විදු නැන නුවණ – Science Literacy for All

සුදු වලසුන් ඉන්න ඕන කුණු කසළ ගොඩේ ද?

උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතිවන විපර්යාසයන් එන්ට එන්ටම දැකගැනීමට හැකිවී තිබේ. මේ වසරේ ආර්ක්ටික් කලාපය අයිස්වලින් වැසී ගොස් තිබුණේ අඩු වශයෙනි.  මේ හේතුව නිසා සුදු (ධ්‍රැව) වලසුන්ට දිවි රැක ගැනීම පිණිස දඩයමේ යෙදීමට නොහැකි වී ඇති අතර ඒ නිසා ඔවුන් ආහාර සොයා කැලි කසළ ගොඩවල් හඹා යන්නට පටන් ගෙන තිබේ. දේශගුණය අමුතු ස්වරූප ගනිද්දි අන්ත කාලගුණික සිද්ධීන් වඩාත් සුලභ වෙන්නට පටන් ගෙන ඇත. මුහුදු මට්ටම් ඉහළයාමට පටන්ගෙන ඇති අතර එම ඉහල යාම කුණාටු ඇතිවන විට තව  ගැටලු ඇතිකරයි.

ගෝලීය උණුසුම්වීම:

හරිතාගාර වායු මගින් තව තවත් තාපය හසුකර ගනිද්දී වාර්ෂික සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතී. මෙය ගෝලීය උණුසුම් වීම ලෙස දැක්වේ.

(චතුර්ථ භූ යුගයේ මුල් අවධියට අයත්) ප්ලඉස්ටොසීන (Pleistocene) යුගය අවසානයේ එනම් වසර දහදාහකට පෙරාතුව සිටම උෂ්ණත්වය ඉහල යමින් පැවතියත් වැඩිවිමේ  ශිඝ්‍රතාව පසුගිය ශත වර්ෂයක කාලය තුළ වඩාත් වේගවත් වී ඇත. 1990න් පසු එය තවත් වේගවත් වී තිබේ. (කාලගුණ වාර්තා තබා ගැනීම ආරම්භ වීමෙන් පසුව ගත වූ වසර එකසිය තිස් හතරක් තුළ) වඩාත් ම උෂ්ණාධික වර්ෂය 2016 යි. වඩාත්ම උෂ්ණාධික වර්ෂ දහයක් වාර්තා වූයේ ද  විසි එක් වැනි සියවසේ දී ය. 2015 සහ 2014 පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි උෂ්ණාධික වර්ෂයන් ය.

වයස අවුරුදු 30 ට වඩා අඩු උදවිය ගතහොත් ඉන් කිසිවෙකුත් පෘථිවියේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය ම විසිවන සියවසේ එම මාසයේ සාමාන්‍ය තත්ත්වයට අඩු මාසයක් කිසිදිනෙක ගෙවා නැත. ගෝලිය උෂ්ණත්වය සාමාන්‍ය මාසික උෂ්ණත්වයට වඩා පහලට ගිය අවසන් අවස්ථාව 1985 පෙබරවාරියේදීය.

ගෝලීය ගොඩබිම උෂ්ණත්ව සාගර දර්ශකය:

 

කාර්මික විප්ලවය පසුව උෂ්ණත්වය කොපමණ නම් ඉහළ ගියේ ද යන්න මෑතක උෂ්ණත්ව වර්ධනයන් ගෙන් පෙන්නුම් කෙරේ.

වාර්ෂික විචල්‍යයන් පැත්තක තැබුවත් 1880 සිට 2015 දක්වා ගෝලීය  උෂ්ණත්ව සාමාන්‍යය සෙන්ටිග්‍රේඩ් අංශක 01.0 කින් පමණ ඉහළ ගොස් ඇතැයි නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ අධ්‍යනායතනය පෙන්වා දෙයි. බැලූ බැල්මට මෙම සංඛ්‍යාව එතරම් ඉහළ අගයක් නොදක්වන නමුත් මෙය වැදගත් වන්නේ කෙසේද?

හරිතාගාර වායු විමෝචන:

කලක් තිස්සේම ලෝකයේ වැඩි වැඩියෙන් ම හරිතාගාර  වායු විමෝචනය කරන්නේ  ඇමරිකා එක්සත් ජනපදයයි.  2004 වර්ෂයේ දී එය සියයට විස්සක් විය. චීනයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය හේතුකොට ගෙන එහි විමෝචන 2008 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපද මට්ටම ද  ඉක්මවීය. කෙසේ වෙතත් මෙහිදී මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ඇමරිකා එක්සත් ජනපද ජනගහනය චීනයේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ බවයි. මෙහි ඇති විශේෂත්වය කාට වුවත් පැහැදිලි විය යුතුය. ඇමරිකා එක්සත් ජනපදය සාමාන්‍ය වැසියකු, චීනයේ සාමාන්‍ය වැසියකුට වඩා හරිතාගාර වායු විමෝචනය කරන බවයි. නැතහොත් ඇමරිකා එක්සත් ජනපදය වැසියකු විමෝචනය කරන සාමාන්‍ය හරිතාගාර වායු ප්‍රමාණය චීනයේ වැසියකු විමෝචනය කරන සාමාන්‍යයට වඩා වැඩිය.

ඉහළ යන උෂ්ණත්වයන් හේතුවෙන් ඇතිවන විපර්යාසයන්

ගෝලීය උණුසුම් වීම හේතුවෙන් පෘථිවියේ මෙන් ම ජීවීන් කෙරෙහි බලපෑ විපර්යාසයන් මතු දැක්වෙන ඡායාරූප මගින් දැක්වේ

 

(a) ඇන්ටාක්ටිකාවේ ලාසන් අයිස් කවචය (Ice Shelf) බිඳියාම කලාපයේ දේශගුණ උෂ්ණාධිකවීම හා සම්බන්ධ කෙරේ

(b) 1985 සිට ඉතා අධිකව බෝල්ඩර් ග්ලැසියරය දියවී ගොස් ඇත. ලොව පුරා අනෙකුත් කඳුකර ග්ලැසියරද  දිය වෙමින් පවතී.

 

නිත්‍ය තුහින (Permafrost) දියවෙමින් පවතින අතර එහි වපසරිය අඩුවෙමින් පවතී. දැන් සයිබීරියාවේ ඇත්තේ අඩු ගිම්හාන විල් සංඛ්‍යාවකි.

 

(a)අයිස් වැස්ම දියවෙමින් සාගරවලට ජලය එකතු වේ. මුහුදු මට්ටම ඉහල දමයි. මෙහිදී මතක තබාගත යුතු කරුණක් වන්නේ ජලය උණුසුම් වෙද්දි මද වශයෙන් ප්‍රසාරණය වේ. මෙයද මුහුදු මට්ටම ඉහළ දැමීමට දායක වෙයි.

(b)දරුණු කුණාටු සහ දැඩි නියං කාල වැඩිවෙමින් කාලගුණය එන්ට එන්ටම වඩා අනියත වේ. 2009 දෙසැම්බරයේදී බටහිර ඇමරිකා එක්සත් ජනපදය හිම බ්ලැන්කෙට්ටුවකින් වැසී ගියේය

(c) මතුපිට මුහුදු උණුසුම්වෙද්දී ශාක ජලවාංග (phytoplankton) ඵලදායිතාව හීන වේ.

(d)  ලොව පුරා කොරල් පර මියැදෙමින් පවතී. ඉහළ උෂ්ණත්වයක් මගින් පීඩනයට පත්වන කොරල් සුදු පැහැ ගැන්වේ.

(e) පයින් කුරුමිණියන්  පැතිරයාම උතුරු ඇමරිකාවේ බටහිර ගස් විනාශ මුඛයට ඇද වැටී ඇත. මෙම කෘමීන් කලක් ඔවුනට ඇතුළුවීමට නොහැකි තරමට සීතල ව පැවති ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත.

 

සත්ව විශේෂයන්ට අදාල සිද්ධි සඳහා කාල වකවානු  වෙනස් වෙමින් පවතී. දෑන් සම්භෝගය හා සංක්‍රමණයන් වසන්ත සමයේ(පෙරට වඩා) කලින් සිදුවේ. කඳුකර උඩු බෑවුම් වෙත යාමේ හැකියාවක් ඇති විශේෂ,  ව්‍යාප්ත ප්‍රදේශ උඩට ගෙන යති. කෘෂිකර්මාන්තය සඳහා දැනටමත් ආන්තික ව තිබූ ප්‍රදේශ තවදුරටත් වගා කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. මන්ද ඒවා එක්කෝ උණුසුම් වැඩියි. නැතිනම් වියලි වැඩිය. උෂ්ණත්වය ඉහළයාම මුළු ග්‍රහ ලෝකයටම වෙනස්කම්  ගෙන එයි. මුහුදු මට්ටම ඉහළ යමින් පවතී. හිම කැටි විපර්යාසයන්ට ලක් වේ. පරිසරය මේ විපර්යාසයන්ට ප්‍රතිචාර දක්වයි. උෂ්ණත්වය ඉහල යාම හේතුවෙන් ඇතිවී තිබෙන විපර්යාසයන් ලොව පුරාම දැකිය හැකි වුවත් වඩාත් උද්වේගකර බලපෑම ධ්‍රැව කලාපවල යි.

CK 12 Foundation වෙබ් අඩවියහි පල වූ  Do polar bears belong in garbage dumps?ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: