විදු නැන නුවණ – Science Literacy for All

ප්ලාස්ටික් ව්‍යසනය ගැඹුරු මුහුදේ සතුන්ටත් බලපායි

මහා සාගරයේ කිසිම තැනක් ප්ලාස්ටික් දූෂණයෙන් බේරීමට වරම් ලබා නැතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මරියානා ආගාධයේ සතුන්ට පවා මේ ව්‍යසනයෙන්  ගැලවී ගත නොහැකිවී  ඇති බව වාර්තාවේ.

සාගරයේ මීටර 10,970 තරම් ගැඹුරු අගාධයක ජීවත්වන කවචයන්ගේ බඩවැල්වල, උදරයෙහි ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බව නව අධ්‍යනයකින් හෙළි වෙයි. ඇත්තටම ශාන්තිකර සාගරයේ ගැඹුරු මුහුදු හයක් පුරාවටම ගතහොත් ඉන් එකක්වත් ප්ලාස්ටික් දූෂණයෙන්  ගැලවීමට සමත් වී නැතැයි පර්යේෂකයෝ නොවැම්බර් 15 දා වාර්තා කළහ. “සාගරයට මුදා හරින කසල අවසානයේ වෙරළට ගසාගෙන විත් හෝ මුහුදු පත්ලට ගිලී හෝ තමයි අවසන් වෙන්නේ” අධ්‍යයන ප‍්‍රධානීන් ඇලන් ජැමයිසන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි, ” මේ හැර වෙනත් විකල්ප නැහැ”. ඇලන් ජැමයිසන් එක්සත් රාජධානියේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥයෙකි.

සමුද්‍රික ගැඹුරු මුහුද කෙලසීම

මේ වසරේ පෙබරවාරියේදී ජැමයිසන් සහ කණ්ඩායම Evolution and Ecology සඟරාවට වාර්තාවක් සපයමින් පෙන්වා දුන්නේ  ගැඹුරු මුහුදේ ආගාධ PCBs යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන බහුක්ලෝරිනිකෘත ද්විෆිනයිල(polychlorinated biphenyls) සහ PBDEs යනුවෙන් කෙටියෙන් දැක්වෙන බහු බ්‍රෝමිනිකෘත ඩයිෆීනයිල එතර් (polybrominated diphenyl ethers)මගින් දූෂණය වී ඇති බවයි. PCB යනු බොහෝ කර්මාන්ත සඳහා යොදා ගනු ලබන ඉටිමය හෝ තෛලමය රසායනිකය. ඒවායේ විෂ සහිත භාවය පිළිබඳ ගැටලූ හේතුවෙන් (මේවා) 1979 සිට තහනමට ලක්ව තිබේ. ගිනි දලූ මන්දක(retardants) ලෙස යොදා  ගන්නා රසායනිකයක් වූ PBDEs බොහොමයක්ඒවා මගින්  ප‍්‍රජනන, ප‍්‍රතිශක්ති සහ ස්නායු පද්ධති අවහිර කිරීමට හැකිය යන්න පදනම් කරගෙන තහනම් කර තිබුණි. මීටර් 10,000 පමණ ගැඹුරු දකුණු ශාන්තිකරයේ කර්මඩෙක් ආගාධයේ සහ මීටර 10,250 ගැඹුරු උතුරු ශාන්තිකර මරියානා ආගාධයේ කවයන් තුල මෙම අපවිත‍්‍රකාරක දෙක සොයා ගැනීමට ජැමයිසන් සහ කණ්ඩායම සමත්වුහ.  පර්යේෂකයන් මෙම  අම්පතෝඩාවන්  එකතු කරගෙන ඇත්තේ පෘථිවියේ ගැඹුරුතම සාගර පත්ලෙනි.

අම්පිපෝඩාවන්

පෙබරවාරි වාර්තාව නිකුත් වූ පසුව ජැමයිසන් ඇතුළු කණ්ඩායමට ආගාධයේ ප්ලාස්ටික් අපවිත‍්‍රකරණය පිළිබඳ ප‍්‍රශ්න ගණනාවක්ම මතු විය. එහෙයින් ඒ ගැන සොයා බැලීමට ඔවුහු තීරණය කළහ. ප‍්‍රතිඵල ක්ෂණිකව ලැබුණු අතර ඒවා සිත් සසල කරවන සුලූ වූ බව  ජැමයිසන් පවසයි. “ඇත්තටම මේ වගේ වැඩවලදී අපවිත‍්‍රකාරක සෙවිම දුෂ්කර වුවත් ප්ලාස්ටික් තන්තු බඩවැල් වල අඩංගු දෑ ඉවත් කරද්දී ඒවා අතර දැක ගන්න ලැබුණා”.

