මානව ප්‍රගතිය යටිතලයෙහි ඇත්තේ දැනුම හඹා යාමයි. අප කිසිදා දැන සිටියාට වඩා වැඩි දැනුමක් බොහෝ ආකාරවලින් අපට ඇත. එසේ වුව ද, මතය පරිසිද්ධියෙන් වෙන්කොට හඳුනාගැනීම, සත්‍යය විශ්වාසයෙන් වෙන්කොට හඳුනාගැනීම කවරදාකටත් වඩා අසීරු කටයුත්තක් ලෙස පෙණි යා හැකිය. තතු මෙම ලිපි මාලාවෙන් ආපසු යන්නේ මුලික කරුණු කාරනාවලටයි: ඥානය යනු කුමක් ද? ඉන් අපට ඇති ඵලය කිම ? මෙන්ම ඥාන මීමාංසාවට කේන්ද්‍රීයවන අනෙකුත් ප්‍රශ්න ගැන පමණක් නොව ඥානය පිළිබඳ විද්‍යාව ගැනම මෙහි දී සොයා බැලේ.
ඥානය යනු කිම?
මට ලොතරැයි දිනුමක් ලැබුණා. මන් තාම දිනුම් නොම්මර බැලූවේ නැහැ. ඒ වුණාට මට ඒක දැනෙනවා. දන්නවානේ ඉතින් ඒකෙ හැටි. දැනෙනවා නම් ඉතින් දන්නවා.
ඥානය යනු හසුකර ගැනීමට අසීරු, ලිස්සන සුලූ සංකල්පයකි: අප දන්නේ කුමක්ද? එය දන්නා බව අප දන්නේ කෙලෙසද? අනෙක් අය දන්නේ යයි අප දන්නේ කුමක්ද? අප දන්නා දේ ගැන අනෙක් අය දන්නේ මොනවාද? අප හෝ ඔවුන් දන්නා දේ සහ අප ඔන්න ඔහේ නිකමට වාගේ විශ්වාස කරන දෙය වෙනස් වන්නේ කෙලෙසද? සමහර විට ඔබ මෙහෙම තර්ක කරාවි. ජයග‍්‍රාහී අංක දකින තුරා මම ලොතරැයිය ජයගත් බව මට දැන ගැනීමට නොහැකියි. මට පුළුවන් ජයගත්තා යයි විශ්වාස කිරීම පමණයි. ඒත් ඒක මම දැනගන්නේ කෙලෙසද?
අප බොහෝ දෙනා ජීවන ගමනේ යෙදෙන්නේ ඥාන විභාගය යන පියන යට(ඉන් වැසී ඇත්තේ මොනවා දැයි) හොඳින් එබී බලන්නේ නැතුවය. ඥාන විභාගය යනු ‘ඥාන සිද්ධාන්තයයි’. “අපි ඒක පිරිමහගන්නේ අන්තර්ඥානයෙන් හෙවත් ප‍්‍රතිභාන ඥානයෙන් අපට ආවර්ජනය කරන්න, සිතාමතා සැලසුම් කරන්න ඕන නැහැ” යයි කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥයෙකු වන ජෙනිෆර් නගෙල් කියයි. ඇය Knowledge: A very short introduction නම් ග‍්‍රන්ථයේ කතුවරියයි.
කෙසේ වෙතත් මෙය තවදුරටත් තීක්ෂණව සලකා බැලීම වටී. ආරම්භක වශයෙන් ගතහොත්, අප කරුණු කාරණා දන්නේ කොපමණ දුරකටද එමෙන්ම අනෙක් අය දන්නේ මොනවාදැයි දැනගැනීම තමයි බොහෝ විට මේ මිහිතලය මත ඇති සියලුදෙයින් — පාෂාණවල සිට චිම්පන්සීන් දක්වා සියල්ලෙන් අපව (මානවයන්ව) වෙන්කරනු ලබන්නේ. මනුෂ්‍යයින්ගේ සියලූම අන්තර් කි‍්‍රයාකාරකම් ලූහුටුවන ලිහිසිතෙල එයයි. “අනෙක් අය දන්නේ කුමක්ද නොදන්නේ කුමක්දැයි අප දන්නේ නම් අපට වඩාත් හොඳින් සහයෝගයෙන් කි‍්‍රයාකිරීමට සන්නිවේදනය කිරීමට මෙන්ම තරග කිරීමටත් හැකිවෙනවා” නගෙල් පහදයි, “ඥානයේ එක එක අවස්ථා අඛණ්ඩව සොයා බැලීම, වාදයකදී කෙනෙකුට ආධාරයක් විය හැකි අතර අභාසයන්ට(fallacies) එරෙහිව මුහුණදීමේ දී උපකාරයන් ද විය හැකියි”.
එතකුදු වුව ද, ඥානයේ මූලික වලංගුතාව විග‍්‍රහ කිරීම පුදුමාකාර ලෙස අසීරු කටයුත්තකි. යමක් දැන ගැනීම පිණිස මුලින්ම ඔබ ඒක විශ්වාස කළ යුතුය. එහෙත් එය ප‍්‍රමාණවත් නොවේ: පරිසිද්ධිමය ඥානය(factual knowledge) නිර්මාණය කිරීම සඳහා එම විශ්වාසය සැබෑ විය යුතුය. “අප සැවොම පිළිගැනීමට සතුටු වන එක් දෙයක් තමයි එය” නගෙල් පැහැදිලි කරයි.
කෙසේවෙතත්, ‘සැබෑ විශ්වාසය’ පමණක් ප‍්‍රමාණවත් නැත. විශ්වාසයක් අහම්බෙන් සැබෑවක් විය හැකිය. නොඑසේ නම් වැරදි මාර්ගයක් හරහා අපට නිවැරදි පිළිතුරක් කරා ළඟා විය හැකියි. එසේ හෙයින් සැබෑ විශ්වාසය ඥානය ලෙස ගණන් ගැනීමට නම් ඥාන මීමාංසකයන් විසින් තවත් කොන්දේසියක් සාම්ප‍්‍රදායානුකූලව එකතු කර ඇත: යම් ආකාරයකින් එය සාධාරණීකරණය කළ යුතු ද වන්නේය. ඉහත අප දැක්වූ ලොතරැයි නිදසුනෙහිදී ලොතරැයි පතෙහි අංක පිළිබඳ සංජානන සාක්ෂිවලට(උදාහරණයක් ලෙස රූපවාහිනී නිවේදක කියවන) දිනුම් අංක පිළිබඳ නිවේදනය මගින් ලැබෙන නිශ්චිත සාක්ෂිය එකතුවීමෙන් තමයි ලොතරැයි දිනුම ඇදුණු බවට හෝ ඇදී නැති බවට අනුමානමය දැනුම(inferential knowledge) නිර්මාණය කරයි.
දැනුම, යුක්තිමත් කළ සැබෑ විශ්වාසයක් යන සංකල්පය දිගු කලක් ප‍්‍රමුඛව පැවතිණ. එහෙත් අනතුරුව, ඇමරිකානු එක්සත් ජනපද දාර්ශනිකයකුවන එඞ්මන්ඞ් ගෙටියර් 1963 දී ලියා පළ කළ කෙටි වාර්තාවකින් බලගතු ප‍්‍රතිනිදර්ශන කිහිපයක් ම ඉදිරිපත් කළේය. (එකී) ‘ගෙටියර් ගැටලූ’ වලට නිදර්ශනයක් ලෙස දැක්වුවහොත් හරියට මධ්‍යානයේදී කෙනෙක්, 12 ලෙස වේලාව දක්වන ඔරලෝසුවක් දෙස නෙත් යොමු කරයි. මෙතැන ගැටලූව වන්නේ සාමාන්‍යයෙන් විශ්වාසය තැබිය හැකි ඔරලෝසුව නතර වී තිබීමයි. එය දැන් නිවැරදි වේලාව දක්වන්නේ අහම්බෙන් පමණකි. (එහෙත්) ඔරලෝසුව දෙස නෙත් යොමු කළ අය දැන් වෙලාව මධ්‍යාන 12 යයි විශ්වාස කරයි. එම විශ්වාසය සැබෑවකි. මන්ද නතර වී ඇති ඔරලෝසුව(එම විශ්වාසයට) සාධාරණීකරණය සපයයි. එසේ වුවද එය මධ්‍යානය බව කිසිවෙකුත් නොදනී. එය දනිතැයි ඔවුන් විශ්වාස කරනවා පමණි.
