගැනීම යෝග්‍යයද? මෙයට කෙළින්ම පිළිතුරක් දිය නොහැක්කේ මේ පිළිබඳ පැහැදිලි දත්ත නොමැති වීම නිසායි. මෙහිදී සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ සිරුරෙන් ඉවත් වන දියර ඔබ ආදේශක කළ යුත්තේ කුමන ඉලෙක්ට්‍රොලයිට පානයක් මගින්ද යන්නයි. මන්ද සමහරක් බඩයෑම සහ වමනය ඇති කරවන රෝග තත්ත්තවයන්ට මඟපෑදිය හැකි වීමයි. ඉතින් අවසාන වශයෙන් දැක්විය හැක්කේ  විජලනය හේතුවෙන් ද  හිසරදය ඇති විය හැකි බව මේ වන විට ඉතා පැහැදිලි නිසා සිරුරෙහි ජලය ප‍්‍රමාණවත්ව පාලනය කිරීමෙන් හා ජලය අධික ආහාර අනුභවයෙන් සිරුර සජලනය කර පවත්වාගෙන යාම යෙහෙකි බවයි.

Actforlibraries.org හි පළවූ Can Dehydration Cause Headaches යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: