විදු නැන නුවණ – Science Literacy for All

ලිංගික හෝමෝන හා ඇදුම රෝග අවදානම

ලිංගිකත්වය (ස්ත්‍රී පුරුෂ භාවය) සහ යෞවනෝදය (වැඩිවියට පත්වීම) මීයන්ගේ මෙන්ම මනුෂ්‍යයන්ගේ ඇදුම රෝග අවදානම කෙරෙහි දැඩි ලෙස බලපාන බව ඇමරිකා එක්සත් ජනපදයේ සිදුකළ පර්යේෂණයකින් පෙන්නුම් කරයි.

කාන්තාවන්ට ඇදුම රෝගය වැළදීමේ අවධානම පිරිමින්ට වඩා දෙගුණයක් වුවත් යෞවනෝදයට පෙර මේ රටාව අනෙක් අතට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව රෝගයෙන් වැඩියෙන්ම පෙළෙන්නෝ  බාලකයන්ය. ලිංගිකත්වය පදනම් කරගත් මේ වෙනස ඇති වන්නට හේතුව පෙනහලු සෛලවල ලිංගික හෝමෝනවල බලපෑම බව Cell Reports නම් සඟරාවේ පසුගියදා පළවූ වාර්තාවක දැක්වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ වොන්ඩර්බිල්ට් සරසවියේ සහ ජෝන්  හොප්කින්ස් පර්යේෂකයන් පුදුමයට පත් කරවන සුළු සොයා ගැනීමක් වූයේ පෙනහලුවල ප්‍රදාහය සහ සෙම නිපදවීම වැනි ඇදුම රෝග ලක්ෂණ වලට සම්බන්ධ ප්‍රතිශක්ති සෛලයකට (ප්‍රධාන පුරුෂ හෝමෝනයවන) ටෙස්ටොස්ටෙරෝන් (testosterone) මගින්  අවහිරතා ඇතිකරනු ලබන  බව දැන ගැනීමයි.  පර්යේෂකයන්ගේ ජේෂ්‍යඨ කර්තෘ වොන්ඩර්බිල්ට් සරසවියේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඩෝන් නිව්කෝම්බිය. ඇගේ ප්‍රධානත්වයෙන් මීට පෙර සිදු කළ අධ්‍යයනයකදී පෙනී ගියේ යෞවනෝදයට පෙර පිරිමි ළමයින්ට ඇදුම වැළදීම ගැහැණු ළමයින්ට මෙන් 1.5 ගුණයක් වැඩි වන නමුත් එම ප්‍රවණතාව යෞවනෝදයෙන් පසුව අනෙක් පැත්තට හැරෙන බවයි. අනතුරුව  මේ රටාව කාන්තාවන්ට ඔසප් නැවතීම (ආර්තවහරණය menopause) වන තෙක් පවතින අතර ඉන්පසුව ඇදුම වැළඳීමේ අනුපාතය පහත වැටේ.

ඇදුම ඇදුම රෝග ලක්ෂණ උත්සන්නවීමට සාධක ගණනාවක් බලපෑ හැකියි. අසාත්මික කාරකවලට (allergens)  සහ  වෛරස් ආසාදනවලට(viral infections) නිරාවරණය වීම නිදසුන්ය. පර්යේෂකයන් අනුමාන කරන්නේ ලිංගික හෝමෝන ද මෙයට සම්බන්ධ වන සාධකයක් විය හැකිබවයි. ඔවුන් නිරීක්ෂණය කළ ලිංගිකත්ව වෙනස්කම්වල ප්‍රවණතා සනාථ කරනු වස් නිව්කෝම්බ් සහ ඇගේ සගයෝ මිනිස් මෙන්ම මියන්ගෙන් සෛල අධ්‍යයනයට ලක් කළහ. ඔවුන්ගේ අවධානය නාභි ගතවූයේ කණ්ඩායම්2 ජන්ම වසාභ සෛල (Group 2 innate lymphoid cells) හෙවත් ILC2 සෛල වෙත ය.  මේ ILC2 සෛල පෙනහලුවල ප්‍රදාහය හා සෙම නිපද වීමට හේතුවන cytokine ප්‍රෝටීන නිපදවයි. ප්‍රදාහය හා සෙම හේතුවෙන් රෝගියාට හුස්ම ගැනීම අපහසු වේ. පර්යේෂකයන් ඇදුම රෝගය තිබෙන අයගේ මෙන්ම නොමැති අයගේ ද රුධිරය එකතු කරගෙන සිදු කළ පර්යේෂණයේ දී පෙනී ගියේ ඇදුම නැති අයට වඩා ඇදුම රෝගීන් සතුව ILC2සෛල වැඩියෙන් තිබූ බවයි. එම පිරිස අතුරෙන්ද ඇදුමෙන් පෙළෙන කාන්තාවන්ට ඇදුම රෝගය ඇති පිරිමින්ට වඩා  වැඩියෙන් ILC2 සෛල තිබිණ.