ඔරලෝසු නතර කිරීම
මෙවන් ගැටලූ මගහරවා ගැනීමට මෙන්ම අප සියලූ දෙනාට එකඟවිය හැකිවන ඥානය පිළිබඳ අර්ථ විවරණයක් සැපයීමටද හැකි වන පරිදි සාධාරණීකරණය පිළිබඳ ප‍්‍රමිතීන් හෙවත් සම්මුතීන් තෝරා බේරා ගැනීම සඳහා එතැන් පටන් කොට විවිධ උත්සාහයන් දැරිණ. එහෙත් මෙතෙක් කිසිවෙකුටත් මෙය හරි හැටි ග‍්‍රහණය කර ගැනීමට හැකිවි නැත. “මේක එක්තරා විදියකට අමාරුකාර ප‍්‍රශ්නයක්” නගෙල් පෙන්වා දෙයි. කොහොම වුණත් අවසානයේදී වැදගත් කාරණාව වන්නේ පිළිතුරක්ම නොවන්නට පුළුවන. මෙකී ඥාන මීමංසාමය ගවේෂණ අපව යොමු කරන්නේ අප අමතක කිරීමට හුරුව ඇති කාරණාවක් වෙතට විය හැකිය:යමක් හුදෙක් විශ්වාස කිරීමට වඩා යමක් දැන ගැනීම වඩාත් පොහොසත් වඩාත් සංකීර්ණ තත්ත්වයක් යන්නය. මතය (opinion) හා පරිසිද්ධිය(fact) වෙන් කොට හඳුනාගැනීමේ හැකියාව මෙන්ම අප ඥානය යනුවෙන් හඳුන්වන දෙය නිරතුරුව ප‍්‍රශ්නයට ලක්කිරීම මනුෂ්‍යයන් වශයෙන් අපේ ප‍්‍රගමනයට අතිශය වැදගත්ය. තවද අපෙන් ගිලිහී යා දී බලා සිටිය නොහැක්කකි, එය.
(මෙම මාතෘකාවට අදාළව තතු පළකිරීමට යෝජිත ලිපි මාලාවේ මා සත්‍යය සොයා ගන්නේ කෙසේද? යන ලිපියෙහි වැඩි විස්තර දැක්වේ).
“යමක් දැන සිටිනවාය යන්න කෙනෙකුව සතයයට එක්කර අගුලූ දමන මානසික තත්ත්වයකි” යි නගෙල් කියන්නීය. එහෙත් අගුළ කුමක්ද යන්න අපි ඇත්තටම දන්නේ නැත.
දැනුම අපට එන්නේ කොහොමද?
දැනුම වර්ගීකරණයට එක් මගක් තමයි, අපි එය ලබාගන්නේ කෙසේද යන්න අනුව වර්ගීකරණය.
සංජානන:(PERCEPTUAL) අපේ ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන ඍජු සාක්ෂි.
පරීක්ෂණ:(TESTIMONIAL) අනෙකුත් පුද්ගලයන්ගෙන් හා මාධ්‍යයෙන් ලැබෙන කාරණා
අන්තර්ඥානය:(INNER SENSE) වේදනාව කුසගින්න වැනි අපේම හැඟීම් හා තත්ත්වයන් පිළිබඳ අපේ දැනුවත් බව
අනුමානය: (INFERENTIAL) දළ ආදාන මගින් අප ගැට ගසා ගන්නා දැනුම.
NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE(VOL FOUR-ISSUE THREE) හි WHAT IS KNOWLEDGE? යන කොටස ඇසුරෙනි