විදු නැන නුවණ – Science Literacy for All

අභ්‍යවකාශ චාරිකාවල දී වාසි ගෙනෙන යීස්ට්

අභ්‍යවකාශගාමීන්ගේ අපද්‍රව්‍ය පෝෂක හෝ ප්ලාස්ටික් බවට හැරවීමට ක්ෂුද්‍ර ජීවීහු සමත් වෙති

Image result for yeast

අභ්‍යවකාශ ගමන්වල යෙදෙන ගගනගාමීන් ගෙන යන සෑම දෙයකම බර හැකිතාක් දුරට සැහැල්ලූ කර ගත යුතුය. ‘සැහැල්ලූව’ අවශ්‍ය වෙන්නේ ශ‍්‍රීපාද ගමනට පමණක් නොවේ; අභ්‍යවකාශ චාරිකාවටත් සැහැල්ලූව  ගෙන යායුතු වේ. තමන් ගෙන යන ආහාර පාන කෑම බීම හැම අවුන්සයක්ම මෙහිදී තීරණාත්මකය. මන්ද අතිරේක බර යනු අතිරේක ශක්තියක් වැය කිරීමට සිදුවීම යන්නයි. තවද, නාසා ආයතනය සැලසුම් කරගෙන තිබෙන ආකාරයට අඟහරු ග‍්‍රහයා වෙත යන ගමනක් වැනි දුර අභ්‍යවකාශ චාරිකාවක කාලය තුළ ඇතැම් ආහාර නරක් නොවී තබා ගැනීමට නොහැකිය.

එසේ වුවද, ගබඩා කර තැබීමේ කටයුතු වඩාත්ම කාර්යක්ෂම කිරීම සඳහා විද්‍යාඥයෝ නිර්මාණාත්මක විධි සොයා ගනිති. එම කාර්යයේ දී අභ්‍යවකාශගාමීන්ගේ හුස්ම සහ මුත‍්‍රා පවා ප‍්‍රතිචක‍්‍රිකරණය කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ. “අභ්‍යවකාශ මෙහෙයුම්  වෙනුවෙන් සිදු කෙරෙන චාරිකා සඳහා වැයවන කාලය දීර්ඝ වන්ට, වන්ට ඔවුන් තව තවත් අපද්‍රව්‍ය ජනනය කරනවා”.

ඉතින් මුලින්ම එන ප‍්‍රශ්නය තමයි “අපි මොනවද ඒ ගොඩ ගැසෙන අපද්‍රව්‍ය වලට කරන්නේ යන්න” යයි ක්ලෙම්සන් සරසවියේ රසායන ඉංජිනේරූවරයෙකු සහ කෘතිම ජීව විද්‍යාඥයෙකු වන මාක් බ්ලෙනර් පවසයි. එම අපද්‍රව්‍ය ආපසු පෘථිවිය කරා ගෙන එනු වෙනුවට, අපද්‍රව්‍යය අත්‍යවශ්‍ය පෝෂක කොටස් බවට හෝ මෙවලම් තැනීමට ගන්නා ප්ලාස්ටික් බවට පවා පරිවර්තනය කළ හැකි බව බ්ලෙනර් සහ සගයෝ පෙන්වා දෙති.

Related image

බේකරි වැඩවලදී යොදා ගන්නා යීස්ට් විශේෂයේ ඥාතියෙකු ලෙස සැලකෙන  Yarrowia lipoly tica යීස්ට් විශේෂයට මනුෂ්‍ය මුත‍්‍රා වල අඩංගු සංරචකයක් මත යැපිය හැකි බව පර්යේෂකයන්ට පෙනී ගියේය. මීට බාහිරව, වෙනම ම පර්යේෂණ සිදු කළ ඔවුන් මිනිසුන් ප‍්‍රාශ්වාස (exhaled) කරන වාතය, කාබන්ඩයොක්සයිඞ් ගහණ පෝෂක බවට හැරවිය හැකි ඇල්ගී වගා කළහ. මේද අම්ල(fatty acids) නිපදවීම සඳහා පසුව යීස්ට් භාවිතයට ගන්නේ එම පෝෂකය. යීස්ට් වල ජෙනෝමයන්ට ඇල්ගී වල ජාන කිහිපයක් සහ ශාකජලවාංග පිරිද්දීමෙන් ක්ෂුද්‍ර ජීවීන් ලවා මෙකී මේද අම්ල, ඔමේගා 3(omega-3s) බවට උත්ශ්‍රෝණි කිරීමට (උසස් කිරීමට) බ්ලෙනර් ඇතුළු පිරිස සමත් වූහ. මිනිසුන්ගේ හෘදය වස්තුවේ, මොළයේ සහ අක්ෂිවල සහ සෞඛ්‍යයට ඔමේගා 3 අත්‍යවශ්‍යය.

lipoly tica තවත් මාදිලියක(strain) මේද අම්ල නිෂ්පාදක ගමන් මග පර්යේෂකන් විසින් වෙනස් කරන ලද්දේ අභ්‍යවකාශයේ දී ත‍්‍රිමාණ මුද්‍රණ මෙවලම් ලෙස භාවිතා කළ හැකි පරිද්දෙන් ප්ලාස්ටික් පොලියෙස්ටර් ලෙස යොදා ගත හැකි අන්දමටය. අගෝස්තුවේ පැවැත් වූ ඇමරිකානු රසායනික සංගමයේ අර්ධ වාර්ෂික රැස්වීමට බ්ලෙනර් ඇතුළු කණ්ඩායම මෙම සොයා ගැනීම් ඉදිරිපත් කළහ. “මේ වාගේ නවොත්පාදක පර්යේෂණ සඳහා යොදා ගත හැකි බොහෝ ප‍්‍රයෝජනවත් ජීවීන් හැටියට යීස්ට් නම් කරන්න පුළුවන්” මෙම අධ්‍යයනයට සහභාගී නොවූ ජිතේන්ද්‍ර ජෝෂී කියා සිටියි. හෙතෙම, නාසා ආයතනයේ උසස් ගවේෂණ පද්ධති සඳහා වූ තාක්ෂණික සමෝධාන ප‍්‍රධානියා ය.

කෙසේ වෙතත්, අභ්‍යවකාශයේ පවතින පහළ ගුරුත්ව හා අධි විකිරණශීලී(low gravity,high-radiation) වාතාවරණය තුළ ද මෙම සීඝ‍්‍රතාවයෙන් ම ප‍්‍රයෝජනවත් නිෂ්පාදන නිපදවිය හැකි බව පර්යේෂකයන් තවමත් ඔප්පු කර නැත. එතෙක් බ්ලෙනර් විශ්වාස කරන්නේ අනාගත අභ්‍යවකාශගාමීන් ‘‘සිය නම්‍යශීලී නිෂ්පාදන වේදිකාවක් ලෙස යීස්ට් යොදා ගනු ඇති’’ බවයි.

 

Scientific American නොවැම්බර් කලාපයේ පලවූ Space-Saving Yeast  නම් ලිපිය ඇසුරෙනි

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: