තාරකා විද්‍යාත්මක ප්‍රධාන සොයා ගැනීම්: I කොටස

තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් අපේ ලෝකය වෙනස් කිරීමට සමත් වුවා පමණක් නොව අපේ පැවැත්ම හා විශ්වය තුල අපට හිමි ස්ථානය ගැන අපේ දෘෂ්ටිය වෙනස් කිරීමට ද සමත් විය. ඒවා අතුරෙන් ප්‍රධාන සොයා ගැනීම් 10ක් ගැන තතු පළකරන ලිපියක I කොටසයි, මේ. ඊළඟ කොටස හෙට කියවන්න
- ගුරුත්වාකර්ෂණ තරංග:
ගුරුත්වාකර්ෂණ තරංග ගැන මුලින්ම අනාවැකි පළ කළේ 1916 දීය. ඒ ඇල්බට් අයින්ස්ටයින් විසිනි. ත්වරණය වන දැවැන්ත වස්තු දෙකක් ඝට්ටනය වූ විට විශ්වය පුරා රැුළිති පිට කරන්නේ යයි ඔහු පෙන්වා දුන්නේය. උපමාවක් කීවොත් හරියට විලක ජලයට බොරලූ කැටයක් දැමූ විට ඇතිවන තරංග මෙනි. ඒත් වසර 100 කට ආසන්න කාලයක් ගත වුවත් විද්‍යාඥයන් සිටියේ තවමත් එවන් තරංග සෘජුවම සොයා ගැනීම පිණිස වෙහෙසමිනි. ඒවා සොයා ගැනීම ගැන අයින්ස්ටයින්ට පවා සැකසංකා තිබිණ. (දැවැන්ත අභ්‍යවකාශ වස්තු දෙකක ඝට්ටනයෙන් හට ගන්නා) රැළිති පෘථිවිය හරහා ගමන් කරන විට අභ්‍යවකාශ ඇතිරිල්ල මිරිකී ඇදෙයි. එහෙත් මේ දෙකෙහි වෙනස කෙතරම් සුළුද කීවොත් ඉතා මෑතක් වනතුරුම ඒවා සොයා ගැනීමට උපකරණ බොහොමයකට නොහැකි විය. ලයිගෝ(LIGO — Laser Interferometer Gravitational-Wave Observatory) ලෙස නම් කෙරුණු නිරීක්ෂණාගාරය උපයෝගී කර ගන්නා ලේසර හා දර්පණ පදනම් කරගත් තාක්ෂණයට අවකාශ කාලය හරහා ඉතා කුඩා රැළිති පවා සොයා ගැනීමට හැකිය.
විද්‍යාඥයන් බලා සිටි ඒ මොහොත 2015 සැප්තැම්බර් 14 දා උදා වූයේ වසර බිලියනයකට වැඩි කාලයකට පෙර කලූ කුහර දෙකක ප්රචණ්ඩ ඝට්ටනයක් හේතුවෙන් ගුරුත්වාකර්ෂණ තරංගයක් පෘථිවිය හරහා ගමන් කරද්දීය. මේ සොයා ගැනීම අයින්ස්ටයින්ගේ සිද්ධාන්තය සනාථ කෙරුණා පමණක් නොව සමස්ත විශ්වය ගැන ඇති අපේ අවබෝධයම පවා විප්ලවකාරී ලෙස වෙනස් කිරීමට සමත් වෙයි.
- බ්‍රහස්පතිගේ චන්ද්‍රයන්:
අපේ පෘථිවි ග්‍රහයාට කිලෝමීටර මිලියන 588 ට වඩා ඈතින් තැඹිලි පැහැ සහ කහ පැහැ සහිත වායු යෝධයෙක් සූර්ය වටා කක්ෂගතව ගමන් කරයි. ඒ දැවැන්ත වායු ග්රහයෙකු වන බ්‍රහස්පතිය. සාපේක්ෂව ගතහොත් අප බ්‍රහස්පති ග්‍රහයාගේ සමීපතම අසල්වැසියන් වන නමුත් මේ වායු යෝධයා වටා චන්ද්‍රයන් ගණනාවක්ම ඇති බව සොයා ගනු ලැබුවේ 1610 දී තරම් මෑතක දීය. බ්‍රහස්පති වටා පරිභ්‍රමණය වන මේ අභ්‍යවකාශ වස්තු හඳුනාගෙන ඒවා අයෝ, යුරෝපා, ග්රැනිමීඞ් සහ කැලිස්ටෝ යනුවෙන් නම් කළේ ද ඉතාලි ජාතික අභ්‍යවකාශගාමී ගැලීලියෝ ගැලිලිය. එම අවධියේ දී, පෘථිවිය කේන්ද්‍ර කොටගෙන විශ්වය පිහිටා ඇතැයි යන පැලපදියම්ව තිබූ මතය අත්හැර දැමීමට මිනිස්සු එතරම් සූදානමකින් පසු නොවුහ. ගැලීලියෝ ගේ ඵෙතිහාසික සොයා ගැනීම, අපේ විශ්වය අප දකින ආකාරය මෙන්ම ඒ තුළ අපගේ තත්ත්වය අභියෝගයට ලක් කිරීමට සමත් විය. ඇතැම් අභ්‍යවකාශ වස්තු පෘථිවිය නොවන වෙනත් ග්‍රහයින් වටා කක්ෂ ගතව සිටින්නේ නම් අපට (පෘථිවි ග්‍රහයාට) එතරම් සුවිශේෂීත්වයක් නොමැති බව ඉන් පැහැදිලි වීය.
- අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය:
1960 මැද ගණන්වල දී, අභ්‍යවකාශගාමීන් වන අනෝ පෙන්ශියස් සහ රොබට් විල්සන් යන දෙදෙනා අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය(cosmic microwave ackground radiation) සොයා ගත්හ. මේ විකිරණය සමස්ත විශ්වය පුරාම ඉතා සුළු ප්‍රමාණ වලින් ඇත. ඒ විශ්වය බිහිවීමත් සමග ඉතිරි වූ අවශේෂ විකිරණ ලෙසය. මේ සොයා ගැනීම අතිශය වැදගත් කමක් ගත්තේ (ඒ කාලයේ) මතභේදාත්මක මහා පිපිරුම් න්‍යාය, විශ්වයේ සම්භවය පිළිබඳ පිළිගත් විද්‍යාත්මක පැහැදිලි කිරීම බවට පරිවර්තනය කිරීමට සමත් වීමෙනි. හොඳම විද්‍යාත්මක සොයා ගැනීම බොහොමයක් මෙන් මෙයද අහම්බෙන් වාගේ සිද්ධ වූ දෙයකි. ඇමරිකා එක්සත් ජනපදයේ බෙල් පරීක්ෂණාගාරයේ ඉතා සංවේදී රේඩියෝ දුරේක්ෂයක් සමගින් ක්‍රියා කරමින් සිටියදී සෑම දිශාවකින්ම එන ‘ස් ස් ස්’ යනුවෙන් අද්භූත, පිඹින හඩක් ඔවුන් දෙදෙනාට නිරීක්ෂණය වින. මේ ගැන විමසිලිමත් ඔවුන් දෙදෙනා අද්භූත හඩේහි ප්රභවය සෙවීමට වෙහෙසක් ගත්තේ ඇන්ටනාවේ තනා තිබූ කුරුලූ කූඩුවක් ද ඉවත් කරමිනි. අවසානයේ ඔවුනට පැහැදිලි වූයේ ඒ ඇසුණු හඩ, විශ්වය බිහිවීමේ දී ඇතිවූ මහා පිපිරුමේ දෝංකාරය බවයි. පෙන්ශියස් හා විල්සන් සොයා ගත් මේ පසුබිම් විකිරණය 2013 දී ප්ලෑන්ක් චන්ද්‍රිකාව මගින් නිරීක්ෂණය කරනු ලැබු ආකාරයයි ඉහළ චිත්රයෙන් දැක්වෙන්නේ.
- විශ්වය ප්රසාරණයවෙයි:
අපගේ සෞර ග්‍රහ මණ්ඩලය ද අයත් අපේ මන්දාකිණියවන ක්ෂීරපථයට(Milky Way) පිටතින් වෙනත් මන්දාකිණි ප්‍රථම වරට සොයා ගනු ලැබුවේ එඞ්වින් හබල් විසිනි. එසේ වුවද, ඔහුගේ නමින් දුරේක්ෂයක්(ටෙලස්කෝපයක්) නම් කිරීමට තරම් ඒ සොයා ගැනීම ප්‍රමාණවත් නොවීය. ඇත්තටම හබල් මීටත් වඩා මහා දායකත්වයක් විද්‍යාව වෙනුවෙන් ලබා දුන්නේය. ඒ දායකත්වය, විශ්වයේ ආරම්භය ගැන අප දන්නා දේ විපර්යාසයට ලක් කිරීමට සමත් විය.
සියළුම මන්දාකිණි අපගෙන් ඈත්වෙමින් පවතින බවක් පෙනෙන්නේ යයි හබල් 1929 දී සොයා ගත්තේය. තවද වඩාත් ම වේගයෙන් ඈත්ව යන්නේ අපෙන් වඩාත් ම ඈත තිබෙනා මන්දාකිණිය. මේ සබඳතාව තමයි වර්තමානයේ හබල්ගේ නීතිය ලෙස හඳුන්වනු ලබන්නේ. විශ්වය ප්‍රසාරණය වන බවට මුල්ම සාක්ෂිය මෙය විය. ටෙලස්කෝපයක් යොදා ගනිමින් හබල් දුබල මන්දාකිණිවල වර්ණාවලී අනුරූපන ලබා ගත්තේය. අනතුරුව ඒවා විස්ථාපනය වන ප්‍රමාණය මැන බැලීමෙන් ඔහු ඒවායේ වේගය මැන්නේය. පසුව ඔහු මන්දාකිණි වේගය ඒවායේ දුර අනුව ගලපා බලද්දී දත්තවල සුවිශේෂීතාව ඔහුට පෙනී ගියේය. මේ සොයා ගැනීම ඔස්සේ කල්පනාවට බට විද්‍යාඥයන්ට පෙනී ගියේ විශ්වය ප්‍රසාරණය වන්නේ නම් එය ආරම්භක අවස්ථාව ඉතාමත් කුඩාවට තිබෙන්නට ඇත කියාය. මහා පිපිරුම් න්‍යායට පදනම් වූයේ මේ සංකල්පයයි.
- ධූමකේතු මත කාබනික අංශු:
නාසා ආයතනයේ අරමුදලින් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයන් විසින් 2016 දී නිවේදනය කරනු ලැබුවේ රොසෙටා අභ්‍යවකාශ යානය මගින් 67P/Churyumov-Gerasimenko ලෙස නම් කෙරුණු ධූම කේතුවේ තුනී වායුගෝලයෙහි, යම් DNA තැනුම් ඒකක සොයා ගනු ලැබූ බවයි. මේ ඉදිරි පියවර, ඇමයිනෝ අම්ල ග්ලයිසින් ප්‍රථම සෘජුව සහ පුනරාවර්ත සොයා ගැනීමයි. අපේ මේ මිහිතලය මත ජීවය හටගැනීමෙහිලා ආධාර වීමේ දී ධූමකේතු වලින් ලැබුණු දායකත්වය පිළිබඳව පමණක් නොව ඒවා මගින් අනෙකුත් ග්‍රහලෝක වලට කාබනික අංශු ගෙනයාමටත් දායක වන්නට ඇත යන්න ද මේ සොයා ගැනීම මගින් දැක්වෙයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න