කාන්තාවන්ට ඇදුම රෝගය හැදීමේ අවදානම පිරිමින්ට වඩා වැඩිය

ILC2 සෛල මීයන්ගේ පෙනහලුවලද දැකගත හැකි වුවද ඒවා දුර්ලභය. මීයෙකුගේ පෙනහලුවල සෛල මිලියන 10 න් ILC2 සෛල ඇත්තේ 10,000ක් පමණය. මනුෂ්‍යයන් අතරෙහි දුටු ප්‍රතිඵලවලට සාමාන ප්‍රතිඵල දැක ගත හැකි වූ නිව්කෝම්බි සහ කණ්ඩායමට හැමවිටම පෙනී ගියේ ගැහැනු මීයන්ට වඩා අඩු සෛල පිරිමි මීයන්ගෙන් ලැබෙන බවයි. ILC2 සෛල මත හෝමෝනවල බලපෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔවුහු මී සෛල යොදා ගත්හ.

පර්යේෂකයන්, ඊස්ට්‍රජන්(ස්ත්‍රී ප්‍රජනක හෝමෝනය) සහ ප්‍රොජේස්ටරෝන්( ගැබිනිවීමට සිරුර සකසන ස්ත්‍රී හෝමෝනය) වැනි ඩිම්බකෝෂමය හෝමෝන, සෛල වලට එක් කළ විට ඔවුනට cytokine සෑදීමට ඇති හැකියාවෙහි වෙනසක් හෝ වැඩි වීමක් දැකගත නොහැකි විය.  කෙසේ වෙතත් (ඔවුන්) ටෙස්ටොස්ටෙරෝන් එක් කල විට,  ඔවුනට  පෙනී ගියේ ව්‍යාප්තවීමෙන් සෛල වැලකීමට මෙන්ම  cytokine නිෂ්පාදනය අඩු කිරීමට හෝමෝන ක්‍රියා කරන බවයි.

මෙම අධ්‍යයනයේදී අවධානය යොමුවූයේ ටෙස්ටොස්ටෙරෝන් ගැනයි. එහෙත් ඇදුම රෝගය මත අනෙකුත් හෝමෝනවල බලපෑමද සොයා බැලීමට හැකිවන පරිදි තවදුරටත් අධ්‍යයනය ව්‍යාප්ත කිරීමට නිව්කෝම්බබ් අදහස් කරන්නීය. “වා මං(airway) ප්‍රදාහය පාලනය කරනු ලබන එකම යාන්ත්‍රණය ලිංගික හෝමෝන පමණක් නොවේ. ඒවා එවන් පාලනයක් කරන බොහෝ යාන්ත්‍රණ අතුරින් එකක් පමණකි” ඇය පෙන්වා දෙයි,  “ඇදුම රෝගයේදී වැදගත් වන එක ම වැදගත් යාන්ත්‍රණය ද මෙය නොවේ”.

 

COSMOS: The Science of Everything හි පළවූ Sex hormones linked to asthma risk යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: