සැමට විදු නැන නුවණ – Science Literacy for All

අතිරේකව විටමින් ගැනීම අවශ්‍යද?

විටමින් සොයා ගනු ලැබුවේ විසිවන සියවසේ මුල් කාලයේ දී ය. එතැන් පටන් එවයේ සෞඛ්‍යමය වාසි සැලකිල්ලට ගනිමින් මිනිස්සු විටමින් වලට ආකර්ෂණය වෙමින් සිටිති. විටමින් අතිරේක හෙවත් පරිපුරකවල(vitamin supplements)  වාර්ෂික අලෙවි ආදායම ඩොලර් බිලියන 28 ක ට ළං වෙයි.  මුලදි  මුලදී,  පුද්ගලයන් විටමින් පරිපූරක ලබාගන්නේ හඳුනාගනු ලැබූ විටමින් ඌනතාවයන්ට පිළියම් වශයෙනි.  මෙයට වසර සියයකට වැඩි කාලයකට පෙර තත්ත්වය ගතහොත්, ( විටමින්-ඩී ඌණතාවය නිසා ඇතිවන)  ශීතාද රෝගය (scurvy) සහ රිකට්සය (rickets)  වැනි බෙලහීන කරවන රෝගවලින් පෙළෙන්නන්ගේ ආහාරයට ප්‍රධාන පෝෂක එක් කිරීමෙන් එම රෝගී තත්ත්වයන්ගෙන් පුදුමාකාර සුවයක් ලබා ගැනීමට හැකිවූ බව පෙනී ගියේය. ප්‍රමාණවත් තරම් කෑමට තිබුණාට මදි ය. ආහාර වේල විස්මය ජනක පෝෂකවල නිවැරදි සම්මිශ්‍රණයක් විය යුතුය. විස්මයජනක පෝෂක ලෙස සැලකුණේ විටමින් ය!

Related image

ස්වල්පයක් යහපත් නම් වැඩි වන තරමට තව තවත් යහපත් විය යුතුය!

ඇමරිකා එක්සත් ජනපදය ගතහොත් වැඩිහිටි ජනගහනයෙන් අඩක්ම පාහේ කිසියම් ආකාරයක බහු-විටමින (multivitamin)  හෝ ඛණිජ පරිපූරකයක් ගනිති. මේසා මට්ටමක පරිභෝජනයක් ඇත්තේ මන්දැයි  කුතුහලය දනවන්නකි. ඊට හේතුව, එලෙස විටමින් ගන්නා බහුතරය එසේ කරන්නේ ඔවුනට අසනීප ගතියක් දැනුන නිසා හෝ විටමින් ඌනතාවක ලක්ෂණ පෙන්නුම් කරන නිසා වත් නො වීමයි. ඒ අයගේ තර්කය පෙනී යන්නේ මෙන්න මේ ආකාරයටය: යම් දෙයක සුළු ප්‍රමාණයක් යහපත සැලසෙන්නේ නම් එම දෙයම තව තවත් වැඩි වෙද්දි යහපත ද වැඩිවේ. අපට ඕනෑ කරන විටමින්  ඛනිජ බොහෝමයක් අවශ්‍ය වන්නේ සුළු ප්‍රමාණවලිනි.  ඉතින් ඇත්තටම බහු විටමින් ඵලදායි වන්නේ ද?

සෑහෙන තරමට ඇත්නම් හොඳටෝම ඇති

විටමින් පරිපුරක ලබාගන්නා අය වඩාත් සෞඛ්‍ය සම්පන්නවේ ද  යන්න තීරණය කිරීම අසීරු වුවත්, වැඩි වැඩියෙන් විටමින් ගැනීමෙන් යහපතක් සිදු වේද යන අදහස පරීක්ෂාකර බැලීම වඩාත් පහසුය. 1994 දී ෆින්ලන්තයේ සිදු කළ අධ්‍යයනයකදී දුම්පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් විසි නව දාහක ගේ දත්ත එක්කාසු කෙරිණ. ඒත් පාලිත සම්පරීක්ෂණයකදී (controlled experiment) මෙම පුද්ගලයන් අතරින් සමහරකට විටමින් E සහ විටමින් A මාත්‍රාවන් ලබාදුණි. මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ විටමින ගත් රෝගීන් අතර පිළිකා අනුපාත ඉහළ ගිය බවයි!

දෛනික විටමින් ප්‍රමාණය ගැනීම වැදගත් වනවා නොඅනුමානය. එහෙත් විශාල මාත්‍රාවක් (හෙවත් යෝධ වඩියක්) ගැනීම හානිකර විය හැකිය.  මේදයේ දියවන විටමින් එමෙන්ම ජලයේ දියවන ඇතැම් විටමින මාත්‍රා නැතිනම් වඩි ශරීරයේ ගබඩා කරන අතර අනවශ්‍ය අතුරු ආබාධ වළක්වා ගැනීමට නම් ඒවා ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.

නිදසුන් දක්වන්නේ නම්:

  • උවමනාවට වඩා විටමින් සී (ජලයේ දියවන විටමිනයක්) පාචනය හා වකුගඩුවල ගල් සාදයි.
  • උවමනාවට වඩා විටමින් E(මේදයේ දියවන විටමින) ලේ කැටිගැසීමේ ගැටලු මතු කරයි.

නිර්දේශිත පෝෂණමය අනුදත් ප්‍රමාණයක්

Image result for 2015–2020 Dietary Guidelines for Americans

දිනපතා විටමින් අනුපූරකයක් ගැනීම ගැන කිව හැක්කේ කුමක් ද? මෙයාකාර භාවිතයක් හානිකර නොවිය යුතුය. ඒත් ඉතින් ඉන් පලක් ඇති වේද? දිනපතා විටමින ගැනීමේ වාසියක් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් හඳුනා ගනු ලැබ නැත. ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් රජය ඇමරිකානුවන් වෙනුවෙන් නිකුත් කර ඇති පෝෂණමය මාර්ගෝපදේශය 2015 -2020 (2015–2020 Dietary Guidelines for Americans) මෙසේ සඳහන් වේ. “පෝෂණ අවශ්‍යතා මූලික වශයෙන් සපයා ගත යුත්තේ ආහාරයෙනි. පෝෂක බහුල ස්වරූපයේ ආහාර,  අවශ්‍යය විටමින් හා ඛනිජ මෙන්ම ආහාරමය තන්තු සහ යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල ගෙන එන අනෙකුත් ස්වභාවිකව හට ගන්නා ද්‍රව්‍ය වලින් සමන්විත වේ”.

කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී එකක් හෝ ඊට වැඩි ගණනක පෝෂක සපයන එමෙන්ම,  ගුණයෙන් වැඩි කළ ආහාර සහ පෝෂණ අනුපුරක ගැනීම ප්‍රයෝජනවත් විය හැකිය. මන්ද එසේ අනුපූරකව නොගතහොත් නිර්දේශිත ප්‍රමාණයක් ශරීරයට ලැබීමට නොහැකිව යා හැකි හෙයිනි. ඇරත් නිර්දේශිත වඩිවලින් විටමින් ගැනීමෙන් යම් හානියක් සිදුවන්නේ ද නැත. ඇමරිකා එක්සත් ජනපදයේ නම් වැඩිහිටියන් සහ ළමුන් අතර මහජන සෞඛ්‍ය ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමු වන පෝෂක නම් කැල්සියම්, පොටෑසියම් ආහාරමය තන්තු සහ විටමින් ඩී දැක්විය හැකිවේ. ගර්භනී අවස්ථාවේ යකඩ අනුපූරකයක් ලබා ගන්නා කාන්තාවන් හෝ රෝග විනිශ්චයකින් පසු ඌනතා ඇතැයි හඳුනාගත් අයෙකු ගන්නා සුවිශේෂී විටමිනයක් බඳු යම් වෛද්‍යමය තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම පිණිස සමහරුන්ට පෝෂක අනුපුරක අවශ්‍ය විය හැකිය. ඉතින් මධ්‍යස්ථව සිතන පුද්ගලයකු කළ යුත්තේ කුමක්ද? බහු විටමින ගත යුතු යම් කෙනෙකු තීරණය කරන්නේ කෙසේද? එසේ ගන්නේ නම් කුමන ප්‍රමාණයක්ද?

 

American Chemical Society වෙබ් අඩවියෙහි පළවූ Open for Discussion: Are Vitamin Supplements Necessary? යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: