ශක්තිය ඉතිරි කරන එල්ඊඩි, ආලෝක දුෂණය වැඩිකරයි!

විදුලි බුබුළු වෙළඳ පොළ ගත්තොත් අද වැඩිම ඉල්ලුමක් ඇත්තේ එල්ඊඩි බල්බ් සඳහායි. හඳුන්වාදුන් අවධියේ මිල සාපේක්ෂව වැඩියෙන් පැවතුන ද අද වන විට එම ප්රවනතාව වෙනස්ව ගොස් මේ වනවිට් එල්ඊඩි බල්බ් ජනප්‍රියතාවයෙන් ඉහල තැනක වැජඹේ. එහෙත් ඊට බලපෑවේ මිල අඩුවිම්ම නොවේ. සිය තාපදීප්ත(incandescent) සහ ප්‍රතිදීප්ත (fluorescent) ඥාතිසොයුරන්ට වඩා එල්ඊඩි බල්බ් සඳහා ශක්තිය වැයවෙන්නේ අඩුවෙනි. ඒවා වඩා දිගු කලක් ද පවතී. ඉදිරි දශක තුළ එල්ඊඩි බල්බ් භාවිතය හේතුවෙන් බලශක්තිය ටෙරවොට් පැය දහස් ගණනින් ඉතිරි කර ගනිමට හැකිවෙතැයි අපේක්ෂිතයි. ඉන් විදුලි පාරිභෝගිකයන්ට ඩොලර් බිලියන ගණනක වාසි සැලසෙනු ඇත. මේ ආකාරයට බලන විට එල්ඊඩි කොයිතරම් වාසනාවක් ද?
කෙසේවෙතත්, මේ විප්ලවකාරී බලශක්ති ඉතිරිකරන තාක්ෂණයේ නරක අංගද නැතුවාම නොවේ. ආලෝක දුෂණය සම්බන්ධයෙන් ඊට එල්ලවෙන චෝදනා එන්ට එන්ටම වැඩිවෙමින් පවතින බව Science Advances නම් සඟරාවට ලිපියක් සපයමින් පර්යේෂකයෝ වාර්තා කරති. මේ සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනකින් දැක්වෙන්නේ ලොව පුරා කෘතිමව ආලෝකමත් කෙරුණු ගොඩබිම වපසරිය 2012ත්, 2016ත් අතරතුර කාලයේ දී වසරකට සාමාන්‍යයෙන් සියයට 2.2කින් (2.2%) ඉහල ගොස් ඇති බවයි. මෙයින් සිදුවී ඇත්තේ අපේ රාත්‍රී කාලයන් වඩාත් ප්රභාවත්විම එම ප්‍රමාණයෙන්ම ඉහල යාමයි. මෙය මනුෂ්‍ය හෝ සත්ව සෞඛ්‍යයට යහපත් දෙයක් නොවේ.
අඳුරු රාත්‍රී අහස අපට අහිමිවෙන්නට පටන්ගන්නේ විදුලි බුබුළුවල උදාව සමගයි. දිනපතා රිත්මය අවුල්වීම, විෂාදය(depression), දියවැඩියාව, සහ පිළිකාව පවා ආලෝක දු දුෂණයට සම්බන්ධ කරනු ලැබ ඇත. එපමණක් නොව එමගින් සතුන්ගේ සංක්‍රමණය , ප්‍රජනනය සහ සත්ව විශේෂ අන්තර්ක්‍රියා කෙරෙහි ද පරාගනය හා ශාක වර්ධන රටා මත ද බලපෑම් කිරීමට හැකිය.
මෙම අධ්‍යනය ජර්මනියේ, පොට්ස්ඩාම් හි GFZ පෘථිවි විද්‍යාවන් පිලිබඳ ජර්මානු පර්යේෂණ කේන්ද්‍රයේ පර්යේෂකයෝ මෙහෙයවති . 2012 සිට 2016 අතර සෑම ඔක්තෝබර මාසයකදී ම ජාතික සාගරික සහ වායුගෝලිය පරිපාලනයේ(National Oceanic and Atmospheric Administration) චන්ද්‍රික මගින් ගනු ලැබූ අනුරුප ඔවුහු පරික්ෂාකර බැලුහ. එහිදී ඔවුනට පෙනී ගියේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය ඇතුළුව දැනටමත් ප්රභාවත් රටවල් 39 ක රාත්‍රීයේ ආලෝකමත් බව ස්ථාවරව පවතින බවයි. රටවල් 59ක සීග්‍ර වැඩිමක් පෙන්නුම් කළ අතර සියයට එකසිය පනහට(150%) වැඩි අසාමාන්‍ය ඉහළයාමක් රටවල් 20කින් වාර්තාවිය. මේ වර්ධනය වැඩි වශයෙන් දක්නට ලැබුනේ අප්‍රිකාව, ආසියාව සහ දකුණු ඇමරිකාවෙනි.
පර්යේෂකයන් පෙන්වාදෙන අන්දමට මෙම ඉහළයාම් පෙන්නුම් කරන්නේ බලශක්ති කාර්යක්ෂමතා තාක්ෂණයන්ගේ ‘අනිටු විපාක’ යි. එල්ඊඩි තාක්ෂණය එන්ට එන්ටම දියුණුවෙමින්, එල්ඊඩි බල්බ් එන්ට එන්ටම ලාභ වෙද්දී ජනතාව මෙන්ම රජයන් ද ඒවා වැඩිවැඩියෙන් භාවිතයට ගනිමින් එකතරා දුරකට හෝ සිය බලශක්ති වියදම පියවා ගනිමට තැත් කරති.
කෙසේවෙතත්, මේ තාක්ෂණයේ බලපෑම යතාර්ථවාදීව ගතහොත් වඩා අඳුරු බවයි පර්යේෂකන්ගේ අදහස. චන්ද්‍රිකා උපකරණවල භාවිතවන සංවේදක වලට ඇතැම් එල්ඊඩි මගින් විමෝචනය කෙරෙන නිල් ආලෝකය සොයා ගැනීමට අසමත්ය. ගොඩනැගිලි වලින් පිටස්තර ආලෝකකරණය සඳහා මේවා(නිල් ආලෝක එල්ඊඩි) යොදා ගැනීම දැන් ජනප්රියවෙමින් පවතී. ආලෝක තාක්ෂනයන් නිසියාකාරව තේරීමෙන් සහ ඒවා නිසි තැන්වල භාවිත කිරීමෙන් මෙම ගැටළුව එක්තරා ආකාරයකට විසඳාගත හැකිවෙතැයි පර්යේෂකයෝ අදහස් කරති. නිදසුන් වශයෙන්, සුදු එල්ඊඩි වෙනුවට ඇම්ඹර හෙවත් කහවන් බල්බ යොදාගැනීමෙන් සහ වඩාත් අඳුරු ඒවා ළඟ ළඟ තැබීමෙන් පෙනීමට හානියක් නැතුව ආලෝක දුෂණය අඩුකරගනිමට් උපකාර වෙතැයි ඔවුහු පෙන්වා දෙති.
Science Advances. 2017 හි පළවූ Artificially lit surface of Earth at night increasing in radiance and extent ලිපිය පාදක කරගනිමින් Anthropocene සඟරාවේ DAILY SCIENCE හි පලකෙරුනු Energy-Efficient LEDs are Escalating Light Pollution වාර්තාව ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න