රාත්‍රී අහසට නෙත් යොමා සිටින්නන්ට අදින් උදාවූ නව වසරේ මුල් ම මාසය වන මේ ජනවාරියේ දුර්ලභ වාසනාවක් පෑදේ. (එක මාසයක) පුරා සඳ දෙකක් (පොහොය සහ අධි පොහොය), පූර්ණ චන්ද්‍රගහනයක් සහ සුපිරි පුන් සඳක් යන මේ තුනම එකම මාසයක යෙදීම සුවිශේෂත්වයක් හැටියට දකින්න පුළුවන්. තතු 2018 අරඹන්නේ ඒ පිලිබඳ විස්තරයකින්.
අධි පුන්සඳ (Blue Moon)
මුලින්ම අපි අධි පූර්ණ චන්ද්‍රයා ගැන බලමු. සාමාන්‍යයෙන් අධි පොහොයක් කීවාට අප අධි පූර්ණ චන්ද්‍රයෙකු ගැන කතා කරන්නේ නැහැ. ඒත් පුන් පොහොය දින යෙදෙන්නේ පුන් සඳ නැතිනම් පූර්ණ චන්ද්‍රයා පායන දිනයට නේ. ඉංග්‍රීසියෙන් එය හඳුන්වන්නේ Blue Moon යනුවෙන්. බ්ලූ මූන් නැතිනම් නිල් සඳ යන්න යෙදෙන්නේ එකම මාසයක් තුළ පොහොය දෙකක් පැමිණ විට අතිරේක පොහොය හඳුන්වන්නයි. පැරණි ඉංග්‍රීසි භාෂාවේ ‘පාවා දෙන්නා’ සඳහා Blue යන වචනය යොදා තිබෙන අතර ඒ ආශ්රයෙන් බ්ලූ මූන් යන්න බිඳී ඇවිත් තිබෙන බවක් ද පළවෙනවා. 2018 ජනවාරියේ මුල් පුන් සඳ අද — එනම් ජනවාරි 1 දාට යෙදිලා තියෙන්නේ. (ඒත් ඉතින් පුන් සඳ ලොව පුරා නරඹන්නන්ට දකින්න ලැබෙන්නේ වෙනස් වෙනස් වෙලාවන්ටයි). ඒත් පෘථිවියේ සෑම ස්ථානයකදීම අධි පූර්ණ චන්ද්‍රයා, ඒ කියන්නේ ජනවාරියේ දෙවැනි පුන් සඳ මේ මාසයේ දීම දැක ගන්න බැරිවේවි. මන්ද, තාක්ෂණිකව ගතහොත් එම ප්‍රදේශවලට අධි පූර්ණ චන්ද්‍රයා(බ්ලූ මූන්) උදාවන්නේ පෙබරවාරි 1 දා වීමයි. නිදසුනක් දක්වන්නේ නම් වසරේ ප්‍රථම පුන් සඳ ඕස්ටේ්රලියාවේ මෙල්බන් නුවරට උද වන්නේ ජනවාරි 2 දා (හෙට) 1.24 ට වන අතර මේ මාසයේම ඊළඟ පුන්සඳ (බ්ලූ මූන්) පෙබරවාරි 1 දා 1.26 ටයි.
කලාතුරකින් වෙන දෙයක් ගැන කියන්න ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා “once in a blue moon” කියලා. ඒත් ඉතින් බ්ලූ මූන් ඒ තරම් විරල දෙයකුත් නොවෙයි. ඒවා වසර 2.7 කින් පමණ සැමට දැක බලාගන්න පුළුවනි. ඒකට හේතුව නව සඳක සිට තවත් නව සඳක් අතර කාලය සාමාන්‍ය කැලැන්ඩර මාසයකට වඩා මදක් කෙටි වීමයි-දින 30 ට හෝ 31 වෙනුවට දින 29.53 ක්. (මේ අනුව දින 28 ක් තියෙන පෙබරවාරියක අධි පූර්ණ චන්ද්‍රයා දැක ගන්න බැහැ) අමාවක සිට අමාවක අතර කාලඡේද(lunations) 12 ක අනුක්‍රමණය එකතු කළ විට දින 354.36 ක් ලෙස එකතු වෙනවා. වසරකට දින බැලූවොත් දින 365.24 ක් තිබෙනවා. මේ වෙනස එක එක එකතු වෙලා අවුරුද්දක් ගතවෙද්දී එවන් චන්ද්‍ර කාලඡේද 12 වෙනුවට 13 ක් බවට පත්වෙනවා. චන්ද්‍රයා ගැන නෙත් යොමා සිටින ලෝකයේ සමහරක් දෙනාට් 2018 දී බ්ලූ මූන් දෙකක්ම – එකක් ජනවාරියේ, අනෙක මාර්තුවේ – දැක බලා ගන්න පුළුවනි.
සුපිරි චන්ද්‍රයා (Supermoon)
සුපිරි චන්ද්‍රයා ගැන තතු මගින් මීට පෙර අප විස්තර කළා. බාගදා ඔබට මතකත් ඇති. (නැතිනම් මෙතැනින් කියවන්න). කෙටියෙන් කීවොත් සුපිරි චන්ද්‍රයා කියන්නේ චන්ද්‍රයා – පෘථිවිය වටා සිය කක්ෂගත ගමනේ දී පෘථිවියට වඩාත් සමීපවන අවස්ථාවයි. නාසා ආයතනය දක්වන අන්දමට පෘථිවිය හා චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර වන කි.මී. 384,400 හා සසඳන විට ජනවාරි 30 දා ආසන්නම අවස්ථාවේ කි. මී. 358,994 කි. චන්ද්‍රයා පෘථිවියෙන් දුරම අවස්ථාවට පත් වූ විට අහසේ පෙනෙනවාට වඩා සුපිරි චන්ද්‍රයා මදක් විශාලව ප්රභාවත්ව පෙනුනත් එම වෙනස අහස නිරීක්ෂණය කරන බෙහෝ දෙනෙකුට නොදැනෙන්න පුළුවන්. සුපිරි චන්ද්‍රයා සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා 30% ක් ප්රභාවත්, 14% ක් විශාලයි.
චන්ද්‍රගහනය (lunar eclipse)
සූර්ය ග්‍රහන නැරඹිය හැක්කේ පෘථිවිය මත විශේෂිත ස්ථාන වලදී පමණක්ය. එසේ නොව, චන්ද්‍රග්‍රහන(ඒ අවස්ථාවේ) රාත්‍රිය පවතින ඕනෑම තැනක සිට නැරඹිය හැකිය. චන්ද්‍රග්‍රහන සෑම මසකම සිදු වන්නක් නොවේ. මන්ද පෘථිවි කක්ෂයේ තලයට සාපේක්ෂව චන්ද්‍ර කක්ෂයේ තලය මද වශයෙන් ඇල නිසා පෘථිවියේ සෙවනැල්ලෙන් චන්ද්‍රයා වැසෙන සේ චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා සැමවිටමත් එකට පෙළ ගැස්වෙන්නේ නැහැ. එනිසා ජනවාරි 31 චන්ද්‍ර ග්රහනය සිදුවන චන්ද්‍ර ග්රහනය සම්පූර්ණයෙන් පෘථිවියේ සමහර ස්ථානවල දැක ගන්න බැහැ. ඊට හේතුව එම සිද්ධිය සඳු නැගීම හෝ සඳු බැසීම ආසන්නයේ දී වීමයි.
Space.Com හි පළවූ Super Blue Blood-Moon 2018: When, Where and How to See It ලිපිය ඇසුරෙනි