දූෂණය ඒකරාශීවීම

නූතන මෙවලම් හා උපකරණ උපයෝගී කරගනිමින් පර්යේෂකයෝ අගාධ හයක් පරීක්ෂාවට ලක් කළහ. මරියානා ආගාධය, ජපාන ආගාධය, ඉසු-බොනින් ආගාධය, පේරු-චිලී ආගාධය, නව හෙබ්රයිඞ්ස්  ආගාධය සහ කර්මඩෙක් ආගාධය එම හයයි. ඒ එකදු අගාධයක්වත් ප්ලාස්ටික් වලින් තොර නොවන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. පරීක්ෂාවට ලක් කළ ආගාධ හයෙන්ම එකතු කර ගත් කවචයන් අනුවක් ගැන අධ්‍යනය කෙරුණි. අපවිත‍්‍රකරණයේ අඩුම  මට්ටම දැක්වූයේ නිරිතදිග ශාන්තිකරයේ නව හෙබිරයිඞ්   ආගාධය. එහි නියැදියට ගත් කවචයන්ගෙන් අඩකම ප්ලාස්ටික් දැකගත හැකි විය.  ඉහළම මට්ටම වාර්තා වූයේ මරියානා ආගාධයෙන්ය. එහි නියැදියට ගත් සතුන් සියල්ල ම අපවිත‍්‍ර කරණයට ලක්ව තිබිණ. සතුන්ගේ බඩවැල් වල තිබී සොයා ගනු ලැබූ ඉතා කුඩා ප්ලාස්ටික්  කැබලි අතර නයිලෝන්, රේයන්, මහදියදුල් (ramie ),  ලයොසෙල් (lyocell) මෙන්ම පොලීඑතිලීන්, පොලිඒමයිඩ (polyamide ), පොලිවිනියල වැනි කෙඳිය. පොලිඑතලීන් තමයි, ප්ලාස්ටික් ග්‍රොසරි බෑග් සහ ප්ලාස්ටික් බෝතල් තැනීමට ගන්නේ.  පොලිඒමයිඞ් කෘතිම කෙඳි තැනීමට ගැනේ. පොලිවිනියලවලට අප පීවීසී(PVC) ලෙස  හඳුන්වනු ලබන පොලිවිනිල ක්ලෝරයිඞ් ද ඇතුළත්ය. නල, පරිවරණ(insulation) මෙන්ම ක්‍රෙඩිට්කාඞ් ආදිය තැනීමට යොදා ගන්නේ  මේ ප්ලාස්ටික් වර්ගයයි.

අම්පිපෝඩාවන්ගේ උදරයෙහි තිබී සොයාගත් කෘතීම් කෙඳි

2014 සිදුකල අධ්‍යයනයට අනුව ප්ලාස්ටික් තනි තනි කුඩා කැබලි ට‍්‍රිලියන 5 ක් තරම් ප‍්‍රමාණයක් මුහුදේ පාවෙමින් තිබේ. ඒවායේ බර මෙට‍්‍රික් ටොන් 227,000 කට අධිකය. මේ අතර 2017 ජූනි සිදු කළ අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ ගංගා වලින් පමණක් මෙට‍්‍රික් ටොන් බිලියන 2.2 වාර්ෂිකව සාගරය වෙත ගලා එන බවයි. මේ ප‍්‍රමාණයෙන් 86% ප්ලාස්ටික් දූෂණය සිදු වන්නේ ආසියාවේ ගංගාවලිනි. තවද වෙරළ අසල දමන කසළ හෝ වෙරළ තීරයට සුළඟින් ගසාගෙන එන කසල මගින්ද සාගරයට ප්ලාස්ටික් එකතු වේ.

සාගර ජීවීන් සිය පෝෂණය පවත්වා ගෙන යන්නේ ගැඹුරු මුහුදෙහි ගැඹුරු ප‍්‍රදේශවලට ගිලා බසින ඉතා කුඩා ආහාර කැබලි මගින් බව ජැමයිසන් පෙන්වා දෙයි. ඉතිං සමුද්‍රය තුලට ගිලා බසින මේ කසල කන්දරාවට ක්ෂුද්‍ර ප්ලාස්ටික්  කොටස් එක් වූ විට ඒවාද ආහාරයට ගැනේ.

“මේ  නිරීක්ෂණය තමයි, ක්ෂුද්‍රප්ලාස්ටික් (microplastic )  හටගැනීම හා අධිග‍්‍රහණය පිළිබඳව ලබාගත හැකි වඩාත් ගැඹුරු වාර්තාව. ඉන් දැක්වෙන්නේ මනුෂ්‍ය මූලික හෙවත් මිනිසා විසින් නිර්මිත කසළවල දූෂණයෙන් මිදුණු සාගර පරිසර පද්ධති කොහෙත්ම නැති වීමට  ඉහළ ඉඩකඩක් පවතින බවයි”  ජැමයිසන් කියයි.

 

Live Science හි පළවූ Even at 36,000 Feet Deep, Ocean Creatures Have Plastic in Their Guts යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: