කලක් නවසීලන්තයේ විසූ මිනිස් උසැති පෙන්ගුවින්

එම්පරර් (අධිරාජ) උසම පෙන්ගුවින් විශේෂය
අද ජීවතුන් අතර සිටින උසම පෙන්ගුවින් එම්පරර් (අධිරාජ) පෙන්ගුවින් විශේෂයයි. ඔවුන්ගේ ආදිතමයන් හා සංසන්දනය කරන විට එයත් උසක් දැයි සිතෙන තරම්ය. මන්ද, ඇමරිකානු රැප් ගායක කේන් වෙස්ට් (උස මී.1. 73) තරම් උස පෙන්ගුවින් සත්තු කලක් නවසීලන්තයේ වෙරළබඩ ප්‍රදේශය සැරිසැරූ බව නව අධ්‍යයනයකින් හෙළි වී ඇති හෙයිනි. මේ උසැති පෙන්ගුවින් පක්ෂීන් ගැන තොරතුරු Nature Communications සඟරාවේ පළ කෙරනු වාර්තාවක සඳහන් වේ. ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට් හි සෙන්කෙන්බර්ග් පර්යේෂණ ආයතනය සහ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය ජෝර්ජ් මයර්ස් ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම මේ සොයා ගැනීම ගැන වාර්තා කරති.
මෙම පක්ෂි විශේෂය නිල වශයෙන් නම් කර ඇත්තේ Kumimanu biceae ලෙසිනි. කෙසේ වෙතත් මේ මිහිතලය මත පැද්දි පැද්දී ඇවිදගෙන යන විශාලතම පෙන්ගුවින් පක්ෂියා තේරීමේ තරගයක් තිබ්බොත් Kumimanu biceae විශේෂයට ප්‍රතිවාදීන් නැතුවා නොවේ. එහෙත් (එවැනි තරඟයක් ඇතොත්) අලුතෙන්ම පෙරමුණ ගෙන සිටින්නේ Kumimanu biceae. පෙන්ගුවින් බව සැලකිල්ලට ගැනීමට සිදුවේ.
එපමණක් නොව, තාර්කිකව ගතහොත් මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම යෝධ පෙන්ගුවින් පක්ෂියා ද Kumimanu biceae ය. ඒ හේතුව පරිණාමීය වශයෙන් තිබිය හැකි අභිරහසක් නිරාකරණය කිරීමට ද දායක වේ. නව විශේෂය සොයාගනු ලැබුවේ නවසීලන්තයේ ඔටාගෝ කලාපයේ හැම්ඩන් වෙරළ ප්‍රදේශයේ පොළවෙන් මතු කරගත් අර්ධ සැකිල්ලකිනි. ෆොසිලගත අස්ථිවල දින වකවානු වසර මිලියන 60කටත් මිලියන 55කටත් අතර වේ. අස්ථි අතර මිලිමීටර 161(mm) ක් දිග ඌර්වස්තියක් හෙවත් කලවා ඇටයක් ද විය. පක්ෂියා කිලෝග්‍රෑම් එකසිය එකක් පමණ බර වන්නට ඇතැයි ද, උස මීටර් 1.77 වන්නට ඇතැයි ද තීරණය කිරීමට මයර් සහ සගයන්ට උපකාර වූයේ එම අස්ථියයි.
ෆොසිලගත පෙන්ගුවින් පක්ෂියකු යෝධ පෙන්ගුවින් පක්ෂියකු ලෙස වර්ගීකරණයට ලක් වන්නේ වර්තමානයේ ජීවත්වන උසින් වැඩිම පෙන්ගුවින් වන අධිරාජ පෙන්ගුවින් පක්ෂියාට(Aptenodytes forsteri) වඩා විශාල නම් ය. මෙවන් තවත් පෙන්ගුවින් විශේෂ කිහිපයක් කාලයක් තිස්සේ නවසීලන්තය හා පේරු රාජ්‍යයෙන් සොයා ගනු ලැබ ඇත. මේ විශේෂ අතර Kairuku grebneff, Anthropornis nordenskjoeldi, සහ Palaeeudyptes klekowskii වේ. මෙහි අවසන් වශයෙන් සඳහන් කළ විශේෂය තමයි, මෙතෙක් සිටි විශාලතම පෙන්ගුවින් පක්ෂියා වීමේ අභියෝගය ජයගැනීමේ හැකියාව ඇති අනෙකුත් එකම විශේෂය වන්නේ. වඩාත් විශ්වාසදායක ඇස්තමේන්තු අනුව එම විශේෂය උසින් මීටර 1.4කි.
එහෙත් මයර් සහ සගයන් සඳහන් කරන්නේ මෑතක විස්තර කෙරෙන අස්ථි කොටස් මගින් මීටර් දෙකක් පමණ උස පෙන්ගුවින් සතෙකු ගැන ඉඟි කෙරෙන බවයි. එසේනම් (ඉංග්‍රීසි ජාතික විකට චරිත නළු, මීටර 1.96ක් උසැති) ස්ටීවන් ෆ්‍රයි තරම් උස පෙන්ගුවින් පක්ෂීන් කලක් මේ මිහිපිට සැරිසරන්නට ඇත. පෙන්ගුවින් පක්ෂීන් අතර යෝධතාව (gigantism = වෘහත්තාව) සාපේක්ෂව ඉක්මනින් ඉස්මතු වූයේ මේ සත්ත්ව විශේෂයේ පොදු ආදිතමයාට පියෑඹීමේ හැකියාව නැතුවා ගොස් කිමිද දඩයම් කරන්නන් බවට පත්වීමෙන් අනතුරුව යන්න (මේ පිලිබඳ) සම්මත මතයයි. මයර් ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම ද එයම ප්‍රති උච්චාරණය කරති. ඉතා පුළුල් ආකාරයට පැතිරී ගිය එමෙන්ම විවිධ ගණ හෙවත් කාණ්ඩවලට අයත්වන නමුත් සියලුම යෝධ පෙන්ගුවින් පක්ෂීන්, එකම කණ්ඩායමක(එනම් එකම ආදිතමයා ගෙන් පරිණාමය වූ බවට එක සමාන ලක්ෂණ මඟින් පෙන්වනු ලබන ජීවීන් කණ්ඩායමක) සාමාජිකයන් ලෙස සැලකේ. මෙම කාරණාව මගින් පෙන්නුම් කරන්නේ ප්‍රමාණයෙන් විශාල වීම හුදෙක් එක වරක් පමණක් පරිණාමය වූ ගුණයක්(a trait) බවයි.
මෙම නව විශේෂය කෙසේවෙතත් මෙකී ක්ලේඩ් කණ්ඩායමට අයත් නොවේ. එහෙයින් එම විශේෂය මෙතෙක් සොයාගෙන ඇති අනෙකුත් විශේෂයන්ගෙන් ස්වාධීනව විශාලවී වැඩී ඇත. ඒ අනුව තීරණය කළ හැක්කේ යෝධතාව එක් වරකට වඩා පරිණාමය වූ බවයි.
Cosmos – The Science of Everything හි පළවූ Human-sized penguins once stalked New Zealand යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න